ඉන්දියානුවෙකුගේ ඇමරිකානු ස්මාට් කථාවක්...

Friday, September 16, 2011

ඔන්න දවසක් ඇමරිකාවේ නිව්යෝක් නගර බැංකුවට ඉන්දියන් ජාතිකයෙක් ඇවිත් ණය සම්බන්ධ නිළධාරියා ලඟට ඇවිත් ණයක් ගැන කථාකලා.

මෙයා ණය භාර නිලධාරියාට කිව්වා සති දෙකක වගේ කාලයකට බිස්නස් වැඩ වගයක් සඳහා ඉන්දියාවට යන්න වෙනවා... ඒ වැඩේට ඩොලර් 5000 ක ණයක් ගන්න ඕනේ කියලා.

නිකම්ම ණය දෙන්නෙත් නෑනේ... ණය භාර නිලධාරියා මේ ඉන්දියානුවාට කිව්වා අපිට මොනවා හරි දෙයක් ඇපයට තියන්න පුළුවන් නම් ණය දෙන්න පුළුවන් කියලා.

ඔන්න ඉතින් ඉන්දියානුවා මොකද කලේ... බැංකුව ඉස්සරහා නතර කරලා තිබුණු එයාගේ අළුත්ම ෆෙරාරි කාර් එකේ යතුරයි, ඊට අදාල වෙන ලිපි ලේඛන ටිකයි ඔක්කොම නිළධාරියාට දුන්නා.

දැන් ණය නිලධාරියාට ටිකක් පුදුමත් එක්ක... කොහොම වුනත් එයාට මේ ගැන තනියම තීරණයක් ගන්න බැරි නිසා ගියා බැංකුවේ ලොක්කා ලඟට... ගිහිල්ලා සීන් එක කියලා ඔක්කොම දේවල් ඉදිරිපත් කරලා ණය දෙන එක අනුමත කරගත්තා... අන්තිමේදී ඉන්දියානුවට කිව්වා හරි... අපි කාර් එක ඇපේට තියාගෙන ඔයාට ඩොලර් 5000 ක් දෙන්නම්... කියලා...

ණය වැඩේ කෙරුණා... කොහොම වුනත් මේ වැඩේට බැංකුවේ ලොක්කටයි, ණය භාර නිලධාරි තුමාටයි හතර හිනා...! ඩොලර් 750,000 ක ෆෙරාරි කාර් එකක් ඇපයට තියලා ඩොලර් 5000 ක ණයක් ගත්ත මෝඩ ඉන්දියන් ජාතිකයා ගැන මේ දෙන්නටම හිනා...

බැංකුවේ වැඩ කරන සේවකයෙක් පහළට ගිහින් අර ඉන්දියන් ජාතිකයා ඇපේට තියපු අළුත්ම කාර් එක පදවගෙන ඇවිත් බැංකුවේ භූගත රථ ගාලේ පාක් කලා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සති දෙකකට විතර පස්සේ ඔන්න ඉන්දියන් ජාතිකයා ආයෙත් බැංකුවට ආවා. ඇවිත් ගත්ත ණය මුදල වන ඩොලර් 5000 ආපහු ගෙවලා දැම්මා. ඒත් එක්කම ඒකට පොලිය වශයෙන් තව ඩොලර් 15.41 කුත් ගෙවලා දැම්මා...

මේ ඔක්කොම බලන් ඉඳපු නිලධාරියට දැන් මේක හරි ප්‍රශ්ණයක්... මිනිහට මේක ඉන්දියානුවගෙන් අහලම දැනගන්න ඕනෙ වුනා...

මහත්මයා, අපි ඔබත් සමග ගනුදෙනු කරන්නට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා... මේ ගනුදෙනුව ඉතාමත් හොඳින් සිද්ධ වුනා...

ඒත් අපිට ප්‍රශ්ණයක් තියෙනවා මහත්මයා... ඔබට ණය දුන්නට පස්සේ අපි ඔබේ තොරතුරු සොයා බැලුවා... අපි දැනගත්තා ඔබ කෝටිපතියෙක් කියලා...

මෙච්චර සල්ලිකාරයෙක් වෙලත් ඇයි අපෙන් ඩොලර් 5000 ක් ඉල්ලන් ගියේ කියන එක තමයි අපිට තිබෙන ප්‍රශ්ණය...?

එතකොට ඉන්දියන් ජාතිකයා මෙන්න මෙහෙම උත්තර දෙනවා...

හොඳයි එහෙනම් ඔය මහත්මයා මට කියන්න බලන්න ඩොලර් 15.41 ක් වගේ සොච්චමකට සති දෙකක කාලයක් මගේ කාර් එක පාක් කරන්න වෙනත් තැනක් මේ නිව්යෝක් නගරයේ තියෙනවද ??? අනික මම ආපහු එනකොට ඒක එහෙමම තියෙයි කියලා විශ්වාසය තියාගන්න පුළුවන් තැනක්...!!! හොඳයි කියන්න පුළුවන් නම්...

මේ කථාව මට ලැබුනේ අපේ සුරේෂ් සහෝදරයා එවාපු ඊ-ලිපියකින්... මේක සත්‍ය සිදුවීමක්... 
දන්නවද මේ කෝටිපති ඉන්දියානුවා කවුද කියලා... ඒ තමයි...

vijay_mallya_20090306.jpg



කියන ආයතන වල හිමිකරු / සභාපති වන
විජේ මාලියා

පි‍ටු පෙරලපු ගාන