කොස් ගස් වල කොහෙද යකෝ වරකා හැදෙන්නේ ?

Thursday, July 14, 2011
මේකයි කතාව. මේක ඇත්තටම උන දෙයක්. හිනා යන එකක් නම් නැහැ. බොරුවට හරි හිනා වෙන්න. ඔන්න ඉතින් මමයි තව යාලුවෝ තුන් දෙනෙකුයි සෙට් වෙලා ගියා රම්බොඩ පැත්තේ පොඩි සංචාරයක් දාන්න. ඉතින් අපිට තියන ගායේ අඩුවකුත් නැති නිස කඳු බඩගාලා පාරවල් හොයාගන්න බැරුව චාටර් කාලා, දෙමළ විතරක් දන්න ආච්චි කෙනෙක්ගෙන් තනි දෙමළෙන් පාරත් අහගෙන(අපි දන්න දෙමළක් නැහැ. පාර කියපු එක තේරුම් ගත්ත විදිය අහන්න එපා) ඔන්න කඳුත් බැහැගෙන ආවා රම්බොඩ ඇල්ල පැත්තට.
එහෙම එනකොට ඔන්න තියනවා හොඳවයින් කොස් ගහක්..අපිට ඉතින් කා බැහැනේ... අපි හෝ ගාලා කොස් ගහට කෙල හල හල වැල වරකා හොයනවා. ඒ අතරේ අපේ සෙට් එකේ එකෙක් කිව්වා මචන් අන්න යකෝ වරකා ගෙඩියක් තියනවා කඩමුද කියලා.. අපිත් එල මචං කඩමු කිව්ව විතරයි මෙන්න අපේම එකෙක් කියනවා පිස්සුද යකෝ කියලා. අපිත් හොල්මන්.. මොකද බං කියලා ඇහුවම මූ කියපු ඇයි ගොනෝ තොපි ඒකවත් දන්නේ නැද්ද? කොස් ගස් වල කොහෙඩ ගොනෝ වරකා හැදෙන්නේ.. වරකා හැදෙන්නේ වරකා ගස් වල කියලා...අපි හිතුවේ මූ මේ ෆන් එකට කිව්වයි කියලා.. බලනකොට මේ යකා ඇත්තටම හිතාගෙන ඉඳලා තියන්නෙ එහෙමයි. හරිම සන්තෝසයි.. මොකද මූ හෝටල් පාටමාලවක් කරපු කුක් කෙනෙක්.. අනේ සාදු !!!

17 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සරත් ලංකාප්‍රිය said...

වැල ගස් වල වරකා හැදෙන්නේ නැති එක නම් ඇත්ත..

Anonymous said...

අනේ බොලව් තොපිට වැරදිලා. පොලොස් හැදෙන්නේ පොලොස් ගස් වල. කොස් හැදෙන්නේ කොස් ගස වල. වරකා හැදෙන්නේ වරකා ගස් වල. වැල හැදෙන්නේ වැල ගස් වල

සාතන් said...

මට නම් හිනාගියා ඕන්...

පිස්සු පුසා said...

හිකි ලොල්

Saweera said...

හික්ස්...මේ ලගදි අපේ එකෙක් ඇහුව නොවැ පොරි හැදෙන්නෙ මොන ගස්වලද කියල...හික්..

අලුත් කොල්ලා | The New Guy said...

මේක දැකල මතක් උණේ. මේ ලඟදි අපේ කාර්යාලයෙ කෙල්ලෙක් මට පොප් කෝන්(පොරි) කන්ඩ කතා කරා. මත් ඉතිං ගියා. ඒත් තියෙන්නෙ බඩ ඉරිඟු. බලනකොට ඒ කෙල්ලට ටැපලිලා..

Anonymous said...

අනේ අපේ තරුන පරම්පරාව ගැන හරිම දුකයි.සමාන්‍ය දැනීම බින්දුවයි.හාල් එන්නේ කඩේ ගෝනියෙන් කියලා කියයිද?

සාටර් said...

ලොල් සහගතයි..එපේ එකෙක් අපේ කරුනු පැහැදිලි කිරීම් වලින් අනතුරුව පපඩම් ගස් ඇති බව පිලිගනු ලැබුවා.. :)

The තරුවා said...

හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

මලිත් Max said...

බලං ගියාම අපේ එකාට විතරක් නෙමෙයි ට්‍රැක්.. රට වටේම ඉන්නවා ඒ වගේම ට්‍රැක් ඩයල්.... පිස්සු හැදෙනවා...

මලිත් Max said...

@අලුත් කොල්ලා
මේකනේ... දැන් ඉන්න කෙල්ලෝ බලෙන් පොශ් වෙන්න දඟලනවානේ... හික් හික්.. නොදන්න දෙමලෙට ගිහින් අන්තිමේ වරිගේ නහ ගන්නවා....

Anonymous said...

යකෝ වැල හැදෙන්නේ වැල ගස්වල නෙවෙයි. මුං වගේ අදින්න බලා‍ගෙන ඉන්න එවුන් ගාවයි.

Deeps said...

ඔය යාලුවා ඉපදුනේ අයිස්ලන්තේද?

Writer3744186549 said...

Hooooooooooooooooooo

මලිත් Max said...

@deeps
අයිස්ලන්තේ ඉපදුනා නම් මූට සමාවක් දෙන්න තිබ්බා... මූ ඉපදුනේ ගම්පහ වෙච්ච එක තමයි දුක.. උද්භිත උද්‍යානයක් තියන ගමකනේ මේ යකා ඉපදුනේ.. විලි ලැජ්ජාවයි

SSVJ said...

මම දන්න කොළඹ පැත්තෙ එකෙක් ඇහුවනෙ ගොරක ගන්නෙ ගහේ මුලෙන්ද කියල... මට හිතෙන්නෙ ඌ අන්දරේගෙ කතාවවත් අහල නැතුව ඇති.

SSVJ said...

මම දන්න කොළඹ පැත්තෙ එකෙක් ඇහුවනෙ ගොරක ගන්නෙ ගහේ මුලෙන්ද කියල... මට හිතෙන්නෙ ඌ අන්දරේගෙ කතාවවත් අහල නැතුව ඇති.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන