මොහොතක් සිතන්න

Wednesday, January 7, 2015


ආණ්ඩුවේ දුෂණ වංචා ගැන කියවන හැමෝටම දැන් අමතක වෙලා තියෙන කාරණය උඹලා ඔය ෂොපින් යන සොරිසෙනත් මෙච්චර කාලයක් මේ ආණ්ඩුවේම ඇමතියෙක් වෙලා හිටියා කියන එක්. අන්තිම මොහොත වෙනකම් ආණ්ඩුවේ ඇමතිකමක් කරගෙන හිටපු එකා ආණ්ඩුවෙන් පැන්න ගමන් සියලු පව් සේදු පාරිශුද්ද චරිතයක් වෙලා ආණ්ඩුවේ දැනට ඉන්න අය විතරක් හැම දේටම වග කියන්න ඕන කියලා කියන්නේ කොහොමද?

මේ කියන විදියට සාරුව සුනිල් ගෑනු දුෂණය කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ අහවල් එකෙන්. පාර හදනකොට වැඩ කරපු එකා සිමෙන්ති කොට්ටයක් විකුණුවා නම් එකේ ගාන ගිහින් තියෙන්නෙත් මහින්ද රාජපක්ෂගේ බෑන්ක් එකවුන්ට් එකට. පාර කොන්ත්‍රාත් ගත්ත එකා ඒක ගන්න කාට හරි කොමිස් එකක් ගෙව්වත් එකත් අන්න තියෙනවා මහින්ද රාජපක්ෂගේ එකවුන්ට් එකේ. ඉස්පිරිතාල වලට බේත් ගන්නකොට හම්බ වෙච්ච කොමිස් එකත් මහින්ද ලග
.
පක්ෂ විදියට ගත්තත් දැනටත් ඔය ආණ්ඩුවේ ගොඩක් ඉන්නේ යු ඇන් පි එකෙන් පැනපු අය. ඒ නිසා ඔය යහපාලකයෝ බනිනකොට ආණ්ඩුවට බනින්නේ නැතුව මහින්ද රාජපක්ෂ මෙන්නමේ පාරෙන් මෙච්චර හොරකම් කළා මෙන්න මේ ව්‍යාපෘතියෙන් මෙච්චර ගැහුවා කියලා බනින්න. මේක ආණ්ඩුව පෙරලන මැතිවරණයක් නෙවෙයි. මෙතන තරගය තියෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපති කවුද කියල තෝරාගන්න. මොකද ආණ්ඩුවට බනින්න බනින්න අනිවා මේ ඊයේ පෙරේදා වෙනකම් ආණ්ඩුවේ ඇමතිකම් කරපු සොරිසෙන දත් දොස්තර ඇතුළු ගෙම්බෝ ටිකටත් ආණ්ඩුව කරපු ඒ වැරදි වලට වග කියන්නම වෙනවා..

මේ මොහොතේදී අපි හැමෝම හිතන්න ඕනේ තිස් වසරක යුද්දය නිමා කරලා රට සංවර්ධනයේ මාවත වෙත ගෙනියන්න උර දීපු නායකයා තොරගන්නවද එහෙමත් නැත්තම් කොහෙවත් ඉන්න සෙට් එකකගේ රූකඩයක් බවට පත් වෙච්ච මෙච්චර කල් දේශපාලනයේ ඉදලත් රටට දැනෙන්න වැඩක් නොකරපු තමන්ගේ පුද්ගලික කෝන්තර පිරිමහ ගන්න ආණ්ඩුවෙන් ඉවත් වුනු බලල් අතකට රට භාර දෙනවද කියන කාරණය විතරයි

ඒ නිසා අප්‍රේල් වල තියේන මහා මැතිවරණයේ දී ආණ්ඩුවේ වැරදි ඕන තරම් කියලා විවේචනය කරලා සර්ව සම්පුර්ණ කිසිවෙකු නැති ලෝකයේ වැරදි නොකරන හොද මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගන්න කටයුතු කරමු. හැමෝටම සුභ උදෑසනක් සුභ අනාගතයක් ..................

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Anonymous said...

ජය වෙවා. පහු ගිය අවුරුදු දහය කියන්නෙ රට ඉස්සරහට ගිය දශකයක්. අපෙ රටෙ ඉතිහාසයෙ බොහොවිට උනෙ රට එක තැන පල්වීමයි. මෙක නොපෙනෙන්නෙ එක්කො පාට කණ්නාඩි දාගත්තු එවුන්ට නැත්නම් තමන්ගෙ කම නැති උන්ට.

ලොකු පුතා said...

මහින්ද ඉවත් කරලා මයිත්‍රී ගේනවා කියන එක සාර්ථක විසඳුමක් නෙමෙයි...
වෙනසක් ඕනේ උනාට අවශ්‍ය මේ විදිහේ වෙනසක් නෙමෙයි...

ආණ්ඩුව කියන ව්‍යුහයේ ප්‍රශ්න තියෙනවා. ඒවා සියල්ල හැදෙනවානම් ඉතාම හොඳයි.
ඒ වගේම එක පාරම පවතින හොඳ හෝ නරක සිස්ටම් එකක් වෙනස් කලොත් කරන මිනිහට තමයි මුලින්ම සොරි වෙන්නේ
ඒ අපේ මිනිස්සුන්ගේ හැටි...

Anonymous said...

මහින්ද ගෙ ජය ස්ථිරයි. 51.8% --- ගයත්‍රි

Anonymous said...

ද්‍රවිඩ ජනතාවට යුද්ධ අපරාධ කල මහින්ද රාජපක්ෂ නම වෙනිදා හවස ගඩාපි වගේ බිම දමා බල්ලෙක් වගේ ඇදන් ගොස් වෙඩි තබා මරා දැමිය යුතුයි
ඌ ට කඩේ යන උන්ටත් එසේමයි

Unknown said...

දැන් මේ ගැන අදහස් පළ කිරීම අපි තාවකාලික ව නවතා අැත.... ඊළග ඡන්දයේ දී ගන්නා තීරණය ගැන මේ දවස් වල හිතමින් තමයි ඉන්නේ...................

Post a Comment

පි‍ටු පෙරලපු ගාන