සති කීපයකට පස්සේ ආයෙත් බ්ලොග් එක පැත්තේ ආවා. ප්‍රතිචාර වලින් පෙන විදියට මම ලියන සමහර වචන බර වැඩියි වගේ ඒ හින්දා මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය පාඩම මුල ඉදලම පටන් ගන්න හිතුවා. මොකද හැම තරාතිරමකම අය බ්ලොග් කියවන නිසා, මම දැන් ලියන්නේ මේක කියවන අයට ගිණුම්කරණය පිලිබදව කිසිම දැනුමක් නැ කියන උපකල්පනය උඩ. එහෙනම් මුල්‍ය වාර්තා විශ්ලේෂණය කරන්න කලින් පොඩ්ඩක් ගිණුම්කරණය පිලිබදව මුලික අවබෝදයක් ලබාගෙන ඉදිමු.
ගිණුම්කරණය හැදින්වීම
අපට ජීවත්වෙන්න නොයෙකුත් දේවල් අවශ්‍ය වෙනවා. සමහර දේවල් අපට නොමිලේම ලැබෙනවා. උදාහරණ විදියට ජලය, වාතය, හිරු එලිය වගේ දේවල් පෙන්නලා දෙන්න පුළුවන්. එත් තවත් සමහර දෙවල් ලබාගන්න අපට යම් වියදමක් දරන්න සිද්ද වෙනවා. ආහාර, යන්ත්‍ර සුත්‍ර, පොත්පත්, වගේ දේවල් උදාහරණ විදියට පෙන්නන්න පුළුවන්. මේ නොමිලේ ලැබෙන සම්පත් හිගකමක් නැති නිසා අපි ඒ පිලිබදව වාර්තාකර තැබීමක් අවශ්‍ය වෙන්නේ නැ. එත් අපට මිලදී ගැනීමට සිදුවන ද්‍රව්‍ය අපේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව පවතින්නේ අඩුවෙන්. ඒ නිසා ඒ සම්පත් පරිහරණය කිරීමේදී යම් කිසි පාලනයක් අවශ්‍ය වනවා. ඒ පාලනය සදහා එම සම්පත් බාවිතය සම්බන්දයෙන් සටහන් තැබීමක් අවශ්‍යයි . මේ කාර්යය අපි වාර්තාකරණය කියලා හදුන්වනවා.
උදාහරණයක් විදියට ඔයාලගේ මාසික වැටුප එකෙන් මාසේ වියදම් අඩු කලාම ඉතිරිය කොච්චරද? කියලා ඇහුවොත් සටහන් කරලා නොතිබුනොත් ඔයාලට එකපාරටම කියන්න පුලුවන්ද? එත් මේ මාසේ තමන්ගේ වියදම් කොහේ හරි සටහන් කරලා තිබුනොත් මේ මාසේ අපි කරපු අනවශ්‍ය වියදම් කොපමණද කියලා දැනගන ඊලග මාසේ සැලසුමකට අනුව වියදම් කරන්න පුළුවන් වෙනවා
සාමාන්‍යයෙන් ව්‍යාපාරයක දිනකට ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිදුවෙනවා. ඒ නිසා එක්තරා කාලසීමාවකදී සිදුවුණු එකම ආකාරයේ ගනුදෙනු එකට එකතුකර දක්වන්න පුළුවන්. මේ සියලු කටයුතු අවසානයේදී ප්‍රතිපල ගණනය කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ නිසා ලාබ අරමුණු කර ගත හෝ නොගත් ඕනෑම සන්විදානයක සිදුවන මුලය ගනුගනුදෙනු වාර්තා කිරීම අනිවාර්යයෙන්ම සිද්ද වෙනවා. මේක අපේ පව්ද්ගලික ජීවිතයටත් වැදගත්.
ගිණුම් තබා ගැනීම හේතු කිහිපයක් නිසාම වැදගත් වෙනවා.
01 මුල්‍ය ගනුදෙනු වාර්තා කිරීම
විකිණීම් මිලට ගැනීම් වාර්තා කිරීම, වත්කම් වගකීම් තීරණය කිරීම, ලාබ පාඩු ගණනය කිරීම සිදුවේ.
02 කළමනාකරණයට අවශ්‍ය තොරතුරු ලබාදීම
ව්‍යාපාර අරමුණු ලගාකර ගැනීම සදහා වත්කම් සැලසුම් කිරීම, පාලනය සහ තීරණ ගැනීම සම්බන්දව කළමනාකරුවන්ට අවශ්‍ය තොරතුරු ලබාදීම
03 බදු ගණනය කිරීම
04 නීතිමය අවශ්‍යතා
සීමිත සමාගම් අනිවාර්යයෙන් ගිණුම් තබා ගැනීම පමණක් නොව ඒවා හෙළිදරව් කිරීමද කල යුතුය.
05 ව්‍යාපාර කටයුතු ඇගයීම සදහා
ගනුදෙනු කරුවන්, සැපයුම් කරුවන් සේවකයන් අනාගත ආයෝජකයන් හෝ ගිණුම් පිළිබද උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට එම ව්‍යාපාරයේ තත්වය ඇගයීම සදහා මුල්‍ය තොරතුරු වැදගත් වේ.
ගනුදෙනු
මුදලින් අගය කල හැකි ගිණුම්වල වාර්තා කල හැකි සිද්දීන් ගනුදෙනු ලෙස ගැනේ.
මුදලින් මෙනියහැකි ගනුදෙනුවක ප්‍රදාන ලක්ෂණ 03 ක් දැකගන්න පුළුවන්
01 සම්පත්වල වෙනසක් සිදුවීම
02 මුදලින් මැනිය හැකි වීම
03 කළමනාකරණ තීරණයක් වීම
උදාහරණ
01 2010 වර්ෂයේ මුළු විකුණුම් ආදායම රු මිලියන 10 කි
02 ණය පදනම මත භාණ්ඩ මිලදී ගැනුම් රු මිලියන 05
මුදලින් මැනිය නොහැකි සිද්දීන් ලෙස ව්‍යාපාරයේ
01සේවක සංඛ්‍යාව
02 ව්‍යාපාරයේ පිහිටීම
03 කළමනාකරුවන්ගේ දක්ෂතාව වගේ උදාහරණ පෙන්වන්න පුළුවන්.
ද්විත්ව සටහන් ක්‍රමය
වර්ෂ 1494 ඉතාලි ජාතික ලුකා පසියෝලි විසින් ද්විත්ව සටහන් න්‍යාය හදුන්වා දීමත් සමගම ගිණුම්කරණය විෂයක් ලෙස සංවර්දනය වීම ආරම්බ උනා. මේකෙන් කියවෙන්නේ ව්‍යාපාර ගනුදෙනුවක සම විටම ද්විත්ව ස්වරුපයක් ගන්නා බව.මෙම ද්විත්ව ප්‍රතිපලයෙන් එකක් හර (Debit ) වියදමක් හෝ වත්කමක් වශයෙන්ද අනෙක බැර ( Credit ) ආදායමක් වගකීමක් හෝ හිමිකමක් වශයෙන්ද පෙනී සිටින බව ගිණුම්වල සටහන් කිරීම සිදු වේ.
මුලික වශයෙන් ගිණුම් වර්ග 05 ක් ඇත. ඒවානම්
01 හිමිකම් ගිණුම්
02 වගකීම් ගිණුම්
03 ආදායම් ගිණුම්
04 වත්කම් ගිණුම්
05 වියදම් ගිණුම්
මෙය නිදසුනක් මගින් පැහැදිලි කළහොත් ව්‍යාපාරය රු 100,000 ක භාණ්ඩ තොගයක් ණයට ගතහොත්
ණයහිමියෝ ( වගකීම්) 100,000 වැඩිවේ
තොගය (වත්කම්) 100,000 වැඩිවේ
මෙම භාණ්ඩ අත්පිට මුදලට ගතහොත්
මුදල් ( වත්කම්) 100,000 අඩුවේ
තොගය (වත්කම්) 100,000 වැඩිවේ
එහෙනම් අදට මෙතනින් නවතින්නම් ප්‍රශ්න තියනවනම් කමෙන්ට් කරන්න සමහර විට කමෙන්ට් වලට පිළිතුරු නැති උනත් ඊලග පොස්ට් එකෙන් හරි ඒවාට උත්තර දෙන්න මම බලාපොරොත්තු වෙනවා , මේ ගැන ඔයාලට හිතෙන දෙයක් ලියලා යනවනම් එක මට ලොකු හයියක් නැත්තම් මේක ඔයාලට තේරුනාද නැද්ද කියලවත් තව වෙනස් වෙන්න ඕනනම් ඒ ගැනවත් අවබෝදයක් නැතුව මම ඔහේ ලියාගන යයි. එහෙනම් මේ පාඩමේ ඉතුරු ටිකත් එක්ක ඉක්මනටම එන්න බලාපොරොත්තු වෙනවා.