අද තමා මගේ ආදරණීය තාත්තගෙ උපන් දිනේ.ඉතින් කලබල අස්සෙ වුනත් තාත්තා වෙනුවෙන් මෙහෙම ලියන්න මම හුග කාලෙක ඉදන් හිතන් හිටියා.
තාත්තා තරම් දුවෙකුට අසීමිතව ආදරේ කරන්න මොනම පිරිමියෙකුටවත් බෑ.ඒ වගේම අපිත් තාත්තට ආදරේ කරන්න ඕන නේද?තාත්තා සමහර විට අපිට අම්ම තරම් සමීප නැති වෙන්න පුලුවන්.ඒත් අම්ම වගේම තාත්තත් අපිව උස් මහත් කරන්න කොච්චර නම් කැපවීම් කරල තියෙද?සමහර දුවලට පෙම්වතෙක් ලැබුනම තාත්තා අමතකයි.ඒත් ඒ කාටවත් බෑ තාත්ත ආදරේ කරනව තරම් ආදරේ කරන්න.
හැම දේකදිම මගේ ලඟින්ම ඉන්න මගේ ආදරණීය අප්පච්චිට සුබම සුබ උපන් දිනයක් ඒ වගේම තවත් හුගක් කල් නිදුක් නිරෝගීව ඉන්න දීර්ඝායුෂ ලැබෙන්න කියලත් තාත්තගේ චූටි දෝණී ප්‍රාර්තනා කරනවා.
කාටත් හොරෙන් මගේ අතින්ම හදපු උපන් දින සුභ පැතුම් පත තමයි මේ ( ලස්සනයිද? )
මම මගේ පෝස්ට් එකත් තාත්තට පෙන්නන්න ඉන්නෙ.තාත්තා හුගක් සතුටු වෙයි මේක දැකලා.
ඉතින් මගේ සයිබරයේ යාලුවනේ ඔයාලත් එන්න කේක් කෑල්ලක් කාලා යන්න.
මේක තාත්තට....දෝණිගෙන්
සීතල පිණි කැට සඳ එළියෙන් නහවා
නෙක නෙක පාට මල් පෙති සුවඳින් තවරා
අමාවක අහසට සඳක්ව අඳුර මකා
පෑයූ පුරා සඳ නුඹ මගෙ දිවිය පුරා...
දුටුවත් වරද නෑ තරවටු කලෙ කිසිදාක
උකුලේ හොවා ආදරයෙන් පෙන්වා සුමග
පැතුවේ මගේ ජයයි තුන්තිස් පැයේ නුඹ
ඉටු කර දෙන්න වෙහෙසෙමි මා උදේ හවා....
ගෙවිලා බොහෝ කල් ජිවිත ගමනෙ ගෙවූ
රැදුනා ළගම නෑ කිසිදා අප දුරස් වුනූ
පොඩි දූ මමයි තුරුලේ හුරතල් උන්නු
පතනෙමි දිගාසිරි මේ සුභ උපන් දිනේ...