පුදුමයි...!
තවමත් බෑ හිතාගන්න... දරාගන්න... අදහාගන්න...
මේ ඉර හඳ යට...
මා වෙනුවෙන් සිතන - හදවතක් ගැහෙනා බව...
මා වෙනුවෙන් හඬන - දෙනෙතක් සැලෙනා බව...
මටම ආදරය කරන... - ආදරයක් ජීවත් වන වග...
කෙසේ කියන්නද මම...? ඒ ආදර අරුමය...
කෙසේ දරාගන්නද මේ දුප්පත් හදවත...?
ඔඛෙන් ලද සෙනෙහසේ සිසිල පොද...
ඒ ආදරය සඳක් වී...
පහන් කරවයි - එළිය පොදක් ලෙස...
සැරිසරයි... මගේ හදවතේ... අඳුරු කුහර තුල...
මෙතෙක් නිදාසිටි මා... අවදිකොට.....
දෙනෙත් හැර බැලු කල... දකින්නේ මම...
ඔබේ රුව... හදවත නිවා සනසන...
මහාමායාවත්, යසෝදරාවත් ඔබයි මට...!
ජීවිතයේ... අරුත කියාදෙන..........!!!
මේ සිතුවිලි පවුරේ කුරුටු ගාන පළමුවැනි අකුරු ටික...! කියවන ඔයාට ටිකක් බොලඳයි වගේ තේරෙයි. මේ මම නෝනිට මුල් දවස්වල ලියපු නිසඳැසක්... නිධාන කථාවත් දාන්න හිතුනා අදහසක් ගන්න. නැත්නම් මෙලෝ රහක් නෑ කියලා කිව්වොත් !