ශ්‍රි ලංකාව පිලිබඳ ප්‍රගති සමාලෝචනය සක්‍ර භවනේදී

Wednesday, July 13, 2011
මේ සිතුවිලි පවුරට එකතු කරන්නෙත් මගේ බ්ලොගය තුල පහුගිය දවස්වල ලියපු ලිපියක් . ඇත්තටම කිව්වොත් කතන්දරයක් .කථාව ලංකාව ගැන කථා බහ කොරන්න සෙට් වුන සක්‍ර දේව සභාව .මේක බලපු අය ගණන ටික විතර අඩුයි . බොහොම ඉක්මනින් දෙවෙනි කොටස ලියන්න ඉන්න නිසා පලවෙනි කොටස නොබලපු අයට බලාගන්නය කියල තමයි මේ එකතු කරන්නෙ . දෙවෙනි කොටස නම් ලියපු ගමන්ම සිතුවිලි පවුරට එකතු කරන්නත් පුලුවන්



ස්ථානය - සක්‍ර භවන 



සක්‍රයා- මාතලී....මාතලි... මාතලී(වැරෙන් කැගසයි ) ,

මාතලි - එනවා .........(ඈතින් ඇසේ )

(මාතලි හති දමමින් සක්‍රයා අසලට පැමිණේ )


සක්‍රයා - මම බ්‍රහ්ම ලෝකෙට ඇහෙන්න බෙරිහන් දෙනකන් ඇහෙන්නෙ නැතිවෙන්න  තෝ කොහෙටද බොල චුත වෙලා  හිටියේ ඈ??

මාතලි- ස...ස..සර් මම මෙ..මේ..

සක්‍රයා - මගේ ප්‍රෙෂර් නග්ගන්නෙ නැතුව ඉක්මනට කියහන් ඕයි.

මාතලී-  සර් මම මේ..මේ ඩා...ඩා..ඩාන්සින් ස්ටාර් බල බල හිටියේ


සක්‍රයා - මොකක් ?? තමුසෙට ඔය ලංකාවේ ටිවි වල කසිකබල් බලන්නෙ නැතුව ඉන්නම බැරිද ඕයි

මාතලී - ඒ වට මාර ලස්සන ගැණු ළමයි එනවා සර් , ඒකයි

සක්‍රය - නොදකින් පොල් කවුඩා ... මනුස්ස ලෝකෙ ඉන්න වුන් දිව්‍යාංගනාවියෝ වගේ ගැනුන්ව පතනව , විශේෂයෙන්ම ඔය ලංකාවෙ උන් , දිව්‍යාංගනාවියො වට කරන් ඉන්න උඹ එහෙ ගැණුන්ට කෙල හලනව චික් විතරක්


මාතලී - ගැණු ලමයි විතරක්ම නෙමේ සර් එකේ හරි ජාති වැඩ වෙන්නෙ

සක්‍රයා - ඒ කියන්නෙ

මාතලී - ජජ් බෝඩ් එකේ උන් මරා ගන්නව , නයි එනව , ජජ්ලයි නිවේදකයොයි ගහගන්නව , ඊට පස්සෙ ජජ්ලම නිවේදනෙත් කොරනව . වැඩ කෝටියයි , ඇයි සර් අර මාරවින් තුමාත් එනවනේ ඕකට

සක්‍රය - මාරවින් කිව්වේ අර දේවාල එහෙම හදන ගොය්ය නේද ? අන්න මිනිස්සු අපි ගැනත් හිතල තමා වැඩක් කලොත් කරන්නෙ , මිනිහ එනවා නම් ඊලඟ සතියෙ ඉඳන් මාත්  ඔය අටමංගල්ලෙ බලන්න ඕනි . අර දොස්තරය දිනපු එකට පස්සෙ ලංකාවෙ රියලිටියක් බැලුවෙම නැ .. මේ  ඔය අනන් මනන් නෙවෙයි ගිහින් බලපන් අර ලංකාවේ ප්‍රගත් සමාලෝචන රැස්වීමට එන්නය කියපු දෙවිවරු සෙට් එක ඇවිත්ද කියල


(මාතලී පිටව යයි..සක්‍රතුමා සිවුරුහන් බායී )

ටික වේලාවකින් ....

මාතලී- සර් , කතරගම දෙය්යොයි ගණ දෙය්යොයි , දැඩි මුණ්ඩ  දෙය්යොයි නම් ඇවිල්ල ඉන්නේ අනික් අය නම් තාම නැ

සක්‍රය - චික් .. බලනව මාතලි මුන් ලංකාවට වෙලා ඉඳල එහෙ උන් වගේමයි වැඩ කවදාවත් වෙලාවට වැඩක් කරන්නෙ නැනේ , අරන් බලනව කෝල් හැමකෙනාටම

(මාතලී  දුරකථනය වෙත ගොස් ඇමතුම් කිහිපයක් ගනී , සක්‍රතුමා නැවතත් සුරුවම් බායි )

මාතලී - සර් නාථ දෙවියො නම් මඟ එනවලු , කාරෙකට බාල පෙට්‍රල් දාල මඟ හිටලලුනේ ටැක්සියක් අරන් එනවලු , විශ්ණු දෙය්යොයි , විභීෂන දෙවියොයි කැලණියේ බර ගේමක් ලු දැන්ම එන්න වෙයිද දන්නෙ නැලු 


සක්‍රයා - කැලණියේ ගේමක් ඒ මොකක්ද ?

මාතලී -  අර මාරවින් තුමා සිය දිවි නසා ගන්නලු හදන්නෙ අර දෙන්න ඒක  කරන්න නොදී අල්ලන් ඉන්නවලු

සක්‍රයා - මොකක් කියන්නෙ , ඇයි දැන් තමුසේ ටිකකට කලින් කිව්වේ ඒ යකා විනිස්ස මණ්ඩලේක හිටියා කියල .

මාතලී - ඒවා රෙකෝඩ් කරපුවනෙ සර්  මොකක් හරි හුටපටයක් ඊට පස්සෙ පටලවා ගන්න ඇති . නාහෙට අහන්නෙ නැති එකානේ

සක්‍රයා - ඔය මනුස්සය අපිට හරි ප්‍රයෝජනයි , මැරෙන්න දීල බැ . තමුසේ අරුන් දෙන්නට කෝල් කරල කියනව මෙහෙ එන්න ඔනි නැතය , ඌට මැරෙන්න නොදී කොහොම හරි අල්ලගෙන ඉන්නය කියල හරිද
(මාතලී දුරකථනය වෙත යයි )

ටික දුරක් යනවිට

සක්‍රය -  එක්කො මාතලි.... දෙන්නගෙන් එකෙකුට එන්න කියනව . ඔය කිව්වට තව අවුරුදු 6ක් යන   කම් ඔව්වො මරල වලට දැම්මත් ආපහු ගොඩ එනව  . මනුස්ස ලෝකේ හිටියත් දිව්‍ය සම්පත් නොවැ තියෙන්නෙ . ඒ නිසා එකෙකුට එන්න කියනව . කෝකටත් කියල  විෂ්ණුව එතන හිටපුවාවේ.


සක්‍රයා- ආ .. ඒ ගමන් අර ඇවිල්ල  ඉන්න උන් තුන් දෙනාට ඇතුලට එන්න කියනවා . අනික් අය එනකන් වැඩෙ පටන් ගන්න පුලුවන්

මාතලී දුරකථන ඇමතුම දී , අනෙක් දෙවිවරුන්ද සමඟ සක්‍ර භවනට ඇතුල් වේ

සක්‍රය- මේ ....මාතලී තමුසේ සම්න් දෙවියන්ට කථා කලෙ නැද්ද ?

මාතලී - කථා කලා සර්.. සෙක්ට්‍රි ආන්ස්වර් කලේ .. සමන් දෙවියො  තාම භාවනා කොරනවලු , සමනල කන්දෙ

සක්‍රය - ඔයැයිගෙ භාවනාව ලේසියෙන් ඉවර වෙන්නෙ නැ . ඊලඟට ඇතා පිටේ බඩ ගාන කොට හෙට වෙයි . මාතලි තමුසේ ගිහින්  මක්ක කොරල හරි භාවනාවෙන් නැගිට්ටෝල . එක්කරගෙන එනව

මාතලී - එහෙමයි (පිටව යයි )

සක්‍රයා - (අනික් දෙවියන් දෙසට හැරී )  කොහොමද දැන් කට්ටියගෙ ආදායම් තත්වය , ගිය පාර ප්‍රගති සමාලෝචනයට වඩා වෙනසක් එහෙම තියනවද ?


දෙවිවරු තුන්දෙනාම - ඔව් සර් , හොඳ වර්ධනයක් තිය්නව . M ආර් මහත්තයගෙ ආණ්ඩුව ආපු දා ඉඳල කොහොමටත් ඉතින්  ආදායම නගින පැත්තට තමයි

සක්‍රය - ඒක තමයි මම මුල ඉඳලම කිව්වෙ , M ආර්  ආණ්ඩුවට උදව් කරන්නය කියල . කෝ දැන් දැන් තමුසෙල වැඩෙ කනවනේ .

කතරගම - ඇයි සර් එහෙම කියන්නෙ ?

සක්‍රයා (කේන්තියෙන් )- එහෙම කියන්නෙද ?

ශබ්ධයක් ඇසෙයි , සක්‍ර දෙවියන් හැරී බලයි නාථ දෙවියන් ශාලාවට ඇතුලුවේ ,

නාථ - ටැක්සියට දාල තියෙන්නෙත් බාල් පෙට්‍රෝල් සර් , ඒකත් මඟක් එන කොට හිටිය . ඉතුරු ටික පයින්ම  ආවා


සක්‍රයා - ආ.........තමුසෙ ආවද මට තමුසෙව තමයි අල්ල ගන්න ඕනි කරල තිබුනේ 


නාථ - ඇයි සර් මොකුත් අවුලක්ද?

සක්‍රය - එක අවුලක් නෙවෙයි ඕයි තමුසේ මහ අවුල් ගොඩක් නේ . බලනව තමුසෙ මහ ලොකුවට මිනිස්සුන්ගේ වකුගඩු වල තියන ආසනික් කෙහෙල් මලක් ගැන කිව්වා මොකද උනේ අපිට උදව් කරපු , අපි වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සු ටික කිච උනා . M ආර් තුමාගෙ ආණ්ඩුවටත් ප්‍රශ්න ආවා

නාථ - ඒ වුණාට සර් ආණ්ඩුවට අවුලක් උනෙ නැ ලොකුවට , අර මගෙන් අහගෙන් ගිය පරීක්ෂකයො ටිකට තමයි පොඩ්ඩක් අවුල් වුනේ

සක්‍රයා - ඒ මිනිස්සු තමයි  මී හරකො වැදගත්ම . උන් තමයි අපි  ගාවට මිනිස්සු එවන්නෙ . අණ්ඩුව ලවා එවන ඒව පිටිපස්සෙත් ඉන්නෙ ඒ මිනිස්සු , ඒ අය නැත්නම් M ආර් ආණ්ඩුවත් අර යැංකියගෙ ආණ්ඩුව වගේම වෙයි . අපිට වැදගත් අපේ  කලෙක්ෂන් එක වැඩි කරගන්න එකයි  ඕයි , තේරුම් ගන්නවකො

නාථ - ඒ වුනත් මම හොඳක් කරන්නනෙ හැදුවෙ සර් ,  බැරිවෙලාවත් ආසනික් තිබුන නම් එහෙම 

සක්‍රය - අම්මප මට ගහන්න හිතෙනව උඹට පඬුපුල් ආසනෙන් ඔලු කට්ට කුඩු වෙන්න . බැරි වෙලා තියෙන්න පුලුවන් කෙහෙල් මලක් දෙවි කෙනෙක් කියන්න ඕනිද ? නොදන්න කෙහෙල් මල් වලට හොස්ස දන්න ගිහින් ලංකාවෙ උන් වගෙ නාගන්න එපා . අනික  කාරෙකට ගහන පෙට්‍රල් ටික බාලයි කියල පෙන්නෙ නැති එකා කොහොමද ආසනික් මඟුලක් දකින්නේ .මීට පස්සෙ ඔහොම  බූරු වැඩක් කරල තිබුනොත් තව්තිසාව පැත්ත පලාතෙ එන්න දෙන්නෙ නැ . අන්න ඒක මතක තියා ගනින් .ආ..ආ.. දැන් බොරුවට අඬන්නෙ නැතුව අතනින් වාඩිවෙයන්

9 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සරත් ලංකාප්‍රිය said...

මට ආරංචි උන හැටියට නාථ උන්නැහේ ඉන්නේ දෙහිවල පාලම උස්සගෙනලු. එක උඩින් වාහන යනකොට කඩන් වැටෙන්න නොදී අල්ලන් ඉන්නවලු .. එයාටනේ බාර කලයි කියන්නේ..

Yasantha Hennayake said...

නියමයිනෙ මචං.. මේක රගපෑවා නම් සුපිරියටම තියෙයි!

Unknown said...

සොරි මචO මෙහෙම කිව්වට කතාව හොදයි. පාථකයව කඩේ යවන ගතියක් තියනවා. ටිකක් වෙලා කියන කොට මට නම් බෝරිO උනා.. මේ ලිව්වෙ මට හිතෙන හැටි තරහා වෙන්න එපා මචෝ

Unknown said...

සොරි මචO මෙහෙම කිව්වට කතාව හොදයි. පාථකයව කඩේ යවන ගතියක් තියනවා. ටිකක් වෙලා කියන කොට මට නම් බෝරිO උනා.. මේ ලිව්වෙ මට හිතෙන හැටි තරහා වෙන්න එපා මචෝ

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@සරත් ලංකාප්‍රිය |@චතූ - Thanks

@Nuwan - පාඨකයව කඩේ යවනව කියල එකක් ඇහුවමයි .මට ඒක පැහැදිලි නැ , අනික මට තේරෙන විදිහට ලේඛකය කඩේ ගියාට පාඨකයව කඩේ යවනව කියල එකක් කොරන්නත් බැ . ඔබ අදහස් කලෙ මොකක්ද කියල පැහැදිලි කලා නම් ගොඩක් වටිනව . කෙනෙකුට බෝරිං විදිහට දැනෙනව නම් ඇති ඒක කෙනා අනුව වෙනස් වෙන දෙයක් නේ

චතුර විජේකෝන් said...

රටේ සිද්ධ වෙන දේවල් ගැන උපහාසාත්මකව කතා කළ අපූරු ලිපියක්. මේක කියවන සමහර පාඨකයින් මතවාදී ව ඔය කතාවෙන් කියැවුණු කරුණු විශ්වාස නොකරන අය වෙන්න පුළුවන්. ඉතිං එහෙම කෙනෙක්ට තමන්ට වැරදි අදහසක් කාවද්දන්න හදනවා කියලා අදහසක් ඇති වෙන්න පුළුවන්.

උදා:

"ජබොස් ලේන්" සහ "ඇන්ඩ් කොම්පැණි" කියන්නේ රූපවාහිනී නාලිකා දෙකක විකාශය වෙන දේශපාලන උපහාසාත්මක කතා දෙකක් නේ. ඒත් මේ දෙකේ වෙනස පැහැදිලියි නේ.

මධ්‍යස්ත වීමත් සාපේක්‍ෂයි නේ...

මං නම් කියවා රස වින්දා...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@Chathura Wijekoon|චතුර විජේකෝන් - Thanks macho

දිනුක said...

නාට්‍ය කරද්දි තමා ප්‍රශ්නෙ එන්නෙ.එම් ආර් ට කාවද ගන්නෙ? දැං ඇන්ඩ් කොම්පැනියෙත් අතක් විතරනෙ පෙන්නන්නෙ.....සංකල්පය ආතල්ය...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@දිනුක ජයකොඩි - ම්ට ට්‍රයි එකක් දෙන්න හිතෙනෙත් උඹගෙ ලිපි බැලුවට පස්සෙ තමයි මචෝ

Post a Comment

පි‍ටු පෙරලපු ගාන