මේ දුගඳ හමන දේශපාලනයට තිත තබන්නට අපි තවත් බලා හිඳිමුද? තම තමන්ගේම එවුන් බල්ලන්, බලලුන් මෙන් කා මරා ගන්නා තරමට ජරාජීර්නව පල්වී පනුවන් නලියන මේ ක්රමය අවසන් කරන්නට සිතමුද? නැත්නම් මේ නරා වලේම ලැග එහි අසූචි අනුභව කරමින් එහිම ගිලී යමුද?
දෙවියන් පලා ගිය පිං බිමේ කුඩ්ඩන්,පිස්සන්,හොරුන්,තක්කඩියන්,මංකොල්ලකාරයන්,කුම්භාන්ඩයන්,පිසාචයන්, පිනුම් ගසද්දී, අපි කට ඇරගෙන බලා සිටිමු.හුරේ දමමු.විසිල් ගසමු. සුපර් කුඩ්ඩා,සුපර් පිස්සා, සුපර් තක්කඩියා තෝරන්නට චන්දෙද දාමු. කොක්කෙන් හෝ කෙක්කෙන් චන්දෙ දිනන්නට පුලුවන්කම පමනක්, තිබෙන එකම සුදුසුකම වන ඕනෑම කාළකන්නියෙකුට කිසිම හිරිකිතයක් නැතුව නාමයෝජනා දෙන තරමට පිරිහුනු දූෂිත දේශපාලන පක්ෂ හා නායකයන් රටේ චන්දදායක තකතීරුවන්ගේ මොලේ තරම ගැන කියමින් දෙකොනෙන්ම සිනාසෙනවා නියතය. වේදිකාවට නැග "බුද්ධිමත් ඡන්දදායකයනි" යනුවෙන් ආමන්ත්රනය කරන අතර, ‘අනේ මුං වගේ ගොං තකතීරු නිවට රැලක්’ යනුවෙන් යටි සිතෙන් සිතනවාට සැක නැත.
ඒ ඔලමොට්ටල බූරු රැලේ කර මතින් පාර්ලිමේන්තුවටද, පළාත් සභාවටද,නගර සභාවටද, අරකටද, මේකටද රිංගන එවුන් ඊට පසු හතර වරං ගසති, පරම්පරාවටම හම්බුකරති. තාත්තා කැබිනට් ඇමතිය, පුතා පළාත් ඇමතිය, මුනුපුරා නගරාධිපතිය,මල්ලී අහවල් සභාපතිය, අක්කා අහවල් ලේකම්ය,නෑනාද මස්සිනාද, බෑනාද,උගෙ හොඳම යාලුවාද, ලේලීද, ඒකිගෙ පරන බෝයි ෆ්රෙන්ඩ්ද, එකී මෙකී නොකී සනුහරේම තවත් තානාන්තරවලය. පගා,කොමිස්,දූෂණ,වංචා, මුන්ගේ සාමාන්‍ය දෛනික රාජකාරි බවට පත්වී ඇත.සමාජයට වගේ වගක් නැත. මෙවැනි නිවට රැලකට මේ දේශපා+එලුවන් නිකට පා නවතින්නේ නැත.
අවාසනාවනම්, මේවයේ පලවිපාක මුන්ට ඡන්දෙ දුන් නොදුන් හැමටත් , මේගැන හාන්කවින්සියක් නොදන්නා නූපන් පරම්පරාවටත් විදින්නට සිදුවීමය.
තවදුරත් කැනහිලුන් විසින් සියල්ල කබාසිනියා කරන තුරු නිහඬව සිටීමෙන් පලක් නැත. 'මොරගොඩ' වෙනුවට 'මුසම්මිල්' ගෙන ඒමෙන් හෝ රාජපක්ෂ, පෙරලා වික්රමසිංහ ගෙන ඒමෙන් පලක් වන්නේද නැත. මේ අවජාතක සමාජ ක්රමය බිහිකල වූවන්ගෙන් යහපත් සමාජයක් බලාපොරොත්තුවීම, රාජපක්ෂලාගෙන් එවැන්නක් බලාපොරොත්තුවෙනවාට වඩා වැඩි වෙනසක් නැත. අවශ්‍ය වන්නේ ඔලු ගෙඩි වල වෙනසක් නොව ක්රමයේ වෙනසකි. මේ ප්රොඩාකාරී, විකාර ඡන්ද තුලින් එය කල නොහැකිය,මක්නිසාදයත් පවතින 'නියෝජිත ප්රජාතන්ත්රවාදී විහිලුව විහිලුවක්ම බැවිනි.
මිනිස්කම ඉතිරිවුනු, උපන් බිමට යන්තම් හෝ ආදරයක් ඇති, ආත්මය මුදලට පාවානුදුන් මිනිසුන් ගැහැනුන් පෙරට ආ යුතු කාළය පැමින ඇත. තවත් බලා සිටින්නට කාළයක් නැත. වෙන්ව බෙදී යාමට නොව එක්ව සටන් කරන්නට මොහොත එළඹ ඇත. ඇත්ත ඇති සැටියෙන් දැකිය හැකි, කවුරු කලත් හරිදේ අගය කලහැකි, වැරද්දට විරුද්ධ විය හැකි කොඳුඇට පෙල තවමත් ඉතිරිව ඇති යහපත් මිනිසුන්ගේ, ගැහැනුන්ගේ මොහොත එළඹ ඇත. නීතියේ ආධිපත්‍ය තහවුරු කල, විනයක් සහිත, මිනිස්කම උත්තරීතර කල, සාධාරණ සමාජයක් නිර්මානය කල හැකි සමාජ ව්යපාරයක් අප රටට වහාම අවශ්යව ඇත.