සිතුවිලි පවුර වෙනුවෙන් බුවාගෙන් විහිලු කථාවක් (හිනා නොගියොත් වග කියනු නොලැබේ )

Monday, June 27, 2011
සිතුවිලි පවුරට මාවත් එකතු කරගැනීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන ගමන් , පලවෙනි ලිපිය එකතු කරන්නයි මේ සූදානම . 


මේක ගොඩක් කාලෙකට කලින් මගේ බ්ලොග් අඩවියේ පල කරපු කථාවක් (කිති කවාගත්තොත් හිනාත් යනව මයෙ හිතේ ) . ඒ කාලේ මගේ බ්ලොග් අඩවියට ආපු ගියපු අය ඉතාම අඩු නිසා මේ කථාව දකින්න ඇත්තේ බොහොම ටික දෙනෙක් . ඒ නිසා ඕං ආයෙමත් සැරයක් ඒ කථාව කියන්නයි හදන්නේ . එහෙනම් කට්ටිය කිති කවාගන්න එහෙම ලැසිති වෙලා.. (හෝව් හෝව් අනුන්ගේ පිටවල්  කහන්න නෙවෙයි තමන්ම කිති කවාගන්න කියල කිව්වේ) , හූ පාරක් එහෙම තියල , පැත්තකින් ඇන තියා ගත්ත නම් හොඳා

ඔන්න එකෝමත් එක රටක ( ලංකාව කියමුකො ) ඇට්ටර කොලුවෙක් හිටියා . මුගේ නම...( මම අහපු කථාවෙ නම් කොලුවට නමක් නැහැ නමුත් කෝකටත් අපි ඌට ඇම්ඩා කියල කියමුකො ) .ඔන්න ඇම්ඩා දවසක් විභාගයක් ලියන්නේයි කියල ගියා . ලංකාවෙ විභාග කියන්නේ ඉතින් ලමයි මරවන්න හදපුව නේ කොහොමත් ඇම්ඩා වගෙ අයට විභාග අමාරුයි .

ඔන්න දැන් විභාගය පටන් අරගෙන ටික වේලාවක් ගත උනා .ශාලාධිපතිතුමත් ලමයි දිහා කන්න වගේ බලාන ඉන්නව . ඇයි හත්දෙය්යනේ එකෙක් වත් කොපි කරොත් එහෙම කවද හරි සක්විති වගෙ ලෝක හොරෙක් වෙලා නෙව නවතින්නෙ . ඉතින් ශාලධිපතිතුමා ඔහොම alert  එකේ ඉන්නකොට දැක්ක ඇම්ඩ කොලයක් බලගෙන මොනවදෝ ලියනව . ශාලධිපතිට මල , ඒත් ඉස්කෝලෙදි වගෙ විභාග ශාලවෙදි කැගහල බනින්න බැනේ . එනිසා ටිකක් වෙලා ඇම්ඩා දිහාම බලාන හිටියා. එතකොටවත් වැඩේ නතර වෙයි ද බලන්න . කොහෙද ඇම්ඩට ගානේ ගානක් නැහැ, හිටු කියල ලියනව. සැරින් සැරේ ඔලුව උස්සල බලනව අයෙත් ලියනව  . ඒ පාර නම් ශාලධිපති තුමගේ මල්වඩමම පැන්න . ගියා ඇම්ඩ ලඟට .ගිහින් හෙමීට උගුර පොඩ්ඩක් පැදුවා .


 "අම්මට උඩු ශාලධිපතිය ලඟ " ඇම්ඩා කලබල වෙලා බල බල හිටපු කොලේ පොඩි කරල බිමිට දැම්ම .ශාලධිපතිතුමත් ඇම්ඩට ඇඟ සලිත වෙන සයිස් එකේ බැල්මක් දාල බිම වැටිලා තිබුන කොලේ අරගේන බැලුව .

ඒකේ ලියල තියනවලු " සර් රැවටුනා නේද ? " කියලා  

ශාලාධිපතිට  කලිසම බිම වැටුණ ගානට ලැජ්ජයි ලු , සිද්ධිය දැක්ක වටේ පිටෙ ඉන්න උන් කින්ඩියට හිනාවකුත් දැම්මලු , ඒත් මොනව කරන්නද . බිම බලාගෙන තමන්ගේ පුටුවට ගිහින් ලමයි උත්තර ලියන දිහා බලාන ඉන්නවලු .හැබැයි ඇම්ඩ ඉන්න පැත්ත බලන්නේවත් නැතුව.

 ඔහොම ටික වෙලාව්ක් ගත උනා ශාලාධිපති අංකල්ට අයෙත් නිකන් කැහිල්ල වගේලු ඇම්ඩා මොනව කරනවද කියල බලන්නේ නැතුව . ( අපේ රටෙ උන්ට කොහොමත් ලැජ්ජාව කියල නාමයක් නැහැනේ එකම දේට  දෙතුන් සැරේ චාටර් වෙන්වනෙ )
ඒ නිසා ශේප් එකේ ඇම්ඩා ඒ පාරත් මොනවදො ලියනවලු කොලයක් බලාගෙන . මේ පාර නම් ඇත්තටම කොපි කරනව වගේමලු ටිකක් ලියනවලු කවුරු හරි දකීවිද කියල වට පිට බලනවලු අයෙමත් ලියනවලු 

" මූ හදන්නෙ මාව ගොනාට අන්දලා කොපි කරන්න"  තමයි කියල හිතපු ශාලාධිපති ගොන්පොර තරඟයක කුලු හරෙකෙක් වගෙ පිඹගෙනම ගියා ඇම්ඩා ලඟට . ශාලාධිපති වේගයෙන් ලඟට එනව දැක්ක ඇම්ඩා දඩිබිඩි ගාල ලිය ලිය හිටපු කොලෙයි බල හිටපු කොලෙයි  කොල ටික අස්සේ ගහගත්ත . හැබැයි හදිසිය නිසා ලිය ලිය හිටපු කොලෙ කොනක් එලියෙ .
 ඇම්ඩ ලඟට අපු ශාලධිපතිත් " හිතුව මදි 'කලවැද්දා' තෝ මාව තම්බන්න " ( ශාලාධිපති අංකල් 'ෆොන්සේකා' පාක්ෂිකයෙක් ද කොහෙද ) කියලා සද්දයක් එහෙම දාල අර එලිය පෙන්න තිබුනු කොනෙන් ඇම්ඩ ලිය ලිය හිටපු කොලය එලිය ඇදල බැලුවා
ඒකෙ ලියල තියනව " සර් අයෙමත් රැවටුණා නේද ?" කියලා



ඔන්න කථාව .  දැන් ඉතින් කට්ටිය කිති කවාගෙන එහෙම හිනාවෙල හිතෙන දෙයක් ලියල හරි , නැත්නම් පහල තියන "නියම්යි, හොඳයි,වැඩක් නැ " තැනට මනාපයක් පල කරල හරි යමුකො නේ ? 


ආ.. මේක මගේ නිර්මානයක් නම් නෙවෙයි . මමත් කෙනෙක්ගෙන් අහගත්ත එකක් ! 

දවල් දුටු සිහිනය!!!!!

ගෙදර ඉස්සරහාම  ලොකු සුදු කොඩියක්... ඇයි මේ???  අනේ මංදා... හ්ම්ම්ම්... වෙනදට උවමනාවත විතරක් අපේ ගෙදරට එන අය අද මේ මොකද ගේට්ටුව ඉස්සරහම ලොකු කතාවක? අහන්නත් බෑ. අනේ මංදා. අනේ මෙන්න වැඩක්, මගේ යාලුවො ඔක්කොම ඇවිත්.. අවුරුදු ගානකින් කට්ටිය ඔක්කොම අපේ ගෙදර ඇවිත්, සමහර අය මගේ මූනවත් බලන් නැති අය. ඇයි මේ?? ආහ්, මේ මොකද?? මගේ ලගටම ඇවිත් මාව දැක්කෙ නෑ වගෙ හැරිලා ගියා අර පිස්සා.මෙන්න බොලේ වැස්සකට වත් අපේ ගෙදර ආපු නැති එකෙකුත් ඇවිත් ගාලු සෙනග ඔක්කොම ඇවිත්. මොකක් හරි අවුලක් වෙලා.


ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දිගටම ලස්සනට ගොක් කොල සැරසිලි කරලා.හ්ම්ම්ම්ම්.. දානෙකට පිරිතකට අපේ ගෙදර අය අත දිගෑරලා වියදන් කරාට, දෙයියනේ මේ තරන්??? හ්ම්ම්ම්ම්... බය හිතෙනවා. මළ ගෙදරක්, මට දැනෙනවා.. වෙලා තියෙන්නෙ හොද දෙයක් නෙවී. ඒත් කවුද මැරිලා ඉන්නෙ?? හිත ගැස්සෙනවා. 
අක්කි?? අක්කිත් හදිස්සියෙම ඇවිත්, මං දන්නෙත් නෑ. හැමෝම ඇවිත්ද? ඇයි කවුරුත් මට මුකුත් කියන්නෙ නැත්තෙ. හැමෝම අහක බලාගෙන යනවා. මාව ගනන් ගන්නෙවත් නෑ.. කවුද දෙයියනේ මැරුනේ?? අනේ මට කියන්න??


හැමෝම ඇවිත්, දානෙකට මගුලකට විතරක් එකතු වෙන අය හැමොම ඇවිත්. චූටි කෙල්ල ඇවිදිනවා. අනේ ආසාවෙ බෑ, දුවලා ගිහින් වඩා ගන්න හිතෙනවා, ඒත් ඊට වඩා හිත ගැහෙනවා. කවුද දෙයියනේ මැරුනෙ?? මට කියන්නකො??? කවුරුත් ඇයි මාව ගනන් ගන්නෙ ඇත්තෙ??හ්ම්ම්ම්ම්... මොකක් හරි ප්‍රශ්නයක්, තේරෙන්නෙ නෑ ඔලුව අවුල් වෙනවා. 


ගේ ඇතුලෙත් ඔක්කොම අස් කරලා, වෙනදට සාලෙ පිරෙන්න තියන මේස පුටු අද එකක් වත් නෑ..හැම දේම වෙනස් වෙලා... හ්ම්ම්ම්ම්... අම්ම කෝ??? ගිහින් බලන්න ඕන කාමරේට. අනේ ඇයි මේ අම්ම අඩන්නෙ?? අක්කා, අක්කි, ඇන්ටි ඔක්කොමලා ඇයි මේ අඩන්නෙ?? අහ්, වෙලාව රෑ 7යි. "ඔන්න දැන් ගේනවලු" කවුදෝ ඇවිත් කියුවා. කාගෙන් අහන්නද මං???අනෙ මංදා. මේ ලෝකෙ මං ආසම නැති දේ, අම්මා අඩන එක, ඒත් දෛයනෙ අද මට ඇඩෙන්නෙ නැත්තෙ ඇයි??? හ්ම්ම්ම්ම්... ඔන්න ආවා වාහන පේලියක්. මට මේක බලාගන්නකන් ඉන්න වෙනවා.කවුරුත් මට කියන්නෙ නෑ ඒ කියන්නෙ? හරි බලමුකො.. එයාලට කොඉ වෙලෙ හරි මට කියන්නම වෙනව නෙ...




ලස්සන ලොකු ඇත් දල දෙකක් උස්සන් ඇවිත් තිව්වා. උඩුවියන්, සාලෙ මැදින් තියලා,හැම දේම හරි ලොකූ කෑගැහිල්ලක් මැදින් ලස්සනට කැටයම් කරපු මිණි පෙට්ටියක් ගෙනත් තිව්වා. ලස්සනයි. අයියා, මේ තරන් අඩන්නෙ ඇයි??? පවුලෙ හැමොම මෙතන ඉන්නකොට් කවුද මේ මැරිලා ඉන්නෙ? හිතා ගන්නත් බෑ. 
හෙමීට හෙමීට ඒ පෙට්ටියෙ පලු 2 ඇරියා. දෙවියනෙ. 


ලස්සන සාරියක් ඇදන් එතන ඉන්නෙ මම නේද?????

(මගේ කලින් බ්ලොග් එකක දාපු පෝස්ට් එකක්. අද මෙ නික්මට වගෙ ඒකට ගියාම දැක්කෙ. මේක නිකන්ම නිකන් හිතුන දෙයක් විතරයි.. ඒ වෙලාවෙ මගේ හිතේ මොනව තිබුනද කියලා නං අද මතකයි නෑ. ඒ තරන් ගොඩක් පරණයිද කොහෙදෝ මේක. අනේ මංදා.)

වැලන්ටයින්

කුමාරයගේ
කුණාටුවෙන්
කුළුදුල්
කුසුම
කුඩා
කුටියක
කුණුමුල්ලට

චතූ ඔයාටයි මේ

"චතූ අද ඔයාට පුලුවන් නම් ඉක්මනට ගෙදර එන්නකෝ."
බලමු හිමාලි.මම දැන් meeting එකක ඉන්නෙ.එහෙනම් මම තියන්නම්.මාව තේරුම් ගන්න ළමයො.චතුරoග එහෙම කිව්වෙ හිමාලි කතාකරන්නෙ දුකෙන් බව එයාට තේරුන නිසා.

"හුගක් මහන්සියි හිමාලි."චතුරoග ගෙට ගොඩවැදුනෙ එහෙම කියාගෙන.
ඔයා එහෙනම් නාගෙන එන්නකො චතූ.මම තේ හදන් එන්නම්කො.ඔයා ආස කරන කෑමක් මම අද හැදුවා.කියන්නත් දෙයක් තියෙනවා චතූ සතුටු හිතෙන ආරන්චියක්.හිමාලි එහෙම කියාගෙන කුස්සියට ගියා තේ හදන්න.

"ඔයා නාගෙන ආවද චතූ?ආ..චතූ තේ.මම අද චොකලට් කේක් හැදුවා.ඔයා ආසයි නෙ.
චතු අද වගේ ටිකක් කලින් එන්නකො ඔයාට පුලුවන් හැමදාම.දවල් දවසෙම මම තනියමනෙ.මටත් පාළුයි නෙ චතූ."
හිමාලි දවස් ගානක් හිතේ තද කරන් හිටපු වේදනාව එහෙම කියුවෙ ඉස්සර වගේම චතූත් එක්ක හුරතල් වෙන්න තිබුන ආසාවට.

"ඔයාට තේරෙන්න නෑ හිමාලි බිස්නස් වැඩ ගැන.මම මේ මහන්සි වෙන්න බිස්නස් එක දියුණු කරගන්න.ගෙදරට වෙලා හිටියම කොහොමද සල්ලි හම්බකරන්නෙ."

ඔයා උදේ ඉදන් හවස් වෙනකම් office එකේ.රෑට ගෙදර ආවමත් ෆයිල් ගොඩක් බදාගෙන.නිදහසේ කතාකරන්න වත් වෙලාවක් නෑනේ චතු.ඒ නිසා මගේ හොද මහත්තයා වගේ office එකේ වැඩ office එකේ තියල ඉස්සර හිටපු චතූ වගේ සැහැල්ලුවෙන් ගෙදර එන්න.please.


"හ්ම්ම්..බලමු."චතුරoග එහෙම කියුවෙ ෆයිල් ගොඩක් අතරෙ නෙත් යොමන ගමන්.චතුරoග හිමාලිට ආදරේ නැතුව නෙවෙයි ඒත් හිමාලිට දැනෙන්නෙ චතූ ගොඩක් ඈත් වෙලා කියලා.
හිමාලි කවුළුව අතරින් අහස දිහා බලන් හීල්ලුවා.

"ආදරේ කරපු කාලෙදි මම පුන්චි දේකට දුකෙන් හිටියත් මගේ පුන්චි වෙනසක් උනත් ඔයාට තේරෙනවා.ඒත් දැන්??මම දන්නවා ඔයා මට ආදරේ බව ගොඩා..ක්.ඒත් චතූ ඉස්සර හිටිය වගේ වෙන්න.ජීවත් වෙන්න සල්ලි ඕන තමයි.ඒත්  ඊට වඩා අපේ සතුට වටිනවා නේද?



තුන් තිස් පැයක්
නිදිවරාන වෙහෙසිලා
මම ලිව්වා
නුඹේ නමින්
පද වැලක්

බලා උන්නා
නුඹ එන තුරා
නුඹේ සිත් අහසේ
මගේ නමින්
ගෙත්තම් කරන්න
ඒ සුපෙම් සිහිනය

පාරමී පුරපු
අපේ සිහිනය
හැබෑ වෙන්නයි හදන්නෙ

ඒත්
නුඹට වෙලා නෑලු
ඒ සිහින පද වැල
අහන් ඉන්න
 මේක මම මගේ බ්ලොග් එකේ පළ කරපු පෝස්ට් එකක්.සිතුවිලි පවුරෙ පළ කරන්න හිතුනෙ නොදෑකපු අයට බලාගන්න.

කාගෙද වරද

මේ දවස් කිහිපයේම බ්ලොග් කියවනකොට කියවන්න ලැබුනෙම බස් කතන්දරමයි. මේකත් මේ මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධ කතාවක්. මේ පොස්ට් එක ලියන්න හිතුනේ  නම් අපේ මදුරංග අය්යා ලියපු කොන්දොස්තර මහත්තයෙක් කියන පොස්ට් එක කියෙව්වට පස්සේ.

මම හැමදාම මෙට්‍රෝ එක බලා එන්නේ ගාලු පාරේන්, ගොඩක් වෙලාවට ඉතින් භාවිතා කරන්නේ ප්‍රයිවට් බස් එකක්ම තමා.මොකෝ ඉතින් ලංගම බස් එකක් බෙහෙතකටවත් හොයා ගන්න තියෙන එකක්යැ. ජාතියේ ගමන් සගයෝ ගොඩක් අන්තිමට දැක්කේ නම් මේ ලගකදී තිබ්බ බස් වර්ජනය වෙලාවේ.

මේ මොන බස් එකේ ආවත් දෙහිවල ගුවන් පාලම පහු කරන්න ඕනනේ.මම මේ කියන්න හදන අත්දැකීම නම් ගොඩක් අයට ඇති.දෙහිවල වර්ණ සලකුණ ළග බස් රථය නතර කරාම ගොඩක් අය කරන දේ තමයි ටක් ගාලා බස් එකෙන් බහින එක.හැබැයි ඒ වෙලාවෙම බස් එක ඉදිරියට ගත්තොත් මොකද වෙන්නේ ?. බොහෝ වෙලාවට ඉතින් වටිනා ජිවිතයක් නැති වෙනවා. දෙහිවල විලියම් මංසන්දිය , ගල්කිස්ස මංසන්දියේ එහෙම මෙවන්‌ සිදුවීම් නිතරම බලා ගන්න පුළුවන්. එක දවසක් ගල්කිස්සේදී කාන්තාවක් මේ වගේ බහින්න ගිහින් බසයෙන් වැටුනා.ඇගේ ජීවිතයට අනතුරක් උනේ නැත්තේ නම් පෙර පිනකින් වෙන්න ඕන.

කතාවේ හොදම දේ වෙන්නේ ඊට පස්සෙ. බස් එකකින් අර විදියට කවුරුහරි වැටුනොත් ඒ අවට වටා පිටාවේ ඉන්න මිනිස්සුයි , බස් එකේ මින්ස්සුයි හැමෝම ඉස්සෙලාම කරන්නේ බස් එකේ කොන්දොස්තරටයි , රියදුරු ටයි පුළුවන් තරම් බනින එක. වැටිච්ච මනුස්සයාට ටිකක් බරපතලයි වගේ නම් ඉතින් කොන්දොස්තරටයි , රියදුරුටයි අතින් පයින් සංග්‍රහ කරන්නත් ඉතින් අමතක කරන්න නැහැ.කවදාවත් වරද කාගෙද කියලා හොයලා බලලා වැඩ කරන්නේ නැහැනේ අපේ අය.ඔය පහුගිය කාලේ සිදුවුන රිය අනතුරු වලදීත් බස් එක ගිනි තියලා රියදුරුට සංග්‍රහ කරලා ඉවරා වෙලානේ නඩුව අහන්න පටන් ගත්තේ.

මොනදේ උනත් ඉතින් ප්‍රයිවට් බස් රථ වලත් ඉතින් සේවය හොදයි කියන්න නම් බැහැ.මම ඉන්න තැන ඉදලා කොළඹට විනාඩ් 45 යන්න පුළුවන් ගමන අපරාදේ කියන්න බැහැ අනිත් බස් වලට වෙට්ටු දාලා, හැම බස් හෝල්ට් එකක්ම මගින් ඇතැත් නැතත් පරික්ෂා කරලා එනකොට පැයත් පැනලා.වෙන විකල්පයකුත් නැති එකේ අපි ට යන්න තියෙන්නෙත් ප්‍රයිවට් බස් විතරනේ.ඒ අයත් ඉතින් අපිට කරන්නේ සේවයක් නේ(ද).

බස් කතාව ඔයින් ඉවරයි.ඉදිරියේදී ඇතිවෙනවා කියන අලුත් ශ්‍රී ලංකාවේ වත් මේ වගේ අප්සට් දේවල් නොවේවායි ඉත සිතින් ප්‍රර්ථනා කරනවා.

සිතුවිලි පවුර සරසමු සැම සනසමින

කාලය හිඟයි වැඩ වැඩි වුණ නිසාවෙන
ආලය ලියන්නයි කවි පද හැකි පමණ
ලද ඉඩ ලියන්නට මෙහි දැන් හිතට ගෙන
සිතුවිලි පවුර සරසමු සැම සනසමින

මම තව බ්ලොග් තුනක් ලියනවා මගෙම කියා
එනමුත් තවම නෑ හවුලේ කිසිත් ලියා
ආසයි ලියන්නට දුක සැප සමව තියා
බෙදලා හදලා ලියමුකො සිත සතුට තියා

නිසඳැස් ලියන්නට පුළුවන් කමක් ඇත
එනමුත් සඳැසටයි තවමත් වැඩිය හිත
අරුතෙන් පිරුණු දේ ලියනට යොමා සිත
කළ හැකි යමක් බැලුවොත් සිත සතුටු වෙත

ආසයි අඳුනගන්නට හැම දෙනා හොඳින්
හැකි හැම විටක සිත සතුටින් සිනාසෙමින්
ජීවිත සටන ගෙන යන ධර්මයෙන් සෙමෙන්
අප හට හැකි වේවි සරසනු පවුර ඉතින්


පසුව ලියන වග නම්;

මා බ්ලොග් ලිපි ලියන්නට පටන් ගත්තේ මීට වසර එක හමාරකට පමණ පෙරාතුවය. එහෙත් ඒ වන විට බ්ලොග් පිළිබඳ මට තිබූ දැනුම ඉතා අල්ප විය. එහෙත් කල් යත්ම බ්ලොග් අවකාශය යනු අපූරු කලාවන්ගෙන් පිරුණු සුන්දර පාරාදීසයක් බව මට පසක් විය. එහෙත් මා තවම බ්ලොග් ලිපි ලිවීමේ කෙල පැමිණියෙක් නොවෙමි. ප්‍රකාශණ විධි අතර ප්‍රබලතම ප්‍රකාශණ විධියක් වන සඳැස් කවිය මගේ ප්‍රියතම ප්‍රකාශණ විධියයි. එහෙත් නිසැඳසටද මම ඇලුම් කරමි. මාගේ බ්ලොගයන් වන හද පතුල හා පෙම් පෙත යන බ්ලොග් වල ලිපි බොහොමයක මේ අයුරින් ලියූ පද්‍ය ඇතුලත් කර ඇත. මා මෑතකදී ලියන්නට පටන් ගත් නිදුක් බ්ලොග් එක තුලින් බුදු දහම තුලින් යහපත් ජීවිතයක් ගත කිරීම ගැන කතා කරමි.

මෙසේ බ්ලොග් අවකාශයේ කතුවරයෙකු ලෙස කටයුතු කළද, සාමූහික බ්ලොගයක කතෲත්වයක් මට ලැබුණේ සිතුවිලි පවුර තුලිනි. මෙහිදී  මේ බ්ලොගයට නවකයෙකු ලෙස මට බොහෝ දේ ඉගෙන ගන්නට තිබෙනු ඇත. බොහෝ දේ බෙදා ගන්නට තිබෙනු ඇත. අප බ්ලොග් කරුවන් ලෙසට ඉදිරියට ගෙන යන්නේ අප ලියූ දෑ කියවන්නෝය. ඒ නිසා ලිපියට කමෙන්ටුවක් දැමීම අගේ කොට සලකමි.

ඉතිං ආයුබෝවන්!

Luv ka The End - චිත්‍රපටයේ විචාරය

මේ සිතුවිලි පවුරට "බොලිවුඩ් සිංහලෙන්" ඉදිරිපත් කරන පලමු ලිපිය . අපේ බ්ලොග් අඩවියේදී ඉදිරිපත් කරන ලිපි අතරින් අපේම නිර්මාණයක්ය කියන්න පුලුවන් සහ වඩාත් වැදගත්ම ලිපි කොඨ්ඨාශය තමයි චිත්‍රපට විචාර .  ඒ අතරිනුත් ලංකාවේ බොලිවුඩ් රසිකයින් කැමතිවේය කියල හිතන චිත්‍රපටි ගැන විචාර විතරක් , ඒ කියන්නෙ හොඳම චිත්‍රපට ගැන විචාර පමනක්  සිතුවිලි පවුරට එකතු කරන්නයි අපේ බලාපොරොත්තුව . ඒ අතරේදි බොලිවුඩය සම්බඳ වැදගත් තොරතුරක (ඕපදූප එහෙම නෙවෙයි ) තිබුනොත් ඒ ගැනත් මෙතනට සටහනක් එකතු කරන්න පුලුවන් . මුල්ම ලිපිය විදිහට මීට ටික දවසකට කලින් අපේ බ්ලොග් අඩවිය හර්හා හඳුන්වාදීපු චිත්‍රපටියක විචාරය අපි ඔබට ඉදිරිපත් කරනව . මේ චිත්‍රපටිය  ඇත්තෙන්ම ලස්සන නිර්මානයක්

අපේ කලින් ලිපිය නොබලපු අය වෙනුවෙනුයි මේ 
 ----------------------------------------------------------------------------------------------------
Luv ka The End චිත්‍රපටිය ගැන  අපි ඉදිරිපත් කරපු ලිපිය ගොඩ දෙනෙක්ගෙ අවධානයට ලක්වෙලා තිබුනා . ඒ වගේම චිත්‍රපටියේ ඡායාරූපත් සැහෙන පිරිසක් භාගත කරගෙන තිබුනා . අද ඉදිරිපත් කරන්නෙ චිත්‍රපටියෙ Review එක . කලින් ලිපිය කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න . මූලික  තොරතුරු වගේම ඡායාරූප , ගීත එකතුව ආදියත් ඒ ලිපියෙම අන්තර්ගතයි

කථාව

රියා කියන්නෙ වයස 18ක් වෙච්ච තරුණියක් . ඇයගෙ පෙම්වතා වෙන්නේ හොරබඩු ජාවාරම් කාරයෙක්ගෙ පුතා වුන ලව් නන්දා . රියාගේ 18 වෙනි උපන් දිනය වෙනුවෙන් මේ දෙන්නා එකතු වෙලා එකට රාත්‍රිය ගත කරන්නයි සුදානම් වෙන්නේ . මේ අතරෙදී  මේ දෙන්නගෙම පාසල් මිතො දෙන්නෙක්ගෙ කතා බහකින් ලව් නන්දාගෙ වෙනත් සම්බන්ධයක් ගැන  රියාට සහ ඇගෙ මිතුරියන්ට දැන ගන්න ලැබෙනව . ඒ ගැන හොයන්න යත්දි මේ අයට තවත් ආරංචියක් දැනගන්න ලැබෙනව . ඒ ලව් නන්දා ඇතුලු කෝටිපති තරුණයින්  සහභාගි වන තරඟයක් ගැන . මේ තරඟයට අනුව තමන්ගෙ ජීවිතයට අදාලව සරාගී ක්‍රියාකාරකම් වල  විඩියෝ සහ ඡායාරූප අප්ලොඩ් කරන්න ඕනි . ඒ ඒ විඩියෝ වල ඡායාරූප වල තත්වය (කොයි තරම් දුරට ගිය සම්බන්දය්ක් ද ආදී ) අනුව ලකුණු ලැබෙනව . ලව් නන්දා මේවෙනකොට  ඒ ලකුණු සටහනෙ ඉහලින්ම ඉන්න බවත් රියාට දැනගන්න ලැබෙනව . එතකොට තමයි රියාට ලව් නන්දාගෙ හැබැ ස්වරුපය තේරූම් යන්නේ . තමා එක්ක රත්‍රිය ගත කරන්න සැලසුම් කලෙ ඇයි කියලත් , අර අනික් ගැන ලමෙක් ගැන ලැබුන ආරංචිය මොකක්ද කියලත් රියාට තේරුම් යනව .ලව් නන්දාගේ  වැඩ පිලිවෙල අසාර්ථක කරන්න රියාත් මිතුරියනුත් සැලසුම් කරනව ඊට පස්සෙ මොකද වෙන්නෙ ?   චිත්‍රපටිය බලලම දැනගමු නේ ?????

Editor's Comment |අපේ අදහස
  • මේ කතාවේ තේමාව බොලිවුඩයට ටිකක් විතර ආගන්තුකයි . ඒ නිසා අමුතුම ආකාරයේ රසවින්දනයක් බොලිවුඩ් රසිකයින්ට මේ හරහා ලබා ගන්න පුලුවන් . මේ කතාව පදනම් වෙන්නේ තනි දවසක සිදුවෙන සිදුවීම් පෙලක් එක්ක . ඒකත් චිත්‍රපටියට අමුතු රසයක් එකතු කරන්න හේතුවක්
  • මෙ චිත්‍රපටිය බොහොම සරල සිනමා නිර්මානයක් ඒ නිසා ගැඹුරු චරිත හෝ 100% තාත්වික සිදුවීම් නම් බලාපොරොත්තු වෙන්න බැ , ඒ  උනත් නිර්මානයට හෝ ප්‍රේක්ෂකයා ට අසාධාරණයක් වෙන විදිහෙ දේවල් නම් අන්තර්ගත වෙලා නැහැ 
  • හාස්‍යොත්පාදක චිත්‍රපටියක් විදිහටත් මේ චිත්‍රපටිය සැහෙන තරම් දුරට සාර්ථකයි කියන පුලුවන් .  චිත්‍රපටියෙ සංගීතයත් නිර්මානයට අනුකූලව ඉතාම අලංකාරයි . Luv ka the end , Tonight  කියන  ගිත දෙක   බටහිර සංගීත ශෛලීන්ට අනුගතව  ඉතාම ලස්සනට නිර්මානය වෙලා තියනව
  • චිත්‍රපටියෙ කථාව , දෙබස් , තිරරචනය , සංස්කරන ක්‍රම , සිනමාකරන ලක්ෂන සියල්ලම වේගවත් තාරුණ්‍යට ගැලපෙන්න තමයි නිර්මාන්ය වෙලා තියෙන්නෙ . ඒ හැම දෙයක්ම  නිර්මානයට අනුව හොඳ මට්ටමක පවතිනව
  • ප්‍රවීන බොලිවුඩ් නලු ශක්ති කපූර්ගෙ දියණිය ශාර්දා කපූර් තමයිප්‍රධාන චරිතය රඟ පාන්නෙ . ඇය වගේම අනිකුත් අයගෙත් රංගනය සැහෙන තරම් සාර්ථකයි . ඒ වගේම බොලිවුඩයට අලුතින් එක්වුන රූමත් රංගන ශිල්පිනියක් විදිහටත් ශාර්දා හඳුනවන්න පුලුවන් 
  • අමුතු තේමාවකින්  තාරුණ්‍යයේ රිද්මයට එකතු වෙන්න හැමෝටම මේ චිත්‍රපටිය බය නැතුව නිර්දේශ කරන්න පුලුවන්
Ratings

  • Direction - 3/5
  • Celebrities' Performance -3/5
  • Story - 3.75/5
  • Script - 3.75/5
  • Cinematography - 2.5/5
  • Music - 3.75/5
  • Choreography -2.75/5
  • Art Direction - 2.5/5
  • Action - N/A
  • Editing - 3/5
  • Special Effects - N/A 
  • OVERALL -3.5/5

නොහික්මුණු ආසාව......

මුලින්ම,
අසාවෙන් බලා ඉදියා,
ආවාම,
අසාවෙන් අතගැව,
පස්සේ,
එක එක කැටයම් කැපුවා,
දැන්,
දැන්නං....
මට එපා වෙලා,
හොදටම ඇති,

උබ මගේද ? මම උබේද ?


ඔව් ඇත්ත , අපි දෙන්න ෆැන්ටසියක වගේම හැදුවේ ෆැන්ටසියක් <
මතකද ඒ දවස වල උඹයි මමයි අත් අල්ලාගෙන පාරේ ගිය විදිය
කියල ඇහුවේ නැත්තේ උඹත් ඒ හේතුව දන්නා නිසා.
ආදරයක් නොදගෙන හිටි හිතට උඹ ආදරේ කලාද ???
නෑ.., උඹ මට කලේ ජිවිතයක් දෙන එක.,
ඒක තමයි ආදරේ කියල හිතා ගන්න බැරි උනේ මටද උබටද ?|
පන්ති නොගොහින් පන්ති ගිය දවස්
හ්ම්ම්.., ඒ මගේ ජිවිතේ සොදුරුම දවස්..
එත් ඇයි දැන් අපි නොදන්නවා වගේ නමට ආදරේ කරන්නේ ?
මගේ වැරැද්ද.., මම හිතුවේ එහෙමයි.
අපි රණ්ඩු වෙනකොට උබ වෙනද වගේ නෑ..,
බනින්නේ මොකක් හරි දෙයක් හිතේ හියාගෙන.,
ආදරයක් නැති වෙන මුල්ම දේ වෙනවා කියල දැනගෙනත් ඇයි මේ?
යාලුවෝ කිව්ව දේවල් ඇත්තද උබේ අතීතේ ගැන ..,
මම ඒවා උබේ ආදරේ නිසා අමතක කරපු ඒක වැරදි වගේ දැනෙන්නේ ඇයි මට ?
එත්..වෙන ආදරයන් ලැබෙද්දී මම උබ ගැන හිතන්නේ
මගේ අතින් උබට වරදක් වෙයි කියල,
එත් නැහැ.., දැන් උබ මගේ ජිවිතේ නැහැ..,
උබ තරම් කුහක කෙනෙක් මම දැකලම නැහැ
උබට ඕන දේ වින්ද , එත් මම තනි කළා.,
ගොඩක් දුර නෙමෙයිනේ ගියේ ..
අනේ..එන්න වස්තුව මම ලගට ආයත්..,
මම හැමදාමත් ඒ පොලව ගාවට ගිහින් උබත් එක්ක කතා කරාට
උබ කලින් වගේම මම කතා කරනකම් බලන ඉන්නව.
රතු රෝස මලට උබ ඉස්සර වගේම ආසයිද කියන්න ඊලග දවසේවත්
හැමදාම අතට මේ මල දීලා සිපගත්ත උබව
ආයමත් සිපගන්න මම බලන ඉන්නව.,
මේ රතු රෝස මල උබේ සොහොන උඩින් තියල..,

ස්වර්ගයට යන මාවතේ මල් පාවඩ අතුරන්නම් මා..



ආදරයේ මල් මාවත ඔස්සේ
ඔබ මා ගිය මග අද නිම වී ඇත
දෙවියන් වෙත යන පාර හොයාගෙන
පෙම්වත අද ඔබ මා හැර යනවද?

සිනහව ගිලිහුනු මගෙ මුව දැකලා
තැවෙන්නෙපා තව මං ගැන හිතලා
ආදරයේ මල් පාවඩ අතුරා
සකසන්නම් කුමරුනි මග සරසා...


ස්වර්ගයෙ දොරටුව නුඹට ඇරෙන දා
නෙතගින් ගිලිහුනු කඳුළැල් පිසදා
ආදරයේ මල් පාවඩ අකුලා
මම යන්නම් නිවනේ මග සොයලා...

පි‍ටු පෙරලපු ගාන