සත්තයි

Wednesday, June 15, 2011
මහා මෙර උහුලන්ට
නොහැකි සමනළ තට්ට
මහා මීරුව කපා...
ඉගිලුණා සත්තයි!!

...විරහ ආදර හැඟුම්
නිවුන්නන් වග දැනත්
ආදරේ කළ බවත්
ඇත්තමයි ..සත්තයි

සුළං තල ඉරුවාට
අකීකරු මකුලුවෝ
දැළ යළිත් වියන වග
තිත්ත වූ සත්තයි!

(රුක්ෂිලා අක්කා බුකියේ ලියූ කවකට මා ලියූ පිළිතුර )

වල් අදහස් නැති අයට..

න්න මුලින්ම කියල පටාන් ගන්නේ.. වල් අදහස් තියෙන අය නම් මේක කියවන්න එපා ඕන්..
මේක මගේ ගෑණු ළමයා මට එවපු SMS එකක්...

මං හැමදාම හිතන්නේ ඔයාගෙ එක මොන වගේද කියලා
ප්ලීස්…
ඔයාගේ එක මට පෙන්නන්නකෝ…
අනේ…
එකම එක පාරක්...
මට ඔයාගෙ එක අල්ලන්නත් ඕනි…
ඔය දුන්නොත් අල්ලන්නම්...
ඔයාට ඕනි නම් මගේ එකත් පෙන්නන්නම්…
ඒත් මගේ එක ඔයාගේ එකතරම් ලස්සන නැතුව ඇති…
මොකද මගේ ෆෝන් එක නෝ(ර්)මල් ෆෝන් එකක්...............!

ලියන්නට කවියක් ගනිමි පන්හිද අතට..

Sunday, June 12, 2011
ලියන්නට කවියක් ගනිමි පන්හිද අතට
සිතන්නෙමි නුඹ ගැන නොලියනා බවට
රෑ දොලොස් පැයේ මම හිතමි ඔබ ගැනම
නොලියා ඉන්නෙ මේ කවිය මම කොහොම

ජීවිතෙ සුන්දරයි කියා දුන්නේ නුඹයි
හැර යද්දි මා තනිව දුක නැතිද සිත අසයි
නුඹ ඉන්නෙ මා ලගයි නොහිතා ඉන්නට හිතෙයි
නුඹ නොමැති බව දනියි නමුත් සිත ඔබ පතයි

ආදරේ මුල් අකුරු මිමිනුවේ නුඹ ලගයි
ජීවිතෙ පලමු පෙම පිදුවෙ නුඹ නමින්මයි
හැර ගියේ කෙලෙසින්ද කුමරුනේ දුක දැනෙයි
උරණ නෑ ඔබ සමග ආදරේ ඔබටමයි


පි‍ටු පෙරලපු ගාන