ප්‍රීති-යෙන් මිනී මැරීම

Saturday, June 18, 2011

                                                දෙගල් දොරු
                                          දෙවොලෙ පූජා අද
                                            රෑ තිස්සේ....

                                         ගිනි කන වැටුන
                                         දායකයා නටත්
                                            ඒ අස්සේ....

                                         ගන්දබ්බයන්
                                         පොරකන නිසාම
                                           හිස් අහසේ....

                                        වන්දනාවෙ කිරිපිඩු
                                        රබර් මල්ලට
                                           හොර රහසේ....

පුදුමයක්.........

ඒක මහ පුදුමයක්...
"ඔබ" කොහෙද
සෙවුවා...
හමු නොවිණි..
අහ්!
"ඔබ" සිටී
නමුත්
"ඔබ" නෙවෙයි ඒ..
යළිත් සෙවුවෙමි..
"ඔබ" නැතත් එහි
මට හමුවිය
"මම"...
"මම" ම ද ?
හිතා ගන්නේ කොහොමද..?
ඒක මහ පුදුමයක්..

ආදරය,ඇය,ජිවිතය.....

- ත්මයක් ආත්මයක් පාසා..
- හසක් පැතුමන්...
- වටමින්.....
- හනක සැතපුනු....
  ආදරය ජිවිතය යයි සිතා...
  ජිවිතය ආදරය වෙනු‍වෙන් පුදදි....
    ඇය...
අවසන.......
  ජිවිතය අහිමි වු කල...
  සුසුමක් හෙලා....
  එ සුසුමෙහි....
  ජිවිතය අමතන ,කල...
  ඇයට නොසිතුනි නම්,
ජි - විතයක් ජිවිතයක්...
වි- දවන්නට....
- වත් ඉඩ නොදි...
- න්නට.....
      ජිවිතය හැර..............

-නරක සමනලයා-

තව ටික දවසයි.......


එකමත් එක දවසක මල් පෙති හෙමි හෙමිහිට නටුවට බර වෙන ,හීන් මන්දාරමක් තිවුන හවසක දඟම දඟ බමරෙක් මා ලඟින් ඉගිල්ලිලා ගියා......ඕනෑම මලකට හිතේ අලවාගන්න තරම් ආසා හිතෙන පෙනුමක් ඒ දඟකාර බමරාට තිබුනේ.
කාලයක් තිස්සේ දන්නවා වගේ මාව එයා මගේ ඇස් දිහා බලාන උන්නෙ.
ඒත්....මම ඇයි ඒ දඟකාර බමරාව නොතකා අහක බලාගත්තෙ....?
අනේ ඒ වෙලාවෙ එයාගෙ ඇස් වල තිබුන හැඟීම.

මට කවමදාවත් ඒ ඇස් කියවාගන්න බැරි වේවි...!

මට ටික දවසක් දෙන්න මම ඔයාලට ඒ කතාව කියන්නම්.

මම  නදීෂා සෙව්වන්දි මුතුතන්ත්‍රී.

පි‍ටු පෙරලපු ගාන