ඩිංගිරාගේ සුදු මැණික . . .

Sunday, July 3, 2011

සුදු මැණික ,

ඔය ඇත්ති පෙරලි පෙරලි පංතියට වැදෙනවා දැක්කහම සත්තයි මගේ පපු කැනැත්තට මොකද්දෝ වුණා . ජම්බෝල මූණ මැද්දට වාත්තු දැම්ම වගේ තියෙන ජමුබු නාහෙ දිහා දැක්කම මට ඔය ඇත්තිගෙ නාහෙ මිරිකන්නමයි හිත් කීවේ . අනේ මා ගැන අහිතකින් නම් ඕං බැලුම්ලනවා එහෙම නොවේ ඕං හොඳේ . සත්තයි . . . ! ! ! මම ඔය ඇත්තිට මනාපයි .
අපේ අප්පොච්චා නිතර දෝහේ කියන බහක් නොවැ පාරේ බැහැල කැන්දන් යන්න ඇහැකි එකියක් සහේ ගනින් කියන එක . ඉතිං මට නං ඕං හම්බුනා වගේ කියලා හිතෙනවා දැං . මගේ කකුල් කඩිත්තුව හැදුනු වෙලේක උනත් ඔය ඇත්තිට බැරියැ මාව ඩිංගිත්තක් උස්සං යන්න . අප්පොච්චටත් සතුටු දැනෙයි නොවැ.
මේ ඇහුනද , ඔය ඇත්ති බතක් මාලුවක් අතගාගන්න අකුරු කොරලා ඇත්ද දන්නේ නැ නේද . නැතත් කමක් නැ . ඔය ඇත්තිටයි මටයි බැරියැ පයිඩයිස් එකක් ගෙනැවිදින් දවාලයි රෑයි සප්පයම් වෙන්න . පයිඩයිස්ම කාල එපා වුනොතින් අපි අර පිස්ස හුට් එකක් ඇති ඉසවුවකට ගාටමුකො . එහෙව් හොඳැ .
අනේ ඕං දිගෑදෙන්නනම් පැදුරු කඩමාල්ලක් තමයි හරියන්නේ. සත්තයි මයෙ හිතේ කොලඹ ගාටල පලවෙනිම දවසේ මාව අපේ ඔය හොස්ටොල් එකේ ඇඳෙන් පහලට පතබෑවුණා නොවැ . මම ඔය උස ඉසවුවලට ඩිංගිත්තක් බයයි . අහිතක් නැත්නම් ඔය ඇත්තිත් පැදුරේ දිගෑදෙමු . නැත්තත් ඔය හොඳ ඔට්ටපාලු මෙට්ටයක් හොයාල ගන්න බැරිවෙන එකක් නැතිවෙයි නොවැ . ඒකට දාගන්න හමක් වේලන්ඩ කියලා මම ඔන්නං අපේ අයියන්ඩිට වචනේ දාල බලන්නම් . හැබැයි ඕං අයියන්ඩිට කොලඹ ගාටන්න මන් කියනවා එහෙව් නොවෙයි . උන්දැ මෙහෙ ගෑටුවොත් මට වෙන්නේ එක ගෙයි කන්න. උන්දැ හරි කපටියා . මට කලියෙන් හැමදාම ගෙට රිංගයි . ඒ වැඩේ ඕං බොට ඔට්ටු නෑ .
ඉතිං කැකුලේ මොකදැ උඹේ බහ කියාපන් මට . මගෙ හිත කියනවා ඔය ඇත්ති මට බහදේවි කියලා . මට ඕං වහුං කරනවා එහෙවු නෙවෙයි . ඔය ඇත්ති බහක් දෙනකන් මයේ පපු කැනැත්ත ඔය ඇත්ති ගාව තියන් මා බලාන ඉන්නම් . ඒ දවසට බැරියැ අපේ අප්පොච්චටයි අම්මිලා ඇත්තන්ටයි කීලා ඔය ඇත්තිලාගේ ඉසව්වට ගාටන්න .එහෙව් හොඳෑ . එහෙනං කැකුලේ මයේ ඇහැ රිදෙනකං බලං ඉන්නවා . වං හුං කතා දාන්න හිත්ලෑවට මයෙ හිතේ ඩිංගිත්තක බයක් තියේ නොවැ . ඒකයි මේ ලියුං කඩදහිය කුරුටු ගෑවේ . ඔය ඇත්තිට කැලෑ දේවතාවගේම පිහිටයි . 

උඹට හිත්ලෑව ,
ඌරුලෑවේ ඩිංගිරා

7 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

හොරෙන් හොරෙන් අනුන්ගේ ලියුම් කියවනවා නේද සිතුමි . ඔයාද මේ කියන සුදු මැණික . . . :පී

සුභා සහ සුරේ said...

කාලෙකින් දකින්න ලැබෙන නියම ලිපිය
බ්ලොග් එකම පිරෙන්න ලියන්න සිතුවිලි පවුරට
Thanks

සරත් ලංකාප්‍රිය said...

ඔය ඇත්තල මන්දෝ කරලා ඇති කතා පොජ්ජ නම් අපුරුයි .. දැන් ඉතින් ඔය කියන ඇත්තී තාම පෙරහරේ යනවද ?

සිතුමි ප්‍රියංගා said...

@ සුශාන් ප්‍රියනාත් . . .
අනේ අප්පා මම එහෙම කරයි කියලා හිතනවැයි . . :P

සිතුමි ප්‍රියංගා said...

@ සුභා සහ සුරේ . . .
බොහෝමත් ස්තුතියි. ඔබලාගේ කොමන්ටු මට දිරියක් . .

සිතුමි ප්‍රියංගා said...

@ සරත් ලංකාප්‍රිය . . .
මයේ අප්පා, මේ සිදාදියේ හුරාලා මක්කේයි කිනවා. . . . . :P :P :P

සරත් ලංකාප්‍රිය said...

කතා පොජ්ජ මන්දෝ කොලේ පෙරහරේ මන්ගච්චන ඇතින්නි පොජ්ජක් ගැන නෙවෙයිදෝ ? HIK ...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන