යලත් මහත් රදවා ගෙන කර මත්තේ,
සිහිත් නොවීත් කියලා ඉද දුක් රැදුනේ,
මිනිස් සිතත් ඇදිලා නැති එක අරුමේ,
අයියෝ විය ගහට තද කොට බන්දා,
බර බාගේ මුළු දවසම දුක් ගෙන වින්දා,
අහරට බතට පොහොරත් දුන් හින්දා,
අයියෝ පෝරකය ලග කදුලැල් වින්දා,
ලොවටම දෙසා කිරි අම්මා බණය,
දැයටම සවිය දුන් අම්මා වරුය,
කන්ට බතත් සවිකර දුන් පියවරුය,
මවත් මරා කන්නේ අනේ දරුවන්ය,
බෙල්ල කපන විට එතනම ලේ මුහුද,
තැබුව හුස්ම යන හැටි වෙවුලා පාද,
දුෂ්ට වෙලා කරනවා මුන් අපරාද,
පපුව හොද එවුන් ගවමස් හපයිද,
ගවමස් වල තියෙන කුමක් රස අමුතු,
මිලට ගන්ට අනේ රොක්වෙන අයුරු,
මිනිසත් දහම ඇයි මේ තරමට අයුතු,
නොමැතිද මිනිසුනේ පපු කැවුතු,