නිවැරදිව ටොරන්ට් එකක් බාගන්න හැටි

Saturday, November 26, 2011
ඔන්න ගොඩකාලෙකට පස්සේ සිතුවිලි පවුරට ලිපියක් ලියනවා. ගොඩදෙනෙක් දන්නවා ඇතිනේ ටොරන්ට් ගැන. ඒ අතර නොදන්න අයත් ඇති. මේ ඒ අය වෙනුවෙන් මගේ බ්ලොග් අඩවියේ පලවෙච්ච ලිපියක්. වැදගත් වෙයි කියලා හිතිච්ච නිසා සිතුවිලි පවුරෙත් මේ ගැන කුරුටු ගාන්න හිතුනා. නොදන්න අය බලන්නකෝ.
                                                 ටොරන්ට් එකක් කියන්නේ කුඩා ගොනුවක්. මේ ගොනුවේ සඳහන් වෙන්නේ කොහෙන්ද අදාල ෆයිල් එක බාගත යුත්තේ වැනි කුඩා තොරතුරු ප්‍රමාණයක් පමණයි. ටොරන්ට් ෆයිල් එකේ ඇත්තේ pc to pc ක්‍රමය. එහෙමත් නැත්නම් පරිගණකයකින් තවත් පරිගණකයකට ෆයිල් හුවමාරු කරන ක්‍රමය. චිත්‍රපටි , පරිගණක ක්‍රීඩා වැනි ප්‍රමාණයෙන් විශාල ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න ලේසිම ක්‍රමය තමා ටොරන්ට් මගින් බාගැනීම. මොකද ටොරන්ට් හරහා ඉතා අඩු වේගයක් සහිත ඉන්ටනෙට් කනෙක්ෂන් එකකින් උනත් ගොඩක් ලොකු ෆයිල්ස් ඉතා ඉක්මණින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නිසා.
                                              මුලින්ම අපි බලමු කොහොමද ටොරන්ට් එකක් බාගන්නේ කියලා. මුලින්ම අපිට ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. මමනම් නිර්දේශ කරන්නේ. BitTorrent විතරයි. මොකද ඒකේ කරදර ගොඩක් අඩුයි. ඔන්න ඕක මෙතන ඔබලා ඩවුන්ලෝඩ් කරගන්නකෝ. ඊටපස්සේ ඒක ඉන්ස්ටෝල් කරගන්න.
                                                    ඔන්න එහෙනම් ටොරන්ට් බාගන්න කරන්න තියන මූලික කොටස ඉවරයි. දැන් අපි බලමු කොහොමද ටොරන්ට් ෆයිල් එකක් බාගන්නේ කියලා.
                                                   මුලින්ම අපි ටොරන්ට් තියන අඩවියකට යන්න ඕනේ. මම මීට කලින් හොඳම ටොරන්ට් සහිත අඩවි ගැන විස්තරයක් දුන්නනේ. මෙන්න මෙතන ඔබලා ඒ පෝස්ට් එකට යන්නකෝ. දැන් ඕකේ තියන අඩවි වලින් කැමති අඩවියකට යන්න. දැන් තමන් කැමති ටොරන්ට් එකක් තෝරගෙන බාගන්න තමා තියෙන්නේ.
                                                   හැබැයි ඩවුන්ලෝඩ් කරන්න කලින් බලන්න ඒ ටොරන්ට් එකේ හොඳට සීඩර්ස්ලා ඉන්නවද කියලා. ටොරන්ට් එකට ඉස්සරහා SE හා LE කියලා කොටස් දෙකක් ඇති. මෙතන්න SE කියන්නේ සීඩර්ස්ලා. එහෙමත් ටොරන්ට් එක බාලා ඉවරවෙලා ඒක අප්ලෝඩ් කරන කස්ටිය. LE කියන්නේ ටොරන්ට් එක බාන කස්ටිය.
                                                   ඕං ඒකත් ඉවරයි. මම කියපු දේවල් වල මොකක් හරි නොතේරෙන තැනක් තියනව නම් ඔය පහල වීඩියෝ එක බලලා තේරුම් ගන්නකෝ.

අඹ ගෙඩිය

Friday, November 25, 2011

නෙලා ගන්නට මා සිතා .............සිටි
ලේන සියොතුන් ඉඳුල් කළ ...සැටි
ගසේ බඩගා නෙලා ගත් ..........සැටි
සත්තු කාලැයි වීසි කළ ...........සැටි

ඒත් නිතරම මතක් වුණු ...........හැටි
තවත් අඹ ඇති කියා සිතු .....හැටි
විටෙක උනනා මුත් කඳුළු ....කැටි
මවමි පිවිතුරු අඹය හරි .......හැටි

ආයෝජනය කරන්න කලින් හිතන්න යමක්

පහුගිය ලිපිය සමහර අයට හරියට තේරිලා නැහැ වගේ. එකේදී මම උත්සාහ කලේ මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කරන හැටි කියන්න කලින් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක ගැන මුලික දැනීමක් ලබා දෙන්න. ඒ ගැන තවත් සරලව ලියපු පොස්ට් එකක් ලගදීම දාන්න බලාපොරොත්තු වෙනවා.
මේ පොස්ට් එක දාන්න හිතුවේ අලුත් පාඩමක් කරන්න නම් නෙවෙයි. මට මේ ආයෝජනය කිරීම ගැන කියන බ්ලොග් එක කරගන යනකොට දැනුන දෙයක් ලියන්න.
 ගොඩාක් දෙනා හිතාගන ඉන්නේ කොටස් වෙලදපොලේ ගනුදෙනු කරනවා කියන්නේ අමුතුම දෙයක් කියලා. ඒ සිතුවිල්ල නිසාම මෙතැනදී ගොඩාක් අය පාඩු කර ගන්නවා. උදාහරණයක් විදියට මෙහෙම හිතමු.

වෙලදපොලේ හාල් කිලෝ එකක් රු 60 ක් නම් අපේ ව්‍යාපාරය හාල් විකිණීම නම්
අපිට වෙලදපොලේ රු 60 ට හාල් විකුනලා ලාබයක් ලබාගැනීමට උවමනාවකුත් තියෙනවා නම්
අපි වෙළදපොලෙන් හාල් මිලට ගන්න ඕන රු 60 කට වඩා අඩු මුදලකට කියලා ඕන කෙනෙක් දන්නවා.
අපිට රු 55 ට හාල් මිලට ගන්න පුළුවන් උනොත් කිලෝ එක 60 ගානේ විකුනලා එක කිලෝ එකකින් රු 5 ක ලාබයක් ලබා ගන්න පුළුවන්.

අපි කොටස් වෙළද පොළ ගැන හිතන්න ඕනත් ඔය අනිත් බිස්නස්  විදියටම තමයි. කොටස් අඩු මිලකට ගනුදෙනු වෙනකොට මිලට අරගන මිල වැඩි වෙන කොට විකිණීමයි සිද්ද වෙන්න ඕන. එත් අපේ අය කරන්නේ ඉතිහාසයේ වැඩිම මිලකට කොටස් අලවි වෙන වෙලාවක් බලලා මේක මාර විදියට නගිනවා කියලා කොටස් මිලට අරන් බලාගන ඉන්නවා. එත් එයා කොටස් ගත්ත දවසේ ඉදන් සිද්ද වෙන්නේ කොටසේ මිල පහල යන එක. ඊට පස්සේ කොටස් වෙලදපලටයි බ්‍රෝකර් මහත්තුරුන්ටයි බැන බැන ඉන්නවා. එක නිසා කොටස් වෙළදපොල ගැන උනන්දු වෙන හැමෝම අතේ තියෙන කොටස් වල මිල ඉහල යනකොට ඒවා විකුනන්නත් පහල යන කොට විකුනන්නත් ඕන කියන දේ ගැන ආයෙත් හිතුවොත් හොදයි

කියවීම

Tuesday, November 22, 2011
සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසේ, අපි ගොඩ දෙනෙක් පොත් මිලදී ගනන් පොත් ප්‍රදර්ශනය තියෙන්නෙත් ඒ මාසෙ. ඊට පස්සේ ඔක්තොම්බර් කියන්නේ කියවීමේ මාසය. මන් හිතන්නේ සැප්තැම්බර් ගත්ත පොත් ටික කියවන්න තියෙන මාසේ. දැන් නොවැම්බර් වෙලා ඒත් මන් සැප්තැම්බර් ගත්ත පොත් වලි තාම බොහෝම ටිකයි කියවලා ඉවර කලේ කලින් අවුරුදු වල ගත්ත පොත් හිටන් තියෙනවා කියවලා නැති.

මන් පොත් කියවනවා ඒත් මන් දන්නේ නැහැ මන් කියවන විදිහ හරිද කියලා. ඒ කියන්නේ පොතක් අරගෙන කියවද්දි මතුපිටින් කියවෙන කතාව හැර දෙයක් මගේ ඔළුවට යන්නේ කලාතුරකින්. සමහර පොත් ගැන අනික් පොත් කියවන අය කියවන දේවල් බැලුවම එහෙම දේවල් ඒ පොතේ තිබුනද කියලවත් මන් දන්නේ නැහැ.

කම්මැලි පොතක් ඇරුනම අනික් පොත් ආසවෙන් කියෙව්වත් ඒ පොත්වල මතුපිටින් කියැවෙන කතාව හැර ලේඛකයා විසින් ඊට වඩා ගැඹුරු පණිවිඩයක් දීලා තියෙනවනම් ඒ ඒගේ දේවල් මට ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ විදිහට පොත් කියවන එකේ තේරුමක් තියෙනවද කියලා මන් දන්නේ නැහැ. 

අපේ පොත් ගැන විචාර කියවන්න ලැබෙන්නේ කලාතුරකින් ඒ විචාරත් ගොඩක් වෙලාවට හිතවත්කම් මත ලියැවෙන ඒවා කියලා ගොඩ දෙනෙක් කියන්නේ ඒක නිසා මැදහත්ව පොතක් ගැන ලියපු විචාරයක් අපිට බලන්න ලැබෙන අවස්තා නම් නැති තරම්. එහෙම උනාම මන් වගේ පොත් කියවන අයට හොඳ පොතක් අඳුනා ගන්න, පොතක මතුපිටින් කියැවෙන කතාවට වඩා ගැඹුරින් කියැවෙන දේ ගැන දැනගනන් තියෙන අවස්තා නම් ඇත්තේම නැති තරම්.

මේක ලිව්වේ මන් දනන්වා මන් පොත් කියවන විදිහ මීට වඩා හරි විදහට කරන්න ඕනේ කියලා ඒත් ඒක කරගන්න අවස්තාවක් අපිට නැති නිසා. සමහර විට ඒ වගේ තේරුමක් ඇතුව පොත් කියවනව නම් මීට වඩා පොත් වල තියෙන දේවල් රසවිඳින්න ලැබෙයි කියලා මන් හිතන්නේ.


ඔක්කොම ටික දුන්නද ?

Sunday, November 20, 2011


දවසක් පිරිමි ළමයෙකුයි, ගෑණු ළමයෙකුයි සෙල්ලං කර කර හිටියලු. පිරිමි ළමය ගාව ලස්සන ජිල්බෝල ටිකක් තිබුනලු. ගෑණු ළමය ගාව ටොෆී වගයක් තිබුනලු.
දෙන්න කතා වුනාලු තමුන් ගාව තියෙන ටොෆී සහ ජිල්බෝල මාරු කර ගන්න. ගෑණු ළමය එයා ගාව තිබුන ඔක්කොම ටොෆී ටික පිරිමි ළමයට දුන්නලු. කොලුව තමුන් ලඟ තිබ්බ ලස්සනම ජිල්බෝලෙ හොරෙන්ම හංගගෙන අනික් ඒව ටික ගෑණු ළමයට දුන්නලු.

තමුන්ට ටොෆී ලැබුනත් හොඳම ටොෆිය නොලැබෙන්න ඇති කියල හිත හිත හිටපු නිසා පිරිමි ළමයට එදා රෑ නින්ද ගියෙ නෑලු. එදා රෑ ගෑණු ළමයට හොඳට නින්ද ගියාලු.



පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්
http://sinhala-catholic.blogspot.com/2011/10/blog-post_24.html

" වියමන " සගරාමය පුවත්පත

Friday, November 18, 2011

අපි කැමතියි ඔබේ වචන වලටත් ඉඩක් දෙන්න . ඔබ කළයුතුවන්නේ ඔබේ අතින් නිමැවෙන කෙටිකතා , නවකතා , කලාබර ලිපි , කාලීන ලිපි , අධ්‍යාපනික ලිපි ආදිය අපවෙත ඊ-මේල් මාර්ගයෙන් ලබාදීමයි . අපේ ඊ-මේල් ලිපිනය viyamana.art@gmail.com

කණ්ණාඩිය

Tuesday, November 15, 2011


මේක කවියක්නං නෙමෙයි.මේක මට හිතිච්ච හිතුවිල්ලක්.මට මේ වගේ ඉලව් හිතෙනවා.පස්සෙ දිගටම ඒක ගැන හිතලා හිතලා ඔලුව විකාර වෙනවා.නිකමට මේක මම කියනවට තනියම ඉන්න ගමං හිතලා බලන්ඩ වෙන්ඩ පුලුවන් නේද කියලා.

මම මම ද?
එතකොට
කවුද කණ්ණාඩිය ඇතුලෙ ඉන්නෙ?
ඌ ඇත්ත එකා
මම ප්‍රතිබිම්බය
බැරිද එහෙම වෙන්න?
කොච්චර ට්‍රයි කළත්
බෑ මට කණ්ණාඩිය ඇතුලට යන්න
ඇතුලෙ එකා ඇවිත්
හැප්පෙනවා
මගෙ ඇඟේ

සුපර් මාරියෝ සහ S7 ටැබ් එක - ගන්න ඉන්න අයටයි නොගන්න ඉන්න අයටයි.

Friday, November 11, 2011
මේ පෝස්ට් එක මාස 3ක විතර ඉදන් දාන්න හිටපු එකක්. දැන්නම් ටිකක් ප්‍රමාදයි කියලත් හිතෙනවා. කෝකටත් කියල ඔන්න එහෙනම් ටැබ් එකේ විස්තරේ..

 
 මුලු එකම කියවන්න කැමති අය එන්නකො මෙන්න මේ පාරෙන්...

දැනුම්දීමයි.....

Thursday, November 10, 2011
මේක කට්ටියට ඉගෙන ගන්න යමක් තියන දෙයක් නම් නෙමෙයි. හැබැයි මට නම් මේ වැඩෙන් සෑහෙන දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා.
කෙටියෙන්ම කියනවා නම් මෙන්න මේකයි උනේ. මගේ අහිංසක බ්ලොග් පඩංගුවට හෙනහුරා කෙලියනේ. අර කතාවට කියනවනේ සෙනසුරු අපලේ නැති වෙනකොට යන්නේ ලොකු ලොකු ලෙඩ දාලා කියලා. මටත් ඒකම තමයි උනේ. බ්ලොග් එක කෝමා එකකට වැටුනා වගේ වැඩක් උනා.
මුලින්ම මගේ බ්ලොග් එක තියන සර්වර් එකේ MySQL ප්‍රශ්නයක් නිසා බ්ලොග් එක වැඩ කරන්නේ නැතුව ගියා. මට ඒ දවස් වල වැඩ ටිකක් වැඩිපුර තිබුන නිසා බැක් අප් එකක් එහෙම අරගෙන තිබුනෙත් නැහැ. ඉතින් මම පොඩි සෙල්ලම් ටිකක් දාන්න ගිහිල්ල වැඩේ අල බතල මඤ්ඤොක්කා උනා. Backup එකත් හරි ගියේ නෑ. Server එකෙන් උදව් ඉල්ලුවම ඒ යක්කු කියපු Scripts Side එකට උදව් දෙන්නේ නෑ කියලා. මොනවා කරන්නද ඉතින්. අන්තිමට මම තනියෙම දුන්නා ගේමක්. කොහොම හරි කරලා බ්ලොග් එක ගලවලා අයින් කරලා අලුතින්ම දාලා අලුත්  Theme එකකුත් දාලා හදලා ගත්තා. වාසනාවට වගේ මම ඉස්සර කල්පනා කරල කරපු එක වැඩක් නිසා මගේ ලිපි නම් සෑහෙන ප්‍රමානයක් බේරගන්න පුලුවන් උනා. ඒත් ඉතුරු ටික නැති නිසා මොකක්ද වගේ. මොකද හොඳම ටික තමයි නැති උනේ. කල්පනා කරගෙන යනකොට තමයි ක්ලික් උනේ RSS ෆීඩ්ස් වලින් ආපහු පෝස්ට්ස් ටික ඇදලා ගන්න පුලුවන් කියලා. කොලා ඉතින් ටියුබ් ලයිට් උනත් දක්ශයනේ. යන්තම් ගොඩ දාගත්තා.
ඒත් හෙනහුරා තවත් මට වද දෙනවා. ගත්ත ලිපි සේරම පල කරපු දවස් වෙනස් වෙලා. අන්තිමට දාපුවා මුලදි දාපුව කියලා පෙන්නනවා. මුලදි දාපුව අන්තිමට දාපුව විදියට යනවා. ඒත් ඉතින් දුකක් නෑ. ලිපි ටික තියනවනේ.

මට සිතුවිලි පවුරේ ඇඩ්මින් මඩුල්ලට කියන්න ඕන මම ලිපි නොලියන්න හේතුව මෙන්න මේ ප්‍රශ්නේ. මේක විසඳගන්න මම සෑහෙන කට්ටක් කෑවා. දැන් සේරම හරි. මම හෙමීට බ්ලොග් පඩංගුව ආයේ හරියට අටවගෙන ආයේමත් ලියන්නම්. කමක් නෑ නේද ?

තව දෙයක්. කාට හරි මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මට කියන්න. මම අනිවාර්යෙන්ම උදව් කරනවා බොක්කෙන්ම. මම දැන් දන්නවා කරන්න ඕන දේවල්. කොහෙන් වත් බලලා ඉගෙන ගත්ත එවා නෙමෙයි. තනියම කරලම ඉගෙන ගත්ත දේවල්.

ඔබ මොන වර්ගයේ බ්ලොග්කරුවෙක්ද?


සමීක්ෂණයකට අනුව මෙන්න මේ දේවල් සොයාගෙන තිබෙනවා.

  • බ්ලොග් ලියන්නන්ගෙන් 3/5ක් පිරිමි
  • බහුතරයක් වයස අවු: 25 - 44 අතර වෙයි
  • බහුතරයක් විවාහකයින්
  • බහුතරයක් සතියකට 2,3න් වතාවක් ලියනව
  • බහුතරයක් සතියට පැය 3ක්වත් බ්ලොග් ලිවීම/කියවීමට වෙන් කරනවා

අපේ සිංහල බ්ලොග් කරුවන්ටත් මේක පොදු නම් නැතුවැති සමහරක් විට. මොකද මම දන්න විදිහට අපේ බ්ලොග්කරුවො ගොඩක් තරුණ අවිවාහක ප්‍රජාවක් විදිහටයි මට හිතිල තියෙන්නෙ. 

මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය 01 කොටස

සති කීපයකට පස්සේ ආයෙත් බ්ලොග් එක පැත්තේ ආවා. ප්‍රතිචාර වලින් පෙන විදියට මම ලියන සමහර වචන බර වැඩියි වගේ ඒ හින්දා මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය පාඩම මුල ඉදලම පටන් ගන්න හිතුවා. මොකද හැම තරාතිරමකම අය බ්ලොග් කියවන නිසා, මම දැන් ලියන්නේ මේක කියවන අයට ගිණුම්කරණය පිලිබදව කිසිම දැනුමක් නැ කියන උපකල්පනය උඩ. එහෙනම් මුල්‍ය වාර්තා විශ්ලේෂණය කරන්න කලින් පොඩ්ඩක් ගිණුම්කරණය පිලිබදව මුලික අවබෝදයක් ලබාගෙන ඉදිමු.
පරණ පාඩම් ඔක්කොම පිනාගේ කුප්පියේ 
ගිණුම්කරණය හැදින්වීම
අපට ජීවත්වෙන්න නොයෙකුත් දේවල් අවශ්‍ය වෙනවා. සමහර දේවල් අපට නොමිලේම ලැබෙනවා. උදාහරණ විදියට ජලය, වාතය, හිරු එලිය වගේ දේවල් පෙන්නලා දෙන්න පුළුවන්. එත් තවත් සමහර දෙවල් ලබාගන්න අපට යම් වියදමක් දරන්න සිද්ද වෙනවා. ආහාර, යන්ත්‍ර සුත්‍ර, පොත්පත්, වගේ දේවල් උදාහරණ විදියට පෙන්නන්න පුළුවන්. මේ නොමිලේ ලැබෙන සම්පත් හිගකමක් නැති නිසා අපි ඒ පිලිබදව වාර්තාකර තැබීමක් අවශ්‍ය වෙන්නේ නැ. එත් අපට මිලදී ගැනීමට සිදුවන ද්‍රව්‍ය අපේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව පවතින්නේ අඩුවෙන්. ඒ නිසා ඒ සම්පත් පරිහරණය කිරීමේදී යම් කිසි පාලනයක් අවශ්‍ය වනවා. ඒ පාලනය සදහා එම සම්පත් බාවිතය සම්බන්දයෙන් සටහන් තැබීමක් අවශ්‍යයි . මේ කාර්යය අපි වාර්තාකරණය කියලා හදුන්වනවා.
උදාහරණයක් විදියට ඔයාලගේ මාසික වැටුප එකෙන් මාසේ වියදම් අඩු කලාම ඉතිරිය කොච්චරද? කියලා ඇහුවොත් සටහන් කරලා නොතිබුනොත් ඔයාලට එකපාරටම කියන්න පුලුවන්ද? එත් මේ මාසේ තමන්ගේ වියදම් කොහේ හරි සටහන් කරලා තිබුනොත් මේ මාසේ අපි කරපු අනවශ්‍ය වියදම් කොපමණද කියලා දැනගන ඊලග මාසේ සැලසුමකට අනුව වියදම් කරන්න පුළුවන් වෙනවා 
සාමාන්‍යයෙන් ව්‍යාපාරයක දිනකට ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිදුවෙනවා. ඒ නිසා එක්තරා කාලසීමාවකදී සිදුවුණු එකම ආකාරයේ ගනුදෙනු එකට එකතුකර දක්වන්න පුළුවන්. මේ සියලු කටයුතු අවසානයේදී ප්‍රතිපල ගණනය කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.  ඒ නිසා ලාබ අරමුණු කර ගත හෝ නොගත් ඕනෑම සන්විදානයක සිදුවන මුලය ගනුගනුදෙනු  වාර්තා කිරීම අනිවාර්යයෙන්ම සිද්ද වෙනවා. මේක අපේ පව්ද්ගලික ජීවිතයටත් වැදගත්.
ගිණුම් තබා ගැනීම හේතු කිහිපයක් නිසාම වැදගත් වෙනවා.
01 මුල්‍ය ගනුදෙනු වාර්තා කිරීම
     විකිණීම් මිලට ගැනීම් වාර්තා කිරීම, වත්කම් වගකීම් තීරණය කිරීම, ලාබ පාඩු ගණනය කිරීම සිදුවේ.
02 කළමනාකරණයට අවශ්‍ය තොරතුරු ලබාදීම
      ව්‍යාපාර අරමුණු ලගාකර ගැනීම සදහා වත්කම් සැලසුම් කිරීම, පාලනය සහ තීරණ ගැනීම සම්බන්දව කළමනාකරුවන්ට            අවශ්‍ය තොරතුරු ලබාදීම 
03 බදු ගණනය කිරීම
04 නීතිමය අවශ්‍යතා 
     සීමිත සමාගම් අනිවාර්යයෙන් ගිණුම් තබා ගැනීම පමණක් නොව ඒවා හෙළිදරව් කිරීමද කල යුතුය.
05 ව්‍යාපාර කටයුතු ඇගයීම සදහා
    ගනුදෙනු කරුවන්, සැපයුම් කරුවන් සේවකයන් අනාගත ආයෝජකයන් හෝ ගිණුම් පිළිබද උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට එම ව්‍යාපාරයේ තත්වය ඇගයීම සදහා මුල්‍ය තොරතුරු වැදගත් වේ.

ගනුදෙනු 
මුදලින් අගය කල  හැකි ගිණුම්වල වාර්තා කල හැකි සිද්දීන් ගනුදෙනු ලෙස ගැනේ.
මුදලින් මෙනියහැකි ගනුදෙනුවක ප්‍රදාන ලක්ෂණ 03 ක් දැකගන්න පුළුවන්
01 සම්පත්වල වෙනසක් සිදුවීම
02 මුදලින් මැනිය හැකි වීම
03 කළමනාකරණ තීරණයක් වීම
උදාහරණ
01  2010 වර්ෂයේ මුළු විකුණුම් ආදායම රු මිලියන 10 කි
02 ණය පදනම මත භාණ්ඩ මිලදී ගැනුම් රු මිලියන 05

 මුදලින් මැනිය නොහැකි සිද්දීන් ලෙස ව්‍යාපාරයේ 
01සේවක සංඛ්‍යාව 
02 ව්‍යාපාරයේ පිහිටීම 
03 කළමනාකරුවන්ගේ දක්ෂතාව වගේ උදාහරණ පෙන්වන්න පුළුවන්.

ද්විත්ව සටහන් ක්‍රමය 
වර්ෂ 1494 ඉතාලි ජාතික ලුකා පසියෝලි විසින් ද්විත්ව සටහන් න්‍යාය හදුන්වා දීමත් සමගම ගිණුම්කරණය විෂයක් ලෙස සංවර්දනය වීම ආරම්බ උනා. මේකෙන් කියවෙන්නේ ව්‍යාපාර ගනුදෙනුවක සම විටම ද්විත්ව ස්වරුපයක් ගන්නා බව.මෙම ද්විත්ව ප්‍රතිපලයෙන් එකක් හර (Debit ) වියදමක් හෝ වත්කමක් වශයෙන්ද අනෙක  බැර ( Credit ) ආදායමක් වගකීමක් හෝ හිමිකමක් වශයෙන්ද පෙනී සිටින බව ගිණුම්වල සටහන් කිරීම සිදු වේ.
මුලික වශයෙන් ගිණුම් වර්ග 05 ක් ඇත. ඒවානම්  
01 හිමිකම් ගිණුම්
02 වගකීම් ගිණුම්
03 ආදායම් ගිණුම්
04 වත්කම් ගිණුම්
05 වියදම් ගිණුම් 
  
මෙය නිදසුනක් මගින් පැහැදිලි කළහොත් ව්‍යාපාරය රු 100,000 ක භාණ්ඩ තොගයක් ණයට ගතහොත් 
ණයහිමියෝ ( වගකීම්) 100,000 වැඩිවේ
තොගය (වත්කම්) 100,000 වැඩිවේ 
මෙම භාණ්ඩ අත්පිට මුදලට ගතහොත් 
මුදල් ( වත්කම්) 100,000 අඩුවේ 
තොගය (වත්කම්) 100,000 වැඩිවේ
 එහෙනම් අදට මෙතනින් නවතින්නම්  ප්‍රශ්න තියනවනම් කමෙන්ට් කරන්න  සමහර විට කමෙන්ට් වලට පිළිතුරු නැති  උනත් ඊලග පොස්ට් එකෙන් හරි ඒවාට උත්තර දෙන්න මම බලාපොරොත්තු වෙනවා , මේ ගැන ඔයාලට හිතෙන දෙයක් ලියලා යනවනම් එක මට ලොකු හයියක් නැත්තම් මේක ඔයාලට තේරුනාද නැද්ද කියලවත් තව වෙනස් වෙන්න ඕනනම් ඒ ගැනවත් අවබෝදයක් නැතුව මම ඔහේ ලියාගන යයි. එහෙනම් මේ පාඩමේ ඉතුරු ටිකත් එක්ක ඉක්මනටම එන්න බලාපොරොත්තු වෙනවා.

ජේසු කියපු කතාවක්

Sunday, November 6, 2011

සමූහයා අතරින් එක් අයෙක් කතා කොට, "ගුරුදේවයෙනි, මා සමග අපේ උරුමය බෙදා ගන්න මාගේ සහෝදරයාට කිව මැනවැ "යි උන්වහන්සේට කීය. එහෙත් උන්වහන්සේ කතාකරමින්, "මිත්‍රය, ඔබකෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපල බෙදන්නෙකු කොට මා පත්කලේ කවරෙක් ද ? " යි ඔහුගෙන් ඇසූ සේක."තවද, සියලු ආකාර තන්හා වලින් පරිස්සම් වෙන්නට බලාගන්න; මනුශ්්යකුට කොතරම් දේපළ තිබුනත් ඔහුගේ ජීවිතය ඒපිට රඳා නැතැ" යි ඔවුන්ට වදාල සේක. උන්වහන්සේ උපමාවක් කියමින් මෙසේ වදාල සේක;

"එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇතිවිය, එවිට ඔහු තම සිතින් කල්පනා කරමින් , මම කුමක් කරම්ද ? මාගේ භවබෝග රැස්කර තබන්නට ඉඩකඩ නැත, මම මෙසේ කරමි: මාගේ අටුකොටු කඩා දමා විශාල ඒවා ගොඩනඟා, ඒවායේ මාගේ සියලු ධනධාන්්ය රැස්කොට තබා, අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙහි රැස්කොට තිබේ.විවේක සුවයෙන් කා බී ප්‍රීතිවන්නැ , යි මටම කියා ගනිමි" යි සිතීය.
එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතාකොට "අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබගෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස්කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේදැ" යි වදාළ සේක. දෙවියන් වහන්සේ ඉදිරියේ පොහොසත් නොවී, තමාට වස්තු රැස්කරගන්නා අය එවැනිය. යි ජේසුස් වශන්සේ වදාල සේක.
( ලූක් 12 : 13-21 )


** මේක ගෙඩි පිටිං බයිබලෙන් කොපි කල බව කරුනාවෙන් සලකන්න.

පිටසක්වල ජීවය.. පුරාතනයේ සිට පැවතුනාද?

Saturday, November 5, 2011
පිටසක්වල ජීවය.. මේක ඉතාමත් විවාදාත්මක මාතෘකාවක්.. අද මං කතා කරන්න යන්නේ මේ බ්ලොගේ කවදාවත්ම කතා නොකරපු එත් මගේ හිතට ගොඩක් වැදුන මාතෘකාවක්. මේ ලෝකයේ පිටසක්වල ජීවයක් තිබුනද? එහෙනම් ඒවාට සාක්ෂි මොනවාද? තිබුනානම් ඒවා කොහේද? කියන දේ ගැන මම කොටස් වශයෙන් කතා කරන්නයි මේ සුදානම. මේ කතා බහේදී ආගම ගැන වගේම විවිධ පුද්ගලයන් ගැන කතා නොකරම බෑ. ඒ නිසා කතාව පටන් ගන්න කලින්ම මම ඒ සම්බන්ධව යම් කෙනෙක්ගේ හිත රිදෙනවනම් සමාව ඉල්ලනවා.


පිටසක්වල ජීවය කියන දේ එහෙමත් නැතිනම් අද්භූත ආගන්තුකයන් ගැන පුරාතනයේ ඉඳල පැමිණෙන සටහන් අපේ අතරේ තියනවා. එකම දේ අපි ඒ දේවල් බොහෝ විටම සාමාන්‍ය විදියට කියවන දකින නිසා මගහැරිලා යනවා. ඉතිහාසයේ විවිධ කාල වකවානු වලදී අපේ මුතුන්මිත්තන් විවිධාකාරයේ චිත්‍ර පිළිම ඒ වගේම සටහන් මගින් මේ අද්භූත අමුත්තන් ගැන කියල තියනවා.. ලෝකේ ගොඩක් ආගම් මේ දේ කියනවා. බය්බල් දේශනා වල, බුද්ධදේශන වල සක්වල ජීවයක් ගැන සඳහන් වෙනවා. ග්‍රීක් පුරාවෘත්ත වගේම මායන් ඉන්කන් ඊජිප්තු වගේම අපේ සිංහල ඉතිහාසෙත් මේ වගේ දේවල්වල සලකුණු තියනවා. එත් අපි මේ දේවල් සාමාන්‍ය ලෙස දකින්නේ ඒවා අපි නිතරම කියවන, නැවත නැවත පැහැදිලි කරන දේවල් උනත් ඒවාට මේ අර්ථ කතන නොදීම නිසා.. ඒ කියන්නේ අපි ඒ දේවල් මේ මාතෘකාව සම්බන්ධ කරගෙන කතා නොකරන නිසාවෙන්.

සක්වල ජීවින් දසදහසක් දෙනා අහන්න ආව සුත්‍ර පිටක බුද්ධ දේශනාවල පැහැදිලිව සඳහන් වෙනවා.. බුද්ධ දේශනා අහන්න එන දෙවිවරු අහස බබුළුවමින් ජේතවනාරාමයට ගොඩබැස්ස වග ග්‍රන්ථ වල සඳහන් වෙනවා. මහා මංගල සුත්‍රයේ මේ බව පැහැදිලිවම තියනවා. එවං මෙසුතන් ඒකන් සමයන් භගවා සවත්තියන් විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඟඥතරා දේවතා අභිඛන්ඨාය රත්තියා අභිඛන් වන්නන් කේවලකප්පන් ඔභාසෙත්වා යනුවෙන් කියන්නේ මෙවැන්නක් නොවේද? ඒ පාලි පිටකයේ තේරුම ගත්විට එය මෙසේ වේ. එක්තරා සමයක මා විසින් අසන ලදී, භාග්‍යවතුන් වහන්සේ ජේතවන විහාරයේ අනේපිඬු ආරාමේ වැඩවසන එක කාලයක එකවිටම රාත්‍රී අහස විවිධ වර්ණයෙන් ඒකාලෝක කරමින් විවිධ වර්ණයන්ගෙන් බබුලමින් දේවතාවෙක් කෛලාසකුටයේ සිට පැමිණියා . මේ කියන්නේ විවිධ වර්ණ විහිදුවන යානයක නැගී විවිධ වර්ණයේ සඥ්යා එලි දෙන නුතන ගගනගාමි ඇඳුමක් වගේ දෙයක්  ඇඳගත් කෙනෙක් මවු යානයේ සිට හෝ තමන්ගේ ග්‍රහවස්තුවේ සිට මෙහි පැමිණි බවක් නොවේද?

බයිබලේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ ගිනි ජාලාවක් මැදින් එන බව..අහස ගිගුරුම් කවන සද්ද එක්ක ඇස අන්ධ කරවන එලි ගැන.. මේ මොනවාද? මේ අහස ගිගුම් දෙනා ශබ්ද එක්ක ආව ගිනි ජාලාවන් ආකාශ වස්තුවක් පහත් කරන දර්ශනයක් වෙන්න බැරිද? දෙවියන් වහන්සේ දශපනත දෙන්න මෝසස් සිනායි කන්ද මුදුනට අඬගහන වෙලාවේදී කියන්නේ කන්ද වටේට වැටක් බැඳලා ජනතාව එයට ලංවෙන එක වලක්වන්න කියල. බයිබලයේ එක්සොදස් 12:19 මෙහෙම කියනවා.. කන්දට පිවිසෙන අයට සීමා පනවන්න. එසේම ඔවුන්ට මෙලෙස කියන්න කන්ද තුලට නොඑන්න. අඩියක් හෝ නොතබන්න. සීමා පසුකරගෙන එන කවරෙකු හෝ වේවා.. ක්ෂණික මරණයට පත්වනු ඇත,.. ඒ ලෙස කියන්නේ ඇයි? අභ්‍යවකාශ යාන පහත් කරන විට ඇතිවන පොලව දෙදරීම, ගෑස් එන්ජින් වල දුම සහ ගිනි සමග එන අධික ශබ්ද මේ ආදී කල්පිත මිනිස්සු පුදුමයටත් භීතියටත් පත්කරන දේවල්. ඉතින් ඒ දේවල් වලින් උන්ව පුදුම කරව උන්ට දෙන්න යන මහාර්ඝ දේ ගන්නටවත් නොසිට පලා ගියොත්? එහෙමනම් මදක් සිතින් මවාගන්න.. මේ අපි අද දකින සයිෆයි සිනමා දර්ශන ඒ කාලයේ ඒ මිනිස්සුන්ට පෙන්නුවොත් ඔවුන් ඒවාට මොනවා කියාවිද?

ආගම ගැන එහෙම කියද්දී, නොකියම බැරි තවත් දෙයක් මගේ මතකයට එනවා. ඒ තම රාම රාවණ යුද්ධය.. මේ යුද්ධයට සම්බන්ධ දෙයක් අදටත් ගාල්ල රූමස්සල තියනවා. ඒ තමා රූමස්සල කන්ද. රාම කුමාරයාගේ පිරිස යුද්ධයෙන් තුවාල වෙද්දී ඔවුන්ට බෙහෙත් කරන්න මේ රූමස්සල පර්වතය හිමාලයේ ඉඳන් ගෙන ආව බව තමා අදටත් ජනප්‍රවාදයේ එන්නේ. ඒ වගේම රාම රාවණ කතාවලත් සඳහන් වෙන්නේ. පුදුමයකට වගේ මේ රූමස්සල වැවෙන සමහර පැල ලංකාවේ ඒ අවට කොතනකවත් නැති බවක් තමයි දැනගන්නට තියෙන්නේ. එත් ඒ පැල හිමාලයේ වාර්තා වෙලා තියනවා. එහෙමනම් මේ රූමස්සල ඇත්තෙන්ම ගලවාගෙන ආව ඔසු උයනක්ද ? එහෙමනම් ඒ කොහොමද? රාම රාවණා කතාව ගැන කියද්දී තව එක දෙයක් කියන්න වෙනවා. ඒ දඬු මොනර යානයෙන් ගමන් බිමන් ගිය රජකෙනෙක් විදියට රාවණ රජු ඉතිහාසයේ සඳහන් වෙනවා. එහෙනම් සමකාලින රාම සතුවත් මේ තාක්ෂණය නොතිබෙන්න හේතුවක් නෑ.. 

ග්‍රීක කතාවල එන ඔලිම්පස් කන්ද ගැන ඔයාල හැමදෙනෙක්ම අහල ඇති.. ග්‍රීක් කතාවලට අනුව ඔලිම්පස් කන්ද මුදුන දෙවියන්ගේ වාසස්ථානය වෙලා තියනවා. නායක සියුස් දෙවියන් ප්‍රමුඛ දේවතාවුන් මේ කන්දේ ඉඳන් ලෝකය පාලනය කරලා තියනවා. ග්‍රීක කතා වල සමහර තැනක කියනවා ඔලිම්පස් කන්ද මුදුන සමහර විටක ගිගුරුම් අකුණු එක්ක අහසට එසැවිලා යනවා කියන එක.. ඒ එක්කම ඒ පළාතම වලාකුලින් වැහෙනවා කියලත්.. මේ කියන්නේ ඔලිම්පස් කඳු මුදුන උඩ අභ්‍යවකාශ යානාවක් තිබුන එකක්ද? එක ගුවන්ගත් වෙන වෙලාවට එන ගෑස් දුම් ආදී දේවල්ද? ඒ එක්කම ඇපලෝ දෙවියා ගැන ග්‍රීක් කතා වල වගේම රෝම කතා වල එකම නමින් කියන්නේ ඔහු ගිනි සිළු විහිදුවන වාහනයෙන් අහස පුරාම ඇවිද්ද බව. ඒ ඇපලෝ දෙවියන් කියන්නේ ජෙට් යානයක් වැනි දෙයක් ගෙනියන නියමුවෙක්ද?

එහෙමනම් මේ පහත පින්තුර ටික බලන්න.. අපේ මුතුන් මිත්තන් එදා ඒ දක්කාවූ දේ ඔවුන්ට තේරුම් ගතහැකි ලෙස සටහන් තබා ඇති හැටි.. මේ පින්තුර සම්බන්දයෙන් වැඩි විස්තර අපි ඊලග ලිපි එක්ක කතා කරමු...

මේ ඇන්ටිකතියරා මැෂින් නමින් හඳුන්වන වසර 2000 පමණ පැරණි පරිගණකය  


පැරණි ගගනගාමි පිළිමයක්.. මේ පිළිම දෙකේම හෙල්මට පලන්දාගන ඉන්න බව පේනවා නේද? ඒ වගේම එකක ගගනගාමියගේ ඇඳුම සම්පුර්ණයෙන්ම නුතන ගගනගාමී ඇඳුමට අතිශය සමානයි.. එහෙනම් මේ වසර 2000 කට එහා අපේ මුතුන් මිත්තන් මේ පිළිම අඹන්නේ හිතලුවකින්ද? බලන්න සම්පුර්ණ පිළිමයේ ගගනගාමියගේ හිසවටා ඇති විදුලි ආලෝක පද්ධතිය?  






දකුණු ඇමරිකාවෙන් සොයාගන්න ලද මේ රන්මුවා ආකෘතිය නුතන ජෙට් යානාවක් වගේ නේද? එහෙමනම් මේත් හිතලුවක්ද? මේ ආකෘතියේ 10 ගුණයක් විශාල අනු ආකෘතියක් පියාසර කර අත්හදා බලා තියනවා. එහිදී හොයාගෙන තියෙන්නේ මේ ආකෘතියට සම්පුර්ණ පියාසර හැකියාව තියන බවක්.. ඉතින්, මේවා දකින්නේ නැතිව ඔවුන් මේ නිර්මාණ කරන්නේ කොහොමද? එහෙමනම් එදා අදට වඩා දියුණු තත්වයක් තිබුණාද?

(මෙය ක්සැන්ඩරයාගේ කොලමේද පලවන ලිපි පෙළකි..)

තරු

Wednesday, November 2, 2011

පි‍ටු පෙරලපු ගාන