සිතන්නෙමි නුඹ ගැන නොලියනා බවට
රෑ දොලොස් පැයේ මම හිතමි ඔබ ගැනම
නොලියා ඉන්නෙ මේ කවිය මම කොහොම
ජීවිතෙ සුන්දරයි කියා දුන්නේ නුඹයි
හැර යද්දි මා තනිව දුක නැතිද සිත අසයි
නුඹ ඉන්නෙ මා ලගයි නොහිතා ඉන්නට හිතෙයි
නුඹ නොමැති බව දනියි නමුත් සිත ඔබ පතයි
ආදරේ මුල් අකුරු මිමිනුවේ නුඹ ලගයි
ජීවිතෙ පලමු පෙම පිදුවෙ නුඹ නමින්මයි
හැර ගියේ කෙලෙසින්ද කුමරුනේ දුක දැනෙයි
උරණ නෑ ඔබ සමග ආදරේ ඔබටමයි