තවත් එක බුත කතාවක්..

Thursday, August 18, 2011

මේ දවස් වල බුත කතා ගොඩයි. මේක තමා මට සිද්ද උන බුත කතාව. මම කොළඹ බංකුවක වැඩ කරන දවස්වල මට වෙච්ච දෙයක් මේක.

ඔන්න දවසක් මම නයිට් එකක් කරනවා, ඩේ එන්ඩ් ප්‍රෝසෙසින්. ඕකෙදි ඉතින් කරන්නේ සිස්ටම් එකේ වර්කින්ග් ඩේ එක එන්ඩ් එක කරලා දවසේ පොලිය එහෙම ගිණුම් වලට දාන එක. ඕක සමහර දවසට මහා රෑ වෙනකම් කරන්න වෙනවා. ඉතින් දැන් රෑ 11 විතර ඇති වෙලාව. මම ඉන්න සර්වර් රූම් එකේම තමා සිසිටිවී මොනිටර් එකත් තියෙන්නේ. ඔන්න ඉතින් මම ඊ.ඕ.ඩී එක දාල නිකමට වගේ අර මොනිටර් එක දිහා බැලුව. මෙන්න කව්දෝ එකෙක් ලිසින් සෙක්ෂන් එක හරහා යනවා. ලයිට්සුත් දාල. සාමාන්යෙන් ඔය වෙලාවට ලයිට් දාන්නේ මම ඉන්න හරියේ විතරයි. අනිත් ඔක්කොම නිවල.

අප්පටසිරි! හොරෙක්වත් රිංගගෙනද කියල මමත් ඔන්න හෙමින්ම එලියට ඇවිත් ලීසිං එක දිහාට ගියා. ලයිටුත් නිවල! මොකෙක්වත් නෑ! මේ මොකද හොල්මන්ද? කියල මම අයෙත් ලීසිං එකේ වටක් කැරකිලා සර්වර් රූම් එක දිහාට අවා. එපාර අයෙ අර  සිසිටිවී මොනිටර් එකේ මොකක්වත් නෑ. හ්ම්ම්.. ඔහොම හිටිය අයෙ පය බාගයක් විතර. ඉදල ඔන්න අයෙ ප්‍රෝසෙසින් දන්න යද්දීම නිකම් බැලුව මේ  සිසිටිවී මොනිටර් එක දිහා. අන්න අයෙම ලයිට් දාල? මල පැනල මම ඕනේ කෙහෙම්මලක් කියල ගියා අයෙත් ලීසිං එකට. අනේ ලයිට් නිවල. හොල්මන්ද පොල් කොළ කිව්වලු?? ලීසිං එකේ ඉදන්ම ගත්ත සෙකුරිටි එකට කෝල් එකක්. අරන් ඇහුව මේ ලීසිං එකේ මොනාහරි එකකට කව්රුහරි ආවද කියල? මොකද එයාල හිටි අඩියේ තැන් තැන් වලට යනවා චෙක් කරන්න. එහෙම ආවේ නෑ සර්. ඇයි මොකද ප්‍රශ්නේ? කියල මගෙන් එයාල අහනවා. මම කිව්වා නෑ මම  සිසිටිවී එකේ දැන් දැක්ක එකයි. ඒ උනාට මෙතනට අවම කව්රුවත් හිටියේ නෑ කියල. හරි සර්  අපි එන්නම් කියල එයාල ෆෝන් එක තිබ්බ.

ඔන්න දැන් සෙකුරිටි කට්ටියත් ඇවිත් බලනවා මමත් ටිකක් බැලුව.. කිසි දෙයක් නෑ. කෝකටත් මට සිසිටිවී මොනිටර් එක ගැන සැකයක් තිබ්බ නිසා මම හෙමින්ම එහාට ගියා. ටිකක්  සිසිටිවී මොනිටර් එක දිහා බලන් ඉද්දි ඔන්න අයෙම කට්ටිය යනවා එනවා පේනවා. ඒපාර කස්ටමර්ස්ලත් ඉන්නවා. හ්ම්ම්ම්.. මෙන්න එතකොටම එක අයෙ නොර්මල් යන්න ගත්ත. දැන් සෙකුරිටි අයව පේනවා. මේ මොකද? මේකට මොන යක වැහිලද කියල මම බැලුව. කොහොමින් හරි මම තේරුම්ගත්ත අපේ  සිසිටිවී මැෂින් එකේ ප්‍රශ්නයක් තියනවා කියල. ඔන්න ඉතින් ඒක සෙකුරිටි එකටත් කියල වැඩේ එතනින් ක්ලෝස් කරගත්ත.

පහුවදා අවා සිසිටිවී එක බලන කොම්පැනියෙන් කිව්වා, අපේ  සිසිටිවී සිස්ටම් එකේ ප්‍රශ්නයක් වෙලා දවල් වෙච්ච දේවල් සැරින් සැරේ ප්ලේ බැක් එකක් විදියට මොනිටර් එකට වැටිලා. ඔන්න ඕකයි අපේ බුත කතාව. ඉතින් කට්ටිය ඔය බුතයෝන්ට බයවෙද්දී පොඩ්ඩක් වටපිට බලලම බය උනොත් නේද හොද?

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

රතු මුහුද said...

මම කොළඹ බංකුවක වැඩ කරන දවස්වල????????

පන්සල් හංදිය said...

පලවෙනි සැරේ බලලා කවුරුත් නැත්නම් මුලින්ම කරන්න තිබුනේ සිසිටිවි එක් චෙක් කරන එකනෙ ......

Madhawa Habarakada said...

malaa. :D baya wena ekek hitiya nam itin sory tama. :D

ක්සැන්ඩරයා said...

රතු මුහුද: සමාවෙන්න.. බැංකුවට බංකුව කියල ලියවුනාට.
පංසල් හන්දිය : සිසිටීවි චෙක් කරා. ඒ උනාට ඒවෙලාවේ ඒක නොර්මල් නේ තිබුනේ. අනික කව්ද දන්නේ ආව එකෙක් ලයිට් ඔෆ් කරගෙන නම්?
මාධව හබරකඩ : එකෙක්ට කතාව අහල රෑ ඉන්න බය උනා (සිසිටිවී සීන් ඒක අයින් කරපු වර්ෂන් එකක් කියල)

Test Profile said...

පපුව තාම ඩග් ඩග් ගානවා... මං ඈහින් දැකලා නැති වුනාට පට්ටම බයයි.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන