කියවීම

Tuesday, November 22, 2011
සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසේ, අපි ගොඩ දෙනෙක් පොත් මිලදී ගනන් පොත් ප්‍රදර්ශනය තියෙන්නෙත් ඒ මාසෙ. ඊට පස්සේ ඔක්තොම්බර් කියන්නේ කියවීමේ මාසය. මන් හිතන්නේ සැප්තැම්බර් ගත්ත පොත් ටික කියවන්න තියෙන මාසේ. දැන් නොවැම්බර් වෙලා ඒත් මන් සැප්තැම්බර් ගත්ත පොත් වලි තාම බොහෝම ටිකයි කියවලා ඉවර කලේ කලින් අවුරුදු වල ගත්ත පොත් හිටන් තියෙනවා කියවලා නැති.

මන් පොත් කියවනවා ඒත් මන් දන්නේ නැහැ මන් කියවන විදිහ හරිද කියලා. ඒ කියන්නේ පොතක් අරගෙන කියවද්දි මතුපිටින් කියවෙන කතාව හැර දෙයක් මගේ ඔළුවට යන්නේ කලාතුරකින්. සමහර පොත් ගැන අනික් පොත් කියවන අය කියවන දේවල් බැලුවම එහෙම දේවල් ඒ පොතේ තිබුනද කියලවත් මන් දන්නේ නැහැ.

කම්මැලි පොතක් ඇරුනම අනික් පොත් ආසවෙන් කියෙව්වත් ඒ පොත්වල මතුපිටින් කියැවෙන කතාව හැර ලේඛකයා විසින් ඊට වඩා ගැඹුරු පණිවිඩයක් දීලා තියෙනවනම් ඒ ඒගේ දේවල් මට ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ විදිහට පොත් කියවන එකේ තේරුමක් තියෙනවද කියලා මන් දන්නේ නැහැ. 

අපේ පොත් ගැන විචාර කියවන්න ලැබෙන්නේ කලාතුරකින් ඒ විචාරත් ගොඩක් වෙලාවට හිතවත්කම් මත ලියැවෙන ඒවා කියලා ගොඩ දෙනෙක් කියන්නේ ඒක නිසා මැදහත්ව පොතක් ගැන ලියපු විචාරයක් අපිට බලන්න ලැබෙන අවස්තා නම් නැති තරම්. එහෙම උනාම මන් වගේ පොත් කියවන අයට හොඳ පොතක් අඳුනා ගන්න, පොතක මතුපිටින් කියැවෙන කතාවට වඩා ගැඹුරින් කියැවෙන දේ ගැන දැනගනන් තියෙන අවස්තා නම් ඇත්තේම නැති තරම්.

මේක ලිව්වේ මන් දනන්වා මන් පොත් කියවන විදිහ මීට වඩා හරි විදහට කරන්න ඕනේ කියලා ඒත් ඒක කරගන්න අවස්තාවක් අපිට නැති නිසා. සමහර විට ඒ වගේ තේරුමක් ඇතුව පොත් කියවනව නම් මීට වඩා පොත් වල තියෙන දේවල් රසවිඳින්න ලැබෙයි කියලා මන් හිතන්නේ.


පි‍ටු පෙරලපු ගාන