ඇත්තද?

Wednesday, September 14, 2011
රියාලේ කොළ
කොට්ටම්බා කොළ ගානට
ඉතිරිච්ච..
සල්ලි පිරිච්ච ජීවිත..
මහපාරේ
දැක්ක
මහා පත බෙන්ස් එකක්
පුරාම යනවා..
අපේ උන් ඒ බලන්
හීල්ලුව ..
දුකට වෙන්න ඇති..
එත්,
උන්ට නැති සන්තෝසේ..
අපිට තියනවා බං..
ඇහුන මට
එකෙක් කියනවා..
එත්..
ඇත්ත
ඒකමද?
අනේ මන්ද....

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

රුවන් said...

උන්ට නැති සන්තෝසේ..
අපිටත් නෑ බං..
එත්..
උන්ට තියෙන පුරස්න...
අපිට නෑ බං..

දිනුක said...

සමහරවිට හිත හදාගන්න වෙන්නැති.ඒත් උන්ට වඩා සල්ලි නැති දුප්පත් මිනිස්සු සතුටෙන් ඉන්නවා.ඒත් ඉතිං ඒකට ජීවිතේ සරල වෙන්න ඕනෙ...

....ජනියා.... said...

තින සතුට හොදයි....
ඒක ඇත්ත.

Sandamal said...

ආ.. ලොක්ක මේ දවස්වල සව්දි වගේ ඉන්නෙ .. :D

ක්සැන්ඩරයා said...

@ රුවන් :

උන්ට ඇති පුරශ්නවත්..
උන්ට ඇති සල්ලිවත්..
අපිට නෑ බං
ඕනෙවට වඩා..
ඕනෙම නෑ
ඕන දෙයක්..
නැද්ද බං

@ දිනුක ජයකොඩි..

ඒ කතාවනම් හරියටම හරි..

@ රහස් පරීක්ෂකයා :

සැටිපිකේට් ඇත්ත..

@ sandamal

නෑ ලොක්ක.. මම ඉන්නේ කටාර්. අම්මෝ සවුදි දිහා නම් බලන්නෙවත් නෑ..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන