ගේම් ඩිරෙක්ට් බාගමු

Sunday, September 25, 2011

කාලෙකට පස්සේ සිතුවිලි පවුරට ලිපියක් දාන්න හිතුවා. කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනානේ.
                                          ගේම් පිස්සන්ට (මේ මම වගේ) අයට හරියන වැඩක් මේක. අපි දන්නවනේ ගොඩක් ගේම්ස් බාගන්න ඕනේ ටොරන්ට් මගින් කියලා. ඒත් ඊට වඩා ඉක්මනින් ඩිරෙක්ට් ලින්ක් මගින් බාගන්න පුලුවන් කියලා ඔයගොල්ලෝ දන්නවද? ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුව මේ පෝස්ට් එකට බහිමුකෝ.
                                    මේ වෙබ් අඩවියක්. මේ අඩවියේ විශේෂත්වය වෙන්නේ මේ අඩවියේ බාන්න දීලා තියන හැම ගේම් එකක්ම IDM එක භාවිතයෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න. අපි කැමතිම ගේම් එකක ටොරන්ට් එකේ සීඩර්ස්ලා අඩු උනොත් අපි අසරණ වෙනවනේ. ඔන්න ඒ වගේ වෙලාවට මේ අඩවිය භාවිත කරන්න පුලුවන්. අනිත් එක තමා අපේ පරිගණකයේ පහසුකම් අනුව ප්ලේ කරන්න පුලුවන් ගේම්ස් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. අනිත් එක ගේම්ස් ISO ෆයිල් නිසා ප්‍රමාණයත් බොහොම අඩුයි. සේරටම වඩා මේ අඩවියේ විශේෂත්වය තමයි මේ ගේම්ස් සේරම දෙන්නේ නොමිලේම වීම. ඉතින් වැඩි කතාවක් නැතුව පහළ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ.


මෙතන ඔබන්නකෝ

ඔන්න මම යනවා. ඔයගොල්ලෝ මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා උදව් කරන්නකෝ.

නිශ්ඵල

Saturday, September 24, 2011




දැඩි වෙහෙසෙන්                 දුබල
හිස මත හිරු ද නැඟි              කල
සොයා සෙවනෙන්             සිහිල
රැඳී පල නැත කැහැටු රුක     මුල

තොල කට ද                       වේලී
තල්ලේ දිව ද ඇලි                ඇලී
සොයා දිය                     නිකෙළී
නොයන් සමුදුර බලා          ඉගිලී

සිතුවිලි                             ගුගුරලා
හදවත සොවින්                  බිඳිලා
ඇතත් තනි                           වීලා
නොයන් ළඳකගෙ සෙවණ පතලා

සිත් ගත් ගීතයක්!

Thursday, September 22, 2011
හිතින් මා නොසැලී හිදිද්දී
කඳුල නුබ ඇවිඳින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී....

තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ...
වැටුනු මහ වරැසා මතක් වේ
නුබ රැඳී දෑසේ....
හිතින් මා නොසැලී//.....

තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූ යාමේ...
කඳුල මට කරැණා කරන්නැයි
අයදිමී නිබදේ...
හිතින් මා නොසැලී//......



ළමා විය!



අහිංසක ළමා විය!
කිමද නුඹ අසරණව
යදින්නේ ඇසුර මා
සමා වනු මැනවි මට
පමා විය නොහැක තව
සමු ගැනිය යුතුය දැන්

දයාබර ළමා විය !
කිමද නුඹ බලන්නේ
කඳුලු පිරි දෙනුවනින්
මා වෙන්ව ගියත් දැන්
වඩිනු ඇත නුඹෙ ලොවට
තවත් අය නිසැකවම

දඟකාර ළමා විය !
කිමද අඬගසන්නේ
කෙලි දෙලෙන් සිටින්නට
තවත් ඉඩ නොමැත මට
සමු අරන් යමි ඉතින්
උරුම වැඩිහිටි ලොවට

සෙනෙහෙබර ළමා විය !
අවoක වූ නුඹෙ සෙනෙහෙ
එපා මට තව තවත්
උනුන් පරයා නැගෙන
අනාගත මගෙ ලොවෙහි
කිරුළු පැළඳිය යුතුය
එයයි මගෙ ඉලක්කය
 පරාජිත ළමා විය !

වැඩිපුරම භාගත කරගෙන ඇති Wordpress Plugins 20

මේ වන විට අන්තර්ජාලය තුළ තිබෙන ජනප්‍රියම Blogging Platform එක තමයි වර්ඩ්ප්‍රෙස්. මේ වෙනකොට self hosted wordpress අඩවි මිලියන 50කට අධික ප්‍රමාණයක් තිබෙනවාලු.
ඉතින් මේ කතාකරන්න යන්නෙ මේ මිලියන 50ට යන අතරෙ, ඒ භාවිතා කරන්නන් වැඩිපුරම භාගත කරගෙන තිබෙන ප්ලගින 20 ගැනයි.

ස්වයංක්‍රීයවම ඔබගේ බ්ලොග් අඩවිය හා ලිපි SEO කරන ප්ලගිනයක් තමයි මේක. ඒ ඒ ලිපි වලට වෙන වෙනමම ටැග් දාන්න, සෙවුම් යන්ත්‍ර වලට හොයාගන්න ලේසි වෙන්න විවිධ දේ කරන්න මේ හරහා පුළුවන්. තවත් මේ වගේ ඒව තියෙනව, නමුත් මේක තමා මම දැකල තිබෙන හොඳම එක. ටිකක් සංකීර්ණයි, වැඩ කෑලි ගොඩායි.
Downloads 8,208,465

ඔබගේ අඩවියට එන කමෙන්ට්ස්, ස්පෑම් සඳහා පරික්ෂා කරන එක තමයි මේකෙන් කරන්නෙ. මේක ඉතාම ප්‍රයෝජනවත් ස්පෑම් වලින් වැළකීම සඳහා. මම නම් මේක අනිවා දාගන්නව මොනව නැතත්.
Downloads 7,010,496

ගූගල් සෙවුම් යන්ත්‍රයට ඔබගේ අඩවිය පහසුවෙන් index කිරීම සඳහා සයිට් මැප් එකක් සකසා දීම මෙම ප්ලගිනය මගින් කරනවා. ගූගල් සර්ච් වල ඔයාගෙ බ්ලොග් එක හොඳට ලිස්ට් වෙන්න නම් මේක අනිවා දාගන්න.
Downloads 5,386,430

මේක තවත් කන්ටැක්ට් ෆෝම් එකක් විතරයි, නමුත් ගොඩාක් භාවිතය පහසු, සරළ නමුත් ඉතාම හොඳ එකක්.
Downloads 4,203,678

ගොඩාක් ඔප්ෂන් තියෙන image gallery plugin එකක්. 
Downloads 3,494,547

ඔයාගෙ සර්වර් එකට ලෝඩ් එකක් නැතිව ඔයාගෙ අඩවියෙ stats බලාගන්න පුළුවන් ප්ලගින් එකක්. මේකෙන් කරන්නෙ wordpress.com වල stats හරහා සම්බන්ධ වෙන එකයි.
Downloads 2,589,702

මේකෙන් කරන්නෙ ඔයාගෙ අඩවියෙ තිබෙන දේවල් වල static html ෆයිල් හදන එක. ඒකෙන් අඩවිය client side එකෙන් ලෝඩ් වෙන එක ඉතාම වේගවත් වෙනව. (සයිට් එකේ ස්ටැටික් කොටස් ඔක්කොම කෑශ් කරගන්නව පරිගණකයට). හැබැයි මගෙ බ්ලොග් එකක නම් මට මේක කරදරයක් වෙලා අයින් කළා. මොකද අඩවිය ස්ටැටික් කොටස් කෑෂ් කර ගත්තම, අපී ඒකෙ වෙනසක් කලත් බොහෝ වෙලාවට ඒක අඩවියට එන්නන්ට පේන්නෙ නැතුව යනව, ඔවුන්ට පේන්නෙ අර කෑෂ් වෙලා තියෙන එක තමයි. ඒ කියන්නෙ පරන එක. :(
Downloads 2,391,929

ඔයාගෙ බ්ලොග් එක ජංගම දුරකථන වලින් පහසුවෙන් බලන්න පුළුවන් කරන ප්ලගිනයක් තමා මේක. මේකෙන් බ්ලොග් එක iPhone App එකක් වගේ කරනව. :)
Downloads 2,228,517

මෙක මොකද්ද කියල නම් කාටවත් කියන්න ඕනෙ නෑනෙ. ගූගල් මගින් ලබාදෙන වෙබ් සයිට් ඇනෑලිටික්ස් සේවාව තමා මේක. සාමාන්‍යයෙන් අපි කරන්නෙ ඒකෙන් දෙන කෝඩ් එක අපේ පිටුවකට එකතු කරන එකනෙ. නමුත් මේකෙන් කෙලින්ම ප්ලගිනය හරහා ඔබට ඒ වැඩ ටික කරගන්න පුළුවන්.
Downloads 2,037,340

මේක ඇවිල්ල සෝශල් ශෙයාරිං ප්ලගිනයක්. ඔබගේ ලිපි, ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවි වලට ශෙයා කරන්න පුළුවන් මේක හරහා. නමුත් මම නම් මේකට වඩා කැමතියි Sexy Bookmarks කියන ශෙයාරිං ප්ලගිනයට.
Downloads 1,850,470

සමහරක් බ්ලොග් අඩවි වල පහලින් පිටුවෙන් පිටුව යන්න ඉලක්කම් එක්ක තීරුවක් තිබෙනවා ඔබ දැකල ඇති. අන්න ඒක දාගන්නෙ මේකෙන් තමා. මේක අඩවියේ ලිපි අතර යනකොට හරිම පහසුවක් ලැබෙනවා.
Downloads 1,713,578

මේකත් contact form එකක් තමා. අපිට ඕනෙ විදිහට වෙනස් කරගන්න පුළුවන්. කරදරකාර ටෙම්ප්ලේට් නෑ. ස්පෑම් ඇටෑක් එන්නෙත් නෑ. contact forms ප්ලගින වලින් මේක හා Dragon Design Form Mailer තමයි මම කැමතිම contact forms ප්ලගින.
Downloads 1,586,123

ඉස්සෙල්ල එකම වගේ එකක්. ගූගල් ඇනැලිටික්ස් වලට ඕනෙ කරන ජාවාස්ක්‍රිප්ට් එක පිටු වලට දාල දෙනවත් එක්කම මේකෙ තිබෙනව ඇනැලිටික්ස් වල විස්තර අඩවියේ මුල් පිටුවට එකතු කරන්න පුළුවන් විජට්ටුවකුත්.
Downloads 1,433,450

ගූගල් එකෙන් දෙන භාෂා පරිවර්තකය අඩවියට එකතු කරන්න පුළුවන් මේකෙන්. ඔයාගෙ අඩවියේ තියෙන අන්තර්ගතය ක්ලික් දෙකකින් භාෂා 58කින් ඕනෙම එකකට කියවන්නාට පරිවර්තනය කරන්න පුළුවන් මේකෙන්. (සිංහල නම් ගූගල් තාම දන්නෙ නැතිලු.)
Downloads 1,215,595

මේක ඇවිල්ල e-commerce වලට තිබෙන හොඳ Web 2.0 වර්ඩ්ප්‍රෙස් ප්ලගිනයක්. ඔබේ අඩවියේ තිබෙන දේවල් විකුණන්න පුළුවන්, ෂොපිං කාට් එකක් දාගන්න පුළුවන් ප්ලගිනයක් තමා මේක.
Downloads 1,208,872

මේ ප්ලගිනය හරහා ඔබට පුළුවන්, ස්වයංක්‍රීයවම ඔබ ලිපියක් දැම්ම ගමන්ම ඔබ එකතු කරල තිබෙන social bookmarking අඩවි වලට ඒ ලිපිය එකතු කරන්න.
Downloads 1,155,054

social sharing වලට මම නම් කැමතිම ප්ලගිනය තමා මේක. මේක හරහා social sharing buttons සෙට් එකක් ඔයාගෙ ලිපි වලට එකතු කරගන්න පුළුවන්. ලස්සන පෙනුමකුත් තිබෙනව මේකට.
Downloads 1,089,436

ඔබ ලිව්ව ලිපියට relate වෙන ලිපි වල ලැයිස්තුවක් ඒ ලිපිය යටින් පෙන්වන එක තමයි මේකෙන් කරන්නෙ. tags, categories වලින් තමයි මේ ලිපි තේරිම සිදු කරන්නෙ.
Downloads 1,067,965

වර්ඩ්ප්‍රෙස් export file එකකින්, ලිපි, පිටු, අදහස්, ප්‍රවර්ග, තව ගොඩාක් දේවල් මේ ප්ලගිනය මගින් අලුත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට import කරගන්න මේක හරහා පුළුවන්.
Downloads 1,050,154

ඉතා පහසුවෙන්, ඔබගේ වර්ඩ්ප්‍රෙස් ඩේටාබේස් එක බැකප් කරගන්න මේකෙන් පුළුවන්.
Downloads 1,044,319

ඉතින් ඔබ මොකද හිතන්නෙ? මේ අඩවියත්, එකක් ඇරුනම මගෙ බ්ලොග් අඩවිත් තිබෙන්නෙ බ්ලොග්ස්පොට් වල තමයි. නමුත් මේක ප්‍රයෝජනවත් වෙන ගොඩක් අය මේ සිංහල බ්ලොගෝලයේ ඉන්නවා. ඉතින් ඔවුන්ට ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා.
අනිත් එක ඔයාලත් වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන්න හිතන් ඉන්නව නම් ඒක ඉතාම හොඳයි. නමුත් හොස්ට් කරන්න තැනක් ඕනෙ කරනව. ෆ්‍රී හොස්ටිං එකක කරන්න පුළුවන් පහසුවෙන්ම, ටෙස්ට් කරන්න, පරික්ෂා කරන්න, පුරුදු වෙන්න නම්. (භාවිතයට උනත් නරකම නෑ.) ඔයාලගෙ ඩොමේන් එකකම අඩවිය දාගන්න පුළුවන්නෙ. ඩොමේන් එකක් නැත්තම් ඩොට්.ටීකේ වලින් ෆ්‍රී ඩොමේන් එකක් ගන්න. හොස්ට් එකක් නැත්තම් බයිට්හොස්ට් එකෙන් ෆ්‍රී හොස්ටිං ගන්න. (මම භාවිතා කරන, මට හොඳයි කියල හිතෙන හොඳම ෆ්‍රී හොස්ටිං එක.)
වර්ඩ්ප්‍රෙස් වලින් බ්ලොග් එකක් හදන්නෙ කොහොමද කියල නම් ගොඩාක් අය කතා කරල තිබෙනවා. ඒ නිසා ඒ ගැන කතා කරන්න ඕනෙ නෑ කියල මම හිතනවා.


පිය ඔබ හට කව් ගී ලිය උනාමදි..

Saturday, September 17, 2011

ආදරණීය තාත්තාට 


ංංංංංංංංංංංංංංං
සිව් පද පේළිට       තැබිච්ච
ගත්තොතින් හඹූව  සොවිච්ච
ඒ කවියේත් පුරා ලිය තිබ්ච්ච
ඔබ නැත මා හද තතු  බිදිච්ච


ඔබ ගැන මෙතුවක්      නොලිව්ව
ලියමි ස්නෙහේ පවනට     යවත්ව
අද පමණක් හිත් වැට       බැදිච්ච
එක් පදයක් වත් ඔබ ළඟ රැදේන්ව


වැටේන්න එපා පිය මාගේ       සිතේන්
ස්නේහේ තවත් සුවද හැම දස   අතේන්
මෙතුවක් දරාන පුතඅගේ ලියූ   සිතේන්
ඔබ මතු බූදුවන ඔබමයි මගේ සේතේන්
ංංංංංංංංංංංංංංංංං







ලෝක අර්බුධය......






ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය, ඉතාලිය ආදී යුරෝපීය රටවල් මෙන්ම ඇමරිකාව, කැනඩාව පමණක් නොව ජපානය, චීනය ආදී ආසියානු රටවල ද මේ දිනවල පවතින තරුණ අසහනය සහ ඒත් සමඟ පැනනැගී ඇති කැරලි කෝලාහල එම රටවල සාමය හා සාමාන්‍ය ජනජීවිතය අඩාල කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.සිය රටවල උසස් අධ්‍යාපන ක්‍රමවේදය සමඟ  උරණ වූ තරුණ ප්‍රජාව සාමාන්‍ය ජන ජීවිතවලට තර්ජනයක් වන අන්දමින් කටයුතු කිරීම ඒ රටවල ආර්ථික බිඳ වැටීමක් කරා මෙහෙයවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.


මේ අතර ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ඇමතිවරයා ගත් තීරණය මෙම තත්වය සමනයකට පත් කරනු ඇතැයි සමහර අන්තර්ජාතික දේශපාලන විචාරකයින් පැවසුව ද, ඉන් තත්වය තවත් උඝ්‍ර වනු ඇති බවට ද සමහරු අනතුරු අඟවති.


ලොවම පිළිගත් ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාලවල උපාධිය විදෙස් සිසුන්ට රුපියල් මිලියන 1.7ක් වැනි සුළු මුදලක සිට ඉහලට ලබාගත හැකි බවට නිවේදනය කිරීම විදෙස් රටවල සාමාන්‍ය ජනතාවගේ පැසසුමට ලක් වුවද එ රටවල රජයන් හා උසස් අධ්‍යාපන ආයතන දරන්නේ අඳුරු ආකල්පයකි.


කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වැසී යාමේ තර්ජනයක් මේ හරහා නිර්මාණය වනු ඇති බව එංගලන්ත පාර්ලිමේන්තු විවාදයක දී ප්‍රකාශ කෙරිණි.ඔබාමාට ඇති මීළඟ විශාලම තර්ජනයනම් හාවඩ් විශ්ව විද්‍යාලය වැසී යාමෙන් වලක්වා ගැනීම බව විපක්ෂ‍ය වන රිපබ්ලිකන් පක්ෂ‍ය කියයි.ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය කෙරෙහි එ රට ජනතාවගේ උනන්දුව පහව යාමත් සමඟ එම භූමිය ගොවිපොලකට විකිණීමට කැනඩා රජය පසු ගිය දා තීරණය කළේ‍ය.ටෝකියෝ විශ්ව විද්‍යාලයේ නව ඉල්ලුම්පත්වල සීඝ්‍ර පහල බැසීමක් ඇති බව ජපාන අගමැතිවරයා මාධ්‍ය හමුවකදී පැවසීය.එම විශ්ව විද්‍යාලයට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන අනවශ්‍ය වියදම් ලෙස කප්පාදු කිරීමට රජය තීරණය කර ඇති බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.


බුද්ධි ගලනය වැළැක්වීමට යැයි කියමින් උසස් අධ්‍යාපනය සඳහා තරුණයින් විදෙස් ගත වීම වැළැක්වීමට චීන රජය ගත් තීරණයට එරට ජනතාව මහත් අප්‍රසාදය පළකරන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.රජය මෙම තීරණය වෙනස් නොකරන්නේ නම් රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවිය හැකි බවටත් එහි වගකීම සම්පූර්ණයෙන්ම රජය භාර ගත යුතු බවටත් චීන තරුණ සංවිධානයක් ඊයේ අන්තර්ජාලයට එක් කළ හඬ පටයකින් පැවසුනි.එම අවසරය ලබා දුන්නද සීමිත විදෙස් සිසුන් සංඛ්‍යාවක් ඇතුලත් කර ගන්නා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලවලින් බොහෝ දෙනෙකු ප්‍රතික්ශේප වීම නිසාඇති වන්නා වූ අර්බුධ‍ය රට රටවල් අතර යුද්ධයකට වුවද හේතු විය හැකි බව චීන රජය පවසයි.


ඇමරිකාවේ ශ්‍රී ලංකාවට වීසා ඉල්ලුම් කිරීම ඉහල යාමත් සමඟ සිංහල තරග විභාගයක් පැවැත්වීමෙන් සුදුස්සන් තෝරා ගැනීමට ඔබමා රජය තීරණය කර ඇත.තරග විභාගයට පෙනී නොසිටි සිය ඥාතීන් දෙදෙනෙකුගේ නම් ශ්‍රී ලංකා වීසා ඉල්ලුම් කිරීමේ නාම ලේඛනයට එක් කළ සෙනෙට් සභිකයෙකු පෙරේදා එරට බුද්ධි අංශ විසින් අත් අඩංගුවට ගන්නා ලදී.මෙය ඩිමොක්‍රටික් පක්ෂ පාලනයේ කඩා වැටීම පෙන්නුම් කරන බව පවසමින් විපක්ෂය, තරුණයින් සාහසික ක්‍රියා සඳහා පොළඹවන බව රජය චෝදනා කරයි.කෙසේ වෙතත් නිව්යෝර්ක් නුවර තරුණයින්ගේ කඩාකප්පල් කාරී ක්‍රියා මර්දනයට පොලීසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාරද යොදා ගත් අතර ගැටුම් උඝ්‍ර වීමත් සමඟ හමුදාවේ මැදිහත් වීමක් ද සිදු විය.පොලිස් නිළධාරීන් හත් දෙනෙක් තුවාල ලැබූ අතර තරුණයින් තිස් දෙනෙකුට අධික ප්‍රමාණයක් රෝහල් ගත කරනු ලැබූහ.හැටකට අධික පිරිසක් පොලිස් අත් අඩංගුවට පත් වූ අතර ඔවුහු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කරනු ලැබූ හ.රට පුරා පැන නඟින කැරළි මර්ධනයට හමුදා ශක්තියද ප්‍රමාණවත් නොවිය හැකි බව පෙන්ටගනය පවසයි.ඒ නිසා ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ සිටින සිය හමුදා නැවත සිය රට ට ගෙන්වා ගැනීමට යෝජනා වී ඇත.


ඉතාලියේ සිට ධීවර බෝට්ටුවලින් ශ්‍රී ලංකාවට එමින් සිටි ඉතාලි ජාතික තරුණයි පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත් අඩංගුවට පත් වී ඇත.ඉතාලි ජාතිකයින් හොර රහසේ ශ්‍රී ලංකාවට යැවීම ඉතාලියේ මාෆියාවක් තරමට වර්ධනය වී ඇතැයි එ රට රජය පවසයි.ශ්‍රී ලංකාවට වීසා ලබාදෙන බවට කියන හා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලවලට ප්‍රවේශය ලබා දෙන බවට කියන වංචනිකයින්ට අසු නොවන ලෙස ඉතාලි රජය සිය ජනතාවට තරයේ අවවාද කර සිටී.


ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ සංස්කෘතියෙන් යමක් සිය සංස්කෘතියට එක් වීම තමාට ප්‍රීතියක් බැව් ඉරාන හා රුසියා රජයන් පවසයි.සිය රටවල තරුණයින් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ ඔවුන් මෙරටින් ලබාගත් උසස් ශික්ෂණයකින් හා මනා හැදියාවකින් යුක්තවන බව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉරාන හා රුසියා රජයන් පවසා සිටී.සිය රටේ සුන්දරත්වය සුහදශීලිත්වය අතීතයේ සිට ලෝකය හා බෙදා හදා ගත් ජාතියක් ලෙස සිය දැනුම හා තාක්ෂණය ද ලෝකය හා බෙදා හදා ගැනීමට තීරණය කිරීම පැසසුමට ලක් විය යුතු බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.


මිත්‍ර රටවල දැක්ම එසේ වුව ද ලෝක අර්බුධයක් නිර්මාණය කිරීමට ඉඩ ඇති ඔබගේ තීරණය පිළිබඳව නැවත සලකා බැලිය යුතු නොවේ ද? ශ්‍රි ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

ඉන්දියානුවෙකුගේ ඇමරිකානු ස්මාට් කථාවක්...

Friday, September 16, 2011

ඔන්න දවසක් ඇමරිකාවේ නිව්යෝක් නගර බැංකුවට ඉන්දියන් ජාතිකයෙක් ඇවිත් ණය සම්බන්ධ නිළධාරියා ලඟට ඇවිත් ණයක් ගැන කථාකලා.

මෙයා ණය භාර නිලධාරියාට කිව්වා සති දෙකක වගේ කාලයකට බිස්නස් වැඩ වගයක් සඳහා ඉන්දියාවට යන්න වෙනවා... ඒ වැඩේට ඩොලර් 5000 ක ණයක් ගන්න ඕනේ කියලා.

නිකම්ම ණය දෙන්නෙත් නෑනේ... ණය භාර නිලධාරියා මේ ඉන්දියානුවාට කිව්වා අපිට මොනවා හරි දෙයක් ඇපයට තියන්න පුළුවන් නම් ණය දෙන්න පුළුවන් කියලා.

ඔන්න ඉතින් ඉන්දියානුවා මොකද කලේ... බැංකුව ඉස්සරහා නතර කරලා තිබුණු එයාගේ අළුත්ම ෆෙරාරි කාර් එකේ යතුරයි, ඊට අදාල වෙන ලිපි ලේඛන ටිකයි ඔක්කොම නිළධාරියාට දුන්නා.

දැන් ණය නිලධාරියාට ටිකක් පුදුමත් එක්ක... කොහොම වුනත් එයාට මේ ගැන තනියම තීරණයක් ගන්න බැරි නිසා ගියා බැංකුවේ ලොක්කා ලඟට... ගිහිල්ලා සීන් එක කියලා ඔක්කොම දේවල් ඉදිරිපත් කරලා ණය දෙන එක අනුමත කරගත්තා... අන්තිමේදී ඉන්දියානුවට කිව්වා හරි... අපි කාර් එක ඇපේට තියාගෙන ඔයාට ඩොලර් 5000 ක් දෙන්නම්... කියලා...

ණය වැඩේ කෙරුණා... කොහොම වුනත් මේ වැඩේට බැංකුවේ ලොක්කටයි, ණය භාර නිලධාරි තුමාටයි හතර හිනා...! ඩොලර් 750,000 ක ෆෙරාරි කාර් එකක් ඇපයට තියලා ඩොලර් 5000 ක ණයක් ගත්ත මෝඩ ඉන්දියන් ජාතිකයා ගැන මේ දෙන්නටම හිනා...

බැංකුවේ වැඩ කරන සේවකයෙක් පහළට ගිහින් අර ඉන්දියන් ජාතිකයා ඇපේට තියපු අළුත්ම කාර් එක පදවගෙන ඇවිත් බැංකුවේ භූගත රථ ගාලේ පාක් කලා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සති දෙකකට විතර පස්සේ ඔන්න ඉන්දියන් ජාතිකයා ආයෙත් බැංකුවට ආවා. ඇවිත් ගත්ත ණය මුදල වන ඩොලර් 5000 ආපහු ගෙවලා දැම්මා. ඒත් එක්කම ඒකට පොලිය වශයෙන් තව ඩොලර් 15.41 කුත් ගෙවලා දැම්මා...

මේ ඔක්කොම බලන් ඉඳපු නිලධාරියට දැන් මේක හරි ප්‍රශ්ණයක්... මිනිහට මේක ඉන්දියානුවගෙන් අහලම දැනගන්න ඕනෙ වුනා...

මහත්මයා, අපි ඔබත් සමග ගනුදෙනු කරන්නට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා... මේ ගනුදෙනුව ඉතාමත් හොඳින් සිද්ධ වුනා...

ඒත් අපිට ප්‍රශ්ණයක් තියෙනවා මහත්මයා... ඔබට ණය දුන්නට පස්සේ අපි ඔබේ තොරතුරු සොයා බැලුවා... අපි දැනගත්තා ඔබ කෝටිපතියෙක් කියලා...

මෙච්චර සල්ලිකාරයෙක් වෙලත් ඇයි අපෙන් ඩොලර් 5000 ක් ඉල්ලන් ගියේ කියන එක තමයි අපිට තිබෙන ප්‍රශ්ණය...?

එතකොට ඉන්දියන් ජාතිකයා මෙන්න මෙහෙම උත්තර දෙනවා...

හොඳයි එහෙනම් ඔය මහත්මයා මට කියන්න බලන්න ඩොලර් 15.41 ක් වගේ සොච්චමකට සති දෙකක කාලයක් මගේ කාර් එක පාක් කරන්න වෙනත් තැනක් මේ නිව්යෝක් නගරයේ තියෙනවද ??? අනික මම ආපහු එනකොට ඒක එහෙමම තියෙයි කියලා විශ්වාසය තියාගන්න පුළුවන් තැනක්...!!! හොඳයි කියන්න පුළුවන් නම්...

මේ කථාව මට ලැබුනේ අපේ සුරේෂ් සහෝදරයා එවාපු ඊ-ලිපියකින්... මේක සත්‍ය සිදුවීමක්... 
දන්නවද මේ කෝටිපති ඉන්දියානුවා කවුද කියලා... ඒ තමයි...

vijay_mallya_20090306.jpg



කියන ආයතන වල හිමිකරු / සභාපති වන
විජේ මාලියා

ඇත්තද?

Wednesday, September 14, 2011
රියාලේ කොළ
කොට්ටම්බා කොළ ගානට
ඉතිරිච්ච..
සල්ලි පිරිච්ච ජීවිත..
මහපාරේ
දැක්ක
මහා පත බෙන්ස් එකක්
පුරාම යනවා..
අපේ උන් ඒ බලන්
හීල්ලුව ..
දුකට වෙන්න ඇති..
එත්,
උන්ට නැති සන්තෝසේ..
අපිට තියනවා බං..
ඇහුන මට
එකෙක් කියනවා..
එත්..
ඇත්ත
ඒකමද?
අනේ මන්ද....

නංගියේ............................

Tuesday, September 13, 2011
වරම් දෙකකින් එකම කුසකින්
බිහිවුනා අපි බිහිවුනා
උනුසුමෙන් සිත් නහව නහවා
හිනැහුනා අපි හිනැහුනා
එකම බත් පත බෙදා කා
ඇතිවුනා අපි දැඩිවුනා
‍වෙනම මොහොතක ඇයි ගියේ නුඹ
හැරදමා මා තනි වුනා

අසුරු සැනකින් හැර ගියා නුඹ
නැත අපට එය වැටහුනේ
සිහිනයක් යැයි සිතා උන්නත්
සිසිල දැනිලයි ඇහැරුනේ
කදුලු සලනට වරම් ඇති අද
වියළි වුනු ඇස් බොද වුනේ
පතිනියක වන ඔබව සරසන
සිහිනයයි ඒ බොදවුනේ

ජන්මයෙන් ජන්මය පතා ආ
සොයුරු පෙම අද ඉතිරුනේ
මගේ නැගනිය සිහින දෙව්දුව
මගේ සිහිනය හැඩ කලේ
මතුව උපදින සෑම භවයම
ඔබේ නමටයි වෙන් වුනේ
ඉතින් යන්නට අවසරයි අද
සදාදර මගෙ නංගි‍යේ.....!

පි‍ටු පෙරලපු ගාන