පහන් කල සිත් අහස
අදුරු වී ගිය අරුම
නුඹේ වත කමල දැක
සිල් සුවඳ දසත යන
බෝ මලුවෙ ඇවිද ගිය
නුඹේ පිය සටහනින්
දිග හැරුනු මතක පොත
සසල කල මා
සිත් අහස
බුදු හිමිගෙ බණ පදින්
තේරුම් ගතිමි සැබෑ තතු
නුඹ නොවේ හිමි වන්නෙ
මතු මතුත් මේ සසරේ
වැටෙන්නට ගිය කදුලු බිඳු
නොම වැටුනි දෙකොපුලින්
2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
ඔබට හිමි සද..
නිසි කලදීම..
ඔබ ලගට එනු ඇත..
එහෙයින් ඉවසනු මැන...
ස්තුතියි චතු අය්යෙ.
Post a Comment