ලෝක අර්බුධය......

Saturday, September 17, 2011





ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය, ඉතාලිය ආදී යුරෝපීය රටවල් මෙන්ම ඇමරිකාව, කැනඩාව පමණක් නොව ජපානය, චීනය ආදී ආසියානු රටවල ද මේ දිනවල පවතින තරුණ අසහනය සහ ඒත් සමඟ පැනනැගී ඇති කැරලි කෝලාහල එම රටවල සාමය හා සාමාන්‍ය ජනජීවිතය අඩාල කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.සිය රටවල උසස් අධ්‍යාපන ක්‍රමවේදය සමඟ  උරණ වූ තරුණ ප්‍රජාව සාමාන්‍ය ජන ජීවිතවලට තර්ජනයක් වන අන්දමින් කටයුතු කිරීම ඒ රටවල ආර්ථික බිඳ වැටීමක් කරා මෙහෙයවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.


මේ අතර ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ඇමතිවරයා ගත් තීරණය මෙම තත්වය සමනයකට පත් කරනු ඇතැයි සමහර අන්තර්ජාතික දේශපාලන විචාරකයින් පැවසුව ද, ඉන් තත්වය තවත් උඝ්‍ර වනු ඇති බවට ද සමහරු අනතුරු අඟවති.


ලොවම පිළිගත් ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාලවල උපාධිය විදෙස් සිසුන්ට රුපියල් මිලියන 1.7ක් වැනි සුළු මුදලක සිට ඉහලට ලබාගත හැකි බවට නිවේදනය කිරීම විදෙස් රටවල සාමාන්‍ය ජනතාවගේ පැසසුමට ලක් වුවද එ රටවල රජයන් හා උසස් අධ්‍යාපන ආයතන දරන්නේ අඳුරු ආකල්පයකි.


කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වැසී යාමේ තර්ජනයක් මේ හරහා නිර්මාණය වනු ඇති බව එංගලන්ත පාර්ලිමේන්තු විවාදයක දී ප්‍රකාශ කෙරිණි.ඔබාමාට ඇති මීළඟ විශාලම තර්ජනයනම් හාවඩ් විශ්ව විද්‍යාලය වැසී යාමෙන් වලක්වා ගැනීම බව විපක්ෂ‍ය වන රිපබ්ලිකන් පක්ෂ‍ය කියයි.ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය කෙරෙහි එ රට ජනතාවගේ උනන්දුව පහව යාමත් සමඟ එම භූමිය ගොවිපොලකට විකිණීමට කැනඩා රජය පසු ගිය දා තීරණය කළේ‍ය.ටෝකියෝ විශ්ව විද්‍යාලයේ නව ඉල්ලුම්පත්වල සීඝ්‍ර පහල බැසීමක් ඇති බව ජපාන අගමැතිවරයා මාධ්‍ය හමුවකදී පැවසීය.එම විශ්ව විද්‍යාලයට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන අනවශ්‍ය වියදම් ලෙස කප්පාදු කිරීමට රජය තීරණය කර ඇති බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.


බුද්ධි ගලනය වැළැක්වීමට යැයි කියමින් උසස් අධ්‍යාපනය සඳහා තරුණයින් විදෙස් ගත වීම වැළැක්වීමට චීන රජය ගත් තීරණයට එරට ජනතාව මහත් අප්‍රසාදය පළකරන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.රජය මෙම තීරණය වෙනස් නොකරන්නේ නම් රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවිය හැකි බවටත් එහි වගකීම සම්පූර්ණයෙන්ම රජය භාර ගත යුතු බවටත් චීන තරුණ සංවිධානයක් ඊයේ අන්තර්ජාලයට එක් කළ හඬ පටයකින් පැවසුනි.එම අවසරය ලබා දුන්නද සීමිත විදෙස් සිසුන් සංඛ්‍යාවක් ඇතුලත් කර ගන්නා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලවලින් බොහෝ දෙනෙකු ප්‍රතික්ශේප වීම නිසාඇති වන්නා වූ අර්බුධ‍ය රට රටවල් අතර යුද්ධයකට වුවද හේතු විය හැකි බව චීන රජය පවසයි.


ඇමරිකාවේ ශ්‍රී ලංකාවට වීසා ඉල්ලුම් කිරීම ඉහල යාමත් සමඟ සිංහල තරග විභාගයක් පැවැත්වීමෙන් සුදුස්සන් තෝරා ගැනීමට ඔබමා රජය තීරණය කර ඇත.තරග විභාගයට පෙනී නොසිටි සිය ඥාතීන් දෙදෙනෙකුගේ නම් ශ්‍රී ලංකා වීසා ඉල්ලුම් කිරීමේ නාම ලේඛනයට එක් කළ සෙනෙට් සභිකයෙකු පෙරේදා එරට බුද්ධි අංශ විසින් අත් අඩංගුවට ගන්නා ලදී.මෙය ඩිමොක්‍රටික් පක්ෂ පාලනයේ කඩා වැටීම පෙන්නුම් කරන බව පවසමින් විපක්ෂය, තරුණයින් සාහසික ක්‍රියා සඳහා පොළඹවන බව රජය චෝදනා කරයි.කෙසේ වෙතත් නිව්යෝර්ක් නුවර තරුණයින්ගේ කඩාකප්පල් කාරී ක්‍රියා මර්දනයට පොලීසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාරද යොදා ගත් අතර ගැටුම් උඝ්‍ර වීමත් සමඟ හමුදාවේ මැදිහත් වීමක් ද සිදු විය.පොලිස් නිළධාරීන් හත් දෙනෙක් තුවාල ලැබූ අතර තරුණයින් තිස් දෙනෙකුට අධික ප්‍රමාණයක් රෝහල් ගත කරනු ලැබූහ.හැටකට අධික පිරිසක් පොලිස් අත් අඩංගුවට පත් වූ අතර ඔවුහු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කරනු ලැබූ හ.රට පුරා පැන නඟින කැරළි මර්ධනයට හමුදා ශක්තියද ප්‍රමාණවත් නොවිය හැකි බව පෙන්ටගනය පවසයි.ඒ නිසා ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ සිටින සිය හමුදා නැවත සිය රට ට ගෙන්වා ගැනීමට යෝජනා වී ඇත.


ඉතාලියේ සිට ධීවර බෝට්ටුවලින් ශ්‍රී ලංකාවට එමින් සිටි ඉතාලි ජාතික තරුණයි පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත් අඩංගුවට පත් වී ඇත.ඉතාලි ජාතිකයින් හොර රහසේ ශ්‍රී ලංකාවට යැවීම ඉතාලියේ මාෆියාවක් තරමට වර්ධනය වී ඇතැයි එ රට රජය පවසයි.ශ්‍රී ලංකාවට වීසා ලබාදෙන බවට කියන හා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලවලට ප්‍රවේශය ලබා දෙන බවට කියන වංචනිකයින්ට අසු නොවන ලෙස ඉතාලි රජය සිය ජනතාවට තරයේ අවවාද කර සිටී.


ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ සංස්කෘතියෙන් යමක් සිය සංස්කෘතියට එක් වීම තමාට ප්‍රීතියක් බැව් ඉරාන හා රුසියා රජයන් පවසයි.සිය රටවල තරුණයින් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ ඔවුන් මෙරටින් ලබාගත් උසස් ශික්ෂණයකින් හා මනා හැදියාවකින් යුක්තවන බව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉරාන හා රුසියා රජයන් පවසා සිටී.සිය රටේ සුන්දරත්වය සුහදශීලිත්වය අතීතයේ සිට ලෝකය හා බෙදා හදා ගත් ජාතියක් ලෙස සිය දැනුම හා තාක්ෂණය ද ලෝකය හා බෙදා හදා ගැනීමට තීරණය කිරීම පැසසුමට ලක් විය යුතු බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.


මිත්‍ර රටවල දැක්ම එසේ වුව ද ලෝක අර්බුධයක් නිර්මාණය කිරීමට ඉඩ ඇති ඔබගේ තීරණය පිළිබඳව නැවත සලකා බැලිය යුතු නොවේ ද? ශ්‍රි ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

6 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පිසාචයා said...

පිස්සු හැදිලා ආයි හැදෙනවා....හිහි ..හි..හි....
ටික වෙලාවකට හරි හෙන ආඩම්බරයක් දැණුනා......පස්සෙ නිකන්ම හිනා ගියා....
ගතියට ලියල තියෙනවා......

Hishan de Silva said...

මම මෙතෙක් කියවපු හොදම ලිපිය. කියල වැඩක් නැහැ එලම එල.

Hishan de Silva said...

@පිසාචයා
මටත් ඔය ටිකමයි මුලින්ම හිතුනෙ :)

දිනුක said...

@පිසාචයා : ආඩම්බර වෙන්න ඕනෙ නේන්නං අපි ඉතිං ආඩම්බරකාර තාත්තගේ දරුවො නොවැ....හිඃ හිඃ හී......ඉස්තූතියි අගය කළාට...

@Hishan Melanga : ඉස්තූතියි මචං....

ක්සැන්ඩරයා said...

මැක්සා කතාව හෙට අනිද්දා ඉන්දියන් කාරයෝ එංගලන්ත කාරයෝ ඕස්ට්‍රේලියන් කාරයෝ මෙහෙ .... හික්.. ඒ උනාට ඒ තීරණේ තියන හරි පැත්තත් බලන්න වෙනවා. රටේ විදේශ විනිමය වියදම එකෙන් අඩු වෙනවා අපේ ළමයින්ටත් ඉඩක් දුන්නොත්.

Anonymous said...

හෙහ් හෙහ්! ටොප් ටොප් ෂෝක්! :D

Post a Comment

පි‍ටු පෙරලපු ගාන