Showing posts with label කතන්දර. Show all posts
Showing posts with label කතන්දර. Show all posts

ගුවනින් ගෙදර ගියෙමි

Wednesday, April 3, 2013



පහුගිය දවස් ටිකේම ෆැකල්ටියේ ඉඳලා ගෙදර එනකොට බස් එකේ පැය ගාණක් රස්තියාදු වෙන්නට සිදු වූ නිසා විකල්ප මාර්ගයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් පැනනැංගේය.විකල්ප මාර්ගයක් භාවිතා කිරීමේ අවශ්‍යතාව ඇති වූයේ ගමන ප්‍රමාද වීම නිසා මිස කොන්දොස්තර මහතාගේ හෝ රියැදුරු මහතාගේ අකාරුණික අවිනීත හැසිරීමක් නිසා යැයි කවුරුත් වරදවා වටහා ගන්නට උවමනා නැත.එසේ වරදවා වටහාගෙන ගැමුණු විජේරත්න මහත්තයාට මේ ලිපිය පෙන්වා මා ගැන ඔහුගේ හිතේ වැරදි චිත්‍රයක් මවන එක මා හිතාදර පාඨකයින් විසින් නොකරනු ඇතැයි ගෞරව පූර්වකව විශ්වාස කරමි.එසේ වැරදි අදහසක් ඇති කිරීමෙන් ඒ මහතා ප්‍රමුඛ පුද්ගලික බස් හිමියන්ගෙන් මට වරදක් සිදු වන්නේ නොවේ.නමුත් ඒ අහිංසක දයාබර මිනිසුන් කොට්ඨාසය සමඟ හිත් අමනාපකම් ඇති කර ගැනීමට මාගේ හිත ඉඩ දෙන්නේ නැත.

කෙසේ වෙතත් කොළඹ සිට කටුනායක යෑමට ඉක්මන්ම විකල්ප මාර්ගයක් ගැන හිත යොමු කරගෙන ඉන්නා මට  ඉතාමත් බුද්ධිමත් මෙන්ම කාර්යශීලී අදහසක් පහල විය.සෙනසුරාදා දහවල් ෆැකල්ටියේ කළයුතු සියල්ල අවසන්කොට ගෙදර ගෙනියන කළමනාද අහුරාගෙන කොටුවට සැපත් වීමි.කොටුවේ සිට මත්තල බලා ධාවනය කරවන විශේෂ සුඛෝපභෝගී බස් රථයේ අසුනක් මමද හිමි කර ගත්තෙමි."ආහා" අදනම් හවස තේ වෙලාවට කළිං ගෙදර එනවා කියා අම්මාට එස් එම් එස් එකක්ද යැවීමි.අම්මා මැසේජ් බලන්න දන්නේ නැතිබව මතක් උනේ මැසේජ් එක යැව්වාට පසුවය.කමක් නැත.ගෙදර ගිහින් අම්මාට මැසේජ් එක පෙන්නන්නට පුළුවන්ය.

මට එහා පැත්තේ උන්නේ තරමක් මහලු 'අංකල්' කෙනෙක්ය.උන්දෑ බස් එකට නැග්ගේ බස් එක ඉස්සරහා ගහලා තියෙන රජ්ජුරුවන්ගේ ඡායාරූපයට වැඳලාය.ඒකෙන්ම ඒ උන්දෑ දේශමාමක බලවේගයක් බව මම වටහා ගත්තෙමි.වාඩි වී උන් ගැහැනු මනුස්සයින්ගේ උරහිස්වල ඇතිල්ලීගෙන බසයේ පස්සටම ආ 'අංකල්' මගේ අසුනට යාබද අසුනේ වාඩි වීය.

'අපේ රජතුමා ආයේ නෑ සුද්දා වගේ තමයි.කිව්වොත් කිව්වා.එයාපෝට් එකක් හදනවා කිව්වා.හැදුවා.කොටි ඉවර කරනවා කිව්වා.කළා.අන්න මිනිස්සු.නැද්ද මං අහන්නේ' ඔහු තනියම කියවා අන්තිමට ප්‍රශ්නයකින් මට දමා ගැසුවේය.මම ආයාසයෙන් හිනා වී හිස වනා එකඟ වීමි.මේ වගේ වෙලාවට වැල යන පැත්තට මැස්ස ගහන එක නුවණට හුරුය.නැත්තං මාත් නතර වෙන්නේ ඔබාමා, කරුණා නිධි සමඟ එක කඳවුරේය.

'දැං බලන්ඩ, ඔය යුද්ධේ ඉවර වෙන්ඩ කිට්ටු වෙන කාලේ වෙනකං අපි දැනගෙනවත් හිටියද ඔය ඔඩ්ඩු සුඩාන්, කිරංචි, නන්දි කඩාල්, එතනින් ගියාම වෙල්ල මුල්ලි වයික්කාල් වගේ පැති ගැන? නෑනේ.ඒ උත්තමයා නොහිටින්ඩ අපි මැරෙන්නේ අපේ මේ සිංහල පොළවට අයිති තැං ගැනවත් හරියට නොදැන.ඔන්න බලන්ඩ එතකොට මත්තල.කවුරුවත් අහලා තිබ්බ තැනක්ද? නිකං වල් බිහිවෙලා තිබ්බ තැනක් ජාත්‍යන්තරේට විවුර්ත කළේ අපේ උත්තමයනේ.නැද්ද මං අහන්නේ?'

'හ්ම්ම්' මම නැවතත් සිනාවක් මවා පෑවෙමි.


'මේ වගේ වෙලාවක විපක්සෙන් දෙන්ඩ ඕනේ සහයෝගය දෙනවද? නෑනේ.අන්න ඒකට බටහිර මිනිස්සු.ඔබාමා දිනපු වෙලාවේ කරපු කතාවේ නිකංවත් අනිත් පැත්තෙං චන්දෙ ඉල්ලපු එකාට බැන්නද? නෑ.අපේ මිනිස්සු මහා නොසන්ඩාල ජාතියක්.හම්බන්තොට වරාය හැදුවා.ඒකට බැන්නා.'

'අර ගලක් තිබ්බ එකද?' මට කියැවුනි.

'හරි ඉතිං ඒක කඩලා අයිං කළානේ, ඊටපස්සේ ඒ කිට්ටුවම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හැදුවා.ඒකටත් බැන්නා.'

'හයේ ඒවා ගහන්ඩ අමාරුයිලු නේද?අනික බඹරුත් ඉන්නවා කියන්නේ.'

'ඒවා එහෙම තමයි.මොකෝ අපි දන්නවෑ ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එක උනත් හදපු මුල් කාලේ ඔය වගේ ප්‍රශ්න තියෙන්ඩ ඇති.ඔන්න ඊට පස්සේ නෙළුම් පොකුණ හැදුවා.ඒකටත් බැන්නා.'

'ඒකේ පෙන්නන්නේ ඔය ලොක්කගේ ෂෝ විතරයි නේද?අනික ටිකට්වල ගණං අහපුවාම බඩ පපුව හෝස් ගාලා යනවා.'

හදපු මනුස්සයගේ දෙයක් පෙන්නගන්ඩ බැරිනං මොකටද ඒවා හදන්නේ? ඔය ළමයින්ට මේවා තේරෙන්නේ නෑ.අපි ඔය ළමයින්ට වඩා මේ මහ පොළවේ ජීවත් වෙලා තියෙනවා නොවැ.අපි දැකලා තියෙන, වැඩ කරලා තියෙන චන්ද ගාණෙං බාගයක්වත් ඔය ළමයි දැකලා නෑනේ.'

'අපෝ මේ චන්ද තියං යන විදිහට අපිටත් හොඳට ට්‍රේනිං එකක් ලැබිලා තියෙන්නේ අංකල්' යැයි කියන්නට සිතුනත් මම නොකියා කර බා ගතිමි.

අංකල් මාත් සමඟ කතාව නවතා නිදි කිරා වැටෙන්නට විය.මටද නින්ද යන්නට ඇත.

'පුතා පුතා නැගිටින්ඩ.අපි එයාර්පෝට් එකට ළංවෙලා ඉන්නේ.' අංකල්ගේ වැළමිටි පහරින් මම උඩ ගොස් ඇහැරුනෙමි.හොඳටම කරුවල වෙලාය.මම එච්චර වෙලා නිදා ගත්තාදැයි මට නිච්චියක් නැත.මම කළබල වී වට පිට බැලුවෙමි.නැත නැත.රෑ වෙලා නැත.බසය ඝණ වනාන්තරයක් මැදින් ඇදෙන නිසා හිරු එළිය නොවැටීමෙන් මම රැවටී ඇත.මම කබ කඩා, කෙළ පිසදාගෙන ගුවන් තොටුපල පිළි ගැනීමට සැරසුනෙමි.එක්වරම ඝණ වනය තුලින් බසය එළිමහනකට ඇදුනේය.ඈතට දිස්වන යෝධ සන්නිවේදන කුළුන සමඟින් මට ගුවන් තොටුපල පර්යන්ත ගොඩනැගිල්ල දිස් විය.අංකල් සාධුකාර දෙන්නට පටන් ගත්තේය.

ගුවන්තොටුපල මනස්කාන්තය, අනභිබවනීයය, විශිෂ්ඨ ඉංජිනේරු කර්මාන්තයක් බව නිසැකය.අංකල් සංචාරක මග පෙන්වන්නෙකු සේ මට ගුවන්තොටුපල විස්තර කර දෙන්නට පටන් ගත්තේය.මේක හැදූ චීන කාර්මික ශිල්පීන් පවා නොදන්නා ඉංජිනේරු විද්‍යාවේ හාස්කම් ගැන ඔහු මට විස්තර කර දුන්නේය.මුල්ගල තැබූ දිනයේ පටන් සිටවූ සෑම කොන්ක්‍රීට් කණුවක් පාසා කාලවකවානු අනුව ඔහු මට විස්තර කර දුන්නේය.

'අංකල් කොහොමද මෙච්චර විස්තර දන්නේ?'

'ඇයි පුතා රූපවාහිනී, අයිටීඑන් එහෙම බලන්නැද්ද?'


ගුවන්තොටුපල සාමාන්‍ය ආරක්ෂක බාධකයේදී හොඳින් කිචි කවාගෙන වෘෂණද මිරිකවාගත් මම මගී පර්යන්තයට ඇතුලු වීමි.ඉඳගත හැකි මුල්ලක් තෝරාගත් මම ගමන් බෑගය නැවත අසුරන්නට වීමි.බෑගයේ තිබුනේ හෝදන්නට ගෙදර ගෙනියන ඇඳුම් වගයක්ය.බෑගය පරීක්ෂා කළ පරීක්ෂකයාට කුමක් වූවාදැයි මම දන්නේ නැත.සිහි විසඥ වූ ඔහු හෝ ඇය ගුවනින් කොළඹ ජාතික රෝහලට ගෙනයන්නට ඇතැයි අනුමාන කිරීම පමණි මට කළ හැක්කේ.

ගුවන් යානය පැමිණියේ පැය භාගයක් ප්‍රමාද වීය.නමුත් අපේ රටේ අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් හා සසඳා බලන කළ එය වෙලාවටත් කළින් පැමිණීමකි.ඒ නිසා බොහෝ දෙනෙකුට අද ගුවන් යානය මග හැරෙන්නට ඇත.ගුවන් යානයේ දොරටුව අසල මොණර පිළේ පැහැයෙන් යුත් සාරී ඇඳගත් තඩි කළු අඟනක් වූවාය.රූපවාහිනියේ එයාර්ලංකා වෙළඳ දැන්වීම්වල දැක පුරුදු ලෙසට මම ඇය වෙත මල් හිනාවක් පා 'ආයුබෝවන් ශ්‍රී ලංකා' කීවෙමි.ඇයගෙන් ප්‍රතිචාරයක් නැත.මම ඇය සිනාසී 'ආයුබෝවන්' කියන තෙක් ගමන් මල්ලද එල්ලාගෙන බලා සිටින්නට වීමි.

'මොකද මාව මීට කළිං දැකලා නැද්ද? නිකං යනවා අයිසේ වැඩක් බලාගෙන.' ඇගේ ගර්ජනාව හමුවේ මම ගුවන් යානය තුලට වීසි වී වැටුනෙමි.

මම ඇතුලට යන විට අංකල් මටද ආසනයක් අල්ලාගෙන ය.මම ආසනය වෙතට යමින් තබන අඩියක් අඩියක් පාසා යානයේ බිමට අල්ලා ඇති තහඩු 'ක්‍රීක් ක්‍රී...ක්' හඬ දෙන්නට විය.


කෙසේ හෝ ආසනය ළඟට ගිය මම ආසනයේ වාඩි උනෙමි.මගේ දණිස් දෙක ඉදිරි අසුනේ වේදනා දෙමින් වදින්නට විය.වැඩි ආසන සංඛ්‍යාවක් සවි කිරීමට ආසන ළංකොට සවි කරලාය.දණිස් තුවාල වනු වැලැක්වීමට මගේ වැදගත් ඉන්ද්‍රියයන්ට ඇති ආරක්ෂාව අවම කරගෙන කකුල් දෙපසට ඈත් කොට වාඩි වීමි.ආසනයට ඉහලින් ඇති ගමන් මලු දැමීමට ඇති ස්ථානය පරීක්ෂා කර බැලූ මට දක්නට ලැබුනේ එහි පොල් ගෙඩි රැසක් තද බද කොට අහුරා ඇති බවය.ආසන පටි පැළඳ ගැනීමට සැරසුනු විට දක්නට ලැබුනේ ඒවා කවුරුන් විසින් හෝ කපාගෙන රැගෙන ගොස් ඇති බවය. මම දෙවියන් බුදුන් සිහිකොට ගෙන ඉදිරි ආසනයේ හේත්තුවන කොටස තද කොට අල්ලා ගතිමි.

ඉදිරි ආසනයේ විවිධ කවි කතා මෙන්ම නම් ගම් ලියා ඇත."සැපක් ගන්ඩ අමතන්ඩ" කියා දුරකතන අංකයක්ද ලියා තිබුණි. 'නා.පු. 2013' කියා තැනක ලියා තිබුණේය.ඒ ගැන අංකල්ගෙන් විමසූ විට ඔහු කීවේ ඒ 2013 නායකත්ව පුහුණුවට ගිය කොල්ලෝ සෙට් එකක් ලියපු එකක් වෙන්නට ඇති බවය.


'අංකල් අර එයා හොස්ටස් ගෑනිගේ හැටි බලන්ඩකෝ.සාමාන්‍යයෙන් ඕවට ගන්නේ හැඩ කෙල්ලෝ නේද?'

අංකල් පිළිතුර් දීමට පෙර ඔහුට එහා ආසනයේ සිටි තැනැත්තා පිළිතුරු දුන්නේය. 'ඔය ඔක්කොම හම්බන්තොට පැත්තේ ගෑනු.ඔය ලොක්කගේ පුතාගේ පන්දමෙන් එන උන්නේ.ඕකුන්ට මොකුත් කියන්ඩත් බෑ ගෙදෙට්ට ඇවිත් වෙඩි තියලා යයි.' මගේ තොලකට වියැළී කිසිවක් කරකියා ගත නොහැකිවී ගියෙමි.


මනස වෙනතක යොමු කිරීමට සිතාගෙන වට පිට බැලූ මම පිටත බැලීමේ ආශාවෙන් ජනේලයෙන් එබුනෙමි.එළියේ කුඩා නෝට් පොතක් අතින් ගත් අයෙක් පැමිණ යානය පිටත් වීමට වේලාව හරි බව යානයේ පිළිගැනීමේ නිළධාරිණියට දන්වා සිටියේය.එවිට ඇය දොරෙන් හිස පිටත දමා 'ඇඩ්ඩිං අයියේ වෙලාව හරි......ඉක්මනට වරෙං.....' කියා කෑ ගැසුවාය.එවිට පර්යන්තයේ කොණක ඇති වැසිකිලියේ සිට යානයේ පයිලට් මහතා දුවගෙන එනු මට පෙනුනි.ඇඳ සිටි ටී ෂර්ටය මතින් ගුවන් නියමු කබාය දාගෙන එහි බොත්තම් පියවමින් දිවගෙන ආ ඔහු තරුණ ගැටයෙකු මෙන් ක්‍රියාශීලී ලෙස ගුවන් යානයට ගොඩ වූයේය.

යානය පණගැන්වීමට නියමු මහතා උත්සාහ කරද්දී එන්ජිම දෙවරක් හඬ නගා නිහඬ විය.'අදත් තල්ලු දාන්ඩ වෙයිද දන්නෑ' කියා අසල සිටි මගියෙක් කියූ විට මට හීන් දාඩිය දමන්නට විය.නමුත් අප සැමගේ වාසනාවට අවසානයේ එන්ජිම පණ ගැන්වුනි.සියල්ලෝ සැනසුම් සුසුම් හෙලූහ.


යානයේ විවිධ කොටස් විවිධ සංඛ්‍යාතවලින් දෙදරන්නට විය.මම ඉදිරි ආසනයේ ඇන්ද තදින් අල්ලා ගතිමි.මගේ ඇඟිලි භීතියෙන් සුදුමැලිවී තිබෙන්නට ඇත.එමෙන්ම ඇඟිලි ආසනය තුලට කිඳා බහිනු මට දැනෙන්නට විය.අංකල් මා අස්වසන්නට විය.මොකද මේ බය වෙලා.මේක එයාර් ලංකා එකේ තියෙන හොඳම ප්ලේන් එකක්.මේක ඔය චීන බාල බඩුවක් නෙමෙයි.ප්‍රංශ එකක්.ඒ මිනිස්සු මේක නිකං වගේ අපිට දීලා තියෙන්නේ.අවුරුදු විස්සක්වත් එහෙ පාවිච්චි කරලා නෑලු.මම තවත් තදින් ඉදිරි ආසනය බදා ගතිමි.යානය ගැස්සි ගැස්සී ඉහළ නගින්නට විය.දවල් කෑ දේවල් කැලැති කැලැතී පෙරලි කරන්නට කුස තුල ඉඩ මදි වීම නිසා ගලනාලය දිගේ ඉහල නගින්නට විය.මගේ අපහසුතාවය තේරුම් ගත් අංකල් සිය බෑගයෙන් ඇදගත් සිලි උරයක් මට දිගු කළේය.මම කෘතඥතාපූර්වකව එය අතට ගන්නවාත් සමඟම එතැනට කඩා පාත් වූ ගුවන් සේවිකාව 'දන්නේ නැද්ද සිලි කවර ගෙනියන්ඩ තහනම් කියලා' කියා බෙරිහන් දෙමින් ආඥාදායිකාවක් මෙන් පෙනී සිට සිලි කවරයත් රැගෙන නැවත සිය ආසනයට ගියාය.මම ඉහළට එමින් තිබූ ඒ වනවිට ඇමයිනෝ අම්ල, ග්ලුකෝස් සහ මේද අම්ල බවට පත්ව ඇති මගේ දිවා ආහාරයෙන් යානයේ පොළව තෙමනු වැලැක්වීමට නහයත් කටත් අතින් වසාගෙන වැසිකිළිය වෙත දිව ගියෙමි.

වැසිකිළියේ දොර ඇරිය විට ආ ගන්ධයෙන් මා යාර කීපයක් පසුපසට වීසි වී ගියෙමි.එම ගන්ධයට මා සිහි විසඥ වීමටද ගියේය.නමුත් මගේ සිහළ ලෙයින් මෙවන් වූ කටුක අවස්ථා අතික්‍රමණය කිරීමට දිරිය ලබා දෙන්නට විය.මම මගේ මුළු උදරයම වැසිකිළියට හිස් කළෙමි.වැසිකිළියේ වතුර නොමැති බව මට අවබෝධ වූයේ ඉන් පසුවය.මම මුත්‍රවලින් වමනය සෝදා හැරියෙමි.නියම ශ්‍රී ලාංකිකයෙකු මෙන් සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට මම ද ඉගෙනගෙන ඇත්තෙමි.


නැවත ආසනයට ගොස් ඉඳගත් පසුව යානය නැවතත් කැළඹෙන්නට විය.නමුත් මෙවර කැළඹීමට කුසේ කිසිවක් නැති මා විජයග්‍රාහීව හිස කෙළින් තබාගෙන සිටියෙමි.එවිට යමෙක් තනි කකුලෙන් පැන පැන ආසන අතරින් එනු පෙනෙන්නට විය.

'අනේ නෝනලා මහත්තයලා.මගේ ගම කුරුණෑගල.මම හම්බන්තොට වරායේ රස්සාව කළේ.දවසක් වැඩ ඇරිලා යද්දි අලියෙක් පාගලා මට මගේ කකුල නැති උනා.මට ගෙදර පොඩි දරු පැටව් හත් දෙනෙක් ඉන්නවා.ඒ අය ඉස්කෝලේ යවලා මගෙයි මගේ ගෑනිගෙයි බඩට මොනවා හරි කන්නේ මේ මහත්තුරු දෙන දේකිං තමයි.මම හොරකම් කරන්ඩ වංචා කරන්ඩ ඉගෙනගෙන නෑ.මට රස්සාවක් කර කියාගන්ඩ විදිහක් නෑ මේ කකුල නැති හින්දා.අතේ මිටේ තියෙනවනං කීයක් හරි දෙන්ඩ මහත්තයෝ.තමුන්නාන්සෙලාගේ මියගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් ඒ පින අත්වෙනවා.' මේ ගැස්සෙන පෙරලෙන යානයේ ඉඳගෙන ඉන්නා ආසනයෙන් පවා විසී වී යෑමට තරම් කැළඹෙද්දී ඒ ගැන වගක්වත් නොමැතිව ඔහු තනි කකුලෙන් පැනගෙන එන අයුරු බලා මිනිසුන් අනුකම්පාව කෙසේ වෙතත් ඔහු පෑ වික්‍රමය බලා මුදල් දුන්නෝය.මගේ අතේ අමතර සත පහක්වත් නොමැති බැවින් ඔහු කිට්ටු වෙද්දී මම බිම බලා ගතිමි.

' බිම බලා ගත්තා කියලා, සල්ලි නොදුන්නා කියලා මගේ කිසිම අහිතක් නෑ.ඒ උනත් දෙන දේ අනුව තමයි ලැබෙන්නේ.මහත්තයාලට බුදු බව අත්වේවා.' කියමින් ඔහු මා පසු කර ගියේය.

ඊළඟට ආවේ වඩේ වෙළෙන්දාය.ඉන්පසු කූල් දොඩම් වෙළෙන්දාය.මේ ආදී ලෙසට විකාර විච්චූරණ පෙරහැරක්ම කටුනායකට යානය ළඟාවන තෙක් මා පසු කරගෙන ගියේය.

කටුනායකදී නැවතත් පූර්ණ පරීක්ෂාවකින් පසු යටි බඩද කොර වී කොරගසමින් පැමිණි මට ලිෆ්ට් එකක් දීමට මා සමඟ පැමිණි අංකල් ඉදිරිපත් විය.මාව බස් නැවතුම්පොල අසලින් බස්සා යෑමට පෙර 'දැංවත් පුතා රට ජාතිය ගැන පොඩ්ඩක් හිතන්ඩ පුරුදු වෙන්ඩ.මේ වගේ රට දියුණු වේගන යනකොට ඒකට අකුල් හෙලන මිනිස්සු බොහොමයි.පුතාට හොඳ බුද්ධියක් ඇතියි කියලා මම හිතනවා.ඒ නිසා මම කියන්නේ මේ සංවර්ධනය දැක්කමවත් ඔලුව පාදගන්ඩ බලන්ඩ.' කියා අවවාද දීමටද අමතක නොකළේය.

නිවෙසට යෑමට පැය එකහමාරක් පමණ වේලාවක් බසයක් එනතුරු බස් නැවතුමේ බලා සිටි මා ඉදිරියේ පොලිස් ජීප් රථයක් 'ක්‍රී....ස්' හඬින් තිරිංග තදකොට නතර කෙරිනි.ඉන් බැස ආ පොලිස් බටයා මගෙන් නම ඇසීය.මගේ නම කියූ සැනින් ඔහු කළේ මට තරු විසිවෙන කණේ පහරක් දීමය.

'කොහෙද බූරුවෝ මෙච්චර රෑ වෙනකං රස්තියාදු ගහන්නේ.ගෙදර මිනිස්සු කළබල වෙලා තමුසෙව හොයනවා.පොලීසියේ පැමිණිල්ලකුත් දාලා.මම මේ නිකමට නවත්තලා බැලුවේ.වල් මී හරකා.' කියා ආදරයෙන් ආමන්ත්‍රණය කළ ඔහු මට ගෙදරටම පොලිස් රථයෙන් ලිෆ්ට් එකක් දීමටද අමතක නොකළේය.

පොලිස් රථයෙන් ගෙදර ආ මම ඉදිරි සති දෙකේ ගමේ වීරයා බවට පත් වීමි.


ගඩගෙඩි මෝඩයාගේ කතාව.

Wednesday, August 29, 2012

ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක ගමක එකෝමත් එක කාලෙක ජීවත් උනාලු මනුස්සයෙක් ගඩගෙඩි  මෝඩයා කියලා. අහ්.. කියන්න අමතක උනානේ මොකද මේ මනුස්සයට මේ නම හැදුනේ කියල. පවු ඉතින් .. දෙමාපියන් නුගත් මිනිස්සු උන එකේ කොල්ලාව වැස්සට බේරෙන්නවත් ඉස්කොලෙකටවත් ඇරියානම් ටිකක් මෝඩකම් අඩුවෙන්න තිබුනා. එත් "ඔය ගහක ගෙඩියක් කඩාගන්න ඇහැකිනම් මදැයි" කියල අප්පා කිවුවම අම්මන්ඩිත්  "එහෙනම්" කියල අනුමත කරපු හින්දා කොල්ල ඔය ගස්ගෙඩි කැඩිල්ල ඇරෙන්න වෙන කිසි මගුලක් ඉගෙනගත්තෙත් නැහැ.. ඉතින් අම්ම තාත්ත වලකජු ගියාට පස්සෙත් මේ මනුස්සය ජීවත්වෙන්න කලේ ඔය රස්සාවම හින්දා ගමේ මිනිස්සු තමයි ඔය නම ලියාපදිංචි කලේ
අපේ මිස්ටර් ගඩගෙඩි   හැඩි දැඩි පෙනුමක් තිබ්බ මිනිහ හින්ද කාන්තා පක්ෂේ එහෙම මිනිහගේ සමහරක් පැති  වල කිසිම අඩුපාඩුවක් දැක්කේ නැහැයි කියලයි කියන්නේ. ඔය ගමේ   ගෙවල් දෙහෙක තුනකම  ගෑනුන්ට හම්බවෙච්ච කොලු පොඩ්ඩන්ට   ගඩ ගෙඩිගේ මුනත්තහඩුව  පිහිටියේ අර මනෝවිද්යාත්මක සාදකේ හින්දනේ.. තාත්තා මොකා උනත් ගෑනු මනුස්සයාගේ වෙලාවට හිතේ ඉන්න හැඩ කාරයාගේ මුණ හම්බවෙන එකාට හරි එකීට හරි හිටින්ඩ පුළුවන් කියනවනේ.. එහෙම වෙන්ඩ  ඇති.. නැත්නම් ඉතින් මෙයා අහිංසකයානේ
ඔන්න ඔහොම ඉන්න අතරේ තමයි ගමේ වයසක ඇත්තෝ එකතුවෙලා මිනිහට බාරියාවක් හොයල දුන්නේ. කොයිවෙලාවෙත් කැහැ  කැහැ ඉන්න හින්දයි උන්දැට කැහි ගෑනී කියල නමක් වැටුනේ.. ඔන්න අපේ ගඩගෙඩි කැහි ගෑනිත් එක්ක සාමෙන් පවුල කනවා. හැබැයි තවමත් අර අල්ලපු ගෙවල් වල ඇත්තියන්ට අර විදිහේ ළමයිම හම්බ වෙනවා. මේ වැඩේ හරි යන්නේ නැහැ කියල මිනිස්සු එකතුවෙලා කැහි ගෑනිගේ නංගී  වෙච්ච හොටු ගෑනිත් අපේ ගඩගෙඩිට සහේට ගෙනත් දෙනවා
දැන් තමයි නියම වැඩේ පටන් ගන්නේ. කැහි ගෑනියි හොටු ගෑනියි දෙන්න ගඩ ගෙඩියා බෙදා ගන්න බැරුව වලිදාගන්න පටන් ගන්නවා. අන්තිමට ගමේ ලොක්ක දෙන්නව සමාදාන කරන්න ගෙනෙනවා යෝජනාවක්. මොකක්ද යෝජනාව ? ගඩ ගෙඩිගේ බාරියාවෝ දෙන්න මාරුවෙන් මාරුවට දවසක් ඇර දවසක් ගඩ ගෙඩියව බෙදාගෙන පවුල් කන්න. ඒකත් නරක නැහැ වගේ..    ගඩ ගෙඩිට රජ සැලකිලි දෙන්නගෙන්ම. එක්කෙනෙක් පරද්දන්න අනිත් එක්කෙනා වැඩ.,. මොන වැඩද කියල මන් දන්නේ නැහැ. කෑම බීම පිසීම වගේ මෙකී නොකී සියල්ලම තමයි..
කැහි ගෑනි සඳුදට මනුස්සයාගේ   කොන්ඩේ එහෙම කපලා පිට අතුල්ලලා නාවලා එහෙම ගියාම අඟහරුවාදාට හොටු ගෑනීට  පිළිවෙල අල්ලන්නේ නැහැ. ගෑනී   අර මනුස්සයාගේ කොන්ඩේ තව කොට කරලා කපලා හම යනකල් පිට අතුල්ලනවා
ඔය අතරේ ගඩගෙඩි හදිසියේ ලෙඩ වෙනවා. ඔන්න එතකොට කැහි ඇවිත් බේත් දීලා සාත්තු කරලා යනවා ඊට පස්සේ   හොටු ඇවිත් අර බෙහෙත් ඔක්කොම විසි කරලා වෙන බෙහෙත් දෙනවා.  බෙහෙත් විස වෙලා අන්තිමට ලෙඩාගේ කකුල් දෙකේ වණ  මතුවෙනවා. 
ඔන්න එතකොටයි ලොක්කා තීරණේ කරන්න දැන් කැහි හොටු දෙන්නම එකට ඉඳන් ලෙඩාට සාත්තු කරන්න ඕන කියල. මේ වැඩේට දෙන්න මනුස්සයව දෙකට බෙදා ගන්නවා වම් පැත්ත කැහිගේ දකුණ හොටුගේ.. 
ඔන්න කැහි ඇවිත් එයාගේ  වම් කකුල   සෝදලා තුවාල වලට බෙහෙත් දාල යනවා. හොටු ඇවිත් අර වම් පැත්තේ තුවාලවල පටි  වෙළුම් ඉරල දාල  දාල තුවාල් වලටත් ඇනලා පාරවලා   තුවාල වන කරලා දකුණේ තුවාල වලට හොඳට සාත්තු කරලා යනවා. ඊට පස්සේ කැහි ආපහු ඇවිත් දකුණු කකුලෙන් පළි අරන් වම් කකුල ආපහු සෝදලා බෙහෙත් ගල්වනවා. 
මේ හබේ ඉවරවෙන්නේ අර යෝදයාගේ කකුල්දෙකම කපන්න සිද්ද වෙලයි.. අන්තිමට ඌ මලා. 

ඔන්න ඔහොම  තමයි උනා කියන්නේ.. මන් ඉතින් ලිවුවේ සිම්පල් කතාවක්. ඕක ඇතුලේ තව කතාවල් පෙනෙනවා නම් ඉතින් මන් මක්ක කොරන්ඩද ? බලන   අයට පෙනෙන හැටි නෙව.. 

"මට wish කරන්න තිබ්බ මම ඒත් වෙලාව එනකම් හිටියෙ"

Saturday, August 4, 2012
අපේ ඔෆිස් එකේ ඉන්නව කොළඹ විශ්ව විද්‍යාලයේ එකෙක්. ඌ ඉතින් මාරම රස කතා තොගයක් කියනව. ඉතින් මට හිතුන ඒවායින් එකක් දෙකක් දාන්න, මොකද මට ලියන්න එහෙම රස කතා මතක් වෙන්නෙ නෑනෙව හරියකට.

ඔන්න ඉතින් දවසක් මේකගෙ යාළුවෙක්ගෙ කෙල්ලගෙ උපන්දිනේ හෙටලු. ඉතින් රෑ ඌ කෙල්ලත් එක්ක කතා කර කර ඉන්නවලු. විෂ් කරන එක ගැන සද්දයක්වත් නෑ, මූට ඕනෙ හරියටම 12ට විෂ් කරන්න. ඔන්න ඉතින් කතාව ඉවර කරල ෆෝන් එක තියල. මූ දැන් 11.58ට එලාම් එකකුත් තියල ෆෝන් එකත් ලඟින් තියාගෙන බලන් ඉන්නව ගානට වෙලාව එනකම්.
අනේ ඒ උනාට මූට නින්ද ගිහිල්ල වෙලාවට ඉස්සෙල්ල. එලාම් එකටත් ඇහැරිලා නෑ. පට්ටම සිද්දිය. මූට ඔන්න එක පාරටම ඇහැරිලා බලනකොට වෙලාව පාන්දර 5යි. ඔලුව ගිනි අරං ෆෝන් එක අරගෙන බලද්දි missed calls 20ක්, sms 10ක්.
දැන් ඉතින් අරූ ඉවරයි තමා.
ඉතින් මූ එවෙලෙම කෝල් එකක් ගත්තලු. ආයි හිතන්න දෙයක් නෑ කෙල්ල ඉවරයක් නැතිව බැණගෙන බැණගෙන යනව. මූටත් ඉතින් කියන්න හේතුවකුත් නෑනෙ. අහගෙන ඉන්නව.
ඔන්න ඔය අතරෙ මුගෙ ස්ථානෝචිත ප්‍රඥාවද කොහෙද එක වැඩ කරනව.
මූ එක පාරටම කීවලු, "මට 12ට කිසිම අවුලක් නැතිව විෂ් කරන්න තිබ්බ, ඒත් ඔයා ඉපදුනේ පාන්දර 5යි ගානකටනෙ, ඉතින් මම ගානට වෙලාව එනකම් හිටියෙ." කියල.
ඉතින් දීපල්ලකො උත්තර. :)


පුස්ස පම්බාලංකාරය

Friday, July 27, 2012



දැං ඉස්සර වගේ සිතුවිලි පවුරට ලියන අය අඩු නිසා මගේ බ්ලොගේ දාන ලිපි මේකෙත් දාන්ඩ හිතුවා......



ලෝකයේ කාන්තාවන් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙන තරමටම ලංකාවේ ගැහැනුත් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙනවා.ඒත් ලෝකෙ අනිත් ගැහැනු තමන්ගේ රූපය ලෝකයට පෙන්වන්න තමන්ගේ අංගෝපාංග හුවා දක්වද්දි අපේ ගැහැනු චුට්ටක් පැකිලෙනවා.මේ අපි හැදිලා තියෙන සංස්කෘතිය විසින් ඇති කරන ලද ලැජ්ජාව කියන සංකල්පය විසින් ඇති කරවන නිශේධනයක්.

පශ්චාත් නන්දිකඩාල් දේශය II

Sunday, July 15, 2012




1 කොටස

'මේකයි මේක කාටවත් එහෙම කියන්ඩ එපා.චුට්ටක් ලීක් උනත් වැඩේ අනිත් පැත්තට ගැස්සෙන්ඩ පුළුවං.මම මේක අපේ කාටවත් කිව්වේ නෑ.දන්නවනෙ ඕකුංගෙ කටවල්වල හැටි.අර මොකක්ද එක ඇරියා වගේ මයික් එකක් දැක්ක ගමං ඔක්කොම කියවෙනවා.දැං අනික තාත්තලා ඇමතිලා උනාම, පුතාලත් පම්පෝරි ගහනවනේ'.

'හරි හරි මම ඕක කාටවත් කියන්නේ නෑ.වැඩිම උනොත් මගේ බ්ලොගේ දායි.ඒත් කියවන උං හිතන්නේ ගොතපු කතාවක් කියලා නෙව.අගේ නොකර ඉක්මනට කියන්ඩකෝ'.

පශ්චාත් නන්දිකඩාල් දේශය

Saturday, July 14, 2012


කාලෙකිං සිතුවිලි පවුරෙ මොකුත් දැම්මෙ නැති හින්දා ඔන්න මගේ බ්ලොගේ ටික දවසකට කලිං දාපු එකක් දාන්ඩ හිතුවා....




ආශ්චර්යයේ දිවයින සීරීස් එක ලිව්වාට පස්සේ රජතුමා මාත් එක්ක එච්චර හොඳ නැත.නමුත් සකල ලෝක දැනුම් සම්භාරයකින් පරිපූර්ණව අකලට පරිණත වූ මා වැන්නෙක් අමතක කිරීම දැලිපිහියෙන් කිරි කන ඔහු වැනි රජෙකුට ලේසි නැත.මගේ දැනුම හා සසඳද්දී ඔහුගේ උපදේශක මණ්ඩලය සේනක පුක්කුසාදීන් වගේ පේනවා යැයි රජතුමාගේ ශ්‍රී මෞකද්වාරයෙන් පැවසුනේ වරක් දෙවරක් නොවේ.

විමසුම

Thursday, February 16, 2012
අපේ රටේ ජනතාව නැවතත් කුපිත කරවනු ලැබ ඇත.රට පුරා සිදුවන වර්ජනයන්ගේ නිමක් නැත.රට කුරිරු ත්‍රස්තවාදයෙන් ගලවාගත් අතිගරු ජනාධිපතිතුමාට තැන් තැන්වල බැණවැදීමෙන්ම අපේ රටේ ජනතාවගේ අවස්ථාවාදී කුහක මානසිකත්වය මනාව ප්‍රදර්ශනය වේ.රට ත්‍රස්තවාදයෙන් ගලවාගත් එතුමා ඉන් නොනැවතී ආරම්භ කළ මහා දැවැන්ත සංවර්ධන සංග්‍රාමයේ ප්‍රථිපල තවමත් ජනතාවට ලැබෙන්නට පටන් ගත්තා පමණි.

මෙකී සංවර්ධනයෙන් රට ඉසුරට ඇදී යද්දී ඩොලර් කාක්කන්ගෙන් පිරී ඇති විපක්ෂය රජය අප්‍රසාදයට පත් කිරීම සඳහා විවිධ කරුණු ඇද දක්වමින් ජනතාව මුලා කොට රට ආගාදයට ඇද දැමීමට කටයුතු කරගෙන යන්නේ ය.රුධිර පිපාසිත ජේවීපී ය මේ ජනතා කුපිත කිරීමේ ක්‍රියාදාමවලදී දැනටමත් ජීවිත දෙකක් බිළිගෙන ඇත.මෙසේ රටේ අහිංසක ජනතාවගේ මළ සිරුරු මතින් ඉදිරියට යාමට උත්සාහ දරන ජේවීපීයත් බටහිර ගැති, බටහිරට අප රට පාවා දීමට උත්සාහ කරන යූඇන්පීයයත් අතිගරු ජනාධිපතිතුමාගේ යෝධ වැඩ පිළිවෙල අසාර්ථක කරවීමේ නිශ්ඵල කුමන්ත්‍රණයක නිරත වී සිටිති.

විපක්ෂයේ මේ අමනෝඥ ක්‍රියාවන් අපේ රටේ බුද්ධිමත් ජනතාව හොඳ හැටි වටහාගෙන සිටිති.පසුගිය මැතිවරණයේ දී ඔවුන් ඒ බව රටටම හඬ ගා කීවේ යූඇන්පී‍යට කොළඹ පමණක් ඉතුරු කරමින් සහ ජේවීපීයට තිස්සමහාරාමයද අහිමි කරවමිනි.මැතිවරණයෙන් පසුවද වත්මන් රජයේ ජනතාවාදී ප්‍රතිපත්තීන් හඳුනාගත් විපක්ෂයේ සැබෑ ජනතා නායකයන් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට එක් වන්නේ තමන්ගේ පරම අභිප්‍රාය ජනතා සේවය මිස තමාගේ පක්ෂය රජ කරවීම නොවන බව හඬ ගා කියමිනි.

වර්ථමාන රජය යටතේ තරම් සංවර්ධන ව්‍යාපෘතීන් ඇරඹුණු කිසිඳු රජයක් ඉතිහාසයේ පැවතී නැත.එක් නිමේෂයකින් රටේ ඕනෑම තැනකට යාමට හැකිවන පරිද්දෙන් රටේ මහා මාර්ග පද්ධතිය යෝධ සංවර්ධනයකට ලක්වෙමින් පවතී.අමතක කොට දමා තිබූ සිංහල දේශය එනම් දකුණ, නව වරායක් ගුවන් තොටුපලක් ඇතුලු සියළුම යටිතල පහසුකම් සහිතව නැවත අවදි වී ඇත.ජනාධිපතිතුමාගේ යෝධ වැඩපිළිවෙලෙහි එක් අදියරක් ලෙස උතුරට වසන්තය ගෙන ආවේය.ත්‍රස්තවාදයෙන් මුදාගත් ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කෙරෙමින් පවතී.නව ක්‍රීඩාංගන, රංගශාලා අප රටේ ජනතාවට සිහිනයක්ව පැවති යුගයක්ද තිබුණි.ඒ අඳුරු යුගය අවසන් කරමින් අතිගරු ජනාධිපතිතුමා සූර්යයෙක් සේ අප අතරට පායා ආවේ මේ රටේ ජනතාවගේ පෙර පිනකටය.






මේ සංවර්ධනයන් ජනතාවගෙන් සැඟවිය නොහැක.නමුත් විපක්ෂය අසරණ ලෙස සිය ඡන්ද අතලොස්ස රැකගනු පිණිස එළවලු කූඩ ප්‍රශ්නයක් බවට පත් කොට ජනතාව කුපිත කරන්නට උත්සාහ කළේය.පුද්ගලික සේවක විශ්‍රාම වැටුප යක්ෂයෙක් ලෙස හුවා දැක්වූවෝ ය.ඔවුන් පවසන ලෙසට ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහල යන්නේ ද රජයේ අකාර්යක්ෂමතාව නිසාය.ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහල යන විට ඒ හා සාපේක්ෂව රටක තෙල් මිලද ඉහල යන බව කුඩා දරුවෙකුට වුවද අවබෝධ කරගත හැක.ඒත් සමඟ තෙල් හා බැඳී ඇති සියළු නිශ්පාදන හා සේවා මිළද ඉහල යෑම ඉස්ථිරවම සිදුවන්නකි.මේ සරල සත්‍ය තේරුම්ගත නොහැකි අමනෝඥ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විපක්ෂයට ජනතා කැමැත්ත ලබා ගැනීම කිසිසේත්ම පහසු නැත.


රජය අපහසුතාවයට පත් කිරීම සඳහා දූෂණ චෝදනා ඉදිරිපත් කරන විපක්ෂය ඔවුන් බලයේ සිටියදී කටයුතු කළ ආකාරය ජනතාවට මතක තිබේ.ස්ත්‍රී දූෂකයින් නිදහස් කළ ජේ ආර් ගේ පක්ෂයේ කිසිවෙකුටත් දුමින්ද සිල්වා ගැන ප්‍රශ්න කිරීමේ අයිතියක් නැත.අධ්‍යාපනයේ ධවල පත්‍රිකාව ගෙන ආ විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂය පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව හඬ නැගීම විහිළුවකි.චීනයෙන් ආනයනය කළ සමාජවාදය කරපින්නාගෙන සිටින ජේවීපී ය චීන ආධාරවලට විරුද්ධ වීම ප්‍රහසනයක් නොවන්නේද?

කෙසේ වෙතත් තව නොබෝ දිනකින් ඉඳිවන නෙළුම් කුළුණ මතද නැග විපක්ෂය උපවාස කරනු ඇත.මත්තලගොඩට ගුවනින් ගොස් දකුණේ පා ගමන් සංවිධානය කරනු ඇත.උතුරු නැගෙනහිර සිය ප්‍රචාරණ කටයුතු දියත් කරනු ඇත.ජනපතිතුමාගේ නමින් ඉඳිවන බේස්බෝල් පිටියට බැණවදිනු ඇත.නමුත් අතිගරු ජනාධිපතිතුමා මෙකී සංවර්ධනයන් සිදු කරන්නේ තමාට ගෙන යෑමට නොව රටේ ජනතාව වෙනුවෙන් බව ජනතාව මතක තබා ගනු ඇත.

අද විමසුම පිටපත - දිනුක ජයකොඩි


අවසන් හුස්ම . . .

Tuesday, October 11, 2011



ඒක මහ පාලු මූසල ගඳ ගහන තැනක් . මම කාටවත්ම දොස් කියන්නේ නෑ මේ තැන මට උරුම වුණු එක ගැන .අපේ අම්මා හරි අහිංසකයි . හිත හොද ගෑනි හැමදාම බඩින් කියන කතාවට මම එකඟ වුණේ ඒ නිසාම නම් නෙවෙයි . මොකද ඒක අම්මගේ වරදක්ම නොවුන නිසා . එතනදි අම්මාගේ වරද  වුණේ ගැහැනියක් වීම විතරයි කියලයි මට හිතුනේ . මගේ තාත්තව මම කොයිතරම් දැකගන්න ආසවුණත් ඇහැටවත් දැකලා තිබුණේ නෑ . මට මතකයි පුංචි කාලේ මම අම්මගෙන් තණේ එල්ලිලා කිරි බොනගමන් අහනවා " අම්මේ කෝ තාත්තා " කියලා . ඒ අහන ගමන් මම ඇස් දෙක උස්සගෙන බලන් ඉන්නවා දැං කියයි දැං කියයි කියලා . ඒත් හැමදාම එයා මාව ඉඹලා ඔළුව පැත්තකට හරවගන්නවා . කවදාවත් මට ඒකට උත්තර හම්බුනේ නෑ . සමහර විට එයාටත් මතක නැතුව ඇති . මට කවදාවත් ඔය ප්‍රශ්නෙන් මිදෙන්න බැරිවුණා . මම කලේ ඔය ප්‍රශ්නෙන් හැංගෙන එක .

පොඩිකාලේ ඉඳලම හැමෝගෙන්ම අඩන්තේට්ටම් වෙන්න වුණු නිසා මම හිටියේ ඒ හැමෝගෙන්ම ඈත්වෙලා . මට මතකයි කිරිබොන්න ගියත් නැමෝම මාව පෙරලගෙන ගිහින් කිරිබොනවා . ටික ටික මට හැමදෙයක් ගැනම තිබ්බ ආසාව නැතිවුණා . හැමෝම කාල බීලා ඉවරවෙනකන් ඉන්න මම අන්තිමට ඉතුරුවෙලා තියෙන මොනවා හරි කාල බඩ පුරෝගන්නවා . අපේ පවුලේ මම බාලයලු . හැමෝම මට එහෙමයි සැලකුවේ . සමහරවිට මම ටිකක් ඔතෑනි නිසාත් ඇඟපතින් වැඩි උස මහතක් නැතිනිසාත් වෙන්න ඇති . සමහරු මාව නෝන්ජලයෙක් කියලා පැත්තකට කළා .

ඔය අතරේ දවසක් මම අපේ ලොකු අයියගේ බත් එකෙන් බත් චුට්ටක් කන්න ගියා කියලා එයාට හොඳටෝම තරහගියා . මාත් එක්ක රංඩු ඇල්ලුවා . හැමෝම එක පැත්තකට වුණා . මම තනිවුණා .මාව මගේම උන් පෙරලගෙන කන්න ගත්තා . මම බේරෙන්න එහේ මෙහේ හැමතැනකම දිවුවා . හුන්ඩුවක් වගේ මිදුලේ මට දුවාගන්න බැරිවුණා . අන්තිමට අපිව නවත්තන්න අපිව බලාගත්ත මාමට බට්ටෝ දාන්න සිද්ද වුණා . බට්ටෝ සද්දෙට හැමෝම සීසීකඩ දිවුවා . ඒ වෙනකොට මගේ කකුල දරුණු විදියට තුවාල වෙලා . මට නැගිට ගන්නවත් බැරි තරම් තදට දත් පාර වැදිලා තිබුණා . ඒක අපේ ලොකු අයියගේ කියලා මම හොඳටම දන්නවා . මම යාන්තන් අද්ද අද්ද නැගිටින්න හදනකොට අපිව බලාගත්ත මාම ඇවිත් මාව උස්සලා වාහනේකට දාගත්තා . 

ඒකට කියන්නේ ත්‍රීවීල් එකලු . මට වටින් ගොඩින් කතාවෙන් තේරුනේ . මම ඒකේ බිම දිගාවෙලා හිටියේ . හයියෙන් එහෙමෙහෙ යන දේවල් දිහා මම හරි බයෙන් බලාගෙන හිටියා . ඒ හැමදේකම මට ලොකු අමුත්තක් දැනුනා . ඒ එකකටවත් කියන්නේ මොකද්ද කියලා මම දැනගෙන හිටියේ නෑ . මම ඔහේ බලාගෙන හිටියා . මම තුවාලෙන් දැනුන වේදනාවටත් වඩා ඒ දේවල් වලට බයවෙලා හිටියේ . ටිකකින් අපි ගිය වාහනේ නැවැත්තුවා . ඒක අපේ ගේ වගේ නෙවෙයි . හරි විසාල තැනක් .
අපේ ජාතියේ අය ගොඩක් ලස්සන ලස්සන පටි දාගෙන ඉන්නවා මම දැක්කා . ලස්සන ලස්සන කොන්ඩ දාපු ගෑනු ළමයිනුත් ඉන්නවා දැක්කා . හැරිලා බලන්න කොයිතරම් හිත කිව්වත් ගතේ ඒහැටි වාරුවක් තිබුනේ නෑ . ඒකලු මෙහේ තියෙන හොඳම ඉස්පිරිතාලේ  . ඒක මම දන්නේ පස්සේ . මාව අරන් ගිහින් තිබ්බා ඇඳක් උඩ . 

 " කෝ ඔය රෙද්දක් දාලා තියන්න . ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනෙද . . . ? "

 මිසී කෙනෙක් මහ හයියෙන් කෑගැහුවා . කොයිතරන් අමාරුවක් , හදිස්සියක් උනත් ඒගොල්ලෝ ඉතින් නීතියටනේ වැඩ . මාව ආයෙමත් උස්සලා ඇඳට රෙද්දක් දාලා ආපහු ඒකෙන් තිබ්බා .  කෑගහලා කියන්න හිතුනා අනේ දෙයියනේ මට රිදෙනවා කියලා . ඒත් කටින් ඒ වචන පිටවුනේ නෑ . කොයිතරම් රිදුම් දුන්නත් මම කරන්න දෙයක් නැතිකමට ඉවසගෙන හිටියා .  ඒ අතරේ මට දැනුනා කවුදෝ කෙනෙක් හරි හදිස්සියෙන් මොනවදෝ කරනවා . මම හැරිලා බලන්න හදත්දි එතන හිටපු මිසී මාව හයියෙන් ඇඳට තියලා තද කළා . ඒක මට තුවාලෙට වඩා රිදුනා . කටුවක් කකුල ඇතුලටම කිඳාබහිනවා දැනුනා . හැමදේම කැරකෙන්න ගත්තා . නිලංකාරවුණා . හැමදේම ඉවරයි . මට දැනුනා . . . මට මතක එච්චරයි .
ටිකවෙලාවකින් බලද්දි මාව එක්කන් ආපු මාමා මගේ ඔළුව අතගගා හිටියා . එතකොටයි මට තේරුම්ගියේ මම මෙච්චරවෙලා සිහිනැතිකරලා ඉඳලා තියෙන්නේ කියලා . මගේ ඇඟට මොකද්දෝ කට්ටක් ගහලා තිබුණා . ඒකෙන් මොනවදෝ වතුරක් බින්දු බින්දු මගේ ඇඟට කාන්දුවුණා . ලොකු සුදු ඇඳුමක් දාගත්ත කෙනෙක් මගේ ලඟට ඇවිත් මා දිහා බලලා " දැන් හොඳයි , ඉක්මනට ගෙදර ගියෑකි " කියලා කිව්වා . මට ඒ නෝනට ස්තූති කරන්න ඕනේ වුණා . ඒත් එක වචනයක් පිට කරන්නත් කලියෙන් මාව එක්කන් ආපු මාමා බොහොම ස්තූතියි ඩොක්ටර් කිව්වා . මට ඕනේ වුනේ එහෙම නෙවෙයි . මං වෙනුවෙන් කරපු උපකාරේට කඳුළු පුරෝගෙන පිංදෙන්නයි මට ඕනේ වුනේ . මම හිටියේ ඒතරමට කියාගන්න බැරිතරම් වේදනාවකින් . ඒ වේදනාව නැතිකරපු දොස්තර නෝනව මට පෙනුනේ දෙවිකෙනෙක් වගෙයි . මගේ කකුල තදට වෙලලා තිබුණා . මම නැගිටින්න හැදුවට තවමත් මට වාරුවක් නෑ . ඇඟට පන නැ . තොල කට වේලිලා තිබුණා . අමාරුවෙන් කට ඇරලා දිව එලියට දාපුවහම ඒ දැකලා ඒ දොස්තර නෝනා මොකද්ද බටේකින් මගේ කටට වතුර වගයක් විද්දා . හරි තිත්තයි . ඒත් මොනවා කරන්නද . පිපාසෙට මම සේරම බිව්වා .

අපි ගෙදර එනකොට හොඳටම ඇඳිරි වැටිලා . මට හිතුනා මගේ ජීවිතෙත් මොනතරම් අඳුරුවෙලාද කියලා . මාව උස්සගෙන ගිහින් කෙලවරේම තිබුණු කාමරයකින් තිබ්බා . මට ඇහුනා එක එක්කෙනා එක එක කතා කියනවා . මට ඒ එකකටවත් උත්තර දෙන්න කිසිම වුවමනාවක් තිබ්බේ නැ . ලොකු අයියා මාව දැකලා බිම බලාගත්තා මිසක් මා දිහා බැලුවේවත් නෑ . මම එතනින් එහාට හිතන්න ගියේ නැ . රිදෙන හිත වාකුල් කරගෙන මම නිහඬවම පැත්තකට වුණා . ඇඟේ අමාරුවටද කොහෙද මට වැටිච්ච තැන එහෙම්මම නින්ද ගියා . මම හීනෙන් එක එක දේවල් දැක්කා . මම ඇහැරෙද්දි දැක්කා අම්මා මම දිහා බලාන ඉඳලා යන්න හදනවා . මට කියන්න හිතුනා අම්මේ පොඩ්ඩක් මගේ ලඟට වෙලා ඉන්න කියලා . ඒත් මම එයාගේ අලුත් ස්වාමිපුර්ශයාව දැක්ක හැටියම ඒ වචන ටික ආපහු ගිලගත්තා .

ඔහොම ටික කාලෙකින් මගේ කකුල හොඳවුණා . ඒත් තුවාල වුණු කකුල අනිත් ඒවට වඩා ටිකක් කොටයි කියලා මට ඇවිදිද්දි තේරුණා . මම ඒ ගැන හිතන්න ගියේ නෑ . මම හැමෝගෙන්ම ඈත්වුණා . ඔහොම කලක් යනකොට අපේ පවුලෙන් ඉතුරුවෙලා හිටියේ මමයි අම්මයි විතරයි . අනිත් හැමෝවම එක එක්කෙනා හදාගන්න අරන් ගිහින්ලු . මට තවත් මහා පාලුවක් දැනුන . මම අම්මා දිහා සමහරදාට ඔහේ බලන් ඉන්නවා . ඒත් කවදාවත් එයා මා එක්ක වචනයක්වත් කතාකලේ නෑ . 

දවසක් අපිව බලාගත්ත මාමා අපි හිටපු තැනට ගැටිස්සියෙක් ගෙනල්ල තිබුණා . ඇත්ත , මමත් හොරෙන් වරු ගනන් බලාන උන්නා . මාමා මට එයා ඉන්න පැත්තපලාතට යන්න දුන්නේ නෑ . දවසක් දෙකක් මාව ගැටගහලත් තිබ්බා . මට ලොකු දුකක් දැනුනා . මම ආයේ එයා දිහා බලන්න ගියේ නෑ . ටික දවසක් යද්දි අම්මා පේන්න හිටියේ නෑ . මට පස්සේ තේරුනේ අම්මගේ තැන පුරවන්න තමයි ඒ ගැටිස්සි ඇවිත් තියෙන්නේ කියලා . මම අම්මව හැමතැනම පිස්සු හැදුනු ගානට හෙව්වා . මම අම්මේ කියලා කෑ ගහලා අඬගැහුවා . ඒත් එයා ආවේ නෑ . මම දවස් ගානක් හැමතැනම කෑගගහ හෙවුවා . මම අම්මව බැලුවේ නෑ නේද කියලා මගේ හිතට ලොකු පසුතැවීමක් දැනෙන්න ගත්තා . 

" මූ නිකන් කකා බිබී ඉන්නවා මෙලෝ වැඩකට ඇති එකෙක් නෙවෙයි . අඩුම තරමේ රෑට නිදියන එක නිදියන්න දීපන් . ඒත් නෑ. වදකාරයා . "  

දවසක් රෑ මාමා මම කෑගහන සද්දෙට මට හොඳටෝම ගහලා ගේට්ටුවෙන් එළියට දැම්මා . මම නොදුටු නුපුරුදු ලෝකෙක තනිවුණා . සමහරදේට මම ගොඩාක් බයවුණා. නොදන්න පාරවල් දිගේ මම ඔහේ ඇවිදගෙන ගියා . සමහරුන්ව දකිද්දි මම ගොඩාක් ඈතින් ගියේ . ඒ අය මාව දකින්න , මම එනවට අකමැතියි කියලා මට දැනුනා . සමහරු නම් මට ගොඩාක් අනුකම්පා කළා . තවත් සමහරු මාව දැක්ක තැන එලෝගත්තා . මම ඉබාගාතේ ඔහොම යනකොට හදිසියේම දැක්කා කවුදෝ පාරේ වැටිලා ඉන්නවා . කාටමුත් කරදරයක් නේද කියලා මම කොරගගහා දුවගෙන ගියා . ටික ටික ලංවෙනකොට මම දැක්ක දෙයින් මට ඇස් අදහාගන්න බැරිවුණා . දෙයියනේ අම්මා නේද . මගේ ඇස්වලට කඳුළු පිරුණා . අම්මගේ හෝපොතුගැහුණු බඩ දිහා මම බලාගෙන හිටියා . කඳුළු දෝරේගියා . මට කෑගැහුන . මම අම්මව ඉඹගෙන ඉඹගෙන ගියා . වැඩිවෙලාවක් ඉන්න හම්බුනේ නෑ . මගේ බෙල්ලට තොන්ඩුවක් වැටුණා. මම බේරෙන්න දැඟලුවා . ඒ තොන්ඩුව මගේ කටත් වහගෙනයි වැටිලා තිබුනේ . උදවු ඉල්ලන්න කෑගැහුවත් එකවචනයක්වත් පිටවුනේ නෑ . ඒ එක්කම කට්ටක් මගේ ඇඟට කිඳාබැස්සා මට තේරුණා . ටික ටික මගේ බෙල්ලට තදවුණු පටිය ලිහිල්වුනා . ඈතට දුවල හැංගෙන්න ඕනේ වුණත් දුවගන්න බැරිවුණා . හැමදේම කැරකෙන්න පටන් ගත්තා . බොඳවෙලා ගියා . වාකුල් නැති කකුල් මාව අම්මා ලඟම ඇද්ගෙන වැට්ටුවා . මම අම්මා දිහා ඔහේ බලාගෙන හිටියා . " මේ ලෝකේ අපේ නෙමේ අම්මේ . අපි ගොඩක් පවු කරලා ඇති . " මම ලොකු හුස්මකින් මගේ කතාව අහසට පාකළා . මම හිතුවේ නෑ හීනෙකින්වත් ඒ හුස්ම මගේ අවසන් හුස්ම වෙයි කියලා . . .

ඉන්දියානුවෙකුගේ ඇමරිකානු ස්මාට් කථාවක්...

Friday, September 16, 2011

ඔන්න දවසක් ඇමරිකාවේ නිව්යෝක් නගර බැංකුවට ඉන්දියන් ජාතිකයෙක් ඇවිත් ණය සම්බන්ධ නිළධාරියා ලඟට ඇවිත් ණයක් ගැන කථාකලා.

මෙයා ණය භාර නිලධාරියාට කිව්වා සති දෙකක වගේ කාලයකට බිස්නස් වැඩ වගයක් සඳහා ඉන්දියාවට යන්න වෙනවා... ඒ වැඩේට ඩොලර් 5000 ක ණයක් ගන්න ඕනේ කියලා.

නිකම්ම ණය දෙන්නෙත් නෑනේ... ණය භාර නිලධාරියා මේ ඉන්දියානුවාට කිව්වා අපිට මොනවා හරි දෙයක් ඇපයට තියන්න පුළුවන් නම් ණය දෙන්න පුළුවන් කියලා.

ඔන්න ඉතින් ඉන්දියානුවා මොකද කලේ... බැංකුව ඉස්සරහා නතර කරලා තිබුණු එයාගේ අළුත්ම ෆෙරාරි කාර් එකේ යතුරයි, ඊට අදාල වෙන ලිපි ලේඛන ටිකයි ඔක්කොම නිළධාරියාට දුන්නා.

දැන් ණය නිලධාරියාට ටිකක් පුදුමත් එක්ක... කොහොම වුනත් එයාට මේ ගැන තනියම තීරණයක් ගන්න බැරි නිසා ගියා බැංකුවේ ලොක්කා ලඟට... ගිහිල්ලා සීන් එක කියලා ඔක්කොම දේවල් ඉදිරිපත් කරලා ණය දෙන එක අනුමත කරගත්තා... අන්තිමේදී ඉන්දියානුවට කිව්වා හරි... අපි කාර් එක ඇපේට තියාගෙන ඔයාට ඩොලර් 5000 ක් දෙන්නම්... කියලා...

ණය වැඩේ කෙරුණා... කොහොම වුනත් මේ වැඩේට බැංකුවේ ලොක්කටයි, ණය භාර නිලධාරි තුමාටයි හතර හිනා...! ඩොලර් 750,000 ක ෆෙරාරි කාර් එකක් ඇපයට තියලා ඩොලර් 5000 ක ණයක් ගත්ත මෝඩ ඉන්දියන් ජාතිකයා ගැන මේ දෙන්නටම හිනා...

බැංකුවේ වැඩ කරන සේවකයෙක් පහළට ගිහින් අර ඉන්දියන් ජාතිකයා ඇපේට තියපු අළුත්ම කාර් එක පදවගෙන ඇවිත් බැංකුවේ භූගත රථ ගාලේ පාක් කලා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සති දෙකකට විතර පස්සේ ඔන්න ඉන්දියන් ජාතිකයා ආයෙත් බැංකුවට ආවා. ඇවිත් ගත්ත ණය මුදල වන ඩොලර් 5000 ආපහු ගෙවලා දැම්මා. ඒත් එක්කම ඒකට පොලිය වශයෙන් තව ඩොලර් 15.41 කුත් ගෙවලා දැම්මා...

මේ ඔක්කොම බලන් ඉඳපු නිලධාරියට දැන් මේක හරි ප්‍රශ්ණයක්... මිනිහට මේක ඉන්දියානුවගෙන් අහලම දැනගන්න ඕනෙ වුනා...

මහත්මයා, අපි ඔබත් සමග ගනුදෙනු කරන්නට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා... මේ ගනුදෙනුව ඉතාමත් හොඳින් සිද්ධ වුනා...

ඒත් අපිට ප්‍රශ්ණයක් තියෙනවා මහත්මයා... ඔබට ණය දුන්නට පස්සේ අපි ඔබේ තොරතුරු සොයා බැලුවා... අපි දැනගත්තා ඔබ කෝටිපතියෙක් කියලා...

මෙච්චර සල්ලිකාරයෙක් වෙලත් ඇයි අපෙන් ඩොලර් 5000 ක් ඉල්ලන් ගියේ කියන එක තමයි අපිට තිබෙන ප්‍රශ්ණය...?

එතකොට ඉන්දියන් ජාතිකයා මෙන්න මෙහෙම උත්තර දෙනවා...

හොඳයි එහෙනම් ඔය මහත්මයා මට කියන්න බලන්න ඩොලර් 15.41 ක් වගේ සොච්චමකට සති දෙකක කාලයක් මගේ කාර් එක පාක් කරන්න වෙනත් තැනක් මේ නිව්යෝක් නගරයේ තියෙනවද ??? අනික මම ආපහු එනකොට ඒක එහෙමම තියෙයි කියලා විශ්වාසය තියාගන්න පුළුවන් තැනක්...!!! හොඳයි කියන්න පුළුවන් නම්...

මේ කථාව මට ලැබුනේ අපේ සුරේෂ් සහෝදරයා එවාපු ඊ-ලිපියකින්... මේක සත්‍ය සිදුවීමක්... 
දන්නවද මේ කෝටිපති ඉන්දියානුවා කවුද කියලා... ඒ තමයි...

vijay_mallya_20090306.jpg



කියන ආයතන වල හිමිකරු / සභාපති වන
විජේ මාලියා

පි‍ටු පෙරලපු ගාන