ගැහැණු ළමයිනේ

Friday, June 24, 2011















ජීවිත කාලයක් පුරාවට
හසරැලින් මල් මැසූ ගවුම්පොඩි,
දඟ කතා ගොතා සැදු කළාලය,
අම්මගේ උණුහුමේ-
සුවඳ ගත් පොරෝණය,
කප කපා නෙත පිනූ පින්තූර
අලවලා නිම කෙරූ සිහින පොත,

ගෙන යන්න වෙන්නේ නැහැ..
ගැහැණු ළමයිනේ,
ඇඟිලි බැඳ රන් හුයෙන්
නික්ම යන හෙට දාට...

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

හිම හංසි said...

ඒත් මම නම් අරන් යනවා ඒ ඔක්කොම. හි හි

සිත් අහස said...

ගෙනියන්න දෙන කෙනෙක්ව හොයාගත්තම වැඩේ හරි.. හී හී...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන