මුලුමනින්ම 18+ ගැන... හැබැයි පෝස්ටුව ඕන කෙනෙක්ට බලන්නනම් පුලුවං!

Tuesday, July 19, 2011
මොන මඟුලක්ද යකෝ මේක? මටනම් එපා වෙලා තියෙන්නේ... ඉන්ටනෙට් එකෙන් වීඩියෝ සයිට් එකකට ලොග් වෙන්න බෑ.. කොහෙන් හරි පෝර්න් සයිට් එකක ලින්කුවක් තියෙනවා. චික්... අඩුම ගානේ ඕකෙ දාපංකෝ 18වත් කියලා රෙද්ද. එහෙමත් නෑ. මුං තනිකරම සිත් ඇඳගන්නා විදිහට දාල තියෙන්නේ. ඇත්තම කිව්වොත් මම අද දවසට හතර පාරක් ඔය වගේ ඒවට රැවටුනා. කරැමෙටවත් කවුරැ හරි පිටිපස්සෙ හිටියනං නෝට්බුක් එකත් බිම ගහලා මාවත් ගෙදරින් එලවනා......

යකෝ මුන්ට මෙව්ව පෙන්වන්නම ඕනිනම් මුංගේ අම්මාලට අප්පට පෙන්වගනිංකෝ.. නැත්නම් උගෙ ගෑනිට හරි. මේ අහින්සක එවුන්ව නරක් කොරන්න හදන්නේ. මේ පරසුද්දෝ ඉතිහාසයේ ලංකාව කෑවා. ඒ මුහුදෙං ඇවිල්ලා. දැං කන්න යන්නේ ඉන්ටනෙට් එකෙන්. යකෝ මුං හිතන්නෙ නෑනෙ මේක පොඩි එකෙක් බැලුවොත් මොනව කොරයිද කියලා. හයක් හතරක් නොතේරෙන එකාගෙ ඔලුවට ඕව දාල වයිරස් කන්දක් වගේ හැමදාම ඕකට එන්න ගන්නවා. හරියට මට මගෙ බ්ලොග් එකටයි, ජී+ වලටයි, සිතුවිලි පවුරටයි, මුහුණුපොතටයි එනවා වගේ. ඉන්ටනෙට් ආවොත් මමනම් මේ හතරටම එනවා. ආහ්... තව එකක්... බ්ලොගර් වල ඩෑෂ් බෝඩ් එකටයි ,ජීමේල් වලටත් එනවා ඈ......
ඉතිං කතාව පිටපැන්නනේ...... අද උදේම මම රැවටුන ලින්කුවේ තිබ්බේ කාටුන් එකක්. අම්මාපල්ල මමනම් ඔව බල්න්නෙනම් නැතෝ......සහතිකයි.මුං හිතන්නෙ නැතිව ඇති ඕවගෙන් එකක් පොඩි එකෙක් ඩවුන්ලෝඩ් කොරං ඉස්කෝල ගිහිල්ලා අනිත් එවුන්ට කියනවා මචෝ... මට පස්ට කාටුන් එකක් හම්බුනා කියලා. ඊට පස්සේ අරෑ අනිත් එකාට දෙනවා. ඔහොම ඔහොම හැමෝම අතට යනවා. ඊට පස්සේ උන්ට ඒව නොබල ඉන්න බෑ.... උදාහරණයක් කියන්නද?(අනේ තොගෙ උදාහරණ තියාගනිං..ඉතිං ඉන්නවකෝ මම කියනකං)
අපේ කැන්ටිම කොරා විජේ කියල පොරක්. මුගෙ ගෑණි ගාමන්ට් යනවා. ඉතිං මූට හිටියා ඉස්කෝලෙ යන වයසෙ කොල්ලෙකුයි පොඩි ඇවිදින්න පුලුවන් මොන්ටිසෝරි යන්ඩ මාස හයක් හතක් තිබුන කොල්ලෙකුයි. ඉතිං අපි මොකද කරන්නේ ලන්ච් ටයිම් එකේ එලියට ඇවිල්ලා කැන්ටිමේ තමා ගොඩක් දුරට ඉන්නේ. විජයත් ඉතිං කසාද බැඳල හිටියට හෙන කුකුලා..(අර පිහාටු තියන එකා එහෙම නෙමේ හරිද? නැත්නම් ආය එකෙක් කියයි මිනිහෙක් කුකුලෙක් උනා කියල ඇහුවමයි කියලා) ඉතිං ඔන්න දවසක් මමයි තව කොල්ලො සෙට් එකකුයි ඒ කියන්නේ තුං හතර දෙනෙක් විතර ඇති.මෙතනන අර විජයක මොන්ටිසෝරි යන්න බලං ඉන්න පොඩි එකත් හිටියා. අපි කැන්ටිමට ගිහිල්ලා කෑවා. කාල ඉවරවෙලා බලද්දී මේ අටමගලෙ වතුර නෑ. දැං ඉතිං මොනා කොරන්නද? හෙඩ් ගේට්ටුවෙන් එහා පැත්තට යන්නත් බෑ සිකුයුරිටි දැකලා පොතේ ලිව්වොත් කියලා. ඉතිං අපි තුං හතර දෙනා කරේ කැන්ටිමට පිටිපස්සෙන් තිබුන කම්බි වැටෙන් එහා පැත්තට පැන්නා.සභාවෙන් වතුර බොන්න කියලා.  අනේ මෙන්න විජයගෙ පොඩි එකා අපේ අන්තිම කොල්ලා වැටෙන් පනිනවා දැකලා තාත්තේ මෙන් මේ හු**තලා වැටෙන් පැන්නෝ!!! කියල කෑගැහුවා. ඒ අස්සේ විජයත් අරෑට කියනවා ඔය ප*යෝ ඔහොම්මයි කියලා..................
අනේ අම්මපා මෙහෙමත් දෙමාපියෝ.. මට මතකයි මම පොඩි කාලේ ඒ කියන්නේ තුන වසරෙදී පල කියලා බැනලා අපෙ අම්මා මාව දෙල් ගහකට තියලා බැඳලා ගැහුවා. ඒ මඳිවට අප්පච්චි මට දිඹියොත් ගෙනත් දැම්මා කකුල් දෙකට. ආච්චි තමා මාව බේරගත්තේ... එදා ඉදිං මම මේ වෙනකම් කාටවත් කුනුහබ්බයකින්නම් තව වෙනකම් බැනලනම් නෑ. අඩුම ගානේ ඔය ජරා වීඩියෝවත්. ....
ඔන්න ආයෙත් ට්‍රැක් පැන්නා.. මගේ විස්තර කියන්න ගිහිල්ලා........... ඉතිං අපිට දැං මාර අප්සට්.ඇයි යකෝ මූ කෑගහලා කිව්වනේ මේක. අනිත් එක මූ කුනුහබ්බෙං කියපු එක අපිට හෙනම හෙන අවුල්. දැං ඉතිං අපි මොනා කොරන්නද? විජය හිනා වෙවී අපි දිහා බලං ඉන්නවා. අපි සුටුස් ගාල වතුර බීල ආවා. ඒ අස්සේ විජයගෙ කොල්ලා අපිට කුනුහබ්බෙන් අය බනින්න පටං ගත්තා. මොන හු**ක්ද මේ... මේ අයියලා මොලවා කොරනවද? කියලා බැන්නා.. අපි මොනා කරන්නද? මේ සීන්කෝන් එක ඉවසගන්න බැරිව අපේ එකෙක් අරෑට කම්මුලට එකක් ගැහුවා. විජය ඒත් හිනා වෙලා කිව්වා ඕකට ගහලා හඳන්න බෑ බං කිව්වා. ඒ අස්සේ පොඩි එකා ලඟ තිබ්බ කොස්ස අරං හු*තෝ තොට හු** ගන්න ඕනිද කියලා අහලා මෙන්න මූ අපේ පස්සෙං පන්නගෙන ආවා. ඊට පස්සේ අපි අපි දුවලා ඔෆිස් එකට ගොහින් හවස යන ගමන් විජයත් එක්ක කයියකට වැටුනා. අපි විජයගෙන් ඇහුවා කොහොමද පොඩි එකා ඔය වචන දැන ගත්තේ කියලා. විජය කිව්වා... අනේ කොල්ලෝ. මයෙ ගෑණි වැඩට ගියපුවහම මට ආය වැඩක් තියෙන්නේ උබලගේ ඔෆිස් එකේ ලන්ච් ටයිම් එකට. ඉතිං මට වැඩක් නැති හින්දා ඔය වැලක්(ඌ කියපු එත එහෙම්ම කියන්න ඕනි හින්දයි මම එහෙම කිව්වේ. හැබැයි ඔය වැලක් කිව්වේ පෙනල වැල් එහෙම නෙවේ. අර ජරා වීඩියෝ වලට............(අපි දන්නවා යකෝ හූ) හා දන්නවනම් නිකං හිටු) බලන්න ගන්නවා. ලොකු එකා ඉස්කෝලෙ .පොඩි එකයි මමයි විතරනේ. ඉතිං පොඩි එකා සෙල්ලම් කොරන්න යවන්නත් බැරි හින්දා මූවත් පුටුවෙ තියං මම ඕක බලනවා. ඒකෙ තිබ්බ සිංහල වීඩියෝ තිබුන ඩීවීඩී එකක්. ඒකෙන් තමා ඕක ඕව ඉගෙන ගත්තේ............ හිකිස්.......
අප්පේ.... මුට මාර මොළයක්නේ තියෙන්නේ.. මූ ලොකු උනාම නියම එක්ස්පර්ට් කෙනෙක් වෙයි නේද?(හා හා තොට ඔය පැහිච්ච කම් වලින් වැඩක්නෑ. කතාව කියහංකෝ) ඉතිං බලන්න මෙතනදී දරැවව නරක් කරල තියෙන්නේ දෙමාපියෝ...
ඇත්තටම මේවා අපි බලන්නේ ඇයි? මේව බලන්නේ එක්කෝ බලු කමට,නැත්නම් ආසාවට, එක්කෝ තමන්ගේ ආශාවක් ඉටු කරගන්න.. ඉතිං ඔව්ව බලන්නේ මොකටද? යකෝ හොඳට ඉගෙනගෙන හොඳ ගෑණියෙක් කසාද බැඳං ඔය වැඩේම කොරපියකෝ.. (යකෝ එතකොට විජය කසාද බැදල ඉද්දිත් ඌ ඒව බලන්නේ)... ඒ උගේ වල් කම..ඌට උගෙ ගෑණිගෙන් සෑහීමකට පත් වෙන්න බැරිඋනා.අන්න ඒකයි.

අප්පේ....අදට ඇති වගේ.......
මම මේකෙන් ඔයාලගෙන් එක දෙයක් ඉල්ලන්නම්.
ඔය ජරා චිත්‍රපටි නරබලා බුදුධහමත් විනාස කරලා තමනුත් විනාස වෙන්න හදන්න එපා
ලිව්වේ කිනා 

22 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සාතන් said...

යකෝ තොගෙ යාලුවව එල්ලන්න එපැයි...

පිස්සු පුසා said...

කියන්නට දෙයක් නැත

බොළද ආදරය said...

ඇති වැඩකටද බන් ඔය ජරාව බලලා ... මමත් බලන්නේ නෑ ඔය ජරාව

කිනා said...

සාතන් said...

යාලුවා කිව්වේ විජයද(කැන්ටිමේ පොර)

කිනා said...

පිස්සු පුසා said...

එහෙමද? හා

කිනා said...

බොළද ආදරය said...

අන්න නියම පෞර්ෂයක් තියෙන මිනිහෙක්... අන්න එහෙමයි නියම මිනිහෙක්නම්.. එලඑල

රසික කරුණාත්න said...

ආශයි නේ

Kiri said...

අපෝ... තියරිය දෑකලම එපාවෙලා
දෑන් ඕනා Practical තමා

එරල් සිමන්ස් (Eral simonsz) said...

නියමයි ඔය ජරාව බලන එකේ ඇති වැ‍‍‍ඩෙ මොකක්ද මම බලන්නෙත් නෑ ඔව ‍‍මෙව බලන්නෙ වනචර‍යෝ

Anonymous said...

සික්.. මං මෙතෙන්ට කොහෙන් කඩාපාත්වුනාද මන්ද..

#sirkinna said...

රසික කරුණාත්න said...

උබට ඕව බලන්න ආසද? උබ තවම ඉස්කෝලෙ යන එකෙක් නේද? ෂිට්

#sirkinna said...

Kiri said...

ඒ කියන්නේ යාලුවා ඔයත් ඕව බලපු කෙනෙක්. එහෙනම් ඉක්මනට ප්‍රැක්ටිස් පටං ගන්න



එරල් සිමන්ස් (Eral simonsz) said...
අන්න නියම මිනිස්සු... ඕව බලල කාටවත් හරිගියේ නෑ. අනිවා ඕව බලන්නේ වනචරයෝ

Nishan de siva said...

අනෙ මන්දා මන්නම් තාම ඕවා බලනවා.නවත්තන්ට ඕනි

කිනා said...

නිකමා said...

අයියෝස්. ඕව බලල ඔයාට උනු සෙතේ මොකක්ද? හිකිස්. ඕව බලන එක දැන්ම නවත්තන්න

මකුළු පැංචි (මංචි) said...

අනේ අපෝයි...මෙහෙමත් දෙමව්පියො... :((

#sirkinna said...

මකුළු පැංචි said...

මචං... ඔය වගේ දෙමාපියෝ හින්දා තමිය මේ ලෝකෙම විනාස වෙන්නේ. දැං අනික ඉන්නෙම ඔය වගේ එවුන් තමයි

කෝඩුකාරයා said...

කොහොමද බන් මේ ක්ශනික ප්‍රතිචාර කියන එක දැම්මෙ.....

Anonymous said...

muta pissu

Hasitha Gunasinghe said...

යකඩෝ මුන්ට තාත්තලා කියන්න වටිනවද ??? කොල්ලව එහෙම් පිටින්ම නාස්ති කරනවනේ. ළමයින්ගේ පොඩි කාලේදී ඔළුවට වැටෙනවා ඒවා නිසා කොලුවා නරක විදිහට හැදෙන්න පුලුවන් කියලවත් ඒ තාත්තට තේරෙන්නේ නැද්ද???

පොඩි මෑන් said...

මම වනචරයෙක්මි... මම ඕවා බලමි...

#sirkinna said...

Anonymous said...
ඔව් ඔව් බොල. මට පිස්සු තමා


Hasitha said...
මොනා කරන්නද හසිත.. උන්ට ඕනි උංගේ ආත්ම තෘප්තිය ලබාගන්න. නැතිව තමන්ගේ දරැව ගැන බලන්න නෙමේ.


පොඩි මෑන් said...
චැහ්. පොඩි එකාගෙ කැත කතාව. කමක් නෑබං. උබේ කැමත්තනේ. හැබැයි වැඩේ අවුල් හොඳේ

Love for all said...

චීකේ......... මෙහෙමත් දෙමව්පියො..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන