පමාවී ආ වසන්තය

Thursday, June 16, 2011
මං ඔයාව ගොඩක් හෙව්වා. 
ඔව් ගොඩක්. 
ගොඩක්ම ගොඩක් කල් ගිහින් අපිට අපිව හම්බුනා. 
දන්නවද ඒත් අපි පරක්කු වැඩියි. 
ජීවිතේ හැම දේම අපිට ඕන වෙලාවට ලැබෙනව නං? 
අනෙ දෙවියනේ, 
එහෙනං අද ඔයාගෙ අතේ එල්ලිලා 
උදේට ඉස්කෝලෙ යන පුංචි කෙල්ලගෙ 
අම්මා වෙන්නෙ මම නේද?? 
හැමදාම පාන්දර 4ට ඇහැරිලා 
මං හදල දෙන කෑම එක 
ගොඩක් ආදරෙන් අරන් යන්නෙ ඔයා නේද? 
අපිට කොතනද වැරදුනේ? 
ඔව් මට තේරෙනවා හැම දේටම වැරදි මේ කාලය. 
ඇයි එදා මුගැසුව නැති අපි දෙන්නව අද මුනගැස්සුවෙ ඇයි????
 හැමෝටම හොරා 
හෝටල් කාමරේට තනි වෙන්න තරන් 
අපෙ ආදරේ අසරන කරේ ඇයි?? 

(මං ලියන කිසිම දෙයක් කවි නෙවෙයි. අනේ කවුරුත් වැරදියට වටහා ගන්න එපා. මේව නිකන්ම නිකන් මගේ අදහස් විතරයි. මට හිතෙන දේවල්. සමාජෙ මෙ වගේ ආදර කතා ගැන තියන තත්වෙ ගැන මං දන්නවා. කට්ටිය මට බනින්න එපා. මේක ඒ අයගෙ පැත්තෙන් මං දැකපු දේ....)

මගේ කැඩෙට් ජීවිතේ රසමුසු තැන්

මෙන්න මමත් කුළුදුලේ සිතුවිලි පවුරට කතාවක් කොටන්නයි යන්නේ.වැඩිය කියවන්න ඕනි නැ.එහෙම උනහම කම්මලිනේ.ඔන්න කෙලින්ම කතාවට බැස්ස.කට්ටිය දන්නවනේ කැඩෙට් කියන දේ ගැන.දන්නේ නැද්ද?මලා.දැන් ඔය විශ්‍යවිද්යල බබාලට දෙනවා කියන්නේ ඔය කැඩෙට් පුහුණුව තමා.මමත් 2006 ඉදන් ජාතික ශිෂ්‍ය භට බලකායේ ක්‍රියාකාරී භටයෙක් 2011 වෙනකන්.මේ තමා මගේ අවසාන අව්රුද්ද.එක ගැනනම් ගොඩක් දුකයි.කතාවෙන් පිට පැන්නද මන්ද.ඒ උනාට හැදින්වීමක් තියෙනකොටනේ ලස්සන.හරි හැදින්වීම ඉවරයි.
මෙන්න මේකයි කතාව.මේක උනේ 2010 අව්රුද්දෙ.ඒ කියන්නේ මම නාවික සහ ගුවන් හමුදා වාර්ෂික ඇගයීම කඳවුරට සහබාගි වෙලා ඉන්නකොට තමා.ඒ වෙනකොට මගේ රෑන්ක් එක කණ්ඩායම් කනිෂ්ට මෙහෙයුම් නිලදාරී(CJUO,CQMUO) වෙලා තිබුනේ.ඒ කියන්නේ ආමි එකේ රෑන්ක් එහෙකින් ස්ටාෆ් කියන රෑන්ක් එක.ඉතින් ඔය රෑන්ක් එකේ ඉන්නකොට කට්ට වැඩිය නැ ඒ උනාට වගකීම වැඩි.දන්නෝ දනිති.ඉතින් මේ වගේ කම්ප එහෙකට සෙට් වෙනවා ලංකාවේ හැම පැත්තකම ඉන්න කැඩෙට්ල,ඔෆිසර්සලා මටත් සෙට් උනා එල කිරි වගේ සෙට් එකක්.වැඩ කරගන්න ලේසි.ඉතින් මට සෙට් උනා එල ඩයල් එකක් බණ්ඩාරවෙල ස්කොලෙකින් ආපු.නමනම් කියන්න බැ.මම ඕනි තැනදී බණ්ඩා කියල කියන්නම්.එදා රෑ කෑම කන වෙලාවේ මම කොලබ පැත්තේ ස්කොලෙක අයට සද්දයක් දැම්ම කියල මට ගහන්න සෙට් වෙලා ඉන්නවා කියල ආරංචිය ආව.මාත් බැලුව කව්ද දෙයියනේ කුළුදුලේ ගහන්න ඉන්නේ කියල.මොකද මම කැම්ප් එකේ කාත් එක්කවත් ගහගෙන නැ.අනික මම ආමි, 2006 ඉදන් කැම්ප් එනවා එහෙව් එකේ මට ගුටි කන්න පුලුවන්ද මේ අලුතෙන් කැම්ප් ආපු සෙට් එහෙකින්.මට ආරංචිය අවේ රැට මම බිලට් එකට යනකොට ගහනවා කියල තමා.මාත් ඉතින් වැඩ ටික ඉවර වෙලා රෑ යන්න පිටත් උනා.මම බිලට් එකට යනකම් කිසිම අව්ලක් උනේ නැ.ටික වෙලාවකින් මට ඇහෙනවා එහා පැත්තේ බිලට් එහෙකට සර්ලා වගයක් ඇවිල්ල කියල.මොකද මහියංගනේ ස්කෝලයක් එකෙක්ට අල්ලගෙන ගහල තිබුන එදා රෑ කානුවක දාගෙන.ඉතින් මමත් ගිය මොකද්ද අව්ල කියල බලන්න.යනකොට අපේ සේරම අන්ඩර් ඔෆිසර්සලා ඉන්නවා එතන.එතකොට එතන හිටපු මගේ යාලුවෙක් සර් කෙනෙකුට කිව්වා මට ගහන්න ඔන්න කතාව.පස්සේ කොලබ ස්කොලේ සාජන්ට්ව ගෙනල්ල ඇහුව සඳරුවන්ට ගහනවා කියන්නේ ඇත්තද කියල.පස්සේ මු කිව්වා නැ සර් ගහන්නේ නැ කියල.එහෙනම් මගෙන් වැදලා සමාව අරගෙන සතියම මගේ බූට් පොලිෂ් කරන්න කිව්වා.මටත් මාර හැපී.ඇයි දෙවියනේ සතියම
බූට් පොලිෂ් කරලා දෙනවනම් කව්ද එපා කියන්නේ.මාත් හිටිය සද්දේ වහල.
ටික වෙලාවකින් අපිට ඇහෙනවා උඩ බිලට් වල කෙල්ලෝ හු තියල කැ ගහනවා.මොනවා උනත් කෙල්ලොනේ.උන්ට මොනවා හරි උනොත් අපිට ඉදලා වැඩක් නැනේ.එක නිසා අපිත් කැ ගහගෙන ඒ පැත්තට දිව්වා.එතකොට අපි දැක්කා එකෙක් කළු කිට් එකක් ගහගෙන දුවනවා.මුලින්ම දුවගෙන ගියේ සර් කෙනෙක්.පත පොල්ලකුත් අතේ තිබුන.එකෙන් එකෙක්ට ගැහුවොත් මැරිලා වැටෙනවා.සර් පැනපු ගමන් ගැහුවේ නැ.මොකද අරු එතකොට බිම වාඩිවෙලා සර්ට වදිනවා අනේ සර් ගහන්න එපා කියල.පස්සේ අපිට වෙච්ච දේ දැකල අම්බානකට හිනා.සර්ලත් හිනාවෙනවා.
බලනකොට වදින්නේ අපේ බණ්ඩා.පස්සේ කෙල්ලෝ ටික එලියට ඇවිල්ල සිද්දිය කිව්වේ.කව්ද එකෙක් ජනෙලෙකින් අත දාල.ඒ බය තමා මුන් කැ ගහල තියෙන්නේ.බලනකොට බණ්ඩා ඇවිල්ල තියෙන්නේ කගහන්නේ ඇයි කියල බලන්න.සිද්දිය බලන්න ආපු බණ්ඩා තවපොඩ්ඩෙන් ගුටි කනවා.මොකද මු ඉදලා තියෙන්නේ විසිට් එකක් යන ගමන්.කෙල්ලෝ කගහුව නිසා ඇවිල්ල බණ්ඩා දොරට ගහල පයින්.එතකොට කෙල්ලෝ තව හයියෙන් කැ ගහල.පස්සේ මහා රෑ අපිට කව්ද බිලට් එකට පාන්නේ කියල හොයන්න උනා.එත් හොයාගන්න උනේ නැ.අපිට පාන්දර 4 වෙනකොට අපහු ඩියුටි.එත් අරුව හොයල බිලට් එකට එනකොට පාන්දර 3.30.ආපහු එහෙම්මම ඩියුටි ගියා.දවස් දෙකක් එකම ඇදුමෙන් ඩියුටි.
මේ එක සිදුවීමක් විතරයි.මම 2006 ඉදන් කැඩෙට් කරන්නේ මේ වගේ සිදුවීම් ඔනිතරම් තියෙනවා.මම හිමිට එක එක දාන්නම්.

යලිත් එනු මැන

ගිලන් වූ රිවි කිරන 
සිතිජයේ ඉම වසා,
සැගව ගිය මොහොතකදි
මැවුන ඒ රූ රටා,
පෙර දිනක මතකයන්
සොදුරු නුඹ ගැබ පුරා,
විසුරුවා හරිද්දී
සොයන්නෙමි ඔබව මා,
නෙතු වලට නිදි නොමැත
දෙනෙත් පිය බොද වෙලා,
මතක මං පෙත පුරා
ඔබෙ සුවද තැවරිලා,
නමුදු නොදනිමි සුවද
‍රැගෙන ඔබ කොහි ගියේ,
යලිත් එනු මැන මගේ ,
හදෙහි ‍රැදි සුසුම සේ,..

මුහුදු වෙරළේ විඳිමු

ආදරේ
තිත්තද?පැණිරසද?
නෙල්ලි වගේ
රසයන් ගොඩක්ද?

කියන්නට නොතේරේ
හදවතට දැනේ
වචනයට පෙරලන්න
මා සිතට නොතේරේ

අත්වැල් පටලගෙන
මුහුදු වෙරළේ ඇවිද
යන දිනෙක අප දෙදෙන
විඳිමු ඒ ආදරය

හදපානෙ නිරුවත් වානරයා



මේක  මම මගේ බ්ලොග් එකේ පලවෙනි කතාව විදියට දාපු කතාව.. වැඩිදෙනෙක්ට කියවල තිබුනෙ නෑ.. සිතුවිලි පවුරට එන අයට කියවන්න ඔන්න මම දාන්ව මේකෙත් ඒ ලියපු විදියටම..


  යකෝ මැරිච්ච එකා මැරුණා.. ඒ වෙනුවෙන් ආපු එවුනුත් දැන් මැරෙන්න යනව මේ ගෙදර එකාලන්ට ගානක් නැති හැටි.. දැන් 12 ත් පහුවෙලා තාම එකෙක් කිවුවද ඔය ළමයිත් බත් ඩිංගක් කන්න කියල.. අපිටත් ඉතිං හොද පාඩන් .. මල ගෙදරක් කිවුවොත් අපි එතන.. ආයෙ ඉතිං හෝදන්න දෙයක් නෑ ඒකෙ.... මැරිච්ච් එකා සුදුද කලුද කියලවත් අපි දකින්නෙ නෑ සමහර වෙලාවට.. මේකත් ඉතිං ඒ කැටගරියෙම එකක් තමයි...අපෙ එකෙක් හවස දුවගෙන ඇවිල්ල කියනව මලගෙදරක් කියල... තව එකෙක්ගෙ බාප්ප කෙනෙක්ලු....ඉතින් අපිත් කෙලගෙන ආව.. බාපාද පුංචි අම්මද වැඩක් නෑනෙ මැරුනෙ. කවුරු හරි මැරිලනෙ... කොහොම හරි කොහොම හරි පැය 2ක් විතර බස් හුචක්කුවකත් ඇවිත් මලගෙදරට ඇවිල්ලත් පැය දෙකකට වැඩියි... හප්පා... උහුලන්න බෑ බඩේ ගින්දර..ඇවිල්ල කන්න නැතිවෙන කොට තමයි මලගෙදර වෙච්ච එකාගෙයි මැරිච්ච එකාගෙයි පතුරු යන්නෙ
"යකෝ පැංචෝ... උබලයි බාප්පා කිවුව නේ ද මැරිල ඉන්නෙ... පුංචි අම්මත් ඊට කලින්ම ටිකට් කපාගෙනද... බත් ඩිංගක් කන්න එන්න කියන්න එකෙක් නැත්ත යකෝ...."
"මේ උඹවත් ගිහින් බලපන්කො.. උඹලගෙනෙ යකෝ නෑදෑයො මලගෙදරට ආපු එවුන්ට ඔහොමද සලකන්නෙ..."
අනේ බං පැංචො මාර බඩගිනි මොනව හරි කරපන්කො"
පැංචගෙ තමයි බාප්පද කවුද මැරිල තියෙන්නෙ.. සෙට් එකේ හැම එකාම පැංචට බර බරේ දාන්න ගත්තෙ බඩගිනි වැඩි කමටමයි
"නෑදෑයො කිවුවට ටිකක් දුරින් බං... මෙහෙ අය මම එච්චර අදුනන්නෙ නෑ..."
අපෙ එවුන්ගෙ කෙලවරක් නැති අවලාද හමුවෙ මෙච්චර වෙලා නිහඩව ඉදපු පැංචා කට ඇරියා..
"මොන .............. මෙ කියන්නෙ ? දැන් තොපේ බාපා කිවුව නේ ද මැරුනෙ..??"
ඌ කියපු කතාවට මටත් මල පැන්නා... හොද වෙලාවට මම කට අරින්න කලින් අභිඳර්ම පාටෙකුත් එක්කම අමිලය ප්‍රස්නෙ අහුවා..
නැත්නම් ඉතිං මගෙන්නම් දෙක තුනක්වත් කියවෙනව.. ඒ තරමට බඩගිණි.. ඇස් දෙක පේන්නෙත් නෑ වගෙ. වචනත් ගොත ගැහෙනව..
"බාප්ප කෙනෙක් තමයි බං..."
"කෙනෙක්..?"
"බාප්ප කිවුවට අපෙ බාපාගෙ මස්සිනා ඉන්නවනෙ ඒ කියන්නෙ පුංචි අම්මගෙ මල්ලි... අන්න පොර බැදපු එක්කෙනාගෙ ලොකු තාත්තගෙ පුතෙක්කද කොහෙදො...."
ඔන්න නෑද කම.....
"තොගෙ @$%%^%#@@$#%^&^*&(**&%^%$#@....." තොට පිස්ස්සුද මූකල් බස්සො.. තො එහෙනම් අපිට කිවුවෙ බාප්පා කියල..#$^#%^$%
තෝවත් දන්නෙ නැති ගන් කබරයො මැරුනාම අපි මලගෙවල් වල ඇදගෙන එන්න.... ආ ඒක කමක් නෑ කියමුකො වතුර උගුරක් බිවුවද ආවට පස්සෙ...කියපං මට "
කෑදරටත් හොදටම මල පැනල.. පොරට කෑදර කියන්නෙ නිකන් නෙවෙයි.. ඌට බඩගිනි වැඩි වේගෙන එනකොට මොලේට ලේ යන නහරෙ වැහෙනව... ඊට පස්සෙ කට සහ සරීරෙ විතරයි වැඩ කරන්නෙ මොලේ නෑ... මම බයේ ඉදියෙ කෑදර ඒ තත්වෙට මොන වෙලාවෙ පත් වෙයිද කියල .... එහෙම උනොත් පැංචගෙ මල ගෙදරත් අපිට නයිටක් ගහන්න වෙනව ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ ... ඒක නිස මම බබාට ඌව ඇහෙන් පෙන්නුවා.. මොන හරි උනොත් අල්ලගන්නෙ නැතෑ.. කෝකටත් සූදානම් සරීරෙ හොදයිනෙ..
"මම පොඩි මල්ලිට කිවුවෙ බාප්ප කෙනෙක් කියල බං... ඌනෙ ඇවිත් කියල තියෙන්නෙ බාප්ප කියල මම මොනව කරන්නද..."
පැංචත් අපේ එවුන්ගෙ රැවුම් ගෙරවුම් වලින් බේරෙන්න නිදහසට කරුනු කියනව... දැන් ඉතිං මුන් දෙන්නගෙම බඩමාලු කෑවත් මදිනෙ මොනව කරන්නද...ශිකේ ශිකේ.... කෑවයින් කෑවෙ නෑ මෙහෙම කට්ටක්.... නොදකින් විතරක්....
"මෙ මේ මගුල හරියන්නෙ නෑ යමන් කුරුම්බයක්වත් බාමු නැත්නම් ඉතිං බඩගින්නෙ මැරෙනව..."
ඔය තියෙන්නෙ අප්ප ටිංකිරි අදහස්... බඩගිනි වැඩි වෙනකොට තමයි අපේ උන්ගෙ ටිකිරි මොල ටික වැඩ කරන්නෙ කෑදරයගෙ ඇර..
චූටිය කියපු කතාවට කවුරුත් එක පයින් කැමති උනා... ඒ ත් ඉතින් පුරුදු ප්‍රාන්තෙත් නෙවෙයි.. එහෙම කියල පුලුවන්ද කැලේ මාරු උනාට කොටියගෙ අර මොක්ද එක මාරු වෙන්නෙ නෑ කියනවනෙ..
කස්ටියම එකා දෙන්න පල්ලම් බැස්ස... මල ගෙදර ඉස්සරහම තියෙන්නෙ ලොකු වෙල් යායක්. ඒ අයිනෙන්ම පාර... හද එලියට සෑහෙන්න දුර පේනව මාරම ලස්සනයි... ඒ උනාට අපෙ රසවින්දර හැකියාවත් යටපත් කරගෙන බඩගින්න ඔලුවටම ගහලයි තිබුනෙ.. අපි ටික දෙනා හිමීට වෙල අයින දිගේ වැටිල තියෙන පාර දිගේ ඇවිතගෙන යනව...මිශන් ඔෆ් බඩගිනි මානුසික මෙහෙයුම උදෙසා...
ලබල තිබුන ග්‍රහය ඒ තරම් නරක නෑ වගේ.. වෙල් යාය ඉවරවෙන තැනම තියෙනව ලොකු පොල් වත්තක්ම.. ඔන්න දැන් සෙට් එකේම මූනෙ හිනා ඉරවල් මතුවෙනවා...
"මෙ තියෙන්නෙ බඩු.. හැබැයි ගස් තමයි උස..."
චූටිය ඉනට අත් දෙකත් ගහගෙන පොල් වත්ත දිහා බලාගෙනඉන්නෙ නිකන් කාලෙකින් තමන්ගෙ වත්ත බලන්න ආව අයිති කාරය වගේ
"එහෙනම් උඹ කොට ගස් හොයපං.. හරියට මූ නගිනව වගේ.. "
නතා දැම්ම චූටියට උදැල්ල.. නාත තමයි අපෙ සෙට් එකේ සුපර්ම ෆ්යිලට... ගහක් කොච්චර උසද පොරට ගානක් නෑ...
"නෑ ඉතිං උබලගෙ හොදටනෙ බං කිවුවෙ.." චූටියත් ශේප් උනා... පාර අයින දිගට එකසියගානට කටු කම්බි ගහල නිසා ඇතුලට යන්න ටිකක් අමාරුයි.. අපි වත්ත් මායිම දිගේ ගිහින් වෙලේ නියරට ඇවිත් එතනින් වත්ත් ඇතුලට ආව... තැන තැන පොඩි පදුරු ටිකක් ඇරුනාම වෙන මොනවත් ගස් නෑ තනිකරම පොල් විතරයි.. අපි වෙල පැත්තෙන් ආව නිසා පාර පේන්නෙත් යන්තමට.. අනිත් දෙපැත්තෙම වෙල එහාපැත්තෙ පේන තෙක් මානෙ වෙනකම් පොල්වත්ත.. කවුරු දකින්නද..
ඔන්න කස්ටිය සෙට් උනා ගස් නගින්න...
නාතා අමිලයය දෙන්නට තමයි හොදටම ගස් නගින්න පුලුවන්.... මටත් ඔය ලාවට ගහකට බඩගාගන්න පුලුවන්... ලාවට හරි නැගගත්තොත් ඉතිං බඩටනෙ.. ඔන්න මම නාත අමිල සෙට් උනා නගින්න.. ඒ ත් ඉතිං පොඩි කොස්සක්... පින්නට ගස් තෙමිලයි තියෙන්නෙ නැග්ගොත් හැමතැනම දියසෙවෙල්... උදේ පාන්දර මේව ඇදගෙන බස් එකෙත් යන්න ඕනෙනෙ තුන්දෙනාම සියලු වස්ත්‍ර උනා තැබුවා.. හරියට දියකෙලියට ආව දුටුගැමුණු කුමාරයා හා පිරිස වගේ.. කවුරු දකින්නද මෑ මහ රෑ....




දිග වැඩිවෙනව නේ... ඊලග කොටස වෙන පෝස්ට් එකකින් දාන්නම්...





වල් අදහස් නැති අයට...

මටත් අවා ඔය වගේ msg 2ක 3ක්ම....


boy = ඉන්නකෝ මං හිමිට දාන්නං,
girl = අනේ මට රිදෙයි  පැටියෝ,
boy =පොඩ්ඩක් රිදුනට මොකද,
girl = ආහ්......රිදෙනවා රත්තරන්..
boy =ඉවසං ඉන්න කෙල්ලේ තව ටිකයිනෙ..
girl =එක හරිම හිරටනේ යන්නේ.. එලියට ගන්නකෝ...
boy =එහෙනං කමක් නැ රත්තරං.. 
  අපි වෙන WEDDING  මුද්දක්  බලමු.......
________________________________________________________________

ඔයාට  මතකද   අපි  මුලින්ම  හම්බුනු  දවස ? 
ඔයා  දිහා  මං  හොරෙන්  හොරෙන්  බැලුව .  
මට  
ලැජ්ජත් හිතුන .
ඔයා  හොදට  බැලුව  මා  දිහා .
යාලු  උනාට  පස්සේ ඔයාගේ  ඔලුව  ඇත  ගව  මං 
එතකොට  ඔය  ම  දිහා  බලන්  උන්නේ  ‘මාව  බදින්නකෝ ’ කියන්න  වගේ .
මට  ගොඩක්  දුක  හිතුන .
මම  ඔයාව  හොදට තණකොළ තියන තැනකින් බැඳ .
එතකොට ඔයා  හයියෙන්  UMBAAA…. කිවුව... .
නොවිනා බරක් පටවාගෙන කදු නැග්ගේ,
යලත් මහත් රදවා ගෙන කර      මත්තේ,
සිහිත් නොවීත් කියලා ඉද දුක්    රැදුනේ,
මිනිස් සිතත් ඇදිලා නැති එක    අරුමේ,

අයියෝ විය ගහට තද කොට      බන්දා,
බර බාගේ මුළු දවසම දුක් ගෙන වින්දා,
අහරට බතට පොහොරත්  දුන්    හින්දා,
අයියෝ පෝරකය ලග කදුලැල් වින්දා,

ලොවටම දෙසා කිරි අම්මා බණය,
දැයටම සවිය දුන් අම්මා   වරුය,
කන්ට බතත් සවිකර දුන් පියවරුය,
මවත් මරා කන්නේ අනේ දරුවන්ය,

බෙල්ල කපන විට එතනම ලේ මුහුද,
තැබුව හුස්ම යන හැටි වෙවුලා   පාද,
දුෂ්ට වෙලා කරනවා මුන්      අපරාද,
පපුව හොද එවුන් ගවමස්      හපයිද

ගවමස් වල තියෙන කුමක්  රස අමුතු,
මිලට ගන්ට අනේ රොක්වෙන අයුරු,
මිනිසත් දහම ඇයි මේ තරමට    අයුතු,
නොමැතිද මිනිසුනේ පපු       කැවුතු,

නුඹ නොවේ හිමි වන්නෙ

සුමුදු මුදු සඳ කිරණ
පහන් කල සිත් අහස
අදුරු වී ගිය අරුම
නුඹේ වත කමල දැක

සිල් සුවඳ දසත යන
බෝ මලුවෙ ඇවිද ගිය
නුඹේ පිය සටහනින්
දිග හැරුනු මතක පොත
සසල කල මා
සිත් අහස

බුදු හිමිගෙ බණ පදින් 
තේරුම් ගතිමි සැබෑ තතු
නුඹ නොවේ හිමි වන්නෙ
මතු මතුත් මේ සසරේ
වැටෙන්නට ගිය කදුලු බිඳු
නොම වැටුනි දෙකොපුලින්

පි‍ටු පෙරලපු ගාන