Showing posts with label ආගමික. Show all posts
Showing posts with label ආගමික. Show all posts

2012 දී අපි යන්නේ කොයිබටද?

Wednesday, January 11, 2012
පහුගිය කාලයේ අපි කරපු කියපු, බලාපොරොත්තු වුණු දේවල් වලින් මොකද වුණේ..? මොනවද අපි ඉස්සරහට අරං යන්නේ...? මොනවද අපිට වැරදුණේ..? මොනවද පහුගිය අවුරුද්දේ හමුවුණු වැදගත් කඩයිම්...?

අලුත් අවුරුද්ද ලබන දවස් වල.. ඒ කියන්නේ 2012 මුලදී, නැත්නං 2011 අග දී අපි හිතුවා.. අලුත් ප්ලෑන් ගැහුවා.. ඒ අපේ පුද්ගලික සංවර්ධනය වෙනුවෙන්.. මේ ගැන අපේ බ්ලොග් වලත් හොඳ හොඳ ලිපි ලියැවිලා තිබුණා.. මේ මං දැකපු එක අපූරු ලිපියක්..  . ඒ අතරේ මේ වගේ අහිංසක පුංචි බලාපොරොත්තු ටිකක් කැටි කරලා ලියපු ලිපිත්, තම තමන්ගේ ක්ෂේත්‍ර පිළිබඳ ලියපු මේ වගේ ලිපිත් තිබුණා..

ඒත් අපි සමාජයක් විදිහට ඉදිරියට යන්න ඕනි කොහොමද කියලා පොඩ්ඩක් හිතන්න ඕනි කියලා මට හිතුණා..

මම නියෝජනය කරන්නේ සිංහල බෞද්ධ සමාජය නොවැ.. මං මීට මාස 7 කට විතර කලිං ලියපු අපි තවත් ප්‍රමාද වෙමුද? කියන ලිපියෙනුත්, දුෂ්චරිත  ලිපියෙනුත් මං ටිකක් මේ ගැන කතා කළා..

කොහොම වුණත් මං කියන්නේ අපි පුංචි පුංචි දේවල් වලින් පටන්ගමු කියලයි..ඕවා කිය කියා ඉන්නේ..  තමන්ට කරන්න බැරියෑ.. කියලා එහෙම කියන්ට එපා දැං..
මාත් කරනවා.. කරන්ට උත්සාහ කරනවා.. ඔයාලටත් එක්වෙන්න කියලයි කියන්නේ..

ආරම්භයක් විදිහට පන්සිල් රකින්න උත්සාහ කරමුද? පංච ශීලය කියන්නේ අපිට හැදෙන්න පටන් ගන්න තියෙන හොඳම තැනක් කියලයි මට හිතෙන්නේ.. අනික පංචශීලය ගැන මං දකින විදිහෙත් පුංචි පුංචි වෙනස් කම් තියෙනවා..

ප්‍රාණඝාතයෙන් වැළකීම -- අපි වගේම මේ ලෝකේ හැම සතෙක්ම ජීවත් වෙන්න ආසයි. අපේ සැපය පිණිස, අපේ සතුට පිණිස, අපේ පැවැත්ම පිණිස එහෙමත් නැත්නම් අපේ රසය පිණිස මේ සතුන් ඝාතනය කිරීම හොඳයි කියලා කියන්නේ කොහොමද? සමහර විට වෙනත් කෙනෙක් වෙනුවෙන්, ඒ අයගේ පැවැත්ම, ආරක්ෂාව වෙනුවෙන් අපි ප්‍රාණඝාතයට පෙළඹෙන්නත් පුළුවන්.. එතනදී අපි සාධාරණයි කියලා හිතෙන්නත් පුළුවන්.. ඒත් ඇත්තටම අපි සාධාරණ ද? අඩු තරමින් බැරිම තැනකදී විතරක් එහෙම දෙයක් කරන්න හිත හදාගමු...

සොරකමින් වැළකීම -- අනුන් සතු දේවල් කෙරෙහි විවිධ ආශාවන් අපට ඇති වෙනවා.. ඒ ආශාවන් පාලනය කළ නොහැකි වූ විටෙක සොරකම් කිරීමට පෙළඹෙන්නෝ වෙති. විටෙක ඉරිසියාව, වෛරය වැනි හේතු නිසා හොරකම් කිරීමට පෙළඹෙන අයද ඇත.. හුදු විනෝදය සඳහා හොරකම් කරන අයත් ඉන්නවා.... කොහොම කළත් හොරකමට සාධාරණ හේතු සොයන්නට පුළුවං කියලා මට නං හිතෙන්නේ නෑ..

කාමයේ වරදවා නොහැසිරෙමු -- කාම ලෝකයේ විවිධ කාම වස්තූන් පරිහරණය කරන අපි ඒවා කෙරෙහි අසීමිත ආශාවන් ඇති කරගන්නවා.. මේක සාමාන්‍ය අර්ථ කතනයට වඩා වෙනස් තමයි.. ඒත් මට හිතෙනවා මේක නිවැරදි ඇතියි කියලා.. මේ ලිපියේ මං උත්සාහ කළේ මගේ අදහස පහදන්න. ඇස, කණ ආදී පසිඳුරන් පිනවීමේ දී සම්මත බිඳිමින් සහ අන් අයට හෝ තමාට අයහපතක් වන අයුරින් ඉඳුරන් පිනවීම නොකර ඉන්න පුළුවන් නම් මේ සිල් පදය ආරක්ෂා කර ගන්න අපට පුළුවනි..

බොරු නොකියා ඉමු -- අර ඉස්සෙල්ලා කියපු ආශාවන් නිසා වගේම ආරක්ෂාව උදෙසාත්, විහිළුවටත්, ඊර්ෂ්‍යා ආදී දුර්ගුණ පෙරදැරි කරගෙනත් අපි බොරු කියන්න පෙළඹෙනවා.. ඒත් එක බොරුවක් වහන්න තව බොරු දහයක් කියන්න ඕනි කියලා කියමනකුත් තියෙනවනේ.. තමන්ට මොන පාඩුවක් වුණත් ඇත්ත කතා කරන්න පුළුවන් නම් ඒක සංතෝෂ වෙන්න කාරනයක් කියලයි මට හිතෙන්නේ.. බොරු විතරක් නෙවෙයි, සම්ප්‍රප්පලාප, කේලාම්, පරුෂ වචන වගේ මුවින් සිදුවෙන වැරදි බොහෝමයකින් වැළකිලා ඉන්න පුළුවන්නම් ඒක ලොකු දෙයක් නේද..?

මත් ද්‍රව්‍ය වලින් වැළකෙමු --   මත් ද්‍රව්‍ය පිළිබඳ මගේ විග්‍රහයත් ටිකක් වෙනස්. එතනදීත් මම කියන්නේ අපේ සිහිය විකල් කරන්න, නැත්නම් පියවි සිහිය අපෙන් ඈත් කරන්න පුළුවන් දේවල් මත් ද්‍රව්‍ය විදිහට හඳුන්වන්න පුළුවන් බවයි.. ඉතිං මේ දේවල් වලින් මත් නොවී ඉන්න පුළුවන්නං අපට මේ සිල් පදය ආරක්ෂා කරන්න පුළුවන් බවයි මගේ හැඟීම.. මේ ලිපියේ ඔය මත්වීම ගැන මගේ අදහස තියෙනවා..

කොහොමටත් පොඩ්ඩක් හිතන්න.. අපිට මේ ටික ක්‍රියාත්මක කරන්න පුළුවං වුණොත් 2012 විතරක් නෙවෙයි.. අපේ පොඩි එවුන්ගේ අනාගතයත් ලස්සන වෙයි...

අනාගත විප්ලවයේ ඔබේ කොටස ඉටු කරන්න..

ඔක්කොම ටික දුන්නද ?

Sunday, November 20, 2011


දවසක් පිරිමි ළමයෙකුයි, ගෑණු ළමයෙකුයි සෙල්ලං කර කර හිටියලු. පිරිමි ළමය ගාව ලස්සන ජිල්බෝල ටිකක් තිබුනලු. ගෑණු ළමය ගාව ටොෆී වගයක් තිබුනලු.
දෙන්න කතා වුනාලු තමුන් ගාව තියෙන ටොෆී සහ ජිල්බෝල මාරු කර ගන්න. ගෑණු ළමය එයා ගාව තිබුන ඔක්කොම ටොෆී ටික පිරිමි ළමයට දුන්නලු. කොලුව තමුන් ලඟ තිබ්බ ලස්සනම ජිල්බෝලෙ හොරෙන්ම හංගගෙන අනික් ඒව ටික ගෑණු ළමයට දුන්නලු.

තමුන්ට ටොෆී ලැබුනත් හොඳම ටොෆිය නොලැබෙන්න ඇති කියල හිත හිත හිටපු නිසා පිරිමි ළමයට එදා රෑ නින්ද ගියෙ නෑලු. එදා රෑ ගෑණු ළමයට හොඳට නින්ද ගියාලු.



පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්
http://sinhala-catholic.blogspot.com/2011/10/blog-post_24.html

ජේසු කියපු කතාවක්

Sunday, November 6, 2011

සමූහයා අතරින් එක් අයෙක් කතා කොට, "ගුරුදේවයෙනි, මා සමග අපේ උරුමය බෙදා ගන්න මාගේ සහෝදරයාට කිව මැනවැ "යි උන්වහන්සේට කීය. එහෙත් උන්වහන්සේ කතාකරමින්, "මිත්‍රය, ඔබකෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපල බෙදන්නෙකු කොට මා පත්කලේ කවරෙක් ද ? " යි ඔහුගෙන් ඇසූ සේක."තවද, සියලු ආකාර තන්හා වලින් පරිස්සම් වෙන්නට බලාගන්න; මනුශ්්යකුට කොතරම් දේපළ තිබුනත් ඔහුගේ ජීවිතය ඒපිට රඳා නැතැ" යි ඔවුන්ට වදාල සේක. උන්වහන්සේ උපමාවක් කියමින් මෙසේ වදාල සේක;

"එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇතිවිය, එවිට ඔහු තම සිතින් කල්පනා කරමින් , මම කුමක් කරම්ද ? මාගේ භවබෝග රැස්කර තබන්නට ඉඩකඩ නැත, මම මෙසේ කරමි: මාගේ අටුකොටු කඩා දමා විශාල ඒවා ගොඩනඟා, ඒවායේ මාගේ සියලු ධනධාන්්ය රැස්කොට තබා, අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙහි රැස්කොට තිබේ.විවේක සුවයෙන් කා බී ප්‍රීතිවන්නැ , යි මටම කියා ගනිමි" යි සිතීය.
එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතාකොට "අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබගෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස්කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේදැ" යි වදාළ සේක. දෙවියන් වහන්සේ ඉදිරියේ පොහොසත් නොවී, තමාට වස්තු රැස්කරගන්නා අය එවැනිය. යි ජේසුස් වශන්සේ වදාල සේක.
( ලූක් 12 : 13-21 )


** මේක ගෙඩි පිටිං බයිබලෙන් කොපි කල බව කරුනාවෙන් සලකන්න.

ශුද්ධ බයිබලය ගැන ...

Friday, September 9, 2011

බයිබලේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනව. පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම විදියට. පරණ ගිවිසුමේ තියෙන පොත් වල තියෙන්නෙ ජේසු ඉපදෙන්න කලින් සිදුවීම් ( දිවැසිවරු ගැලවුම් කාරයෙකුගේ පැමිනීම ගැන කියපුව වගේ.. ) .. අලුත් ගිවිසුමේ තියෙනෙ ජේසුගේ ඉගැන්වීම් හා උත්තානයෙන් පස්සෙ උන දේවල්.

පරණ ගිවිසුමේ පොත් 45 යි. අලුත් ගිවිසුමේ 27 පොත් යි. ( මේකත් බයිබල් වර්ශන් එක අනුව ලාවට වෙනස් වෙන්න පුලුවන් )

ඔරිජිනල් බයිබලේ පොත් ලියවිලා තියෙනව හේබ්‍රව්, ග්‍රීක වගේ භාශා වලින් .

බයිබල් කියන එකේ තේරුම " පොත් " කියන එක.. ඔව් .. බයිබලේ කියන්නෙ එක එක කාල වකවානු වලදි, එක එක විදියෙ පුද්ගලයන් විසින්, විවිද සමාජ වාතාවරණ යටතේ ලියපු .. විවිද පොත් .. ලියුම් .. කාව්‍ය නිර්මාණ .. වගේ ලේඛන එකට බන්ඩල් කරල හදපු ලොකු පොතක්.

ද්වීතිය නීති සංග්‍රහය වගේ පොතක් සැලකුවොත් ඒකෙ තියෙන්නෙ මීට වසර බරගානකට කලින් මැදපෙරදිග නීතිය.. ව්‍යවස්තාව .. ( දන්නවනෙ ඉතින් මැදපෙරදිග නීතිය ගැන )

ජෝබ් වගේ පොතක් සැලකුවොත් .. ඒක කාව්‍යමය නාට්‍ය පිටපතක් ..
තව තියෙනව සැම්සන් ගෙ කතාව වගේ වීර කතා තියෙන පොත් .. සැම්සන් කියන්නෙ හරියට ලංකාවෙ සරදියෙල් වගේ ඩයල් එකක් .. 100% ක් සමාන නෑ. එත් ඔයාල දන්නවනෙ .. වීර කතා ලියද්දි වීරය කරන හැම දේම හරි කියල තමා ලියන්නෙ .. ඉතින් සැම්සන් වගේ පොතක සැම්සන් කරපු මිනීමැරීමක් වර්ණනා කරල ලියල තියෙන්න පුලුවන්. ඒකෙන් කියවෙන්නෙ නෑ බයිබලේ මිනී මැරීමට අනුබල දෙන පොතක් කියල..
ජේසුගෙ ජීවිත කතාව ලියපු ප්‍රධාන පොත් හතරක් තියෙනව ලූක් , මාක් , ජුවාම් , මතෙව් කියල


රාජාවලිය කියන පොත නිකන් අපේ මහාවංශය වගේ .. ඊස්‍රායෙල් දේශයේ රජ පෙලපත් ගැන විස්තර තියෙන්නෙ .
අන්තිම පොත තමා " එළිදරව්ව " පොත. ඒක ලියල තියෙන්න ක්‍රිස්තියානි ආගමිකයින්ව හොය හොය මරණ කාලෙක. ඉතින් කියන පනිවුඩ මාට්ටු නොවෙන්න කියල ඔය පොත ලියල තියෙන්නෙ සංකේත භාශාවකින්. කියෙව්වට තේරෙන්නෙ නෑ.



ඔය වගේ හැම පොතකටම ඒකට ආවේනිකවුන පසුබිමක් තියෙනව

ඉතින් ඇත්තටම මොකක් හරි පොතක් කියවල ඒකෙ තියෙන පනිවිඩය තේරුම් ගන්නනන්.. ඒ පොත මොකක්ද.. ලිව්වෙ කව්ද ..ලියවුනේ මොන වගේ සමාජ වටපිටාවකදිද කියල හොඳට දැනගෙන ඉන්න ඕන.

දැන් ඔයාලට ලාවට වගේ තේරෙනව ඇතිනෙ එක වාක්‍යක් හරි කොටසක් හරි ඉස්මතු කරල කියවල .. බයිබලේ ගැන හොඳ නරක විවේචන එල්ල කරන එක එච්චර සාදාරන නෑ කියල ..

( මමත් මේ බයිබලේ ගැන ලියන්න ගත්තට මමත් දන්නෙ ඒ ගැන බොහොම ටිකයි .. ලියන ඒවල වැරදි තියෙන්නත් පුලුවන්.. එහෙම දැක්කොත් කරුණාකරල පෙන්නන්න.. )

මීයෙකු වීම සහ මි හදවතක් තිබීම

Sunday, September 4, 2011

මීයා හැමතිස්සෙම පූසට බයෙන් ඉන්නව දැකපු දෙවියන්ට මීය ගැන දුක හිතුනලු. ඉතින් දෙවියො මීයව පූසෙක් බවට පත් කලාලු.
පූසෙක් උනාට පස්සෙ මූ මුලු දවසම බල්ලට බයෙන් ගැහි ගැහි ජීවත් වුනාලු. ඉතින් දෙවියො මේකව බල්ලෙක් බවට පත් කලාලු.

බල්ලෙක් උනාට පස්සෙ මේක දිවියට බයේ දවසම ගැහි ගැහි හිටියලු. දෙවියන්ට මේක ගැන තවත් දුක හිතිල මූව දිවියෙක් බවට පත්කලාලු.

දිවියෙක් උනාට පස්සෙ මූ දඩයක්කාරයොන්ට බයේ දවසම නොසන්සුන්ව ඉන්න ගත්තලු.
මේක දැකපු දෙවියො ආයෙන් මූව මීයෙක් බවටම පත්කරල කිව්වලු "  මම උඹව මොකෙක් කලත් වැඩක් නෑ.. උඹට තියෙන්නෙ මීයෙක්ගෙ හදවතක් "   කියල.


උපුටාගැනීම : http://www.spiritual-short-stories.com/spiritual-short-story-195-Heart+of+a+Mouse.html

නොපිපුනු රෝස මල්

Saturday, August 27, 2011
එක මනුස්සයෙක්ගෙ වත්තෙ රෝස ගහක රෝස පොට්ටුවක් තිබුනලු. මේක දිහා ටිකක් වෙලා බලන්හිටපු මිනිහ හිතුවලු “ මේතරන් කටු තියෙන ගහකින් කොහොමද හොඳ මලක් පිපෙන්නෙ “ කියල .
මේ සිතුවිල්ල නිසා මිනිහ ගහට කරන සැලකිල්ල ටිකෙන් ටික අඩුවුනාලු.
ටික දවසක් යද්දි මල පිපෙන්න කලින්ම ගහ වේලිලා ගියාලු වතුර නැති නිසා.



ඇගේ වරද ගැබිනියක් වීම ද?නැත්නම් මුස්ලිම් කාන්තාවක් වීම ද?

Friday, August 19, 2011
මේ සිදුවීම 2011.08.18 වෙනිද ගාල්ල බස් නැවතුම්පලෙන් රාත්‍රී 10.10 ට පිටත් වෙච්ච ලංගම බස් රථයෙ වෙච්ච දෙයක්.මේ දවස් වල වැල්ලෙ දේවාල පෙරහැර නිසා සැලකිය යුතු පිරිසක් රාත්‍රියට ගමනාගමනයෙ යෙදෙනව.මමත් පිරිත් පලකට ගිහින් ගෙදර එන්න බස් එකට නැගල වාඩි වෙලා හිටියෙ පිටිපස්සෙ සීට් එකේ දකුණු පැත්තෙ කොනේම.



පෙරහැරට ගිහින් හිටි මිනිස්සු නිසා බස් එක පිරිල තවත් 10-12 ක් විතර නැගිටල හිටියෙ.
මේ වෙලාවෙ බස් එකට නැග්ග මුස්ලිම් ජෝඩුවක්.තරුණ පෙනුමක් තිබ්බෙ.ඒ අක්ක පිටිපස්සෙ පාපුවරුව ලඟ බාර් එක අල්ලගෙන හිටියෙ.මම ලාවට වගේ දැක්ක ඒ අක්ක ගැබිනියක් බව.නමුත් වාඩි වෙන්න ආසනේ දෙන්න එයාට කතා කරන්න විදියක් උනේ නැහැ.කොහොම හරි අන්තිමට ඒ අක්ක එක්ක ආව අයියට මං ළඟ හිටපු අංකල් කෙනෙක් සීට් එක දුන්න.
සීට් එක දෙන්න ඒ අක්ක බස් එකට නැගල විනාඩි 10 ක් විතර ගියා.
මේ සිදුවීම මගේ හිතට මොකක්ද කුකුසක් ගෙනත් දැම්ම.එතන හිටපු අනිත් හැමෝම බවුද්ධයන්.අනික හැමෝම වගේ වැල්ලෙ දේවාලෙ ගිහින් එන ගමන්.ඒ වගේ වෙලාවකවත් ඒ අක්කට සීට් එක දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙන්න එච්චර වෙලා ගියේ ඇයි?[මෙතනදි මමත් අදාලයි.]
ඒ අක්ක උනත් මනුස්සයෙක් නේද?අපි වගේම ඇස්,මස් වලින් හැදිච්ච කෙනෙක්.අනික දරුවෙකුත් කුස දරාගෙන.
ඒ අක්කට සීට් එකක් ලැබෙන්න එච්චර වෙලා ගියේ ඒ අක්ක මුස්ලිම් කෙනෙක් වීම නිසා ද?
ආගම් භේදය නිසා මේ වගේ වෙලාවකවත් "මනුස්සකම" වෙනුවෙන් ඒ වගේ යුතුකමක් කරන්න බැරි මිනිස්සු ද මේ රටේ දැන් ඉතුරු වෙලා ඉන්නෙ?
මේ සිදුවීම මටත් එක්තරා ආකාරයක කලකිරීමක් වගේ ම ලැජ්ජාවක් ගෙන දුන්න.මොකද මට ඒ යුතුකම කරන්න බැරි උන නිසා.ඇත්තටම අපි මිනිස්සු නේද?මිනිස්සු මිනිස්සුන්ට උදව් නොකර කාට උදව් කරන්නද?

ප.ලි-මම බ්ලොග් ලිවීමෙන් ඇත් වෙන්න තීරණය කරල තිබ්බත් මේ වෙලාවෙ නම් ඒ තීරණේ කැඩුව.අත්‍යාවශ්‍ය හේතුවක් මත මිස ආයෙත් ලිපි ලියන්නෙ නැ.

හෝදපු රෙදි

Thursday, August 18, 2011



තරුණ ජෝඩුවක් අලුත් ගෙදරකට පදිංචියට ගියාලු. මේ අය උදේ කෑම කද්දි අල්ලපු ගෙදර ගෑණුකෙනා හෝදපු රෙදි වැලට වනනවලු.
බිරිඳ කිව්වලු "අර ගෑනුකෙනාට රෙදි හෝදන්නවත් දන්නෙ නෑ.. බලන්න ඇඳුන් වල පරණ පාට." කියල

අනික් දවසෙත් උදේ ඒ සිද්ධියම උනාලු..බිරිඳ කිව්වලු "සමහරවිට එයා පාවිච්චිකරන්නෙ බාල සබන් ජාතියක් වෙන්න ඇති " කියල.

මේ අදහස් දැක්වීම එක දිගටම මාසයක් විතර සිද්දවුනාලු.

දවසක් බිරිඳ කියනවලු "ශා.. අදනන් අර ගෑණුකෙනා හොඳට රෙදි හෝදල තියෙනව, ඇඳුන් හොඳ පිරිසිඳුවට තියෙනව " කියල.
එතකොට සැමිය කිව්වලු "මම අද උදේම නැගිටල අපේ ජනෙල් වල වීදුරු ටික පිහදැම්ම." කියල.


" How can you say to your brother, 'Brother, let me take the speck out of your eye,' when you yourself fail to see the plank in your own eye? You hypocrite, first take the plank out of your eye, and then you will see clearly to remove the speck from your brother's eye." - jesus ( Luke 6:42 )


අධිරාජ්‍යයකුගේ අන්තිම කැමැත්ත

Tuesday, August 16, 2011

මේ කතාවක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. මාත් නෙට් එකේ දැකපු එකක්.

ඇලෙක්සැන්ඩර්  අධිරාජ්‍යයා යුධජයග්‍රහන ගොඩකට පස්සෙ තමුන්ගෙ රටට එමින් ඉන්නකොට දරුනු විදිහට අසනීප වුනාලු.
තමුන් මරණාසන්න බව දැනෙනකොට රජුට තේරුනාලු තමුන්ගෙ මහා හමුදාව, එකතුකරපු වස්තුව, තමුන්ගෙ කීර්තිය වගේ කිසිම දේකින් වැඩක් නැතිබව.

ඔහු තමුන්ගේ කිට්ටුම හමුදාප්‍රධානීන් කැඳවල ඔහුගේ අන්තිම කැමැත්ත විදිහට ඉල්ලීම් තුනක් ඉදිරිපත් කලාලු.

පලවෙනි එක "මගේ මෘතදේහය රැගෙනයා යුත්තේ මාගේ පුද්ගලික වෙදුන් විසින්ය "
දෙවෙනි ඉල්ලීම "මගේ මෘතදේහය රැගෙන ගිය මාර්ගයේ ,මාගේ භාණ්ඩාගාරයේ ඇති රන්, රිදී, මැණික් ආදිය විසුරුවා දැමිය යුතුයි "
අවසන් ඉල්ලීම " මිනීපෙට්ටියෙන් පිටතට සිටින ලෙස මාගේ අත් තබා පෙට්ටිය වැසිය යුතුයි."

මේ අසාමාන්‍ය්ය ඉල්ලීමෙන් අවුල් උන එක සෙන්පතියෙක් ඇහුවලු ඇයි රජතුමනි ඒවගේ ඉල්ලීමක් කලේ කියල.

රජතුමා උත්තර දුන්නලු, " පළවන ඉල්ලීම - ලොව කිසිම වෙදෙකුට කිසිවෙකු මරණයෙන් බේරාගත නොහැකිබව පෙන්වීමටත්, දෙවන ඉල්ලීම - තමුන් රැස්කල කිසිවන් තමුන් සමග අවසන් ගමනට නොපැමිනෙන බව ඒත්තුගැන්වීමටත්, අවසන් ඉල්ලීම - කිසිවක් රැගෙන නොගෙන පැමිනි අප නැවත යන්නේ හිසතින්ම බව ජනතාවට මතක්කර දීමටත් “ තමුන්ගේ අවසන් කටයුතු මේ අයුරින් කලයුතු බව කිව්වලු.
එහෙම කියල රජතුමා මියගියාලු.

මේ යතාර්ථ්ය රජතුමාට වගේම අපි හැමෝටමත් අන්තිම මොහොතේ අවභෝද වෙනබවනන් මම හොඳටම දන්නව.

ඒත් ජීවත්වෙන කාළය අතරෙත් මේගැන ටිකක් හිතුවොත් කාට කාටත් මීටවඩා සතුටින් ජීවිතේ ගතකරන්න පුලුවන්වේවි.

ඔබත් අදම නිර්මල දහමට එන්න…

Friday, July 22, 2011



අවසර       පතමි සිතුවිලි කවි        කරන්නට
මනහර     බුදු දහම ලොවටම        කියන්නට
මේ වෙර      නිමල දම් ඔබහට     බෙදන්නට
ගෙනහැර     පාමි ලිපි මම යන       ලියන්නට

නිර්මල   අමා     දම් රස   සොයලා  දෙන්නයි
සක්වල   සරා    පින්බිම්     වැඳලා    ගන්නයි
මංගල    මහා  සඳ තතු       කියලා  දෙන්නයි
සිංහල    දනා   මන තුල      මවලා පෙන්නයි

බොදු   සළකුණු ගැනත් වඩවා ගනු       සතර
බුදු      හිමි තතු අසනු ගතකළ පෙර      සසර
පිදු      දින ගැන කියමි බොදු අප හට    පවර
විදු     එළිපෙහෙළි කර පසු ගෙන එමි  මිතුර

බුදු   වදනින්  තමයි අපෙ දිවි      හැදෙන්නේ
මුදු    තෙපළින් යුතුව දෙසු බණ සොයන්නේ
සුදු   බුදුරැස්   වැටී මඟ හෙළි    කෙරෙන්නේ
රුදු   දළ සිත්    සතන් දහමින්     නිවෙන්නේ

අපිත්    පිළිවෙතින් පෙළගැසෙමුද        ඔන්න
මමත්    කැමති සදහම් දානය              දෙන්න
සිතත්    නිවා දහම් සුවය විඳ                ගන්න
ඔබත්    අදම නිර්මල දහමට                එන්න

ජීවිතය...... කටුක බව අත්විදීම!

Saturday, July 16, 2011
හ්ම්. ජීවිතය කියන්නේ මහම මහ පුදුම දෙයක්. වෙලාවට හිතෙනවා මේ ජීවිතය ලැබුනේ ඇයි කියලා. වෙලාවකට හිතෙනවා ජීවිතයක් නැත්නම් වැඩක් නෑ කියලා. ගොඩක්ම මටනම් හිතෙන්නේ මිනිස් ජීවිතයක් ලැබුනේ නැත්නම් මෙලෝ වැඩක් නෑ කියලා. මොකද ඒකට හොඳම උදාහරණේ තමා සත්තු කියන්නේ. සත්තුන්ගෙනුත් අපි සිංහයාව උදාහරණෙට ගමුකෝ....
සිංහයා කරන්නේ කොහොම හරි ගේමක් දීල සතෙක් දඬයම් කරගෙන ඌව කන එක. නමුත් හැමදාම ඌට මේ වැඩේ කරන්න බෑ. මොකද සත්තු හිතලා සිංහයාට අහුවෙන්නෙ නෑනේ. අන්න එතනදී සමහරක් විට කැලේ රජා උනත් දවසක් දෙකක් නැත්නම් සතියක් දෙකක් උනත් බඩගින්නේ ඉන්න වෙනවා. මොකද උන් තණකොල කන්න කියලයැ. උං තනිකරම මාංෂ භක්ෂක සතුන්.
නමුත් ඔන්න ඔතනදී තමයි මිනිහෙක් වෙන එකේ වාසිය තියෙන්නේ. මොකද
අපිට මස් නැත්නම් එලවලු තියෙනවා. එලවලු නැත්නම් පලතුරැ තියෙනවා. පලතුරැ නැත්නම් කොල වර්ග තියෙනවා. කොල වර්ග නැත්නම් පිටිකිරි තියෙනවා. පිටිකිරි නැත්නම් තේ තියෙනවා. තේ නැත්නම් කහට තියෙනවා. කහට නැත්නම් වතුර තියෙනවා. වතුර නැතිඋනත් කොහේ හරි වතුර තියෙනවනේ.ෆිල්ටර් කොරලා පරිභෝජනය කරන්න පුලුවන්. 
ඉතිං මම මේ කියන්නේ අපි වෙලාවකට තමන්ටම බැන ගන්නවා
මොන කරැමයක්ද? මටනම් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ... කරැමෙ කියන්නේ මගෙ ගර්ල්ෆ්රෙන්ඩුත් මාව දාල ගියා(ගැහැණු ලමයිටනම් බෝයි ෆ්රෙන්ඩ් හොඳේ)..ෂික් මගේ වෙලාව.දැං මට මේ ජීවිතෙං වැඩක් නෑ.මම මැරෙනවා.. 
කියලා ඔන්න ඉතිං කඩේට ගිහිල්ලා වහ කුප්පියක් අරං බොනවා. ඉතිං ඔන්න ඉතිං පෙර පිනක් තිබිලා මැරැනොත්නම් හොදයි. මොකද මම එහෙම කියන්නේ දැං පවතින නීතියට අනුව ඔය වහබීලා රජයේ රෝහලකට ඇතුලත් උනොත්(මමනම් දන්නේ රජයේ ඒව විතරයි.අනිත් ඒවගෙත් එහෙමද දන්නෙ නෑ) මල කෙලියයි වෙන්නේ.
   මොකද එක්කෝ අනිවාරයෙන් දඩයක් ගහනවා. එක්කෝ සිමෙන්ති කොට්ට දෙකක්වත් අරං ඕනි කියයි. තව දෙයක්. ඔය වහබොන එවුන් කවදාවත් උන්ගේ දෙමාපියන්ට ආදරේ කරලා නෑ. මොකද පොඩි කාලේ ඉදං දුකටයි සැපටයි ලඟ හිටපු, තමන්ට කන්න නැති උනත් අනේ මගේ දරැවනේ කියලා තමන්ගේ කෑම එක තමන්ගේ දුවට හෝ පුතාට දුන්නු, හොඳට ඇඳ පලදින්න දීලා තමන්ට වඩා උසස් තත්වයකට දරැවාව යවන්න හදන දෙමාපියන්ට මෙහෙම කරන එක හරිද? ඇත්තෙන්ම නෑ. මොකද මොන දෙමාපියෙක්වත් කැමති නෑ තමන්ට ඉස්සෙල්ලා තමන්ගේ දරැවාගේ මළ මිණියට කරගහන්න.

ජීවිතේ තනිකරම කොටිනම කිව්වොත් ගොම ගොඩක් වෙලාවකට. වෙලාවකට සුදු මල් යහනක්. වෙලාවකට හිතාගන්න බැරිතරම් පස්ටයි. කෙසේ උනත් ජීවිතයට බලාපොරොත්තු එක්වෙනවා තමන් කරන වැඩ අනුව. තව දෙයක්. අපේ ජීවිතයට බුදුහාමුදුරැවෝ කියල තියෙන විදිහට ක්ම කියල කොටසකුත් ඉතිරි වෙනවා.
අපේ තෘෂ්ණාවට, ලෝභකමට සහ අනෙකුත් දේවල් වලට මේක ගොඩක්ම පාදක වෙනවා....

දැං ඔන්න මේක කියවලා ඉවරවෙලා කියන්න එපා තෝ මේ මොන මඟුලක්ද කියල තියෙන්නේ.. තොට පිස්සුද? පටංගෙන තියෙන්නේ එකකින්. ඉවර කරල තියෙන්නේ තව එකකින්. ඔය පුරස්නෙට මට දෙන්න තියෙන හොඳම උත්තරේ තමා සිත සන්සුන් වෙලාවක මේ පෝස්ට් එක හොඳට හිතට අරං කියවන්න කියලයි. මොකද ඕනම දෙයක් මොලේට යන්නනම් එ් කියන්නේ තේරැම් ගන්නනම් නිරවුල් මනසක් තියෙන්න ඕනි. ප්‍රශ්ණ කැටිකරගෙන ඒවට මැදිවෙලා කියන දේ අහං හිටියට හරියන්නෙ නෑ. මොකද එතකොට වෙන්නේ, කරන්නේ, කියන්නේ එක එක දේවල්. අන්න බලන්න.. එතනත් ජීවිතියේ යම් කිසි වැදගත් සිද්ධාන්තයක්.. මොකද ජීවිතයට ජීවිතයක් එක් කරන්න පුලුවන් වෙන්නේ සිතුවිලි සමුදායක් තිබ්බතේ විතරයි.
කට්ටයිම අහල ඇතිනේ ජීවිතං අනියතං මරණං නියතං කියලා. ඒ වගේම තව දෙයක්... පවුල් පංසල් අනියතං .... තණිකඩ ජීවිතං නියතං කියන එකත් මතකෙ තියාගන්න.. 


එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.. ආහ්.. කියන්න බැරිඋනානේ.. මේ මගේ පළවෙනි පෝස්ට් එක හොඳේ... හොඳද බලලා කෙමෙන්ටුවක් එහෙම දාගෙනම යන්නකෝ!!!

ලිවිවේ කිනා!!!! (කින්ග් ශාන්)

කොච්චර කල් යයිද ?

Monday, July 11, 2011
මේක Zen කතන්දරයක් ..

දවසක් සටන් කලාව ඉගෙනගන්න තරුණයෙක් ආවලු ගුරුතුමා ලඟට.
මේ තරුණයට පුදුම උනන්දුවක්ලු තිබ්බෙ මේ සටන්කලාව ඉක්මනටම ඉගෙනගන්න.ඉතින් තරුණය ගුරුවරයාගෙන් අහුවලු "මට මේ සටන් කලාව සම්පූර්නයෙන්ම ඉගෙන ගන්න කොච්චර කාලයක් යයිද ? " කියල.
ගුරුතුමා බොහොම සන්සුන්ව උත්තර දුන්නලු "අවුරුදු දහයක්" කියල.

ලෝකයෙන් වසන් කලත්..

Saturday, July 9, 2011
එක ගමක හිටියලු කලුගල් වලින් නිර්මාණ කරන කලාකරුවෙක්. පල්ලියෙ සුවාමිට ඕන වුනාලු මරියතුමියගෙ සුරුවමක් පල්ලියෙ ඉස්සරහ වහලය මුදුනෙන් තියන්න. මේ මනුස්සයට බාරදුන්නලු සුරුවම කලුගලින් නෙළන්න.
දවසක් සුවාමි ගියාලු සුරුවම හදන වැඩේ තත්වය බලන්න.
සුවාමි දැක්කලු සම්පූර්නයෙන්ම වගෙ හදල ඉවර වුන ලස්සන සුරුවමක් පැත්තකට අයින් කරල තියෙනව.
ගල් වඩුව තව සුරුවමක් හද හද ඉන්නවලු.සුවාමි ඇහැව්වලු " ඇයි තව එකක් හදන්නෙ. අර අයින් කරල තියෙන එක පල්ලියට හදපු එක නෙමේද ? "  කියල.

කඳු පිළිබඳව අල් කුර්ආනයෙන්

Thursday, July 7, 2011
කඳු පිළිබඳව අල් කුර්ආනයෙන්  

   Earth නැමැති ග්‍රන්ථයක් ලොව පුරා ඇති විශ්ව විද්‍යාලවල මූලික පොතක් ලෙස භාවිතා වෙයි. මහාචාර්ය එමරිටස් ෆ්‍රූන්ක් ප්‍රෙස් (Frank Press) යනු එම ග්‍රන්ථයේ කතුවරුන්ගෙන් කෙනෙකි. ඔහු හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්(Jimmy Carter) මහතාගේ විද්‍යා උපදේශක ලෙසද කටයුතු කළේය. එසේම ඔහු වසර දොළහක් වොෂිංටනයේ ජාත්‍යන්තර විද්‍යා ඇකඩමියේ සභාපති ධූරය ද හෙබවීය. ඔහුගේ ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට කඳු වලට යටින් පොළව තුළ ගිලුන මුල් 2 පවතන ලෙසත් මේවා ඉතා තදින් පොළව තුළට කාවැදී ඇති බැවින් කන්දකට කූංඥයක හැඩයක් ලැබී ඇති බවද සඳහන් වේ.

අපි පොළොව අතුරණයක් නොකලෙමුද? කඳු කූංඥ මෙන් නොකලෙමුද?
(අල් කුර්ආනය 78:6-7)
9 රූපය
ගැඹුරු මුල් පැවතීම හේතුවෙන් කඳුවලට කූංඥ හැඩයක් ලැබී ඇත්තේ කෙසේ දැයි පෙන්වන තවත් රූප සටහනක් (Earth,Press and Siever, පිටුව 413.)



7 රූපය
කඳුවලට පොළොවේ මතු පිට පෘෂ්ඨයෙන් යටට විහිදුන ගැඹුරු මුල් ඇත.
(Anatomy of theEarth, Cailleux,පිටුව 220.) 

8 රූපය
දික්කඩක් කූංඥ හැඩය ගත් කඳුවලට පොළොව තුළට කා වැදුණු ගැඹුරු මුල් පවතියි.(EarthScience, Tarbuck and Lutgens පිටුව 158.)



    නවීන විද්‍යාව මඟින් කඳු වලට පොළොව මතුපිට පෘෂ්ඨයෙන් යට, පොළොව තුළට ගැඹුරින් කා වැදුණු මුල් පවතින බවට සනාත කර ඇති අතර (9 රූපය) මෙම මුල්වල ගැඹුර, පොළොවෙන්1 උඩට මතු වී අපට පෙනෙන කඳුවල උස ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් විශාලය. එබැවින් මෙම තොරතුරු සැලකීමට ගන්නා විට කඳු හැඳින්වීම සඳහා "කූංඥය" යන වචනය ඉතාම උචිතය. මක්නිසාද යත් බොහෝ  විට පොළොව මත මනාව ගසන ලද කූංඥයක විශාලම කොටස පොළොව තුළ සැඟවී පවතී.

    විද්‍යාවේ ඉතිහාසය අපට පවසන්නේ, කඳුවලට යටින් ඇති ගැඹුරු මුල් පිළිබඳව සිද්ධාන්තය හදුන්වාදුන්නේ 1865 දී තාරකා විද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් ජෝර්ජ් අයිරි රෝයල්(Royal, Sir George Airy)­ විසින් බවයි.2

පොළොවේ මතුපිට සිවිය සමතුළිත තාවයේ තබාගැනීම3 සඳහා කඳුමඟින් විශාල මෙහෙයක් සිදු කෙරෙයි. කඳුමඟින් පොළොව චලනය වීම අඩු කරයි.

දෙවියන්වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආනයේ මෙසේ පවසයි.

ඔබ හා පොළොව කම්පා නොවනු පිණිස  තදින් පොළොවට සවි වූ කඳුද,
ඔබට හරි මඟ දැනගනු පිණිස  ගංගාද මංමාවත්ද එහි පිහිටෙව්වේය.
(අල් කුර්ආනය 16:15)
මෙලෙස ඉතා මෑත කාලයේදී දියුණු තාක්ෂණික  ක්‍රම(Plate Tectonics) මඟින් සොයා ගත් ආකාරයට කඳු පොළොව සමතුළනය කිරීමට විශාල කාර්‍යභාරයක් ඉටුකරයි. මෙම සොයා ගැනීම් වල මුලාරම්භය සිදුවූයේ 1960දී පමණ වූ මෑත කාලයේදීය.4

  ඇත්තටම වක්තෘ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම්  තුමාගේ කාලයේ සිටින ලද කිසිකෙනෙකුට කඳුවල සැබෑ හැඩය ගැන මෙසේ වැටහීමක් තිබෙන්නට ඇත්ද? ඇත්තෙන්ම ඒ කාලයේ සිටි මිනිසෙක් තමා ඉදිරියේ පවතින විශාල, උස්වූ කන්දක් දෙස බලා මෙහි පොළොව යට මෙම කන්දට යටින් විශාල මුලක් පවතියි යැයි විද්‍යාත්මකව සිතන්නට ඇත්ද? කිසිසේත්ම නැත. හේතුව එදා මිනිසාට ඒ පිළිබඳව ඥානයක් නොතිබීමයි. කෙසේ නමුත් නවීන භූ විද්‍යාව මඟින් කුර්ආන් වැකිවල තිබූ සත්‍යතාවය අද දින වන විට ඔප්පු කර අවසානය.

ඔබට ඉස්ලාම් වෙතිනි
Footnotes:
(1) Earth, Press and Siever, p. 435.  Also see Earth Science, Tarbuck and Lutgens, p. 157.
(2) The Geological Concept of Mountains in the Quran, El-Naggar, p. 5.
(3) The Geological Concept of Mountains in the Quran, p. 5.
(4) The Geological Concept of Mountains in the Quran, pp. 44-45. 
(5) The Geological Concept of Mountains in the Quran, p. 5.

විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන්

Friday, June 24, 2011

විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන් 

නවීන අජටාකාශවිද්‍යාවෙහි නිරීක්‍ෂණ වලට හා න්‍යායයන්ට අනුව එක්තරා කාල වකවානුවකදී මුළු විශ්වයම එකම "දුමාරයක් " බව පැහැදිළිවම පෙන්නුම් කරයි. (එය විනිවිද නොපෙනෙන ඉතාමත් අධික ඝනත්වයෙන් යුත් උණුවූ වාතයෙන් සමන්විතය)1 මෙය නවීන අජටාකාශවිද්‍යාවෙහි පවතින මතභේදයට තුඩු නොදුන් මූලධර්මයන්ගෙන් එකකි. එම දුමාරයෙහි අවශේෂයන් මඟින් නව තාරුකා ඇතිවීම නිරීක්‍ෂණය කිරීමට විද්‍යාඥයන්ට වර්ථමානයේදී හැකිවී තිබෙයි. (1  හා 2  රූප සටහන් බලන්න) රාත්‍රි අහසේ අපට දක්නට ලැබෙන දීප්තිමත් තාරකා සියල්ලද විශ්වයෙහි පවතින අනෙකුත් සියළුම දේවල්ද එම "දුමාරයට  අයත්ව තිබුණි .

පි‍ටු පෙරලපු ගාන