G-MAIL ACCOUNT දෙකක එක පාර වැඩ කරමු

Sunday, July 24, 2011
මම දන්නේ නම් නැ මේක ඔයාලාට කොයි තරම් වැදගත් දෙයක්ද කියලා... ඇත්තටම කිවොත් මට නම් මේක පට්ට විදිහට වටිනවා.... මොකද මම බ්ලොග් එක ලියන මේල් ඇඩ් එකෙන් නෙමෙයි අනිත් වැඩ ටික කරගන්නේ... එකට අනිත් මේල් එකවුන්ට් එකට ලොග් උන ගමන්ම බ්ලොගර් මල්ලිත් දාලා යනවා.. ආයේ ඉතින් ඒකට ලොග් වෙන්න වෙනවානේ එක ටිකක් විතර කරදරයක් කියලා මට හිතුන නිසා හෙව්වා පොඩි විසදුමක්.. මම පොර ටොක් දිදි කිවට මේක ඔයාලට නම් පරන තැටියක් වෙන්න ඇති.. එත් මම නම් මේක මුල්ම වතාවට භාවිතා කෙරුවේ අද (2011 - 5-17 ) .. මට නම් මාර ගති
ලොකු දෙයක් නේමේ එක පාර එකම බ්‍රව්සර් එකකින් මේල් එකවුන්ට් දෙකක් හැන්ඩ්ල් කරන්න පුලුවන් සුට්ටි ක්‍රමයක්
මුලින්ම ඔය ඔයාට කැමති මේල් එකවුන්ට් එකකට ලොග් වෙන්නකො... නැතත් කමක් නැ.. පස්සේ දෙකටම ලොග් වෙන්න පුලුවන් ඇති (ඒක නම් මම බැලුවේ නැ) එකකට ලොග් වෙලා මේන්න මේ මම දෙන ලින්ක් එකට ගොඩ වෙන්නකෝ
LOG 
USE MULTIPLE GOOGLE ACCOUNT IN THE SAME WEB BROWSER

කියලා එකක් තියනවානේ එකට කිලික් කරලා ඩොට් මාක් දාලා කො‍ටු ටික පුරවන්නකෝ...
දැන් ඉතින් ඔයාලගේ මේල් එකවුන්ට් එකට බැක් වෙලා ඔයාලගේ මේල් ඇඩ් තියන තැන බලන්න්නකෝ
තව මේල් එකක් සියින් ඉන් වෙන්න පුලුවන් කියනවානේ
ඉතින් දැන් වෙන්නකෝ
වැඩක් වුනා නම් නැති උනත් කමක් නැ මොනවා හරි ටිකක් කියලා යන්නකෝ.....

වෙලාවක් තියනවානම් අපේ ගෙවල් පැත්තෙත් ඇවිත් යන්න එන්නකෝ

12 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

කිඩෝ said...

අඩේ තැන්කූ වේවා

දේව් ගේ අඩවිය said...

කිඩෝ : පාවිච්චි කරලාම බලන්නකෝ.... එතනින්ම ඕනෙ නම් ආයේ පරන විදිහට හදාගන්නත් පුලුවන්නේ...

Podi Kumarihami said...

පාවිච්චි කරලා, බලලම කියන්නම්. මොනවා හරි අප්සෙට් ගියොත් ඇවිත් ආපහු තිබුනු විදියට හදලා දෙන්ටත් වෙයි...:D

දොඩන් said...

තාමත් දන්නැති අයට වැදගත් වෙයි...හැබැයි රජෝ මේක මාරම පරණ තැටියක්...:D :D

දේව් ගේ අඩවිය said...

පොඩි කුමාරිහාමි.: එහෙම අවුලක් උනොත් කියන්නකෝ... ඔය පැත්තේ ආවොත් දඩු කදේ ගහයිද දන්නේ නැනේ... ඒ හින්දා ඔන්ලයින්ම හදා ගන්න විදිහක් කියන්නම්කෝ

දේව් ගේ අඩවිය said...

දොඩන් : අනිවා මේක නොදන්න අය ගොඩාක් ඉන්නවා.. මොකද හැමෝම ඔයා වගේ එක්ස්පර්ට්ස් ලා නෙමේනේ

Deeps said...

මම දැන් ගොඩ කාලෙක ඉදන් භාවිතා කරනවා. මේ දක්වා මට නම් කිසි අවුලක් වුනේ නැහැ

දේව් ගේ අඩවිය said...

ඔය තියෙන්නේ ලෙසටම... අපි ඉතින් තාම පොඩි බබාලනේ.... ඔයාලා තරම් වයසට ගිහින් නැනේ අපි

Deeps said...

හික්ස්...ගොඩ කාලෙක ඉදන් කිව්වේ ඔය සර්විස් ඒක පටන් ගත්ත දවසෙම. නැත්තම් ඉපදුන දවසේ ඉඳලා නෙවේ :P මෙන්න ජී මේල් එකෙන් ඕක ගැන කිව්ව බ්ලොග් පොස්ට් එක..http://gmailblog.blogspot.com/2010/08/access-two-gmail-accounts-at-once-in.html

ගුගල් එකෙන් එන අලුත් දේවල් දැනගන්න නම් කරන්න තියන හොඳම දේ එයාලගේ බ්ලොග් ෆලෝ කරන එක

දේව් ගේ අඩවිය said...

deeps : ආහ්... මේක ගොඩක් කල් කිවාට තාම අවුරුද්දක්වත් නැනේ... මම හිතුවෙම ඔයා ඉපදුන දවසේ ඉදන් කියලා..

තැන්කු කිවා උපදේසෙට

coolchiran said...

බොහොම Thankz...............

චතුර විජේකෝන් said...

හොඳ සොයාගැනීමක්... ඔහොම ඔප්ෂන් එකක් තියෙන බව මාත් කලිං දැනගෙන හිටියේ නෑ. හැබැයි එකම කම්පියුටරේ දෙතුන් දෙනෙක් මාරුවෙන් මාරුවට වැඩ කරන කොට ටිකක් කරදර වෙයි මයෙ හිතේ... මතක ඇතුව ලොග් වුණොත් ලොග්-අවුට් වෙන්න වෙයි.

බොහොම ස්තුතියි සහෝ...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන