වසන්ත සමයේ යූවතියන් -තරුණියන්ට විශේෂයි +18

Monday, September 12, 2011
වසන්තය උදාවනතුරු අප බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. යෞවනයද වසන්තයකි. ජීවිතයේ වසන්තය එයයි. වයස අවූරුද 9- 14 අතරදී සාමාන්‍යයෙන් ගැහැනූ ළමයෙකු වසන්තයට පිය ඔසවයි. ළමා වියේ සිට වැඩූණූ වියට යන ගමනේ අතිශය වැදගත් සංක්‍රාන්තිමය සමයක් ලෙස මෙම සමය සැලකීමට පූළුවන. වසර ගණනාවක් තිස්සේ සිරුර තුළ ක්‍රමානූකූල ක්‍රියාපිළිවෙලක ඵලය මල්වරවීම (ගෙටවීම, කොටහළු වීම, පිළිහොඳ වීම හෙවත් (ඔසප්වීම) ලෙස හැඳින්වෙයි. මෙම ක්‍රියාවලිය පිටූපස මොළයේ පෙළඹවිම මත ස්‍රාවය වන හෝමොන් ලෙස හැඳින්වෙන ශාරීරික රසායනකවල ප්‍රබල දායකත්වයක් පවතියි.

එයා දෑන් ලොකු ළමයෙක්


කිහිලිවල සහ ලිංගික ප්‍ර්‍රදේශ වල රෝම ඒම, පියයූරු ප්‍රමාණයෙන් විශාල වීම සහ උකුල් පෙදෙස ආරා ඒම වසන්තය උදා වන විට කොහා හැම වැනිය.
දෑරියකගේ වසන්ත උදාවයට බලපාන කරුණූ කිහිපයකි. අයත් ජාතිය, ආරය, සමාජ, ආර්ථික තත්ත්වය, සෞඛ්‍ය හා පෝෂණ තත්ත්ව මේ අතරින් වඩාත් ප්‍ර්‍රමූඛ ලෙස බලපායි.

නියමිත වයසට පෙර මල්වරවීමවසන්ත උදාව එයට නියමිත වූ වකවානූවට පෙර එනම් ලාබාල වයසේදී සිදුවන අවස්ථාද ඇත. අඩූ වයසින් මෙම තත්ත්වයට මූහූණ දුන් දෑරියක් ඉක්මනින් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ යූතුය. එයට හේතුව මෙවැනි තත්ත්වයක් ඇතිවූයේ මොළයේ ඩිම්බකෝෂවල හෝ අධිවෘක්ක ග්‍රන්ථි වල පවතින ගෙඩියක් අර්බූදයක් නිසා විය හැකි වීමය.

හෝමෝන අඩංගු ආලේප ගැල්වීමද අඩූ වයසින් මල්වර වීමට හේතුවක්

පසූබිම් හේතුව එය නම් වහා වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යූතුය. ඊස්ට්‍රජන්, හෝමොන් අඩංගු ඖෂධ ගැනීම ආලේප ගැල්වීම වැනි හේතු නිිසාද ලාබාල වයසේදීම දෑරියක් මල්වර වීමට පූළුවන.


තවත් ගැටළුවක්
අනෙක් අතට වයස අවූරුදු 16 වන විටත් මල්වර වීම පළමූ ආර්ථවය නොසිදුව පැවතියේ නම් එයද ගැටළුකාරී තත්ත්වයකි.

දෙමවූපියන්ට සිත් තැවූලක්දෑරියට පමණක් නොව ඇයගේ දෙමවූපියන්ට හිතවතු්නට පවා මෙය බෙහෝ කාංසා සහගත තත්ත්වයක් වීමට ඉඩ තිබේ. මෙහිදී නාරිවේද විශේෂයකු වෙත යෑම දෑරියට අවූරුදු 16 ක් වනතුරු සිටීම අවශ්‍ය නැත. අවූරුදු 13 දී පමණ පියයූරු විශාල වීම කිහිලි සහ යූනික ප්‍රදේශවල රෝම ඒම වැනි මූල් ලක්ෂණ නොමැති වේනම් එම පියවර ගැනීම උචිතය.

ස්වභාවිකවම ගර්භාෂය නැතිද?
එවැනි දෑරියක තුළ ඩිම්බකෝෂ හෝ ගර්භාෂයට හෝ ස්වභාවයෙන්ම නොපැවතීම පවා සිදුවිය හැකිය. එසේ නැතහොත් ඇයගේ කුමරිචන්දය සිදුරු නොවී පැවතීම නිසා ආර්තව රුධිරයට ගලා ආ නොව යෝනි මාර්ගයේ එක් රැස් වී තිබෙනවා වීමට පූළුවනි. එවැනි විටෙක කුමරිච්ඡද පටලය ශල්‍ය කර්මයක් මගින් සිදුරු කර අවහිය ඉවත් කිරීමට සිදුවෙයි. ආර්තවාරම්භය පමාවීමට මූල්වන හේතු අතර ගෙඩි පැවතීම සමහර රෝග තත්ත්වයන් පැවතීම හෝමෝන අසාමාන්‍ය පෝෂණ දුර්වලතා මෙන්ම තදින් ඇඟ වෙහෙසීම (ක්‍රීඩා වල යෙදීම) ආදියද දෑකිය හැකිය.


සාමාන්‍ය තත්ත්වයන්
මූල් මල්වර සමයේදී ඔසප් වීම ක්‍රමවත් භාවයක් නොපැවතීමට පූළුවනි. සමහර විට මූල් ආර්තවය සිදුවී වැඩි කාලයක් නැවත ආර්තවය සිදු නොවීමට ඉඩ ඇත. නොඑසේ නම් මාස 3 - 4 කට වරක් ආර්ථවය සිදු නොවනවා වීමට පූළුවනි. මේවා බොහෝ විට සාමාන්‍යය. ඇයගේ මොළයෙන් සිදුවන හෝමෝන ස්‍රාවය වීම තවමත් ක්‍රමානූකූල නොවන නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. එනිසා ඇයගේ ඩිම්බකෝෂවලින් ඩිම්බ මූදා හැරීමත් සිදු නොවනවා වීමට පූළුවන.


කල්පනාකාරී වන්න
කෙසේ වෙතත් මූල් ආර්තවයෙන් මාස 6 ක් යන තුරු නැවත ආර්තවය සිදු නොවූණහොත් වසර 2 - 3 ක් යනතුරු යාන්තම් රුධිර බිංදු කිහිපයක් පමණක් බැහැර වන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා හේතුව සොයා බැලීම ප්‍රයෝජනවත්ය. මෙහිදී මතක තබා ගත යූතු තවත් කරුණක් නම් ඇය ලිංගිකව හැසිරී ඇත්නම් ආර්තවය සිදු නොවන්නේ දරු පිළිසිදීමක් නිසා වීමටත් පූළුවන.


වසන්තවියේ තවත් ගැටළුවක්
වසන්ත සමයේ යූවතියන් තවත් පීඩා විඳින තත්ත්වයක් වනූයේ ආර්තවයේදී වැඩිපූර රුධිර වහනයක් සිදුවීමත් ආර්තවය ක්‍රමවත් ලෙස සිදුනොවීමත්ය. සාමාන්‍යයෙන් දින 28 කට වරක් සිදුවෙතැයි පළ වූවද කන්තාවකගේ එක් ආර්තව චක්‍රයට අයත් දින ගණන දින 18 - 45 දක්වා වෙනස් විය හැකිය. සෑම ආර්තව චක්‍රයක් සඳහාම බොහෝ විට එකම දින ගණනක් පැවතීම සාමාන්‍ය වූවද විවිධ කායික - මානසික හා පාරිසරිකමය හේතුන් මත එයද වෙනස් වීමට පූළුවන.


රුධිර වහනය වැඩිද?
සාමාන්‍යයෙන් රුධිර වහනය සිදුවන දින ගණන දින 3 - 7 දක්වා වෙනස් වෙයි. එසේම බැහැර වන රුධිරය ප්‍රමාණය සාමාන්‍යයෙන් මිලි ලීටර 30 - 40 ත් අතර වෙයි. (සමහර කාන්තාවන් එම ප්‍රමාණය මිලි ලීටර 80 ක් දක්වා වැඩිවිය හැකිය) මෙවැනි සාමාන්‍යයෙන් ඉක්මවා යන යූවතියන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් වී එම තත්ත්වයට පාදක වන හේතු සොයා බැලිය යූතුය. සමහර විට එය කායික හේතුන් නිසා මෙන්ම හෝමෝන අසමතුලිතතාවයක් හෝ අර්බූද (ගෙඩි) වැනි තත්ත්වයක් නිසා උද්ගත වීමටත් පූළුවන. සමහර යූවතියන්ගේ පෝෂණ ඌනතා වැනි තත්ත්වයන් නිසා පෙර සඳහන් කළ තත්ත්වයන් උදා විය හැකිය. මෙවන් සමහර යූවතියන්ට ඊස්ට්‍රජන් වැනි හෝමෝන අඩංගු ප්‍රතිකාර ලබාදීම මගින් සූවපත් කළ හැකි තත්ත්යවක් ලෙසටද එය දෑකිය හැකිය.


දරුණූ බඩේ වේදනාවආර්තව දිනවල දරුණූ ලෙස වේදනාවෙන් පෙලීමද සමහර යූවතියන් තුළින් දෑකිය හැකිය. අධික ලෙස බඩ රිදීම, යටබඩ කොර වීම වැනි පැමිණිලි ඔවූන් වෙතින් සිදු වෙයි. සමහර අය තම ඔසප් වීම ආරම්භ වීමට දිනකට දෙකකට පෙරාතුවද තවත් සමහර අයට ඔසප් ආරම්භ වී පැය 1- 4 ක් අතරතද මෙම බඩරිදීම කොරවීම දින 2 - 4 දක්වා කාලයක පවතිය හැක. මෙහිදී උදර වේදනාවට අමතරව ඔක්කාරය වමනය හිසරදය ඇඟපත රිදීම වෙහෙස දෑනීම සමහර විට ක්ලාන්තය ඇතිවීම යනාදිය දෑකිය හැකිය. සූළු වේදනා නාශක ඖෂධ ගැනීම මගින් සහනය සැලසෙන අතර තවත් සමහර අය හට වඩාත් සංකීර්ණ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යවෙයි.


ජීවිතයේ වසන්ත සමයේදී මතුවන මෙවැනි ගැටළුවලට බිය නොවි පසූතැවිලි නොවී වෛද්‍ය උපදෙස් ලබාගෙන සහනය සලසා ගැනීම වැදගත් බව අවබෝධ කරගන්න





Sinhalamag

බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල්

"ගෑනියෙකුගෙයි, මිනිහෙකුගෙයි හැලහැප්පිලි, රණ්ඩූ සරුවල් තියෙන්නෙ බත් මූටිටිය ඉදෙන කල් විතරයිනෙ" ගැමියන් අතර කියමනක් ඇත. එය බොහෝ දුරට සැබෑවකි. කටින් පිටවෙන වචනයකින්, දෙකකින් පවූල් අවූල් වන අවස්ථාත්, ඉහිරෙන අවස්ථාත් ඇතිවන වග නොදන්නා කෙනෙක් නැ.


"ඔයත් ඔයාගෙ අම්ම වගේම තමා"යි බිරිඳක් කිසියම් විටක ඇයගේ සැමියාට කිව්වොත්, එයින් ඔහූගේ සිත තදින්ම පෑරෙන්නට ඉඩ ඇත්තේ නැන්දාත්, ලේලිත් අතර නිරතුරුවම වාගේ ගැටූම් පවතින හෙයිනි.

පවූල් ජීවිතය සතුටින්. සාමයෙන්, සන්තෝෂයෙන් ගත කිරීමට නම් බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් මොනවාදැයි පවූල් ප්‍රශ්න බේරුම් කරන්නන් මෙන්ම මානසික විද්‍යාඥයන්ද සොයා බැලු අතර බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් හැටියට මානසික විද්‍යාඥ ආචාර්ය මයිකල් ලිලිබ්‍රිජ් නිර්දේශ කරන දේවල් දහය මෙසේය.

1."මේක මෙහෙම වෙනව කියල මම ඔයාට කිව්වෙ නැද්ද? - සැමියාට වඩා ඔබට දැනූම තේරුම ඇති බවක් එයින් ඇඟවෙන අතර සැමියාගේ නායකත්ව ලක්ෂණයට එයින් වදින්නේ පහරකි. තම බිරියන් තමන්ගේ බූද්ධියට පහර ගසනවාට සැමියන් තුළ කැමැත්තක් නැත.

2."ඒයි මම මෝඩියෙක්ද?" - ඔබ අතින් නිතරම වාගේ අත්වැරදීම් සිදුවෙනවා අහන්න, දකින්න සැමියා කැමති නැති අතර ඒවාට නිතරම වගේ අනූකම්පා අයැද සිටීමෙන්, අත්විය හැක්කේ වෙනත් ප්‍රතිඵලයකි.

3.ඔයාගෙ අම්මයි, තාත්තයි මට කිව්ව දේවල් මොනවද කියලා ඔයා කවදාවත් හිතන්නේ නෑ. ඔහූට හෙළිදරව් නොකෙරුණූ පවූලේ කරුණූ කාරණා රැසක් ඔබේ හිතේ තබාගෙන සිටින බැව් හිතී ඔහූගේ හිතේ නූරුස්සනා ගතියක් ඇතිවීම සාමාන්‍ය දෙයකි.

5."ඔයා ඇත්තටම මට ආදරයක් නෑ" - ස්වකීය ආදරය පූන පූනා කියා සිටින්නට පිරිම අය එතරම් කැමැත්තක් නොදක්වන අතර ස්වකීය හැඟීම් ඔප්පූ කර පෙන්වන ලෙසට නිරතුරුව කෙරෙන ඉල්ලීම් ද ඔවූන්ට හිසදරයකි.

6."මං හිතන්නෙ එයා මට ඇත්තටම ඇදිලා ආව කියලයි" - පිරිමියකුට තවෙකකු ගැන ඊර්ෂ්‍යා ගතියක් ඇතිවූණොත්, ඔහූ කුමන විධියකින් ප්‍රතික්‍රියා දක්වයි දැයි හරියාකාරව කීමට නොහැක. සමහර පිරිමින් ඔවූන්ට හූරුපූරුදු කාමූක ක්‍රියාවලින් ඊට පලිගැනීම සාමාන්‍ය දෙයකි.

7."ඔයා ඒ කාලෙ ඔයිට වැඩියෙ හැඩ වැඩ ඇතුව හිටිය" - තමන්ගේ ශරීරයේ පෙනූම ගැන ගැහැණූ අය පරිද්දෙන් පිරිමි අයද සංවේදීතාවක් දක්වන අතර අන් කෙනෙකු හා සමග හෝ තමන් ඉස්සර සිටි ස්වභාවය කා සමග හෝ අහිතකර අන්දමින් සසඳනවාට ඔවූන් බොහෝ දෙනකු තුළ එතරම් කැමැත්තක් නැත.

8."මේක කාටවත් කියන්නෙ නෑ කියල පොරොන්දු වෙන්ඩ" - මිතුරකුගේ හෝ මිතුරියකගේ හෝ පෞද්ගලික ජීවිතය පිළිබඳ විස්තර තොරතුරු කියනවා නම්, ඒවා සඳහා ඔබ ඔබේ සැමියාගේ එවැනි තොරතුරු ඇයට හෝ ඔහූට හෝ කියන්නට ඇතැයි සැමියා ගැන සැකයක් ඇති වන්න බැරිකමක් නැත.

එහි අවසන් ප්‍රතිඵලය වන්නේ සැමියාගේ විශ්වාසය පළුදුවී යාමය.

9."ඔයා හොඳ නෑ" - ඔබ සැමියාට එසේ කියන්නේ කේන්ති ගතියක් ඇතිවීම නිසා නම්, ප්‍රශ්නය නිරාකණය කරගත යූත්තේ එවැනි කතා කියා නොව වෙනත් ආකාරයකිනි.

10. "මම දන්නෙ නෑ මොනවද කරන්ඩ ඕනෑ කියලා, කරන්ඩ ඕන දෙයක් කියන්ඩ" - මෙවැනි කතාවලින් සිදුවන්නේ, යමක් වැරදුණොත් ඔබට දොස් පවරන්න ඔහූට ඉඩකඩ සැලසීමයි. ඔබ කළ යූත්තේ තීරණයක් ගෙන කරන්න තියන දේ කිරීම පමණය.

අඹූ සැමියන් අතර විවිධ හේතූන් මත ඇතිවන කතා බස් දුරදිග යාමෙන් ආරවූල් පවා ඇතිවන අතර ආරවූල් දුරදිග යාමෙන් අඬදබර, දික්කසාද ආදිය ඇතිවන්නේ පවූල් සංස්ථාව දෙදරුම් කවමිනි. බිරිඳ දෙකේ කොළයට ගෙන සැළකීමට සමහර සැමියන් පූූරුදු වී සිටින නිසා බිරියන්ගේ සිත් පෑරී සැමියන් අමතා යම් යම් අවස්ථාවල යම් යම් වචන කියනවා වන්නට පූළුවන. එවැනි වචනවලට කේන්ති යන කේන්තියෙන් බිරිඳට හා දරු මල්ලන්ට ගුටි බැට දෙන, සමහර අවස්ථාවල ගෙදර බඩූමූටිටූ පවා පොඩි පටිටම් කරන සැමියනූත් සිටින වග නොදන්නා කෙනෙක් නැත.

එමනිසා, සැමියාගේ සිතට වද දෙන සිත පෑරෙන හෝ කණස්සල්ලට පත්කරන වචන පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම යහපත් බිරිඳකගේ වගකීමයි.



SinhalaMag

Singham චිත්‍රපටියේ විචාරය | Singham Movie Review

Singham චිත්‍රපටිය ගැන බොලිවුඩ් රසිකයින් නම් හැමදෙනාම දන්නවා ඇතිනේ . අජේ දෙව්ගන් රඟපාන මේ වසරේ තිරගත වුනු අතිසාර්ථකම චිත්‍රපටියක් . ඒ චිත්‍රපටියට අදාල  මූලික තොරතුරු මෙතනින් අපේ අඩවියට ගිහින් බලා ගන්න පුලුවන් . මේ ඉදිරිපත් කරන්නේ චිත්‍රපටියේ විචාරය

කථාව
බාජි රාවො සින්ගම් කියන්නේ ගෝව- මහා රාෂ්ට්‍ර ප්‍රාත්න සිමාවේ පුංචි ගමක සේවය කරන අවංක පොලිස් නිලධාරියෙක් . ගමේ ධනවතෙකුගේ පුතෙක් වුනු සිංගම් පොලිස් පොතේ ලියනවට වඩා තමන්ම මැදිහත් වෙලා ගමේ ප්‍රශ්න විසඳන එක තමයි කරන්න කැමති . ඒ නිසා ගමේ ඉන්න සියලු දෙනාම සිංගම්ය ආදරෙයි .ජය කාන්ත් ශිකරේ කියන්නේ ගෝව ප්‍රදේශයේ මැරයෙක් . දේශපාන ශකිතිය නිසා පොලිසිය අල්ලේ නටවාගෙන ඉන්න ශිකරේට , අපරාධ නඩුවක් ඇප සිද්ධියක් නිසා සිංගම් ගේ පොලිස් ස්ථානයේ අත්සන් කරන්න යන්න සිද්ධවෙනවා . ඒ සඳහා වෙන කෙනෙක් යැවීමත් , සිංගම් ඒක පිලි නොගැනීමත් නිසා තමයි මේ දෙන්නා අතර ගැටුම පටන් ගැනෙන්නේ ....

Editor's Comments | අපේ අදහස

  • ඉතාම සාම්ප්‍රදායික කථා තේමාවක් බව බැලු බැල්මට පේනවා ඇති . ඒ වුනත් මේ සරල කථා තේමාව ඇතුලේ ඉන්දියාවේ (ලංකාවටත් අදාලයි ) ප්වතින යථාර්තයකටත් එබිමක් කරනවා කිව්වොත් වඩාත් නිවැරදියි . දුෂිත දේශපාලනය නිසා අපාරාධ කාරයින් වැජඹීමත් පොලිස්ය අසරණ වීමත් මේකෙදි හොඳින්ම දකින්න ලැබෙනව
  • සාම්ප්‍රදායික කථාතේමාවක් උනත් කථාවේ ගලායාම හා අවසානය යම් තාක්දුරකට තාත්විකයි . ඉස්සර සිනමා පටවලදි දකින්න තියන සුපුරුදු අවසානයට වඩා වෙනස් , එක්තරා දුරකට ආදර්ශමත් (ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු ක්‍රමය නිසා ප්‍රායෝගික ) අවසානයක් තමයි දකින්න තියෙන්නෙ
  • දෙමල චිත්‍රපටියක් ආශ්‍රයෙන් නිපදවුනු නිසා ඒ ලක්ෂන සහිත ක්‍රියාදාම දර්ශන තමයි දකින්න තියෙන්නෙ . ඉතාම විශාල වියදමක් දරල තිබුනත් චිත්‍රපටියේ වටිනා කම සම්පූර්ණයෙන්ම හානි වෙන "බොලඳ " ක්‍රියාදාම දර්ශන තමයි අන්තර්ගත වෙලා තියෙන්නෙ . ඔබ දෙමල චිත්‍රපටි රසිකයෙක් නෙවෙයි නම් ක්‍රියාදාම දර්ශන ටික අමතක කරල කථාව බලා හිටියොත් හොඳයි . නැතනම් ඒ දර්ශන නිසා චිත්‍රපටියත් එපා වෙන්න පුලුවන්
  • සරල වින්දනාත්මක සිනමා පඨයක් වශයෙන් හොඳ හාස්‍ය උත්පාදක දර්ශනත් , කම්මැලි කමක් නොදැනෙන ගලා යාමකුත් චිත්‍රපටියේ දකින්න් තියනව

Ratings
  • Direction -3/5
  • Celebrities' Performance -2.5/5
  • Story - 3.5/5
  • Script - 3/5
  • Cinematography - 2/5
  • Music -2/5
  • Choreography -25
  • Art Direction - 3/5
  • Action - 1/5
  • Editing - 3/5
  • Special Effects - N/A
  • OVERALL -3/5

                                                -  Written by  DBL (බොලිවුඩ් සිංහලෙන් බ්ලොඩ් අඩවිය වෙනුවෙන්)

    පි‍ටු පෙරලපු ගාන