නිවැරදිව ටොරන්ට් එකක් බාගන්න හැටි

Saturday, November 26, 2011
ඔන්න ගොඩකාලෙකට පස්සේ සිතුවිලි පවුරට ලිපියක් ලියනවා. ගොඩදෙනෙක් දන්නවා ඇතිනේ ටොරන්ට් ගැන. ඒ අතර නොදන්න අයත් ඇති. මේ ඒ අය වෙනුවෙන් මගේ බ්ලොග් අඩවියේ පලවෙච්ච ලිපියක්. වැදගත් වෙයි කියලා හිතිච්ච නිසා සිතුවිලි පවුරෙත් මේ ගැන කුරුටු ගාන්න හිතුනා. නොදන්න අය බලන්නකෝ.
                                                 ටොරන්ට් එකක් කියන්නේ කුඩා ගොනුවක්. මේ ගොනුවේ සඳහන් වෙන්නේ කොහෙන්ද අදාල ෆයිල් එක බාගත යුත්තේ වැනි කුඩා තොරතුරු ප්‍රමාණයක් පමණයි. ටොරන්ට් ෆයිල් එකේ ඇත්තේ pc to pc ක්‍රමය. එහෙමත් නැත්නම් පරිගණකයකින් තවත් පරිගණකයකට ෆයිල් හුවමාරු කරන ක්‍රමය. චිත්‍රපටි , පරිගණක ක්‍රීඩා වැනි ප්‍රමාණයෙන් විශාල ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න ලේසිම ක්‍රමය තමා ටොරන්ට් මගින් බාගැනීම. මොකද ටොරන්ට් හරහා ඉතා අඩු වේගයක් සහිත ඉන්ටනෙට් කනෙක්ෂන් එකකින් උනත් ගොඩක් ලොකු ෆයිල්ස් ඉතා ඉක්මණින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නිසා.
                                              මුලින්ම අපි බලමු කොහොමද ටොරන්ට් එකක් බාගන්නේ කියලා. මුලින්ම අපිට ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. මමනම් නිර්දේශ කරන්නේ. BitTorrent විතරයි. මොකද ඒකේ කරදර ගොඩක් අඩුයි. ඔන්න ඕක මෙතන ඔබලා ඩවුන්ලෝඩ් කරගන්නකෝ. ඊටපස්සේ ඒක ඉන්ස්ටෝල් කරගන්න.
                                                    ඔන්න එහෙනම් ටොරන්ට් බාගන්න කරන්න තියන මූලික කොටස ඉවරයි. දැන් අපි බලමු කොහොමද ටොරන්ට් ෆයිල් එකක් බාගන්නේ කියලා.
                                                   මුලින්ම අපි ටොරන්ට් තියන අඩවියකට යන්න ඕනේ. මම මීට කලින් හොඳම ටොරන්ට් සහිත අඩවි ගැන විස්තරයක් දුන්නනේ. මෙන්න මෙතන ඔබලා ඒ පෝස්ට් එකට යන්නකෝ. දැන් ඕකේ තියන අඩවි වලින් කැමති අඩවියකට යන්න. දැන් තමන් කැමති ටොරන්ට් එකක් තෝරගෙන බාගන්න තමා තියෙන්නේ.
                                                   හැබැයි ඩවුන්ලෝඩ් කරන්න කලින් බලන්න ඒ ටොරන්ට් එකේ හොඳට සීඩර්ස්ලා ඉන්නවද කියලා. ටොරන්ට් එකට ඉස්සරහා SE හා LE කියලා කොටස් දෙකක් ඇති. මෙතන්න SE කියන්නේ සීඩර්ස්ලා. එහෙමත් ටොරන්ට් එක බාලා ඉවරවෙලා ඒක අප්ලෝඩ් කරන කස්ටිය. LE කියන්නේ ටොරන්ට් එක බාන කස්ටිය.
                                                   ඕං ඒකත් ඉවරයි. මම කියපු දේවල් වල මොකක් හරි නොතේරෙන තැනක් තියනව නම් ඔය පහල වීඩියෝ එක බලලා තේරුම් ගන්නකෝ.

පි‍ටු පෙරලපු ගාන