පිනාගේ කුප්පිය 04 කොටස

Friday, September 2, 2011
01 ,02, 03,  කොටස් බලන්න 
පොස්ට් එකක් දාන්න ටිකක් පරක්කු උනා මේක මම දාන්න හිතාගන හිටපු පොස්ට් එක නෙවෙයි. එත් කොටස් වෙළදපලට යන්න කලින් මේ ටිකත් කියන්න හිතුනා. වැඩි වල්පල් මොකටද? බහිමු කෙලින්ම වැඩේට.
ඇත්තටම අපි ආයෝජනය කරන්නේ මොකටද? සල්ලි වැඩි කමටද? නෑ. අපි එකිනෙකාට විවිද අරමුණු තියනවා. ඒ අරමුණු ඉෂ්ට කරගන්න නම් අපි ඒ වෙනුවෙන් යම්කිසි සම්පත් කැප කිරීමක් කරන්න ඕනේ. ඒ සම්පත් අරමුණු ලගා කර ගැනීමට යෙදවීමේදී ඇතිවන ප්‍රශ්න අවම වන ආකාරයට යොදවා ගන්නත් අපට පුළුවන් වෙන්න ඕනේ. යම් සැලසුමක් අවශ්‍ය වෙන්නේ ඒකට. විවිද වයස් මට්ටම්, සමාජ ස්ථර, අධ්‍යාපන තත්වය වගේ විවිධ සාදක අනුව අපි එකිනෙකාට තියන අරමුණු වෙනස්. ඒ ඒ අරමුණු අනුව විවිදාකාර අරමුණු ඉටු කරගන්න අපි අපේ සැලසුම් සකස් කරගන්න ඕනේ.
උදා හරණයක් විදියට අපි බලමු වයස් මට්ටම් අනුව පුද්ගලයෙකුගේ අරමුණු වෙනස් වෙන්නේ කොහොමද කියලා
පොඩි කාලේදී ළමයකුට උවමනා වෙන්නේ හොද කෑම ජාතියක් , සෙල්ලම් බඩු වගේ බොහොම සරල දේවල්. අම්ම තාත්තා ලග අඩලා හැපිලා හරි තමන්ට අවශ්‍ය දේ ලබාගන්න පොඩි එකා දන්නවා. ඊට පස්සේ ඉස්කෝලේ යනකොට තවත් විවිද අරමුණු, ඊටත් පස්සේ හොද රස්සාවක්, විවාහයක්, ගෙවල් දොරවල්, දරුමල්ලෝ , තව ටිකක් වයසට යනකොට දරුවන්ගේ අනාගතයට අවශ්‍ය දේ වගේ 
ඉතින් මේ කිසි දෙයක් නිකම්ම කරන්න බැ. තමන්ට අවශ්‍ය දේවල් ලබාගන්න යම්කිසි වැය කිරීමක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් අපි රස්සාවක් හරි ව්‍යාපාරයක් කරලා හරි  හොයාගන්න සල්ලි ඔක්කොම ටික වියදම් කරලා විනාස කරලා දානවද නැත්තම් එයින් ටිකක් අනාගතය වෙනුවෙන් සුරැකුමක් විදියට තියාගන්නවද කියන එකත් අපි කල්පනා කරන්න ඕනේ. අපි ආයෝජනය කරනවානම් කරන්න ඕනේ තමන්ගේ ආදායමින් මාසේ වියදම් අයින් කරලා තව හදිසියකට ගන්නත් කොටසක් තියාගන අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්න හිතාගන ඉන්න කොටස. අපේ අය කරන්නේ  එදිනෙදා ප්‍රයෝජනයට ගන්න තියාගන හිටපු සල්ලි ආයෝජනය කරලා  වියදම් කරන්න ඕන උනාම එක පාරටම හදිසියේ  ඒවා සල්ලි කරන්න ගිහින් ආයෝජනයෙන් පාඩු කරගන්න එක. ඊට පස්සේ කොටස් වෙලදපලටයි අනිත් ආයෝජන ක්‍රම වලටයි බනින එක.
ආයෝජනය කියන්නේ අවදානමත් එක්ක තදින්ම බැදිලා තියන දෙයක්. නිතරම අඩු අවදානම් ආයෝජනයකට වඩා වැඩි ප්‍රතිලාබයක් වැඩි අවදානම් ආයෝජනයකින් ආයෝජකයන් අපේක්ෂා කරනවා. අපි ආයෝජනය කරන සල්ලි විවිදාකාර ආයෝජන මාර්ග වල ආයෝජනය කිරීමෙන් අපිට ආයෝජනය සදහා තියන අවදානම කළමනාකරණය කරගන්න පුළුවන් කම තියෙනවා. උදාහරණයක් විදියට අපේ ලග තියන රු 100,000/= ක මුදල අපිට මේ විදියට යොදවන්න පුළුවන්
කොටස් වෙළද පොලේ      30000/=
ඒකකභාර වල                    20000/=
රජයේ සුරැකුම්පත්වල        20000/=
රත්තරන් බඩු වල               30000/=
සම්පුර්ණයෙන්ම එකම ආයෝජන මාර්ගයක ආයෝජනය කරනවාට වඩා හොද ආරක්ෂාවක් අපට මෙයින් ලැබෙනවා. ඕනනම් කොටස් වෙලදපොලේ තියන මුදලත් විවිද ක්ෂේස්ත්‍ර වල යොදවන්න පුළුවන් එතකොට අපි ආයෝජනය කරපු සමාගමක් බංකොලොත් වෙලා වහලම දාන්න සිද්ද උනත් අපිට දරන්න වෙන පාඩුව ඉතාමත් අවමයි.
උදා බැංකු - 10000/= හෝටල් -10000/=  රෝහල් 10000/= වගේ 
එහෙම සල්ලි යොදවන්න කලින් හිතන්න ඕන කරුණු ගැන මම පලවෙනි පාඩමේදී  කිව්වා මතකනේ එහෙමනම් අපි ඊළගට කොටස් වෙළදපොලේදී මුණගැහෙමු 

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

චතුර විජේකෝන් said...

සුවර් එකටම එතනදී හම්බ වෙමු....

Post a Comment

පි‍ටු පෙරලපු ගාන