ලංකාවේ බෝර්ඩ් මිටින්

Wednesday, September 7, 2011

වියපත් වූ තම මහලු මවගේ අනාගතය සම්බන්දයෙන් ගත යුතු තීරණය ගැන සාකච්චා කිරීම සදහා වූ දු දරු සමිතිය පසු ගියදා පවත් වුනා. ඒ දැනට එම මව වාසය කරන මවගේ වැඩිමහලු දියණියගේ නිවසේදී.  මෙම සමිතියට මවගේ දියණියන් දෙදෙනා සහ ලේලිය සහබාගි වුයේ මවගේ එකම පුතු දැනට වසර කිහිපය කට පෙර අබහවයට පත්වී තිබීම නිසයි.
චාරිත්‍රානුකුලව පැවති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව ආරම්බ වූ සමිති වාරය ආරම්බ කලේ මද්දුම දියණිය විසින්,
අපි අද මේ විදියට රැස් වෙන්න තීරණය කලේ අපේ අම්මගේ ප්‍රශ්නය ගැන සාකච්චා කරන්න. මේක හැමදාම එක්කෙනෙකුට විතරක් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි තුන් දෙනා අම්මව බෙදාගන බලාගන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ කියන්නේ. මෙවිට නැගී සිටි බාල දියණිය එක තමයි අක්කේ මමත් මේ කලපනා කලේ, මේ ප්‍රශ්න ගැන කල්පනා කරන කොට මට නම හිතෙන්නේ මෙයාව ඉක්මනට මැරිලා යනවනම් ගොඩාක් හොදයි කියලා. ඇයි දෙයියනේ මේ වැඩේ හැමදාමත් කරන්න පුලුවන්ද?
මෙය අසා සිටි ලේලිය කැමති නම් අම්මව අපේ ගෙදර තියාගන්න පුළුවන්, එත් මට රස්සාවට යන්න ඕනේ. කවුරු හරි කෙනෙක් බලා ගන්න තියන්න පුලුවන්නම් ඕන කාලයක් අම්මව තියා ගන්න මට පුළුවන්
වැඩිමල් දියණිය : එහම නෙවෙයි, කාටවත් අසාදාරනයක් නොවෙන්න අපි මෙහෙම කරමු. දවස් දහය ගානේ අපි එක එක්කෙනා අම්මව බලා ගනිමු එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැනේ.
 බාල දියණිය: එක කරන්න බැහැ අක්කේ අපේ මනුස්සයත් අසනීප කාරයා. අම්මව ගෙනිහිල්ලා එහෙ තිබ්බාම එයා කරන පිස්සු වැඩ දැකලා අර මනුස්සයාගේ පෙෂර් එක නගියි. අපි අම්මව මහලු මඩමකට වත් බාර දෙමුද? නැත්තම් අම්මා හදාගත්ත මහා ගෙදර තියෙන්නේ එහෙට ගිහින් දාමු. අපිට සරින් සැරේ ගිහින් බලලා එන්න බැරිය.
දැනට මහා ගෙදර වාසය කරන ලේලිය : අම්මව අපේ ගෙදර නවත්ත ගන්න මගේ නම් කිසි අකමැත්තක් න. අම්මා දිගටම උනත් අපේ ගෙදර හිටපු දෙන. හැබැයි ගෙයි ඉඩමයි කොල්ලෝ දෙන්නට ලියලා දෙන්න ඕනේ.
මද්දුම දියණිය: පැන්ෂන් ගිය දුවලා තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් මහලු මඩමකට ගිහින් දැම්මම රටේ ලෝකේ මිනිස්සු මොනවා නොකියයිද? අනිත් එක අපි මෙහෙම අම්මව බෙදාගන්න බැරුව දගලනවා කියලා රටේ මිනිස්සු දන ගත්තොත් අපට හිනා වෙයි.
වැඩුමල් දියණිය : එක තමයි මේක රටේ ලෝකේ මිනිස්සු දන ගත්තොත් නම් වස ලැජ්ජාව.
මද්දුම දියණිය: අපේ නන්දම්මවත් බලාගන්න වෙලා තියෙන්නේ මට, නැත්තම් මම අම්මව ගෙනිහින් බලා ගන්නවා. වයසක මිනිස්සු දෙන්නෙක්වම  බලා ගන්න එක මට කරන්න බෑ.
වැඩුමල් දියණිය: මට හිතෙන්නේ නැඟී අම්ම මේ ඉන්න විදියට තව වැඩි කාලයක් ජිවත් වෙන එකක් නෑ. මොනවා උනත් තාත්තත් නැතුව පොඩි කාලේ ඉදලම අපිව උස මහත් කරන්න මහන්සි උන අම්මනේ, ඔන්න ඔහේ තව ටික දවසක් ඔය හිටපු විදියට අපේ ගෙදරම හිටපුදෙන්. 
බාල දියණිය: හ්ම්, ඉක්මනට එහෙමවත් වෙලා මේ ප්‍රශ්නේ ඉවර වෙනවා නම් කොච්චර දෙයක්ද අක්කේ. එහෙනම් අම්ම තව ටික දවසක් මෙහෙම හිටපු දෙන්.
මවගේ අනාගතය සදහා කෙසේ වේද යන්න තීරණය කිරීම සදහා පැවැත් වූ  දු දරු සමිතිය ඉක්මනින් තම මවගේ මරණය සිදුවෙය යන බලාපොරොත්තුවෙන් තීරණයක් නොමැතිවම මෙසේ නිමාවට පත් වුනා .............
  
  
  
 

පි‍ටු පෙරලපු ගාන