Showing posts with label පද්‍ය රටා. Show all posts
Showing posts with label පද්‍ය රටා. Show all posts

අඹ ගෙඩිය

Friday, November 25, 2011

නෙලා ගන්නට මා සිතා .............සිටි
ලේන සියොතුන් ඉඳුල් කළ ...සැටි
ගසේ බඩගා නෙලා ගත් ..........සැටි
සත්තු කාලැයි වීසි කළ ...........සැටි

ඒත් නිතරම මතක් වුණු ...........හැටි
තවත් අඹ ඇති කියා සිතු .....හැටි
විටෙක උනනා මුත් කඳුළු ....කැටි
මවමි පිවිතුරු අඹය හරි .......හැටි

එදා ඔබ.. අද මම...

Friday, October 28, 2011


ඔයා
මහා අයිස් කන්දක්
දිය කරලා වතුර බින්දුවක් ගන්න හදත්දි
තවතවත් මිදෙන්න හදන 
මහා අයිස් කන්දක් 
මම
ඒ අයිස් දිය කරලා
වතුර ටිකක් අත් දෙකට ගන්න 
බලාගෙන හිටියා

දැන්
මුලු උණුහුමම බින්දුවක්වත් ඉතිරි නොවෙන්නම
නැති වෙලා ගිහින්..

එක පාරටම මහා වතුර කන්දරාවක්
අත්දෙකම පිරෙන්න ගලාගෙන ඇවිත්
ඒත්... 
ගලාගෙන යන වතුර වල 
සීතලවත් නොදැනෙන්නම 
මම
සීතලෙන්ම මිදිලා ගිහින්. 

බ්ලොග්වල, මූනු පොතේ ලියපු තමන්ගෙ නිර්මාණ සයිබරයෙන් එ...

Tuesday, October 25, 2011

ඉස්සර හිතට දුකක්... සතුටක්... ආවම අපි අහුවෙන කොල කෑල්ලක පොතක පිටිපස්සෙ ඔහේ කුරුටුගෑව...
මතකද...

සමහර වෙලාවට ඒව දකින්නෙ අපිම විතරයි...ඕනෙනම් ඉස්කෝලෙ .. පන්තියෙ.. අල්ලපු ඩෙස් එකේ යාලුව දකීවි...

වැඩිම උනොත් බිත්ති පුවත්පතට යාවි.....

ඒත් දවස් කීයකටද... ..

සමහර වෙලාවට  කොලකෑලිවල පොත් පිටිපස්සෙ ලියපු ඒව  ගේ අතුගාගෙන  යනකොට අපිටම ආයෙ අහුවෙලා  නැද්ද... ??

කාඩ් බෝඩ් පෙට්ටි පුරවපු පරණ පොත් බෝතල් පත්තර කාරයට දෙනකොට කාවොකාපු තමන්ම ලියපු පරණ කවියක් කකුල් දෙක මුල වැටිල නැද්ද...

පස්සෙ පස්සෙ අන්තර්ජාලෙ එක එක අඩවි වල... මූනුපොතේ තමන්ගෙ වෝල් එකේ... ගෲපයක වෝල් එකේ...
එහෙමත් නැත්නම්  බ්ලොග් එකක....

ඒවනම් ටිකක් දෙනෙක් දැක්ක...
ලයික් දෙක තුනක් වැටුනාම කමෙට් එක් වැටුනාම.. හිතට එනවා මාර ගැම්මක්...

ඔන්න ඉතිං ලියනව.. ෆේස්බුක් එකේ...  ගූගල් එකේ සවර් පිරෙන්න  කවි.. නිසදැස් ... සින්දු කෙටිකතා... අපිට හිතෙන දේවල්  ඔය හැම ජාතියම

ඒත් මූනුපොතේ වෝල් එකේ දාපු පරණ කවියක් ආයෙ හොයාගන්නෙ කොහොමද......

 අන්තර්ජාලෙ හැමෝටම සමීපත් නෑ...

ඒවගේම අන්තර්ජාලෙ කියන මාහා විසාල  මුහුදෙ අපි පුංචිම පුංචි එක වතුර බින්දුවක් විතරයි...

සයිබරයෙ හිරවුන අපේ නිර්මාණ ඊට ටිකක් එහාටත් ගෙනියමුද...
මොකද කියන්නෙ....

කැමතිනම් මෙන්න හැමෝටම අවස්තාව......  බ්ලොග් ලියන කියවන හැමෝටම....


                



ඔබේ අපේ නිර්මාණ වලටම එලිදකින පත්තරයක්...

මාසෙට කලාප දෙකක් එලියට දාන්න තමයි අදහස.....

මංගල කලාපෙ ලගදීම ....

තමන්ගෙ නමින්.. එහෙමත් නැතිනම් බ්ලොග් අඩවියේ නමින් පින්තූරයක් ඇතුව නැතුව... තමන්ට කැමති විදියකට... කැමතිනම් ඕනෙ කෙනෙක්ට පුලුවන් වියමනත් එක්ක එකතුවෙන්න...

ඔබේ අතින්ම වියූ හොඳම අකුරු සහ ලස්සනම වචන...
අපට එවන්න ඕන මෙහෙමයි..

 
අපිට ඊ මේල් කරනවානම් viyamana.art@gmail.com

  අපේ 'වියමන' face book group එකේ wall එකේ දාන්නත් පුලුවන්

   එහෙමත් නැත්නම්   'ප්‍රවිෂ්ඨ' ප්‍රකාශන, 199/ඒ, ඔරුතොට, ගම්පහ, ශ්‍රී   ලංකාව, ලිපිනයට තැපෑලෙන් එවන්නත් පුලුවන්...



                        හොඳම අකුරුවලින්
                        ලස්සනම වචනවලින්
               නිදහස් කරගන්න කාලය ඇවිත්
                       හිත පුරාවට පිරුණු
                             ආදරණීයම
                               හැ ඟී ම්. . .
                 මගේ ආදරණීය නොරිකෝ෴

        
  

පුතු තුළින් වත් නුඹට සහනයක් ලැබේවා...!

Monday, October 24, 2011
කල්පයක් පෙරු පිරුම් මොහොතකින් සිඳ බින්දු
කල්පයක් රැකි කිරට මුහු වෙච්ච ගොම බින්දු
ආත්මය පාරවන නුඹේ දුක රැඳි සින්දු
මට පුදුම නුඹෙ දිරිය, දැවෙන හදවත රැන්දු

දරුවාගෙ' නාමයෙන් මා පියන් අතැර නුඹ
විඳවනා දුක් ගැහැට, මලක් සේ හැදුණු නුඹ
කිසිවකට හිමි සමඟ අමනාප නොවී නුඹ
පතිවතම රකින රන් හෙළ කතකි නඟේ නුඹ

හිමිගෙ' ගෙරැවුම් පවා ගීයක් ව ඇසේවා
අග හිඟය නිමා වී සිත සතුට මැවේවා
හෙලන හැම ඩා බිඳම සුවයක්ම ගෙනේවා
පුතු තුළින් වත් නුඹට සහනයක් ලැබේවා...!

සිහින කුමාරි

Saturday, October 22, 2011
වෙල් ඉපනැල්ලේ
ගo දිය අයිනේ
හමුවීලා... පෙම්බස් දෙඩුවා..
මතකයි මතකයි හැමදා....

තරු මල් යහනේ
සඳ කැන් වතුරේ
කිමිදීලා...පෙම් ගී ගැයුවා...
අද වාගෙම පෙරදා...

කළුවර දුරලූ - පහනක් වාගේ
පෝදා අහසේ - සඳ මා තුරුලේ
නෑ නෑ දුර නෑ - මගෙමයි කුමරී

පැතුමන් ඉටුවිලා
මගෙ වී දිවියේ
මනමාළි... මගෙ ලොව රැජිනී..
නුඹමයි මාගේ කුමරී...

සුදු සඳ එළියේ - සැතපී තුරුලේ
නැලවෙන් කුමරී - සිහින විමානේ...
නැලවෙන් කුමරී - පෙම් මල් යහනේ...

බ්ලොග් ලියන අපිට අදහසක් කපුගේගෙන්

Wednesday, October 12, 2011
සබඳ අපි කඳු නොවෙමු~ 
උනුන් පරයා නැඟෙන~ 
සුනිල දිය දහර වෙමු~ 
එකම ගඟකට වැටෙන~ 
වියරු ගිනි දැල් නොවෙමු~ 
වනය අවුලාතබන~
සිහිල දෙන වැස්ස වෙමු~ 
දැවෙන කැලයට වසින~ 
නපුරු හීනය නොවෙමු~ 
ළමුන් නිදි සුව බිඳින~ 
සොඳුරු අඬහැරය වෙමු~
දනන් නින්දෙන් මුදන~ 
-(ගුනදාස කපුගේ)

වන මැද . . .

Sunday, October 2, 2011


තටු නොමේරුව
පැටවෙකි
දෙමාපිය රැකවරන
හොර හොරෙන්
මතක අතහරින
තැතදරන ඉගිලෙන්න
කිරිල්ලකට
මිතුරුව . . .

කටුව බිඳගෙන
ලොවට බට සැනෙකින්ම
හිත ඇදුන මුත්
තහනම්ය තවම
මෙ වන මැද
අතු අතර
රමනය
නුඹට . . .

ඇබින්දක්
ඉවසාපන් පැටව
කබරියකට
හසුවන්න මත්තෙන්
තලුමරා රසකර ගිලින
උණුසුම්ව තටු
දිගැරෙන තුරුවත්
මේ විසල් වන මැද
ඇත පිරිතිරී
බෝම වුණු විපරීත
මගහැර ඉගිලෙන්න . . .

ළමා විය!

Thursday, September 22, 2011


අහිංසක ළමා විය!
කිමද නුඹ අසරණව
යදින්නේ ඇසුර මා
සමා වනු මැනවි මට
පමා විය නොහැක තව
සමු ගැනිය යුතුය දැන්

දයාබර ළමා විය !
කිමද නුඹ බලන්නේ
කඳුලු පිරි දෙනුවනින්
මා වෙන්ව ගියත් දැන්
වඩිනු ඇත නුඹෙ ලොවට
තවත් අය නිසැකවම

දඟකාර ළමා විය !
කිමද අඬගසන්නේ
කෙලි දෙලෙන් සිටින්නට
තවත් ඉඩ නොමැත මට
සමු අරන් යමි ඉතින්
උරුම වැඩිහිටි ලොවට

සෙනෙහෙබර ළමා විය !
අවoක වූ නුඹෙ සෙනෙහෙ
එපා මට තව තවත්
උනුන් පරයා නැගෙන
අනාගත මගෙ ලොවෙහි
කිරුළු පැළඳිය යුතුය
එයයි මගෙ ඉලක්කය
 පරාජිත ළමා විය !

සකි සඳ නුඹට

Sunday, September 11, 2011
හිරුත් සඳුත් නැති ලෝකෙක
මන් තනි වූදා
පහන් තරුව විලසින් නුඹ
පාර කියූදා
සත්තයි මිතුරේ නුඹ මට

සොයුරෙකු වූවා

ගලායන්න ජීවිතයට රිසි අයුරින්ම
තැවුනේ නෑ දුක් කරදර ආවත් නිතර
සින සිසී හැම නිතරම මා ලඟ උන්න
නුඹ කල පින් බොහොම වැඩියි නිවනට යන්න

ලෙඩ දුක් නම් අපමන බැව් මා හා කීවා
දරාගන්න බැරි උන තැන රහසින් හැඩුවා
මරණය අභියස සිටියත් නොහඩන් කීවා
පුන්චි යෙහෙලියයි නුඹ මගෙ අවසන කිවා

පිය වුන ඔය ඇස් දෙක නෑ ආයෙ ඇරෙන්නේ
වෙනදා මෙන් නුඹේ සිනා නෑ සවනට ඇසෙන්නේ
අත් අල්ලන් ඇවිදින්නට නෑ ආයෙම ලැබෙන්නේ
නොකියා ගියත් සසර මගේ එතෙර වෙන්න පතන්නේ
                                                                                       
හිම හන්සි

වත සහ හදවත.

Tuesday, August 30, 2011


වත රැඳි වතට 

ගතු කියන නුඹ 
දුටුවේද කෙදිනක හෝ
ඒ වත හැඳි වතෙහි
හදවත...

ආදරෙයි මා ආදරෙයි

Sunday, August 28, 2011
හැමදාම ලගට වී
තුරුළුව සෙනෙහසින්
නොකිව්වට ආදරෙයි මම
මැවෙන හැමවිට
රුසිරු ඔබේ රුව
සිතෙන් කියනෙමි
ආදරෙයි මා ආදරෙයි !!!

අන්ධ ආදරය

Saturday, August 27, 2011

උනා ඇගේ කසී සළු
ලං උනා සීරුවෙන්
දැනුනි මහ සීතලක්
නැගෙයි රාගිනි මතින්

නෙතින් වැයෙනා වෙනෙන්
නැගෙයි තනු දහසකුත්
සිතින් යයි බොහො දුරක්
බයයි දැන් මට ගොඩක්

ආදරය හීනයකි
නොලැබෙනා බව සැබැවි
එහෙත් ඒ ආලයට
ආදරෙයි මම ගොඩක්


මේ නිහඬ බව බිඳින්න...

Wednesday, August 24, 2011
සිතුවිලි පවුර පාළු වෙලා වගේ. ගිය හෙනහුරාදැයිං පස්සේ එක ලිපියක් වත් නෑ නොවැ.... මොකක්ද මේ අවුල.. මට හිතෙන විදිහට අපේ කතුවරුන්ගේ අධික කාර්‍යබහුලත්වය වෙන්ටෑති මේකට හේතුව... මාත් මේ දවස් වල හොඳටෝම කාර්‍යබහුලයි... ඒත් ඉතිං මේ නිහඬ බව බිඳින්ටම එපාය...



කඳුලු පුරෝගත් දෙනෙත් අයාගෙන
රෑ තුන් යම නිදි මත උහුලාගෙන
මහ මඟ තනියම බලා සිටින්නේ
සඳේ රුවද තරු අතරතුරේ

හෙම්බත් දෙනුවන උඩට හෙලාගෙන
පින්වත් මුහුණේ රුව විහිදාගෙන
මහ මඟ තනියම බලා හිඳින්නේ
තනියට දෝ කළුවර අහසේ

බඩගිනි වී කඳුලැලි තවරාගෙන
මුහුණ පුරා සොටු කිලුටු පෙරාගෙන්
නො එනා දරුවන් දකිනු රිසින් දෝ
තනි රැක්කේ කළුවර අහසේ

පිහිටක් නැති අසරණ ජීවිතයට
පණ දී තම දරුවන් සුරකින්නට
දිරිය මවක් වෙන්නට දෝ සිතුවේ
ලොවට හොරා ඝණඳුර අතරේ ………




සොඳුර නුඹ සමග....

Friday, August 12, 2011




දිග නපුරු තියුණු කටු
සූර සූරා ඇනෙන
ඇවිද යමි ඔහු සමග
ආදරේ දිගු ගමන

දෙසවනද නොබිහිරිය
දෙනෙත් නොමවිනි අන්ධ
එහෙත් මට මගේම හිත
හඬනු නැසුනෙ මන්ද

ඔහුද මා අත රැගෙන
උණුසුමින් සිනාසේ
මා ගැහෙන බව අහෝ..!!
බිඳක් නුදුටුවා සේ

තවත් හිත වාරු නැත
පැකිලි පැකිලී දුවමි
ඔහු නිතර ඉඟි මරයි
මා පුදුමයෙන් දැවෙමි

ඒත් නැත නැවතුමක්
මා පිළිමයෙකි ශෛල
සිතු ලෙසිනි නොනැවතී
ඔහු දොඩන හැටි බයිල

හඬන්නට තබා දිව
යන කලට ගිලෙන්නට
නෙතද දැන් නැත එකඳු
කඳුලකුත් සොයන්නට

බාඳුරා මල් පිපේ
අප යනෙන මග අවට
ඔහු නෙතින් නිති නැගේ
සොඳුරු බැල්මන් රුවට

හිත එකම සැනසුමෙකි
එළි බිංදුවක් ලෙසින
ඔහු අල්ලගෙන සුරත
පෙර ලෙසම ඇත තදින

එයම මර උගුලක්ද
විටෙක හදවත හිතන
ප්‍රේම වද බන්ධනෙන්
මිදෙන්නට ඉඩ නොදෙන

කමක් නැහැ මගෙ සොඳුර
එහෙත් මා මළ දිනෙක
මග අතැර නොගොස් කටු
පඳුරකින් වත්......වසනු මැන.....




නැටුම් බෙර . . .

Thursday, August 11, 2011
තොපිට නටන්නට
ගැසූ බෙර අද
පැලී අවසන
මුලුගැන් වී ඇත

හම නැති බෙර කඳ
වරපට සමගම
පාලු කපනවා
බෙර පද කිය කිය

ඇවිත් බලා යන
යක්ස යක්සනින්
නටපු නැටිල්ලක්
මතකෙට එනකොට

උන්ටම ලැජ්ජලු
බෙර මුහුණත දැක
නටපු ඇති නැටුමක්
ඉතුරුව නැතිකොට

දෙයියො දීපු ලබ්බ

Friday, August 5, 2011


පොඩිමෑන්ගෙ  ලට්ට ලොට්ට අඩවියෙන් කරලිය ගෙනාපු  හාට් Piercing...✿•*`¨   වැඩි දෙනෙක්ට  හාට් එක  Pierce  කරගන්න සිතුවිලි පවුරෙත්  කුරුටුගාන්න හිතුවා...  


________හාට් Piercing...✿•*`¨  හදවත සිදුරු කර
සිතුවිලි පලදින්නට...



පුංචි කාලෙ ඉදලම
මම ආසකරේ
බෝනික්කො නලවන්න..
කොල්ලො බෝලගහද්දි
මට ඕනෙ උනේ
සෙල්ලම් බත් උයන...
ටික ටික ලොකු වෙද්දි
කොල්ලො කෙල්ලො දිහා බලද්දි
මට ඕන උනේ කොල්ලො දිහා බලන්න..
බස් එකේ කොල්ලො ජැක් ගහද්දි
මට ඔනෙ උනේ
සුදු කොල්ලෙක්ට හේත්තු වෙන්න
උන් මම දැක්කාම හිනා වෙනවා..
යන් කියල කතා කරනවා...
එකයි ඉන්නෙ කියල  රොත්ත පිටින් එනවා..
ඊට පස්සෙන්දට ආයෙ
ඇවිදගන්නවත් බෑ....
මට මේක එපා වෙලා අයියෝ..
දෙයියො මට ඔක්කොම දීල
මට ඕනෙ විදියට ඇග දුන්නෙ නෑනෙ...
එහෙම උනානම්
කොල්ලො කැමතිවෙයි මට
අර පට්ට වේස කෙල්ලොන්ට නැතුව...
කොහෙද...
දෙයියො මට දුන්නෙ
මේ කෙහෙල්මල්
ලබ්බනෙ අයියෝ...
                             __________________ හාට් Piercing...✿•*`¨
 


අම්මා........

Thursday, August 4, 2011

සංසාරෙදි ඉපදුන හැම ආත්මෙකම 
මගෙ අම්මා වෙලා නුඔ ඉන්න ඇතී......

මේ අත් බවයෙත් නුඹම ලබන්නට 
එතරම් මම පින් කරල ඇතී.....

නුඹේ සෙනේ මට අහස උසයි මට
අම්මේ මතු මතුත් ඇතී.......

පතමි පැතුම් මම අම්ම නුඹයි මට
සරන පුරා මේ බවයෙ නිතී.....

ඇයි...?

නුඹට මා ද..
මට නුඹව ද..
අහිමි වුනේ
මොන පවටද..?


නුඹේ ළඟම..
මැරෙන තුරුම..
ඉන්න නැත්තෙ
පිං මදිවද..?


නාකියාගෙ කවි හිත සිතුවිළි පවුරෙ කුරුටු ගාන්න පටන් ගත්තා ඕන්...

වැලිකතරේ ආදරය

Wednesday, August 3, 2011

කලුපාට ෆර්දාව
හිසේ සිට දෙපතුලට
වහැව්වත්
වසනු බෑ 
නුබේ සිත...
හංගාන
හිත්ලැව
ආදරේ කඳුළැල් ද 
වේල් පොට වසන්නේ
කියන් මට... 

http://xandaraya.blogspot.com/2011/08/blog-post_03.html

ආදරය

Tuesday, August 2, 2011

කලෙක මලක් සේ
සුවඳ දෙන
තවත් විටෙක ගඟුලක් සේ
මා හද පාරන
විටෙක මද පවන වී
මා ගත සනසන
තවත් වරෙක කුනාටුවක් වී
මා සිත හිස් කරන
නමුත්
මා පණ මෙන් ආදරය කරන
ආදරයයි
ඔබ.......

පි‍ටු පෙරලපු ගාන