මම මෙහෙමයි මහත් උනේ

Tuesday, July 12, 2011








මගේ මහතද කෙට්ටුද කියලා මාව දැකලා තියෙන අය හොද හැටි දන්නවනේ. එදා දුමී අයියාගෙ හමුවෙදි හසී ගෙන් සහ සිහින ගෙන් බලවත් ඉල්ලීමක් ආවා මහත් වෙන්න උපදෙස් ටිකක් දෙන්න කියලා සමහරු නම් කිව්වේ මගේ පිගාන ඉල්ල ගන්න කියලා මම කන පිගානෙ කෑවා කියලා මහත් වෙන්නේ නෑ අෆ්ෆා මම දැන් මේ කියන උපදෙස් ටික අකුරටම පිළිපැද්දොත් නම් අනිවා මහත් වෙනවා. මම රැකියාවක් නොකරන කාලේ තමා මේ අත්හදා බැලීම් කලේ.

මේක නියමාකාරයෙන් කරන්න ඕනි නම් අඩුම ගානේ මාස තුනක්වත් ගෙදර ඉන්න ඕනි හසීට නම් මේක හොදට ක්‍රියාත්මක කරන්න පුලුවන් වේවි.ඔන්න එහෙනම් අපි උපදෙස් මාලාවට යමු.

පියවර 01. 

පළමුව උදැසන 6 වන විට අවදි වී මුහුණ කට සෝදා ටීවී බලන ගමන් හාන්සි පුටුවකට වෙලා ඇද තේ එක (බෙඩ් ටී එක) බොන්න ඒ ගමන්ම උදේ කෑම එකත් ගන්න ඒ සදහා බත් පිගන් දෙකක් , පාන් බාගයක්, මැගී නූඩ්ල්ස් පැ:2ක් , ඉදිආප්ප 40ක්, ආප්ප 5ක් හෝ රොටි 6 විතර සෑහේ.

පියවර 02.

ඔය කාර්යයන් දෙක නිම වන විට අඩුම තරමේ 7.30 වෙනවා ඊට පස්සේ ආයෙම ඇදට ගිහින් පැය 4ක් විතර නිදා ගන්න. ඉන් පසු නැවත අවදි වී ගෙදර ඉන්න කෙනෙක්ට කියලා ආයෙම ලොකු කිරි වීදුරුවක් හදාගෙන බොන්න ( කට එහෙම හෝදලා බොන්න හරිද) හා හා හා තමා හදාගෙන බොන්න එපා ඇග වෙහෙසනකොට අර කාපුවා බීපුවා දිරවනවා. ඊට පස්සේ නාලා කරලා දව්ල්ට ප්‍රවෘත්ති එහෙම බලන ගමන් ආයෙම බත් පිගන් දෙකක් කන්න. දැන් හොද අයිස් වතුර එකක් එහෙම බීලා කෑව ගමන්ම නිදියන්න. නැතිනම් සාර්ථක ප්‍රථිපල බලාපොරොත්තු විය නොහැක.


පියවර 03.

නැවත පැය 3-4ක් හොදට නිදිය ගන්න ජ0ජාලේ එහෙම තියෙනම් ඒ පැත්තෙත් සූටි රවුමක් එහෙම දාලා නිදියන්න ඒ කොරලා හවස 5-5.30ට විතර නැගිටින්නකො ඊට පස්සේ ගෙදර බත් එහෙන තියේ නම් ආයෙම බත් පිගන් එකහමාරක් විතර බෙදන් කාලා ලොකු කිරි වීදුරුවක් බොන්න. දවසෙම නිදන් හිටිය නිසා ඇගට කිසි ෆිට් එකකුත් නෑනේ ඒ නිසා අහල පහල ඉන්න යාලුවෙක් එක්ක පොඩ්ඩක් බැඩ්මින්ටන් ගේම් එකකුත් ප්ලේ කරන්න ඕනි.

අවසන් පියවර
ඊට පස්සේ වොෂ් එකක් එහෙම දාලා 7.30ට විතර ඔය තියෙන දෙයක් කාලා දාන්න. හා හා හා කවුද කිව්වේ දැන් ඕක විතරක් කෑවාම ඇති කියලා ඊට පස්සේ ආයෙම ලොකු කිරි වීදුරුවක් එහෙම බීලා ආයෙ නිදා ගන්න පැය බාගෙකට විතර කලින් මැගී 2ක් කන්න නැතිනම් කොත්තුවක් ගෙනල්ලා කන්න ඒ කරලා නිදා ගන්න.


අත්දුටුවයි සහතිකයි අනිවාර්යෙන්ම මාස 3න් මහත් වෙනවා.


ප/ලි : කිරි වීදුරුව ලෙස බියර් බීමට ගන්නා වීදුරුවක් භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.මෙන්න මේ වගේ


 

ප/ලි ප/ලි : ඇතිවන අතුරු රෝගාබාධ (ගැස්ට්‍රික්) පිළිබද වගකීමක් නොදරයි

11 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

අනූ said...

කෙට්‍ටු වෙන්න විදිහකුත් කියන්නකො අප්පා

සාටර් said...

අෆෝ....චාටර් සහගතයි

Anonymous said...

මලහතිලව්වයි. ඔය උදේට කන්න කියලා තියන ටික දවස් දෙකක් පුරා කන එවා නේ. අපිට තියන සුටි බඩේ සයිස් එකට හරියන ක්‍රමයක් කිවොත් හොදයි.

කියලා තියන හැටියට ඔහෙගේ බඩේ සයිස් එක හිතගත්තහැකි.

දේව් ගේ අඩවිය said...

පිස්සු හැදෙයි... මේක කලොත් මාස තුනෙන් නෙමේ සතියෙන් ගේම ක්ලොස් අවුල තියෙන්නේ ඉතින් මේ මොනවා කන්නවත් බඩගින්න එන්නේ නැති එකනේ... එකට විසදුමක් කියනවද?

Anonymous said...

ඔය මුකුත් ඕනි නැ....
උදේට කාල....
facebook වරෙල්ල...
ආපහු දවල්ට කාපිය....
ආපහු වරෙල්ල...
එලම කරමේ තමා...
අත්දුටුවයි.....

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මේක සුමානයක් කලොත් මහත නෙමෙයි වලේ තමා නතර වෙන්නෙ හිහ් හිහ් හි.........

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

මගේ අම්මියෝ.. ශානු අක්කි කන කෑම ටික ඉල්ල ගත්ත නම් හෝටලයක් දාන්න පුලුවන්

දිනුක said...

අපරාදෙ හෙන බලාපොරොත්තුවක් පත්තුකරං කියවන්න ගත්තෙ.මේ විදිහට කන්න වෙනම දහදෙනෙක්වත් හොඳ ජොබ් කරල හම්බකරන්න ඕනෙනෙ.මේ ඉන්න විදිහ හොඳයි පුවක් ගහකටවත් මුවා වෙන්න පුළුවන්න්නෙ ඕනෙ උනොත් කියල හිත හදා ගන්නවා.

ශානි said...

අලේ ලෑ ලමායිස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් මම මේ තාම යහතින් ඉන්නවා මේ ක්‍රමය අත් දුටුවයි ප්‍රත්යක්ෂයි

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

පෙට්ටියක් කඩේ ගන්න නැතිවෙනවා . මාස තුනෙන් පස්සෙ දාන්න . . .:පී

Unknown said...

මල හත්තිලව්වයි..දවල්ටයි රෑටයි කන්න තියෙන කෑම පැත්තකින් තියමුකො..මේ උදේට කන්න කියල තියෙන්නෙ මම දවස් 4ක් විතර උදේට කන කෑම ගොඩක්නෙ..මෙහෙම කන්න ගියොත් මාස 3න් මහත් වෙන එක කෙසේ වෙතත් ගෙවල් දොරවල් විකුණල පාරට බහින්න නම් වෙයි..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන