දෙවැනි රාජසිංහ රස කතා

Tuesday, June 28, 2011
රාසිං දෙවියන් එහෙමත් නැත්නම් දෙවන රාජසිංහ රජතුමා කියන්නෙ ලියනවනම් මේ ‍බ්ලොග් එකම පිරෙන්න ලියන්න තරම් රස කතා ගොඩක කතා නායකයෙක්.විශේෂයෙන්ම කියන්න ඕනෙ මට මුලින්ම මේ ‍බ්ලොග් එකේ රාජසිංහ රජතුමා ගැන ලියන්න හේතුව තුන්පත් රටා බ්ලොග් එකේ තිබිල මේ ලගදි කියවපු මෙන්න මේ ලිපි

රාසිං දෙවියන් එහෙමත් නැත්නම් දෙවන රාජසිංහ රජතුමා බොහොම දක්‍ෂයි හිටිවන කවි කියන්න.රජතුමා වටා ගෙතුනු කවි වගේම ඒවයේ පසුබිම් කතාත් බොහොම රසවත්.සාමාන්‍ය ඇදුමින් සැරසී රට වටා සැරිසරපු එක රාජසිංහ රජතුමාගෙ සිරිතක්. දවසක් ඔය විදිහට රහසින් යද්දි පැල් රකිමින් සිටි ලස්සන තරුණියක් දැකල  පොඩි හිතක් පහල වුණු රාජසිංහ රජ්ජුරුවෝ මේ තරුණියට  නොපෙනෙන්නට සැගවීලා  හිටිවන කවියක් කිව්වලු.

දිලිසෙන සිසි නමල් මුවනෙක පෑ      සොබන
සොබන දෙපියයුරු වසමින් සළු            පටින
පටින් සමන් වරලස බැඳ බැඳ                යටින
සිටින මෙනුඹ කාරණා කිම ලඳ             ඔතන

මේක අහගෙ හිටපු අර තරුණිය දැක්කෙවත් නැති රජතුමාට ඇහෙන්න පිළිතුරු කවියක් කිව්වලු මෙන්න මෙහෙම. මේකනම් ගොඩක් අය අහල ඇති.

ලස්සන හිමවතේ මා වී                පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා              දමන්නේ
රැක්මෙන දෙවියන්නේ වෙල බත්      බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල්              රකින්නේ

මේක අහපු රාජසිංහ රජතුමා සතුටට පත් වෙලා හැංගිලා හිටි තැනින් එලියට ඇවිත්.මේ හැංගිලා කවි කිව්වෙ රාජසිංහ රජ්ජුරැවන් බව දැක්ක මේ තරුණිය බයවෙලා පැලත් දාල දුවන්න ගත්තලු. රජතුමත් පරාදවෙන්න කැමති නැති නිසා තව කවියක් කිව්වලු.

විකලා මරණ සිහ රජෙකුත් නොවී           නම්
විදලා මරණ වැදි රජෙකුත් නොවී            නම්
ඇනලා මරණ කුළු මීමකු නොවී              නම්
දුවලා වෙහෙස නොගනින් ලඳ බියේ       නම්


රජතුමාට බයවෙලා පැනල දුවපු මේ තරුණිය දුවන එක නතර කරල රජතුමාට මෙහෙම කිව්වලු.

රෑන පිට රෑන තුඩ රෑන ගීය               න්
අල්ලා අතට දුන්නත් අතට ඊය         න්
බළලුන් දුටුවාම බිය නැද්ද මීය        න්
දුටුවාම බිය නැද්ද රාසිං දෙවිය        න්

රජතුමා පස්සෙ දවසක මේ තරුණිය හොයාගෙන හිටිවන කවි කීමෙ දක්ෂතාවයට සම්මාන වශයෙන් දෙවියන්ගේ වෙල නින්දගම් කරල ඇයට පැවරුවයි කියලයි පත පොතේ සඳහන් වෙන්නෙ.


රාජසිංහ රජතුමා ගැන තව කතා තියෙනව.ඒව ඊලග පෝස්ට් එකෙන්.පිංතුරය wikipedia. comment එකක් දාල යන්න අමතක කරන්නත් එපා.

6 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Saweera said...

සිතුවිලි පවුරෙ මගෙ පලවෙනි පෝස්ට් එක.සිතුවිලි පවුරට එකතුවෙන්න ලඉැබීම ගැන සතුටුයි.මේක මගෙ සංහිත බ්ලොග් එකේ කලඉින් ලඉියපු එකක්.සමාවෙන්න මේ අකුරු ගැන ‍මොකක්දෝ කෙහෙලඉ්මලඉක් වෙලඉා තාම හොයාගන්න බැ ලෙඩේ.

සරත් ලංකාප්‍රිය said...

ලියන්න.. බොහොම හොඳයි අපි ඇවිත් කියවන්නම් කියවල මොන හරි ලියලත් යන්නම්.. ජන කවියට මන් කොහොමත් ප්‍රියයි.. ගැමියෙක්නේ !

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

නියමයි නියමයි.. සිතුවිලි පවුරට සාදරයෙන් පිළිගනිමු!

Anonymous said...

කිව්වට තරහ ගන්න එපා. මට නම් මේ කතාවෙ පොඩි නොගැලපීම් කීපයක් පේනවා. 'ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ' කවිය මම නම් අහලා තියෙන්නෙ සාමාන්‍ය ජන කවියක් විදියට මිසක් මේ වගේ විශේෂ කවියක් විදියට නෙමෙයි. අනික ගෑණු කෙනෙක් පැල් රැක්කා කියලා මම අහන පලමු කතාව තමයි මේක. පුරාණ ලංකාවේ මිනිස්සු පැල් රැකීම කියල කරේ වන සතුන්ගෙන් වගාව ආරක්ෂා කර ගන්න හේනේ ගහක් මුදුනේ පැලක් ගහගෙන රැය පහන් කරන් එක. ගොවියා රෑට සප්පායමත් මුල් බැඳගෙන තමයි පැල් රකින්න යන්නේ. ඒ දවල්ට ඇඹුල ගේනවා වගේ ගෙවිලිය රෑ ජාමේ කෑම එක දෙන්නවත් එලි පහලියට බහිනවට ගොවියා කැමති නැති නිසා. සත්තු සර්පයො බහුල ඒ කාලේ රෑට තරුණියක් පැල් රැක්කා කියන එක විශ්වාස කරන්න අමාරුයි කියන එක තමයි මගේ හැඟීම. මේ කතාවේ මූලාශ්‍ර මොනවද?

kasun said...

රාජසිංහ රජතුමා ගැන මං අහල තියෙන්නේ නම් සෑහෙන්න දරදඩු පාලකයෙක් හැටියට...එතුමා කවි කිව්ව කියල ඇහුවමයි...!!!
මොනා උනත් කවි ටික නම් එල...!!!

Saweera said...

@ සරත් ලංකාප්‍රිය; ස්තුතියි මේ බ්ලොග් ලිවිල්ලට හයිය තමා මං ලියන දේට ලැබෙන කමන්ට්ස්

@ ඇඩ්මින් (සිතුවිලි පවුර);ස්තුතියි. ‍

@ cake-d-criticizer; මූලාශ්‍ර ගැන කියනවනම් මේව ගොඩක් වෙලාවට කටවහරෙ එන කතා.හැබැයි මම මේක අවුරුදු ගානකට කලින් මුතුහර සගරාවක කියෙව්ව.ඒ මතකෙන් තමා මේක ලිව්වෙ.හැබැයි මං ගාව දැන් ඒ සගරාව නැහැ.ලියපු කතුවරයවත් මට මතක නෑ දන්න කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න.පැල් රැකීම රාත්‍රී කාලඉයෙ පමණක් සිදුවුණු දෙයක් නෙමෙයි.දවල් කාලෙත් රෑට වගේම හේන කුඹුර ආරක්ෂා කරන්න සිද්ධ වුණෘ. රාත්‍රියෙ නිදිමරාගෙන කිරිවදින හේන් රකින ගොවියට සහයෝගයට දවල් කාලෙ හේන රැක බලා ගත්තු කාන්තාවො ඔය කාලෙ නොහිටින්න හේතුවක් මම දකින්නෙ නම් නෑ.

@ චතූ; රාජසිංහ රජතුමා දරදඩු පාලඉකයෙනක් තමයි..රොබට් නොක්ස් ගෙ ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන් කියෙව්වනම් මේ කරුණු දෙකටම සාධක හොයාගන්න පුලුවන්. බ්‍රිතාන්‍ය ජාඉතිකයන් හිරකරන්න තරම් කෘර වුණු හැටිත්.රජතුමාගෙ කලඉාත්මක පැත්ත ගැනත්.කමන්ට් එකකින් ඒ සේරම ලඉියන්න බෑ. පෝස්ට් එකකින්ම කතා කරමු.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන