කොම්පියුටරේ ඇතුලේ කොම්පියුටර් හදමුද?

Friday, July 22, 2011
මයික්‍රොසොෆ්ට් වර්චුවල් පී.සී.


මේ සිතුවිලි පවුරට කියන්න යන්නෙ නිදහස් මෘදුකාංගයක් (නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක්) ගැන. මේ නිදහස් මෘදුකාංගෙ දෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකෙ කීවොත් කට්ටිය පුදුම වෙයිද? ඇයි මයික්‍රොසොෆ්ට්ල දෙන තරමක් දෙන්නෙ සල්ලි වලටනෙ.

මේකේ නමින්ම තේරෙනවනේ මේක මොන වගේ සොෆ්ට්වෙයා එකක්ද කියලා..  මෙකෙන් පුලුවන් ඔයාලට ඔයලගෙ කොම්පියුටරේ අස්සෙම තව කොම්පියුටර් ගොඩක් හදාගන්න. ඒ කොම්පියුටර් වලට ඕන ඔපරේට්න් සිස්ටම් එකක් දාල තියාගන්න පුලුවන්. දැන් හිතන්නකො ඔයාගෙ කොම්පියුටර් එකේ Windows 7  දාල තියෙන්නෙ කියලා. ඔයාට පුලුවන් වින්ඩොස් 7 වලට මේ සොෆ්ට්වෙයා එක Install  කොරලා Windows XP, Windows Vista, Ubuntu, Linux  වගේ ඕන OS එකක් දාල කොම්පියුටරයක් හදාගන්න. ඒ කොම්පියුටරෙ RAM එක Ajust  කරන්න එකෙන් ඉන්ටනෙට් යන්න.. Shut Down, Restart  වගෙ වැඩත් කරන්න පුලුවන්.

මගේ ප්‍රේමය ගැන අවසාන සටහන......

ඔයා වෙනුවෙන් මහාලොකු දෙවල් මන් දුන්නේ නෑ මගේ රත්තරන්
ඒත් මන් අහිංසක හීන හුගාක් දෑක්කා...ඒ හින වල සිනන්කරම අයිතිය ඔයාගේ..
.......ඔයා මට කවාදා හරි දවසක ආදරේ කරයී
ඒ හීන අයේ මන් ලියනවා ඒදාට..........
ඒතකන් ඔයා සතුටින් ඉන්න
ගැහැණු කෙනෙක් විදිහට මගේ අම්මට පස්සේ මන් ආදරේ කරේ ඔයාට විතරයී
.......................
සෙනෙහස හෑනගුවේ....සතුටින් ඉන්න නම්
ඒ සතුට හෑමදාම තියාගන්න..............
ආදරේ කියන්නේ ලගට ගන්න එකම නෙවෙයී
දුර ඉදනුත් ආදරේ කරන්න පුලුවන්......
මට කදුලු දුන්නත් ඔය ඈස් දෙකට ම්න් හෑමදාම ආදරෙයී
බුදු සරනයී ඔයාට

....උමේෂා.....

නිල පාට නෙතු පියන සෙලෙන මුදු තත්සරට
හිති වෑටුන සිත් පොඩිය නතරවුනී සදහටම
පවනක්ව දෑවටුනත් හිත ලගම සීරුවට
අයිතී නෑ කුමරියේ කිසිදාක නුබ මටම

සීරුව්ට පාතියන් නුබ ගියා මගේ ලොවෙන්
ගනමේග වලාවක සෑගව ගිය සද ලෙසින්
අදුර ලග ලග නෑවතිලා කදුලටම පෙම් බෑදන්
හිදින්නම් කුමරියේ පෙම් හිතම ගුලී කරන්

හීනයක් දෑව්ටිලා එනවාද එක වරක්
නෙතු පියන් හිදින්නම් සද තරම් දුර වුනත්
සිත් අහස යට ඉදන් සිනාසෙයි නුබ හොරෙන්
කියා දී යනු මෑනවී දරා ගනු කෙලෙස ම්න්




________________________________█████_____█████
______________________________███____██_██_____███
_____________________________██________██__________██
____________________________██__________█____________██
________██████____________██________________________██
_____███████████________██________________________██
____█████████████_______██_______________________██
___███████████████______██______________________██
___████████████████______██___________________██
___████████████████_______██_________________██
____███████████████_______███_______________██
_______███████████_______██__██_____________██
___________███████______████___██__________██
____██████__██████████████_____██_____██
__██████████████████████________██__██
_████████████████████_____________████
██_█████_████████████_______________█
█__█_██__████████████
_____█__████████████
_______█████████████
_______██████████████
_______███████████████
________███████████████
_______███████__████████
______███████_____███████
____█████████________██████

අලුත් facebook chat එක වදයක්ද? මෙන්න විසඳුම

Thursday, July 21, 2011

මටත් වදයක් වෙලා තිබ්බ අලුත්  facebook chat එක වෙනස් කරන විදිහක් මම හොයා ගත්තා.

හූනා



බළලෙක් පැන්නම
නැට්ට කඩා දාල දුවන
හූනා ඔයා
නැට්ට මම
හූනට වැවුනට
නැට්ටක්
නැට්ටට වැවෙනවෑ
හූනෙක්

අසභ්‍ය කොමෙන්‍ටු පිළිබද තිත්ත ඇත්ත

සිතුවිලි පවුරට මා මේ ලිපිය ලියන්නෙ බොහෝමත්ම කලකිරීමෙන්.. මේ වන විටත් මා මේ කියන්නට හදන කාරණය ගැන ඔබ දන්නවා ඇති. සිතුවිලි පවුරේ සහ බ්ලොග් අවකාශයේ අනෙකුත් බ්ලොග වල අසභ්‍ය කොමෙන්‍ටු පල කිරීම පිළිබදව සම්පූර්ණ වගකීම අදාල අඩවිය(තවත් ඔහුව ප්‍රචාරණය කිරීමට අවශ්‍ය නොමැති නිසා නම සදහන් නොකරමි) භාරගත යුතුය. ඔහු තවදුරටත් සිතුවිලි පවුරේ කතුවරයෙකු වීමට සුදුසු නොවන බව සිතුවිලි පවුරේ කතුවරු සදහා පමණක් වන ෆේස්බුක් ගෲපියේදී තීරණය කොට ඇත.

එමනිසා මේ වන විටත් එම කතුවරයා සහ ඔහුගේ ලිපි සිතුවිලි පවුරෙන් ඉවත් කිරීමට සිදුවූ බව දන්වා සිටිමු

මෙහිදී ඔහු දක්වන නිදහසට කරුණ පිළිබදවද යමක් කිව යුතුය. ඔහු මෙසේ නිදහසට කරුණු පවසන්නේ සිද්ධිය සිදුවී දින කිහිපයකට පසුය. එනම් ඔහූ මේ පිළිබදව සැක කිරීමට පටන් ගත් විටය. නමුත් නියම බ්ලොග් කරුවෙකු නම් සිද්දිය සිදුවූ වහාම මේ පිළිබදව පියවරක් ගත යුතුය. කෙසේ නමුත් මොහු පෙන්වාදෙන නිදහසට කරුණ සත්‍යය වුවද මොහු සිතුවිලි පවුරේ කතුවරයෙකු වීමට සුදුසු නොවේ.. මන්දයත් තමාගේ පවුද්ගලික අඩවියේ මුර පදය සුරක්ෂිත කර ගැනීමටවත් නොහැකි කතුවරයෙක් නිසා සිතුවිලි පවුරටද සිදුවිය හැකි හානිය විශාලය.. ඒ ඔහුගේ ගිණුම හරහා සිතුවිලි පවුරේ කුමන හෝ දෙයක් ඕනෑම මොහොතක පල කල හැකි නිසාය.

තවද මාරයාගේ අඩවිය බ්ලොගයේ සිතුවිලි පවුරේ නම භාවිත කරමින් දමා ඇති කොමෙන්‍ටුව පිළිබදව අප එම බ්ලොගයේ කතුවරයා වන මාරයා සහෝදරයාගෙන් සමාව ඉල්ලා සිටිමු.

මෙම සිද්ධියේදි සිතුවිලි පවුරේ පාරිපාලකයන් පිළිබදව ප්‍රචාරය වී ඇති වැරදි මතයක් පිළිබදවද අදහස් ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කරගමි. සිතුවිලි පවුරේ ලියවුනු ලිපි වල අසභ්‍ය කොමෙන්‍ටු පලවූ විට එම අසභ්‍ය කොමෙන්‍ටු සහ ඒවාට අනතුරුව එම අසභය කොමෙන්‍ටු වලට විරෝධය පලකර දක්වා තිබූ කොමෙන්‍ටු සියල්ලම ඉවත් කිරීමට සිදුවිය. මා මෙවැනි පියවරක් ගත්තේ සිතුවිලි පවුර පලවුනු ලිපි වලට සහ සිතුව්ලි පවුරට එම කොමෙන්‍ටු වලින් ඇතිවන කලු පැල්ලම් වසා දැමීමටය. අසභ්‍ය කොමෙන්‍ටු වලට විරෝධය පල කර කොමෙන්‍ටු ඉතිරි කල විටද එය කියවන යමෙකුට අසභ්‍ය කොමෙන්‍ටු පලවී තිබුනු බව දැනගත හැකිය. අසභය කොමෙන්‍ටු වලට විරෝධය පලකර දක්වා තිබූ කොමෙන්‍ටු ඉවත් කල නිසා නිසා අසභ්‍ය කොමෙන්‍ටු පලකල අඩවියට සහය දෙනවා යැයි වරදවා තේරුම් නොගන්නා මෙන් සියලුම පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු! තවද එම අසභය කොමෙන්‍ටු වලට විරෝධය පල කර සිතුවිලි පවුරේ පාඨකයන්ට අපගේ ස්තූතිය!

සිතුවිලි පවුරේ ඉදිරියට මෙවැනි සිදුවීම් සිදු නොවීමට වග බලා ගන්නා බවත් තවදුරටත් මෙවැනි දේ සිදු නොවීමට ඇනො කොමෙන්‍ටු ඩිසේබල් කල බවත් දන්වා සිටිමු!

අවසාන වශයෙන් මෙම සිද්ධිය නිසා අපහසුතාවයට ලක්වූ සියලුම බ්ලොග් සහෘදයන්ගෙන් සිතුවිලි පවුර වෙනුවෙන් අප සමාව ඉල්ලා සිටිමු!

-සිතුවිලි පවුරේ පරිපාලක මණ්ඩලය-

තනිකඩ අහසට

Wednesday, July 20, 2011


වලාකුල් වියන යට
සැඟව ගිය අහස් ගඟ,
තනිකඩයි නුඹ තාම 
එලඹ ඇත නිශා යම,,
සඳවතිය නොමැත අද
නුඹෙ තනිය මකන්නට,
ගං දියට පෙම් වඩා 
ගොසිනි ඇය නොකියාම,.
සියොත් කැල කොහිද අද
නුඹ සවන් සනසවන,
නුදු‍ටු වන පෙත් සොයා
ගොසිනි උන් නොදොඩාම,.
නුඹ බලා හිදී නම්
මේ අහස් වියන යට,
තවම මා නුඹ ලගයි
පුංචි තරුවක් ලෙසට

ඕපාදූප ගැන ඕපාදූපයක්…


     ඔන්න ඉතිං අහගන්නකෝ. මම අද කියන්න යන්නේ හොඳ ඕපාදූපයක්. ඈ.. මොකද්ද ? ඔව් ඔව්ව්ව්ව්.... කර කර හිටපු වැඩ ඔක්කොම පැත්තකින් දාලා ඇවිත් අහගන්නකෝ. මොකක් ගැනද දන්නවාද ? ඕපාදූප ගැන. ඒ මොන අපභ්‍රංසයක්ද නේද ? හි.. හි.. එහෙම කිව්වත් උඩ පැනගෙන එන්නෙ කස්ටිය. මොකද ඕපාදූපයක්නේ. කාගෙ හරි රස කතාවක්නෙ. ඒත් ඉතින් මේක කියවලා හිනා යන්නෙනම් නැතිවෙයි. ආහ්.. ඒත් කමක් නැද්ද.. ඔන්න එහෙනම් අහගන්නකෝ.

     ඕපාදූප තමයි ඉස්සර ඉඳන්ම කස්ටිය news දැනගත්ත කොරමෙ, හරි ? ඔය ඕපාදූප හින්දා ගොඩාක් වින්නැහි ත් වෙලා තියනවා ඔන්න. ඇත්තටම කියනවානම් මේවා එකකින් මුළු ජාතියක්, රටක් විනාස කොරන්නත් පුළුවන් නොවැ. ඒ විතරක් නෙවේ ඕවා හින්දා මිනිස්සුන්ට, වෙන කිසිම වැඩක් කොරන්න නොදී අල්ලලා තියාගන්නත් ඇහැකියි. අපේ blog ලියන අයියලා, අක්කලාගෙන් බහුතරය කොරන්නෙත් ඒක නොවැ. මොකක්…., හරි හරි ඉතිං තරහ ගන්න දෙයක් කිව්වෙ නෑනෙ. ඔන්න ඕකනෙ බැරි ඇත්ත කියන්න ගත්තහම කරේ නගින්න එනවා. හෙ.. හෙ.. හරි හරි අපි ආයෙම කතාවට බහිමුකෝ. මේ ළඟදි දවසක, ළඟදි කිව්වට එකදාස් නමසිය අනූ ගණන් වල මේකෙ පරිණාමවාදී මනෝවිද්‍යාව ගැන පර්යේසනත් කොරලා තියනවලු ඔන්න. මොනවද හප්පේ ඒ ? ඔන්න ඔහෙ ඒක අමතක කරමුකෝ. ඒකෙන් හොයාගෙන තියන්නෙ මොකද්ද දන්නවද ? ඕපාදූප වලින් අපේ කස්ටියගෙ අන්‍යෝන්‍ය ප්‍රසිද්ධිය වැඩිවෙනවලු. ආහ්... ඒකයි මේ හොරේ. ඉන්නකො මාත් ආයෙ මගෙ blog එකේ දාන්නෙම ඕපාදූප. හ්ම්ම් ඒත් බෑනෙ. මම ඕපාදූප කිව්වොත් ඒක බුද්ධාගමට කොරන නිගාවක්නේ.

     අපේ රොබින් ඩන්බාර් මහත්තයා දන්නවනෙ? දන්නෙ නෑ ! :o ඇයි අනේ අර පරිණාමවාදී ජීවවිද්‍යාඥ මහත්තයා. කවුද බොලේ ඒ? මම දන්නෙත් නෑනෙ. ඉතිං කොහොමහරි ඒ මහත්තයා හොයාගෙන තියනවලු ඕපාදූප වලින් කස්ටිය අතරේ සමාජයීය බැඳීමක් ඇති වෙනවා කියලා. ආයිස් අප්පා ගුන්ඩු !

     gossip කියන වචනෙ හැදිච්ච හැටි කියන්න ගියොත් කට්ටියක් මාත් එක්ක තරහා වෙනවා ඕං. මොකද මේකට පොඩි කිරිස්තියානි සම්බන්දෙයක් තියනවා......…..... හරි හරි කියන්නං, කියන්නං පොඩ්ඩක් හිටියනං. මේ වචනෙ ආවෙ ඒ කාලෙ පාවිච්චි කොරපු හද්දා පරණ ඉංගිරිසියෙ තිබ්බ godsibb කියන වචනෙන්. god sibb කිව්වෙ godparent එහෙමත් නැත්තං බෞතිස්ම කරන කෙනා කියන එකයි. ඉතිං එක තමා පස්සෙ gossip වෙලා තියෙන්නෙ. ඈ... ඉතිං මොන හරුපයක්ද ඒ? මොකද්ද ඒ දෙකේ තියන සම්බන්දෙ? මම දන්නෙ නෑ ඕං. ඒක අමතක කරමුකෝ, හි.. හි... හැබැයි ඉතිං මේක මුලින්ම කියවෙල තියෙන්නෙ අපේ සේප්පියර් මහත්තයා, මොකද්ද? ඇයි හද්දෙයියනේ අපේ William Shakespere මහත්තයා. මට ඔය ඉංගිරිසිය හරියට සිංහලට මෙව්වා කොරගන්න බෑ ඕං. ඉතිං ඒ මහත්තයාගෙ මෙව්ව එකක තමා මුලින්ම වචනෙ use කොරලා තියෙන්නෙ..

     ඔය ඇති නේද ඕපාදූප ඇහුව. එහෙනං ගිහින් තියන වැඩක් බලාගත්තනං. ආහ්.. යන්න කලින් එකක් කියඥ්ඥං මං. අපේ blog ලියන අයියලා, අක්කලත් ඕපාදූප විතරක්ම ලිය ලිය ඉන්නෙ නැතුව පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන්, තේරුමක් තියෙන දේකුත් ලිව්වනං නේද හොඳ ? අනේ ඉතිං මට බනින්න එපා. මං හරි අහිංසකයි, ඇල් වතුරත් නිමලනෙ බොන්නෙ ඕං. හැබැයි ඉතිං එහෙම කියල ඒවම දාන්න එපා, මේවයිනුත් මොනවහරි දාන්න. ලිපියෙත් කිය උනානෙ ඔය ඕපාදූප වලිනුත් මොකද්ද මෙව්ව එකක් වෙනවා කියලා.

අන්දරේ සහ තන 18+

අන්දරේ තණ මැනපු කතාව දන්නව ඇතිනෙ නේද?
දන්නෙ නැති අයට ඹන්න කෙටියෙන් අහගන්න...

රජතුමාට අයිති නින්දගම් වලින් හැම වාරෙම රජතුමාට කොටහක් ගෙවන ‍එක ඒ කාලෙ නියමයක්....ඉතින්මේ අස්වනු නෙලන කාලෙට රජවාසලෙන් කවුරු හරි ගිහින් රජවාසලට නියමිත කොටස මැනගෙන ගේන එක සිරිතක්.ඔය එක ගමක වගා කරල තිබුණ තණ කියන ධාන්‍ය වර්ගයක්..ඉතින් මේ ගමේ අස්වනු මනින්න යවන්න කෙනෙක් බලද්දි රජවාසලේ හිටියෙ අන්දරේ විතරයි..

රජතුමා අන්දරේට කතා කරල අහනව "අන්දරේ උඹට තණ මනින්න පුලුවන්ද?" අන්දරේත් ඉතින් බෑ කියන වැඩක් නෑනෙ අන්දරේත් පුලුවන් කිව්ව.."එහෙනම් ගිහින් අහවල් ගමේ තණ මැනගෙන ඇවිත් මට ගාන කියපන්.."

අන්දරේ යමින් ගමන් මගදිම පොල් අත්තකින් ඉරටු මිටියකුත් තඩා ගත්ත..අන්දරේ ගමට යද්දි අස්වනු නෙලනව..අන්දරේ කවියකුත් කියාගෙනම කමතට බැස්ස

කොට දිග මහත රවුමට උල් වෙච්ච            තන
ගැට වට අලුත් හා කල්ගිය පරණ                තන
මට මැන ගන්න මහරජුගෙන් ලැබුණි          අණ
පොට ඹසරිය මෑත්කර පෙන්වන්න             තන

ඔන්න අන්දරේට තන-තණ මාරු වුණ තැන....රජ අණනෙ ගැනු ටිකත් ඉතින් අකමැත්තෙන් උනත් තන මනින්න අන්දරේට ඉඩ දුන්න...අන්දරේ එක එක පියවුරේ  දිග ප්‍රමාණයට ඉරටු වලින් කඩාගත්ත. මේ ටිකත් අරන් රජ වාසලට ගිය අන්දරේ ඉරටු මිටිය රජතුමාට දීල කියපි අනේ රජතුමනි එතන එක එක ප්‍රමාණයේ තන තිබුණ ඔන්න මං බොහොම අමාරුවෙන් සේරම මැන ගෙන ආව කියල...ඔන්න ඔහොමයි ඒක සිද්ද වු‍ණේ.....

මුලුමනින්ම 18+ ගැන... හැබැයි පෝස්ටුව ඕන කෙනෙක්ට බලන්නනම් පුලුවං!

Tuesday, July 19, 2011
මොන මඟුලක්ද යකෝ මේක? මටනම් එපා වෙලා තියෙන්නේ... ඉන්ටනෙට් එකෙන් වීඩියෝ සයිට් එකකට ලොග් වෙන්න බෑ.. කොහෙන් හරි පෝර්න් සයිට් එකක ලින්කුවක් තියෙනවා. චික්... අඩුම ගානේ ඕකෙ දාපංකෝ 18වත් කියලා රෙද්ද. එහෙමත් නෑ. මුං තනිකරම සිත් ඇඳගන්නා විදිහට දාල තියෙන්නේ. ඇත්තම කිව්වොත් මම අද දවසට හතර පාරක් ඔය වගේ ඒවට රැවටුනා. කරැමෙටවත් කවුරැ හරි පිටිපස්සෙ හිටියනං නෝට්බුක් එකත් බිම ගහලා මාවත් ගෙදරින් එලවනා......

පිහාටුවක් වීමට සිහින මැවීම

රෝස වලකුළ...මගේ ආදරණීය බ්ලොග් එක.....කාලෙකින් මම ආවා ඔයාව බලලා යන්න...ජීවිතේම පැටලුණු අවුල් ගොඩක් වෙලා..මගේ හිතට නිදහස කියන දේ හරිම අඩුවෙලා ගිහින්... ඒ නිසා බ්ලොග් ලියන එක එහෙම්ම දැන් නැවතිලා වගේ ....ඔයාගේ දිහා මම ටික වෙලාවක් බලා උන්නෙ ඇත්තටම දුකින්..මග අරිනවා නෙවෙයි...ඔයා ඇතුළෙ මම දැන් හිර වෙලා... මට නිදහස් වෙන්න ඕනේ...

ජීවිතේ කියන්නෙ වලාකුළක් කියලා කාලයක් හිතාගෙන හිටිය නේද කියලා දැන් උඹ මගෙන් අහයි...ඔව් රෝස වලාකුළු දැන් වතුරෙන් බරයි... මට දැන් ඊට වඩා සැහැල්ලු වෙන්න ඕනේ....අද මට හිතන්න ඕනේ  ජීවිතේ පිහාටුවක් කියලා...

මේ බ්ලොග් ලිපිය වුණත් ඔයාගෙ මුහුණ උඩින් ලෝකයට පෙන්වන්නෙ නැහැ මම.. ඒ කියන්නෙ ඔයාව අමතක කරනවා කියන එක නෙවෙයි...ඒත් ඔයා දැන් මගේ පුද්ගලිකත්වය හුඟාක් ඈත ගෙනෙහින්..

මට ඔයා තුළ ලියන්න පුලුවන් උපරිමයක් තියෙනවා....පවුලෙ අය..අදුරන  අය ඔක්කොම මාව කියවන්නෙ උඹ තුළින්..ඒ නිසාම මාව නොකියවෙන විදිහට පත් ඉරු ලියන්න මට සිද්ද වෙලා.. උඹෙන් මිදෙන්න..

මම දැන් පුංචි පෙම්වතියක් වගත් මේ එක්කම කියන්නම් ඔයාට.කාටවත් කියන්න එපා..

පි‍ටු පෙරලපු ගාන