මේ සිදුවීම 2011.08.18 වෙනිද ගාල්ල බස් නැවතුම්පලෙන් රාත්‍රී 10.10 ට පිටත් වෙච්ච ලංගම බස් රථයෙ වෙච්ච දෙයක්.මේ දවස් වල වැල්ලෙ දේවාල පෙරහැර නිසා සැලකිය යුතු පිරිසක් රාත්‍රියට ගමනාගමනයෙ යෙදෙනව.මමත් පිරිත් පලකට ගිහින් ගෙදර එන්න බස් එකට නැගල වාඩි වෙලා හිටියෙ පිටිපස්සෙ සීට් එකේ දකුණු පැත්තෙ කොනේම.
පෙරහැරට ගිහින් හිටි මිනිස්සු නිසා බස් එක පිරිල තවත් 10-12 ක් විතර නැගිටල හිටියෙ.
මේ වෙලාවෙ බස් එකට නැග්ග මුස්ලිම් ජෝඩුවක්.තරුණ පෙනුමක් තිබ්බෙ.ඒ අක්ක පිටිපස්සෙ පාපුවරුව ලඟ බාර් එක අල්ලගෙන හිටියෙ.මම ලාවට වගේ දැක්ක ඒ අක්ක ගැබිනියක් බව.නමුත් වාඩි වෙන්න ආසනේ දෙන්න එයාට කතා කරන්න විදියක් උනේ නැහැ.කොහොම හරි අන්තිමට ඒ අක්ක එක්ක ආව අයියට මං ළඟ හිටපු අංකල් කෙනෙක් සීට් එක දුන්න.
සීට් එක දෙන්න ඒ අක්ක බස් එකට නැගල විනාඩි 10 ක් විතර ගියා.
මේ සිදුවීම මගේ හිතට මොකක්ද කුකුසක් ගෙනත් දැම්ම.එතන හිටපු අනිත් හැමෝම බවුද්ධයන්.අනික හැමෝම වගේ වැල්ලෙ දේවාලෙ ගිහින් එන ගමන්.ඒ වගේ වෙලාවකවත් ඒ අක්කට සීට් එක දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙන්න එච්චර වෙලා ගියේ ඇයි?[මෙතනදි මමත් අදාලයි.]
ඒ අක්ක උනත් මනුස්සයෙක් නේද?අපි වගේම ඇස්,මස් වලින් හැදිච්ච කෙනෙක්.අනික දරුවෙකුත් කුස දරාගෙන.
ඒ අක්කට සීට් එකක් ලැබෙන්න එච්චර වෙලා ගියේ ඒ අක්ක මුස්ලිම් කෙනෙක් වීම නිසා ද?
ආගම් භේදය නිසා මේ වගේ වෙලාවකවත් "මනුස්සකම" වෙනුවෙන් ඒ වගේ යුතුකමක් කරන්න බැරි මිනිස්සු ද මේ රටේ දැන් ඉතුරු වෙලා ඉන්නෙ?
මේ සිදුවීම මටත් එක්තරා ආකාරයක කලකිරීමක් වගේ ම ලැජ්ජාවක් ගෙන දුන්න.මොකද මට ඒ යුතුකම කරන්න බැරි උන නිසා.ඇත්තටම අපි මිනිස්සු නේද?මිනිස්සු මිනිස්සුන්ට උදව් නොකර කාට උදව් කරන්නද?
ප.ලි-මම බ්ලොග් ලිවීමෙන් ඇත් වෙන්න තීරණය කරල තිබ්බත් මේ වෙලාවෙ නම් ඒ තීරණේ කැඩුව.අත්‍යාවශ්‍ය හේතුවක් මත මිස ආයෙත් ලිපි ලියන්නෙ නැ.
නුඹ රැජිනකි මට සැමදා
-
නැගිටිනවා ළමයෝ......
මොකද අක්කා...
වෙලාව බලනවා කියාද කියලා....
කියද වෙලාව...
7.45යි...
මොකක්....
අක්කා මම කිවා නේද අද මට ඉන්ටවිව් එකක් තියනවා කලින් ඇ...
4 years ago