Showing posts with label කම්මැළිකමට...... Show all posts
Showing posts with label කම්මැළිකමට...... Show all posts

"මට wish කරන්න තිබ්බ මම ඒත් වෙලාව එනකම් හිටියෙ"

Saturday, August 4, 2012
අපේ ඔෆිස් එකේ ඉන්නව කොළඹ විශ්ව විද්‍යාලයේ එකෙක්. ඌ ඉතින් මාරම රස කතා තොගයක් කියනව. ඉතින් මට හිතුන ඒවායින් එකක් දෙකක් දාන්න, මොකද මට ලියන්න එහෙම රස කතා මතක් වෙන්නෙ නෑනෙව හරියකට.

ඔන්න ඉතින් දවසක් මේකගෙ යාළුවෙක්ගෙ කෙල්ලගෙ උපන්දිනේ හෙටලු. ඉතින් රෑ ඌ කෙල්ලත් එක්ක කතා කර කර ඉන්නවලු. විෂ් කරන එක ගැන සද්දයක්වත් නෑ, මූට ඕනෙ හරියටම 12ට විෂ් කරන්න. ඔන්න ඉතින් කතාව ඉවර කරල ෆෝන් එක තියල. මූ දැන් 11.58ට එලාම් එකකුත් තියල ෆෝන් එකත් ලඟින් තියාගෙන බලන් ඉන්නව ගානට වෙලාව එනකම්.
අනේ ඒ උනාට මූට නින්ද ගිහිල්ල වෙලාවට ඉස්සෙල්ල. එලාම් එකටත් ඇහැරිලා නෑ. පට්ටම සිද්දිය. මූට ඔන්න එක පාරටම ඇහැරිලා බලනකොට වෙලාව පාන්දර 5යි. ඔලුව ගිනි අරං ෆෝන් එක අරගෙන බලද්දි missed calls 20ක්, sms 10ක්.
දැන් ඉතින් අරූ ඉවරයි තමා.
ඉතින් මූ එවෙලෙම කෝල් එකක් ගත්තලු. ආයි හිතන්න දෙයක් නෑ කෙල්ල ඉවරයක් නැතිව බැණගෙන බැණගෙන යනව. මූටත් ඉතින් කියන්න හේතුවකුත් නෑනෙ. අහගෙන ඉන්නව.
ඔන්න ඔය අතරෙ මුගෙ ස්ථානෝචිත ප්‍රඥාවද කොහෙද එක වැඩ කරනව.
මූ එක පාරටම කීවලු, "මට 12ට කිසිම අවුලක් නැතිව විෂ් කරන්න තිබ්බ, ඒත් ඔයා ඉපදුනේ පාන්දර 5යි ගානකටනෙ, ඉතින් මම ගානට වෙලාව එනකම් හිටියෙ." කියල.
ඉතින් දීපල්ලකො උත්තර. :)


ඔක්කොම තියෙනවා--එහෙනම් මොකද යකෝ ඕකේ කරන්නේ ?

Thursday, February 2, 2012

ඔටු අම්මයි ඔටු පුතයි බර සාකච්චාවක්.ඔටු අම්මට  'අ' කියලයි පුතාට 'පු"  කියලයි දාගෙන මේක කියමුකෝ.
අ:- ඇයි පුතේ උඹ ආස පොලොව ගැටලන්න වගේ කල්පනා කොරන්නේ ?
පු :- අම්මේ මං ප්‍රශ්න කීපයක් අහන්නද ? ඔන්න පලවෙනි එක.. ඇයි අම්මේ අපේ මේ මහා මල්ලක් වගේ මොල්ලියක් තියෙන්නේ.?
අ:- ආ ඒ පුතේ අපි කාන්තාරේ දුර යනකොට තිබහ වෙන එක නවත්තන්න වතුර ගබඩා කර ගන්නනේ..
පු: එතකොට අපේ කකුල්වල කුර මේ රවුමට මහතට තියෙන්නේ ?
: ඒ පුතේ කාන්තාරේ හයියෙන් ඇවිදිනකොට සමබරතාවේ තියන් එරෙන්නේ නැතුව යන්නනේ..
පු:  හොඳයි එහෙනම් මොකටෙයි මේ තරම් දිග බෙල්ලක් ?
අ: පුතේ ඒක ඕන අපිට උස ගස් වල මුදුන් වල තියෙන දළු කඩන කන්න කටු ඇනගන්නේ නැතුව.. 
පු: එතකොට   මේ කැත විසාල  ඇහිපිය ?
;- කොල්ලෝ .. එවුව කාන්තාරේ වැලි කුනාටු  එනකොට ඇස් දෙක වහගන්නනේ.. 
ඔටු පුතා දැන් අම්ම දිහා බලන්නේ අමුතු සතෙක් දිහා වගෙයි  
අ:- ඇයි කොල්ලෝ උඹ මං දිහා ඔය විදිහට බලන්නේ?
පු: මොන මගුලකටද වදේ එහෙනම් අපි මේ සූ එකේ කුඩුවක් ඇතුලේ ඉන්නේ ?

ආදර්ශය: අද්යාපන  සුදුසුකම්, පළපුරුද්ද, දක්ෂතාවය, නායකත්වය උද්යෝගය .... මේ ඔක්කොම දේ වලින් වැඩක් වෙන්නේ අපි හරි ජොබ් එකේ ඉන්නවනම් තමයි  .. ඔබ ඉන්නේ හරි තැනද ?  බොරු කියන්නේ මොටද? මං නම් ඔටු පැටියා වගේ තමයි..
(මේක මන් ජංජාලෙන් උපුටගත්තා එකක් මගේ නිර්මාණයක් එහෙම නෙවෙයි..)

ඩෙංගු

Wednesday, December 7, 2011



ඩෙංගු ආයෙත් රටේ පැතිරෙන්න පටන් අරන් නිසා ඒ වෙනුවෙන් සමීක්ෂණයක් කරන්න රජයේ හිතවතෙක් විදිහට මට ටෙන්ඩර් පටිපාටියට පිටින් කොන්ත්‍රාත්තුවක් ලැබුණා.රජතුමා කතා කළාම කටක් ඇරලා බෑ කියන්න බැරි හින්දාත්, බෑ කියලා ගෙදර ගිහිං මෑණියන්ගේ කන්දොස්කිරියාවට කන් දීගෙන ඉන්න බැරි නිසාත් මම ඔන්න ඔහේ හා කියලා වැඩේ බාර ගත්තා.

බෝම්බයක් කර හදියක්..

Friday, September 2, 2011

මම මේ කියන්නේ 2008 අවුරුද්දේ එක සඳුදා දවසක් ගැන. එදා මම උදේ 5.30 නුවර ඉදල එන ඔෆිස් කෝච්චියේ කොළඹ එනවා වැඩට යන්න. ඔන්න ඉතින් එදත් මම සුපුරුදු පෙට්ටියේ මගේ සුපුරුදු ආසනේට ගියා. අපේ පෙට්ටියේ හිටිය තැපැල් දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරක් දරන අය්ය කෙනෙක්. අපි මෙයාට ජගත් කියමුකෝ. මෙයා ටිකක් සද්දේ දාගන ඇහැ ගහගන ඉන්න කෙනෙක් වටපිටාවට. ඔය නුපුරුදු අය නුපුරුදු මලු එහෙම දැක්කම ටිකක් සද්දේ උස් කරලා අපේ කොම්පාර්ට්මන්ට් එකෙන් අහන්න මේ අය්ය පසුබට වෙන්නේ නෑ. කොහොමත් කෝච්චියේ යද්දී කට්ටිය ටික දවසකින් අඳුරගන්න හින්ද ඒක එච්චර දෙයක් නෙවෙයි.

ඉතින් ඔය කියන දවසේ සඳුදා කෝච්චිය රඹුක්කන පහු කරලා ටිකක් දුර ගියා විතරයි ඔන්න මහා සද්දයක් අවා කාගෙද මේ බෑග් එක.. කෝ අයිතිකාරයා ඉන්නවද?.. කියල ජගත් අය්යාගෙන්. ඔන්න එකපාරම සෙනග අස්සෙන් මීයෙක් වගේ පොරක් කෑගහන්න ගත්ත මගේ මගේ කියල.. හා හා හරි හරි කියල ජගත් අය්ය පොරව නෝට් කරගත්ත. ඔන්න ඉතින් දැන් කෝච්චිය වේයන්ගොඩ එහෙම පහු කරගෙන යනවා.. දෙපැත්තේ තියෙන්නේ වෙල් යායවල් ගුරු පාරවල් එහෙම. ඔය අස්සේ ජගත් අය්ය හොයනවා අර මල්ලේ අය්තිකාරයව. "කෝ දැන් මේ මල්ල ගේනවා මනුස්සයා?".. "ඉන්නවනම් පොඩ්ඩක් කියන්න." "දන්නවනේ අද රට?"... " කෝ දැන්?".." සිරිල් මල්ලි ඔයපැත්තේ ඉන්නවද බලන්න මේ මනුස්සයා?" "සුරංග. කොහේද බන් මේ යකා ගියේ?" ජගත් අය්ය දැන් මේ මනුස්සයව හොයන්නේ හරියට මු වැටිච්ච ඉදිකට්ටක් කියල හිතාගෙන වගේ. සාක්කු වල විතරයි බලන්නේ නැත්තේ. 

කොහොමින් හරි විනාඩි 10 විතර ඔය ජවනිකාව යනවා. දැන් මේක ගෙනාව මනුස්සයා නෑ. රිදී පාට බ්‍රීෆ් කේස් එකක් මේක. කට්ටිය දැන් බයවෙලා මේක බෝම්බයක්ද දන්නේ නෑ. මොකද කොටි එන්නේ ලේබල් ගහගෙන යෑ කියා කියා වැඩේ නියමෙට බවලත් අය අතර නැඟල යනවා. පිරිමි සෙට් එකම අරුට දෙකක් දෙන හැටියි බෑග් එක විසි කරන හැටියි කතා වෙනවා. අපේ ජගත් අය්යට ඔය අස්සේ අම්බ මල. "මේ පරය අපිව වල කජ්ජ ගස්සන්න මෙතන මේ මගුලක් ගෙනත්" කියල පොර මෙන්න එකපාරම බ්‍රීෆ් කේස් එක ජනෙලෙකින් එලියට විසි කරා.  හරි දැන් බඩුම තම කට්ටිය කතා නෑ සද්ද වහල කටවල් අරන් ජගත් අය්ය දිහා බලාගෙන ඉන්නවා. හරියට පොර මේ දැන් පුපුරන්න හදන බෝම්බයක් දතින් අල්ලලා විසිකරා වගේ.

ඔය මගුල් ඔක්කොම අස්සේ කෝච්චිය ඇවිත් ගම්පහ හරියෙන් නවත්තව්වා. මෙන්න අර මීය වගේ එකා කොහෙන්ද ඇවිත් අහනවා "මගේ බෑග් එක කෝ?".. "කෝ මෙතන තිබ්බ සිල්ව බ්‍රීෆ් කේස් එක?" කියකියා. කට්ටිය මුනෙන් මුණ බලාගන්නවා මිසක් උත්තර නෑ. ඔන්න ජගත් අය්ය නැගිට්ට.. "දන්නේ නැද්ද කාලේ හැටි?..කොහේද ඔලුවක් නැති වැඩ කරනවා. තැන් තැන් වල බෑග් දාල යන කාලයක්ද මේ? මේ තමුන්නාන්සේ ඔය මල්ල යනතැනක අරන්ගියනම් නේද හොඳ ? කව්ද දන්නේ ඕක මොකද්ද කියල? 
මී පුරවැසියා : මොකද්ද කියන්නේ? ඒක මගේ ඔෆිස් බෑග් එක. දැන් කොහේද මෙතන තිබ්බ ඒක?
ජගත් අය්ය: කොහේද කාටවත් නොකිය ගියේ? මම ඒක විසි කරා මොකද අහල අහල එකෙක්වත් එන්නේ නැතුවම කව්ද දන්නේ ඔහේ කොටියෙක්ද මේක බෝම්බයක්ද කියල? අපිට කියන්නේ ඔහේලවගේ මිනිස්සු මලු දාල ගියාම ඒවා පරිස්සම් කරගෙන ඉන්න කියලද ඒවා බෝම්බ උනත්?
මී පුරවැසියා : විසිකරා? තමුසේ මොන හයියකටද ඕක විසිකරේ? පිස්සු හරකෙක්. මගේ ඔක්කොම ඔෆිස් ඩොකියුමන්ට් ඒක ඇතුලේ. අනික මගේ ලැප්ටොප් ඒක?? බූරුව.. 
ජගත් අය්යට උපරිම මල දැන්.. බූරුව? මමද ඕයි බූරුව? පිස්සෙක් වගේ තැන්තැන්වල බෑග් දාල යනවා මදිවට කියවන්නත් එනවා. ඕක තමුසේ කොටියෙක් වෙලා මේක බෝම්බයක් උනා නම්? මොකද එතකොට කියන්නේ? මහත්තය ඕකේ ඔච්චර වටින දේවල් තිබ්බනම් ඔහේ දැනගන්න ඕනේ නේද ඕක පරිස්සමට තියාගන්න?
මී පුරවැසියා : කෙහෙම්මලක් කියවනවා. මම වතුර එකක් ගන්න කලින් ස්ටේෂමෙන් බැස්සම කෝච්චිය අද්දන්න ගත්ත. පස්සේ පෙට්ටියක යන්තම් එල්ලිලා එන්න හදනකොට මැද දොරක් වහල. එන්න බැරුව මම දැන් මේ එනගමන්. අපිත් මේ ආසාවට යනවා නෙවෙයි. මනුස්සයෙක්ට හදිස්සියක් උනාමවත් බලන්න දන්නේ නෑ.
ඔය කතාව අහගෙන හිටිය අපේ සෙට් එකට හොදට තදවෙලා අපේ උන්ටික අර මිනිහව කන්න පටන්ගත්තේ බවලත් සෙට් එකේ පුර්ණ අනුග්‍රහය යටතේ. පිස්සෙක් වගේ බෑග් තැන්තැන් වල තියල එනව මෙතන නීති කතා කරන්න. එක්ක එනවා තමුසෙගෙ ලෝයර්. අපිත් හොද ලොයර්ල තමයි හරිද? වගේ කතා කියකියා..

අන්තිමේ කොහොමහරි අර මනුස්සයා ඉස්සරහ ස්ටේෂන් එකෙන් බැහැල ගියා බෑග් එක හොයන්න. අපි ගියා වැඩට. හැබැයි එදත් එදයි ආයේ නෙවෙයි මම අර මීයා වගේ මනුස්සයා දැක්කේ කෝච්චියේ. දෙපැත්තම සාධාරණයි. නමුත් මට හිතෙන්නෙම අපේ ජගත් අය්ය හරි කියල. මොකද කව්ද දන්නේ එක බෝම්බයක් උනා නම්?

තනිකමට....

Monday, August 1, 2011
ජීවයක් නැති වන බිමෙක
ඉන්නවා මම මග බලන්
මසිත හොරකම් කල මගේ රැජින
ඇවිත් ජීවය දෙන තුරා //

දිවා රැ මම සෙවූ රුව ඔබේ රුව බව හැඟෙනවා
ඔබ ලබන්නට සැමදා පෙරුම් පුරමින් ඉන්නවා
සිහිනයෙන් ඔබ හැමදාම විත් මගේ හිස පිරිමදිනවා
ඔය උකුලෙ හිස තබන් ඉන්නද සුසුදු වත දෙස බල බලා

ජීවයක් නැති…

හිතේ ලතැවුල නිවන්නට මගෙ ලඟට ඔබ එන සැටි බලන්
කල්පයක් වුව බලන් ඉන්නම් සමවැදී ඔබ ගැන සිතින්
ඉවසන්න බැහැ සිනාසෙනවා පෙම්බරෙක් ඔබ අත අරන්
මගේ වෙන්නට පතනවා මම සැම භවයක අතිනත අරන්

ජීවයක් නැති…

විදුලි බල මණ්ඩලය

Tuesday, July 26, 2011
ඔන්න මමත් සම්බන්ධ උනා සිතුවිලි පවුරට. මම සිතුවිලි පවුරට ලියන පලවෙනි ලිපිය මේක. ඉතින් මම හිතුවා ඒකට මට වගේම හැමෝටම තියන ප්‍රශ්නයක් ගැන කියන්න. ඒක තමා හිටපු ගමන් විදුලිය විසන්ධී කරන එක. අපේ පරිගණක පාවිච්චි කරන්න අපිට අවශ්‍ය වෙන විදුලිය ඒ වගේම ජනතාවගේ ගොඩක් කටයුතු කරන්න උදව්වෙන විදුලිය කිසිදු දැනුම් දීමකින් තොරව විසන්දි කෙරුවාම ඒ මිනිස්සු තම තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද? මේ ප්‍රශ්නය අපි ඇසිය යුත්තේ අදාල බලධාරීන්ගෙන් බව හැබෑව. ඒත් උන්ගෙන් ඇහුවාම කියන්නේ මොකක්ද? විදුලිය පිරිමැසීම සඳහා විදුලිය කප්පාදු කරන බවයි. ඉස්සර නම් විදුලිය කපන්නේ මාස දෙකකට සැරයක් විතර. ඒත් ගස්වල අතු කැපීම සඳහා. නමුත් දැන් හැමදාම පැයක් හෝ දෙකක් අනිවාර්යෙන්ම කරන්ට් කපනවා. සමහර විට දවසම උනත් විදුලිය නැහැ. උදේම වැඩට යන්න නැගිටින මිනිස්සුන්ට තමන්ගේ වැඩ කරන්න ගියාම විදුලිය නැහැ කියල තේරුනාම මොනවා හිතෙනවා ඇද්ද? හිතෙන දේවල් නම් ගොඩක් ඇති. සමහර විට විදුලි බල මණ්ඩලය සම්බන්ධ අයගේ අම්මලා ගැන මතක් වෙනවා ඇති. ඒ අයගේ අම්මලාට හිතෙන් සුබ පතනවාත් ඇති. මේ සේරම දේවල් උනාට පස්සේ මාසේ අන්තිමට රුපියල් දාහක දෙදාහක බිලක් නම් අනිවාර්යෙන් එනවා. ඒකෙත් අපි පාවිච්චි කරපු විදුලියට ගෙවන මුදලට අමතරව වැට් ඇතුලු සියලුම බදු ඇතුල් කරලා තියනවා. ඒත් බිල ගෙවන්න මාසයක් දෙකක් ගියොත් මොකද වෙන්නේ.....ඇවිල්ලා ලයිට් කපලා යනවා. ඉතින් මම අහන්නේ අපි දාහක් දෙදාහක් විදුලියට ගෙවලා අඳුරේ ඉන්නේ මොකටද? මට තියන ප්‍රශ්නේ ඒකයි.

ප.ලි. පෝස්ට් එක කොහොමද දන්නේ නෑ. මට ලස්සනට ලියන්නත් බෑනේ. කමක් නෑ ඔයගොල්ලන්ගෙ අදහසුත් දාලා යන්නකො. එහෙනම් මම යනවා. ඔබ සැමට ජය වේවා!

පිහාටුවක් වීමට සිහින මැවීම

Tuesday, July 19, 2011
රෝස වලකුළ...මගේ ආදරණීය බ්ලොග් එක.....කාලෙකින් මම ආවා ඔයාව බලලා යන්න...ජීවිතේම පැටලුණු අවුල් ගොඩක් වෙලා..මගේ හිතට නිදහස කියන දේ හරිම අඩුවෙලා ගිහින්... ඒ නිසා බ්ලොග් ලියන එක එහෙම්ම දැන් නැවතිලා වගේ ....ඔයාගේ දිහා මම ටික වෙලාවක් බලා උන්නෙ ඇත්තටම දුකින්..මග අරිනවා නෙවෙයි...ඔයා ඇතුළෙ මම දැන් හිර වෙලා... මට නිදහස් වෙන්න ඕනේ...

ජීවිතේ කියන්නෙ වලාකුළක් කියලා කාලයක් හිතාගෙන හිටිය නේද කියලා දැන් උඹ මගෙන් අහයි...ඔව් රෝස වලාකුළු දැන් වතුරෙන් බරයි... මට දැන් ඊට වඩා සැහැල්ලු වෙන්න ඕනේ....අද මට හිතන්න ඕනේ  ජීවිතේ පිහාටුවක් කියලා...

මේ බ්ලොග් ලිපිය වුණත් ඔයාගෙ මුහුණ උඩින් ලෝකයට පෙන්වන්නෙ නැහැ මම.. ඒ කියන්නෙ ඔයාව අමතක කරනවා කියන එක නෙවෙයි...ඒත් ඔයා දැන් මගේ පුද්ගලිකත්වය හුඟාක් ඈත ගෙනෙහින්..

මට ඔයා තුළ ලියන්න පුලුවන් උපරිමයක් තියෙනවා....පවුලෙ අය..අදුරන  අය ඔක්කොම මාව කියවන්නෙ උඹ තුළින්..ඒ නිසාම මාව නොකියවෙන විදිහට පත් ඉරු ලියන්න මට සිද්ද වෙලා.. උඹෙන් මිදෙන්න..

මම දැන් පුංචි පෙම්වතියක් වගත් මේ එක්කම කියන්නම් ඔයාට.කාටවත් කියන්න එපා..

ජීවිතය...... කටුක බව අත්විදීම!

Saturday, July 16, 2011
හ්ම්. ජීවිතය කියන්නේ මහම මහ පුදුම දෙයක්. වෙලාවට හිතෙනවා මේ ජීවිතය ලැබුනේ ඇයි කියලා. වෙලාවකට හිතෙනවා ජීවිතයක් නැත්නම් වැඩක් නෑ කියලා. ගොඩක්ම මටනම් හිතෙන්නේ මිනිස් ජීවිතයක් ලැබුනේ නැත්නම් මෙලෝ වැඩක් නෑ කියලා. මොකද ඒකට හොඳම උදාහරණේ තමා සත්තු කියන්නේ. සත්තුන්ගෙනුත් අපි සිංහයාව උදාහරණෙට ගමුකෝ....
සිංහයා කරන්නේ කොහොම හරි ගේමක් දීල සතෙක් දඬයම් කරගෙන ඌව කන එක. නමුත් හැමදාම ඌට මේ වැඩේ කරන්න බෑ. මොකද සත්තු හිතලා සිංහයාට අහුවෙන්නෙ නෑනේ. අන්න එතනදී සමහරක් විට කැලේ රජා උනත් දවසක් දෙකක් නැත්නම් සතියක් දෙකක් උනත් බඩගින්නේ ඉන්න වෙනවා. මොකද උන් තණකොල කන්න කියලයැ. උං තනිකරම මාංෂ භක්ෂක සතුන්.
නමුත් ඔන්න ඔතනදී තමයි මිනිහෙක් වෙන එකේ වාසිය තියෙන්නේ. මොකද
අපිට මස් නැත්නම් එලවලු තියෙනවා. එලවලු නැත්නම් පලතුරැ තියෙනවා. පලතුරැ නැත්නම් කොල වර්ග තියෙනවා. කොල වර්ග නැත්නම් පිටිකිරි තියෙනවා. පිටිකිරි නැත්නම් තේ තියෙනවා. තේ නැත්නම් කහට තියෙනවා. කහට නැත්නම් වතුර තියෙනවා. වතුර නැතිඋනත් කොහේ හරි වතුර තියෙනවනේ.ෆිල්ටර් කොරලා පරිභෝජනය කරන්න පුලුවන්. 
ඉතිං මම මේ කියන්නේ අපි වෙලාවකට තමන්ටම බැන ගන්නවා
මොන කරැමයක්ද? මටනම් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ... කරැමෙ කියන්නේ මගෙ ගර්ල්ෆ්රෙන්ඩුත් මාව දාල ගියා(ගැහැණු ලමයිටනම් බෝයි ෆ්රෙන්ඩ් හොඳේ)..ෂික් මගේ වෙලාව.දැං මට මේ ජීවිතෙං වැඩක් නෑ.මම මැරෙනවා.. 
කියලා ඔන්න ඉතිං කඩේට ගිහිල්ලා වහ කුප්පියක් අරං බොනවා. ඉතිං ඔන්න ඉතිං පෙර පිනක් තිබිලා මැරැනොත්නම් හොදයි. මොකද මම එහෙම කියන්නේ දැං පවතින නීතියට අනුව ඔය වහබීලා රජයේ රෝහලකට ඇතුලත් උනොත්(මමනම් දන්නේ රජයේ ඒව විතරයි.අනිත් ඒවගෙත් එහෙමද දන්නෙ නෑ) මල කෙලියයි වෙන්නේ.
   මොකද එක්කෝ අනිවාරයෙන් දඩයක් ගහනවා. එක්කෝ සිමෙන්ති කොට්ට දෙකක්වත් අරං ඕනි කියයි. තව දෙයක්. ඔය වහබොන එවුන් කවදාවත් උන්ගේ දෙමාපියන්ට ආදරේ කරලා නෑ. මොකද පොඩි කාලේ ඉදං දුකටයි සැපටයි ලඟ හිටපු, තමන්ට කන්න නැති උනත් අනේ මගේ දරැවනේ කියලා තමන්ගේ කෑම එක තමන්ගේ දුවට හෝ පුතාට දුන්නු, හොඳට ඇඳ පලදින්න දීලා තමන්ට වඩා උසස් තත්වයකට දරැවාව යවන්න හදන දෙමාපියන්ට මෙහෙම කරන එක හරිද? ඇත්තෙන්ම නෑ. මොකද මොන දෙමාපියෙක්වත් කැමති නෑ තමන්ට ඉස්සෙල්ලා තමන්ගේ දරැවාගේ මළ මිණියට කරගහන්න.

ජීවිතේ තනිකරම කොටිනම කිව්වොත් ගොම ගොඩක් වෙලාවකට. වෙලාවකට සුදු මල් යහනක්. වෙලාවකට හිතාගන්න බැරිතරම් පස්ටයි. කෙසේ උනත් ජීවිතයට බලාපොරොත්තු එක්වෙනවා තමන් කරන වැඩ අනුව. තව දෙයක්. අපේ ජීවිතයට බුදුහාමුදුරැවෝ කියල තියෙන විදිහට ක්ම කියල කොටසකුත් ඉතිරි වෙනවා.
අපේ තෘෂ්ණාවට, ලෝභකමට සහ අනෙකුත් දේවල් වලට මේක ගොඩක්ම පාදක වෙනවා....

දැං ඔන්න මේක කියවලා ඉවරවෙලා කියන්න එපා තෝ මේ මොන මඟුලක්ද කියල තියෙන්නේ.. තොට පිස්සුද? පටංගෙන තියෙන්නේ එකකින්. ඉවර කරල තියෙන්නේ තව එකකින්. ඔය පුරස්නෙට මට දෙන්න තියෙන හොඳම උත්තරේ තමා සිත සන්සුන් වෙලාවක මේ පෝස්ට් එක හොඳට හිතට අරං කියවන්න කියලයි. මොකද ඕනම දෙයක් මොලේට යන්නනම් එ් කියන්නේ තේරැම් ගන්නනම් නිරවුල් මනසක් තියෙන්න ඕනි. ප්‍රශ්ණ කැටිකරගෙන ඒවට මැදිවෙලා කියන දේ අහං හිටියට හරියන්නෙ නෑ. මොකද එතකොට වෙන්නේ, කරන්නේ, කියන්නේ එක එක දේවල්. අන්න බලන්න.. එතනත් ජීවිතියේ යම් කිසි වැදගත් සිද්ධාන්තයක්.. මොකද ජීවිතයට ජීවිතයක් එක් කරන්න පුලුවන් වෙන්නේ සිතුවිලි සමුදායක් තිබ්බතේ විතරයි.
කට්ටයිම අහල ඇතිනේ ජීවිතං අනියතං මරණං නියතං කියලා. ඒ වගේම තව දෙයක්... පවුල් පංසල් අනියතං .... තණිකඩ ජීවිතං නියතං කියන එකත් මතකෙ තියාගන්න.. 


එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.. ආහ්.. කියන්න බැරිඋනානේ.. මේ මගේ පළවෙනි පෝස්ට් එක හොඳේ... හොඳද බලලා කෙමෙන්ටුවක් එහෙම දාගෙනම යන්නකෝ!!!

ලිවිවේ කිනා!!!! (කින්ග් ශාන්)

දාහෙන් එකයි මළත් සැපයි

Friday, July 15, 2011


දන්නෝ දනිති
මේකෙ රඟේ
160යි
ලොකු වාහේ
මේවා එකක්
දවසට ඇති
සීනි බනිස් ඕනි නැතේ
සීනියි පිටියි කවළම් කර
ඇති පදමට මේකෙ තියේ
කට ඇරගෙන ඉන්නේ ඇයි
උඹේ ගායට ඕක මදී......................

පි‍ටු පෙරලපු ගාන