පළවෙනි කොටස මෙතන ක්ලික් කරලා බලන්න පුලුවන්. ඒක පොඩි තාක්ෂණික දෝෂයකට මුලපිරුණු නිසා මේකෙ දාන්නෙ නෑ. හැබැයි ඔන්න දෙවෙනි කොටසනම් දෙනවා.
පෙර භවයේදී මිනිසා විසින් කරන කුසල් අකුසල් සියල්ලම ඕලාරික සිරුර හැරදා යාම හඳුන්වන්නේ මරණය ලෙසිනි. එතැන් සිට විඤ්ඤාණය අරඹයි. එය කර්ම විපාක සමඟ භවයේ සැරීම ලෙස හැඳින්විය හැකිය. එම භව ගමනේදී පෙර ආත්මයේ කර්ම පලවිපාක වලින් මිදීමට කිසිඳු සත්වයකුට නොහැකිය. මෙහිදී පැහැදිලි වන්නේ මනුෂ්‍යයාගේ මරණයෙහිදි ඕලාරික සිරුරින් විඤ්ඤාණය ඉවත් වූවද අන්තරාභවයේ නොමැරෙණ බවයි. එය තව දුරටත් පැහැදිලි කලහොත් අත තැබූ දෙයක් බිම තැබූ ඉක්මනින් උපතල් නොලැබුවහොත් කලක් එම ස්වරූපයම පවතියි. පසුව වෙනත් උපතක් ලබා ගනී. අන්තරාභවය ලෙස සැලකෙන්නේ මරණයත්, ඊලඟ උපතත් අතර වූ මනෝමය කායයෙන් ජීවත්වෙන කාලයයි. (මහා අස්සපුර සූත්‍රය) මේ අන්තරාභවය පෙර ආත්මයේම දිගින් දිගටම යාමක් මිස අලුත් උපතක් ලෙස සැලකිය යුතු නොවේ. මෙගින් පැහැදිළි වන්නේ විඤ්ඤාණය නොකැඩී වෙනස් නොවී ආත්මයෙන් ආත්මයට ගමන් ගන්නා බවයි. මෙම ගමනේදී කුසල් අකුසල් සමඟ වෛරය හා ද්වේශය ද රැගෙන යන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර ඇත. මෙය වර්තමානයේ කල පරීක්ෂන මඟින්ද සනාථ වී ඇත. පහත සඳහන් කතාව මඟින් එය මනාව පැහැදිලි වේ.
නුඹ රැජිනකි මට සැමදා
-
නැගිටිනවා ළමයෝ......
මොකද අක්කා...
වෙලාව බලනවා කියාද කියලා....
කියද වෙලාව...
7.45යි...
මොකක්....
අක්කා මම කිවා නේද අද මට ඉන්ටවිව් එකක් තියනවා කලින් ඇ...
4 years ago