අ:- ඇයි පුතේ උඹ ආස පොලොව ගැටලන්න වගේ කල්පනා කොරන්නේ ?
පු :- අම්මේ මං ප්රශ්න කීපයක් අහන්නද ? ඔන්න පලවෙනි එක.. ඇයි අම්මේ අපේ මේ මහා මල්ලක් වගේ මොල්ලියක් තියෙන්නේ.?
අ:- ආ ඒ පුතේ අපි කාන්තාරේ දුර යනකොට තිබහ වෙන එක නවත්තන්න වතුර ගබඩා කර ගන්නනේ..
පු: එතකොට අපේ කකුල්වල කුර මේ රවුමට මහතට තියෙන්නේ ?
අ: ඒ පුතේ කාන්තාරේ හයියෙන් ඇවිදිනකොට සමබරතාවේ තියන් එරෙන්නේ නැතුව යන්නනේ..
පු: හොඳයි එහෙනම් මොකටෙයි මේ තරම් දිග බෙල්ලක් ?
අ: පුතේ ඒක ඕන අපිට උස ගස් වල මුදුන් වල තියෙන දළු කඩන කන්න කටු ඇනගන්නේ නැතුව..
පු: එතකොට මේ කැත විසාල ඇහිපිය ?
අ;- කොල්ලෝ .. එවුව කාන්තාරේ වැලි කුනාටු එනකොට ඇස් දෙක වහගන්නනේ..
ඔටු පුතා දැන් අම්ම දිහා බලන්නේ අමුතු සතෙක් දිහා වගෙයි
අ:- ඇයි කොල්ලෝ උඹ මං දිහා ඔය විදිහට බලන්නේ?
පු: මොන මගුලකටද වදේ එහෙනම් අපි මේ සූ එකේ කුඩුවක් ඇතුලේ ඉන්නේ ?
ආදර්ශය: අද්යාපන සුදුසුකම්, පළපුරුද්ද, දක්ෂතාවය, නායකත්වය උද්යෝගය .... මේ ඔක්කොම දේ වලින් වැඩක් වෙන්නේ අපි හරි ජොබ් එකේ ඉන්නවනම් තමයි .. ඔබ ඉන්නේ හරි තැනද ? බොරු කියන්නේ මොටද? මං නම් ඔටු පැටියා වගේ තමයි..
(මේක මන් ජංජාලෙන් උපුටගත්තා එකක් මගේ නිර්මාණයක් එහෙම නෙවෙයි..)
(මේක මන් ජංජාලෙන් උපුටගත්තා එකක් මගේ නිර්මාණයක් එහෙම නෙවෙයි..)