ජීවිතය.... ආදරය.. සිංඳුවට පෙරලුවෙමි

Saturday, July 23, 2011
සුඳුපාට ගවුමේ ආදරය බැඳුනේ
නුබ ලස්සනයි නංගියේ...
ඔය නීල දෑසේ මා දෑස් බැඳුනේ
හුරතල් නිසයි පැන්චියේ..
දෙන්න මට ආදරේ දෙන්න මගෙ ජීවිතේ
නුබ මගෙ තමයි පැන්චියේ....
මා ආදරෙයි නංගියේ.......

කිසිදිනක මා සිතේ නැවතුනු නැතී
නුබම පමණක් ඇවිත් නැවතුනු හැටී
ආදරය මා සිතේ දලුලන හැටී
නුබට මම ජීවිතෙත් පුදමී සිතේ
සිත නුබගෙ ලගමයි...
නවතන්න බැහැමයි...
මා අසරනයි පැන්චියේ...
ආදරය පුදුමයි... මටනම් නොතේරෙයි...
මා ආදරෙයි නංගියේ...
සුදුපාට ගවුමේ..//....


සුදුම පාටින් නුබ එන හැටී
හුරතලය පෙන්නා හිනහෙන ගතී
මුලු සසරෙ නුබ පතා එනවයි සිතී
හැමදාම මා සිත හඩවන හැටී
හැගුමන් බොහෝමයි...
සිත ඇතුලෙ තෙරපෙයි...
පවසන්න බෑ නංගියේ...
ජීවිතය පුදුමයි... නුබ හටම බාරයි...
මා ආදරෙයි නංගියේ....
සුදු පාට ගවුමේ..//.....


මට මතකයි ඔයා ඒ දවස් වල සුදු පාටට ඇදලා ලස්සනට ඉස්කෝලෙ එනවා. ඒ හුරතල් හිනාව මට කවයදාක්වත් අමතක වෙන්නෙ නෑ උමේෂා නංගියෝ.. ඇත්තමයි.... මම තවම ඔයාට ආදරෙයි.......

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සුභා සහ සුරේ said...

ෂාන් ඔයා ඒ සුදු නංගි නොබැඳ හිටපු එකම තමයි හොඳ . හේතුවත් ඕනමනං කියන්නම් .......

කිනා said...

සුභා සහ සුරේ said...
මමවත් එයාවත්නම් තවම බැඳලා නෑ. ඒත් එයා මාව දාලනම් ගියා... හැබැයි මට ඒ හේතුව දැනගන්න ඕනි. පුලුවන්නම් කියන්න

Post a Comment

පි‍ටු පෙරලපු ගාන