ආදරේ
තිත්තද?පැණිරසද?
නෙල්ලි වගේ
රසයන් ගොඩක්ද?
කියන්නට නොතේරේ
හදවතට දැනේ
වචනයට පෙරලන්න
මා සිතට නොතේරේ
අත්වැල් පටලගෙන
මුහුදු වෙරළේ ඇවිද
යන දිනෙක අප දෙදෙන
විඳිමු ඒ ආදරය
නුඹ රැජිනකි මට සැමදා
-
නැගිටිනවා ළමයෝ......
මොකද අක්කා...
වෙලාව බලනවා කියාද කියලා....
කියද වෙලාව...
7.45යි...
මොකක්....
අක්කා මම කිවා නේද අද මට ඉන්ටවිව් එකක් තියනවා කලින් ඇ...
4 years ago
4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
ආදරේ,
දේදුන්නක්ය,
ස්වප්ත වර්ණයෙන් බබළන,
නමුදු,
වැසි ඇති දිනෙක
පමනක්,
අසිරිය විඳිය හැකි,..
එබැවින්,
නිර්වචන සොයා
නොවෙහෙසී,
විඳිනු මැන ඒ ආදරය
ලබා දෙන තුරාවට,
අමිල වූ හදවතකින්
නොකිලිටිවු හැඟුම් පොදක් ලෙසින්,..
ආදරේ,
අලයක්ය,
පිටින් මඩ ගොඩක්ය,
නමුදු,
ඇතුලින් රසය,
හැකි පමණ,
කා දැමිය හැකිය,
එබැවින්,
නිර්වචන නොසොයා,
නොවෙහෙසි,
කා දමනු අලය,
ඉවර වෙන තුරා,
අමිල අලයකින්,
කිලිටි මඩ ගොඩක් ලෙසින්,
දෙන්නටම තැන්කු වේවා.මෙව්ව කමෙන්ට් වලට වඩා පෝස්ට් වලටයි වටින්නෙ.පෝස්ට් එකකටම දැම්මනම් හරිනේ.....
මේක දැක්කාම ආදරේ ගැන මූනු පොතට කොටල දාපු පද පේලි කීපයක් මටත් මතක් උනා....
කවුරුවත් දන්නෙ නැති
කාටවත් ඇහෙනැති
දැනුනත් ඇහැට පේන්නැති
කියදේ කිසිදෙයක්
තේරෙන්නෙත් නැති..
මොක්දෝ මගුලකට
ආදරේයැයි කියති....
තව එකක් තියෙනවා... ඒක මම පෝස්ට් එකක් විදියට දාන්න හිතාගෙන ලියපු එකක්... තව පොඩ්ඩක් සංශොධනය කරල එහෙම පෝස් එකක් විදියටම දාන්නම්...
Post a Comment