සඳ ගිහින් . . .

Sunday, June 19, 2011
අමාවකටත් එහා
අඳුරයි මගේ අහසට
එපා එක තරුවක්
මගේ ලඟකටවත්
තනියට . . .
නෑවිදින් මා තනිකර
යන්න ගිහින්
නුඹ ,
දුර ඈත . . . .
නැතිද නුඹලඟ
මතකයේ මාගැන
අමතන්න මා සිහිකර
එකම එක වරෙකට
මගේ ලඟ ,
තනියට . . .

ප්‍රීති-යෙන් මිනී මැරීම

Saturday, June 18, 2011

                                                දෙගල් දොරු
                                          දෙවොලෙ පූජා අද
                                            රෑ තිස්සේ....

                                         ගිනි කන වැටුන
                                         දායකයා නටත්
                                            ඒ අස්සේ....

                                         ගන්දබ්බයන්
                                         පොරකන නිසාම
                                           හිස් අහසේ....

                                        වන්දනාවෙ කිරිපිඩු
                                        රබර් මල්ලට
                                           හොර රහසේ....

පුදුමයක්.........

ඒක මහ පුදුමයක්...
"ඔබ" කොහෙද
සෙවුවා...
හමු නොවිණි..
අහ්!
"ඔබ" සිටී
නමුත්
"ඔබ" නෙවෙයි ඒ..
යළිත් සෙවුවෙමි..
"ඔබ" නැතත් එහි
මට හමුවිය
"මම"...
ඒ "මම" ම ද ?
හිතා ගන්නේ කොහොමද..?
ඒක මහ පුදුමයක්..

ආදරය,ඇය,ජිවිතය.....

ආ- ත්මයක් ආත්මයක් පාසා..
ද - හසක් පැතුමන්...
ර - වටමින්.....
ය- හනක සැතපුනු....
  ආදරය ජිවිතය යයි සිතා...
  ජිවිතය ආදරය වෙනු‍වෙන් පුදදි....
    ඇය...
අවසන.......
  ජිවිතය අහිමි වු කල...
  සුසුමක් හෙලා....
  එ සුසුමෙහි....
  ජිවිතය අමතන ,කල...
  ඇයට නොසිතුනි නම්,
ජි - විතයක් ජිවිතයක්...
වි- දවන්නට....
ත- වත් ඉඩ නොදි...
ය- න්නට.....
      ජිවිතය හැර..............

-නරක සමනලයා-

තව ටික දවසයි.......


එකමත් එක දවසක මල් පෙති හෙමි හෙමිහිට නටුවට බර වෙන ,හීන් මන්දාරමක් තිවුන හවසක දඟම දඟ බමරෙක් මා ලඟින් ඉගිල්ලිලා ගියා......ඕනෑම මලකට හිතේ අලවාගන්න තරම් ආසා හිතෙන පෙනුමක් ඒ දඟකාර බමරාට තිබුනේ.
කාලයක් තිස්සේ දන්නවා වගේ මාව එයා මගේ ඇස් දිහා බලාන උන්නෙ.
ඒත්....මම ඇයි ඒ දඟකාර බමරාව නොතකා අහක බලාගත්තෙ....?
අනේ ඒ වෙලාවෙ එයාගෙ ඇස් වල තිබුන හැඟීම.

මට කවමදාවත් ඒ ඇස් කියවාගන්න බැරි වේවි...!

මට ටික දවසක් දෙන්න මම ඔයාලට ඒ කතාව කියන්නම්.

මම  නදීෂා සෙව්වන්දි මුතුතන්ත්‍රී.

පියමනිමි . . .

Friday, June 17, 2011
මගේ වුණු
හීනයක ,
දිලිහෙන්න
හොර හොරෙන් පෑයූ
නුඹ ,
තාරකාව . . .
දුන් සිනා මතකයේ
දවටා තුරුළුකර
හැමට හොරා හැංගිලා
ඉකිබිඳිනයුරු සොවින්
හැඟෙන සිත හකුලගෙන
වියැකෙන්න මඟ සොයමි
නුඹ හා පියමැන්න
ඒ මතක මාවතේම . . . ෴

නික්මීම . . .

නුඹේ දෙතොලඟ ,
සිනහවක්වී ඉපිද
හැමදාට රැඳෙන්නට
පුල පුලා බලාහිඳ 
නිදිවැදගනු නොහී
නුඹේ හිත තුළ
ගොම්මනට පෙරාතුව
නික්ම යමි නුඹගෙන්ම 
අතීතයක වත්මන
සොරාගෙන නුඹව
බලාහුන් මදෙසවත්
නිකමටවත් නොබලාම
නික්මුනා ඈතකට
ඉගිලගිය හිත මෙන්ම
පරාජිත සුසුමින්
දොවාගෙන මතකයම 
෴෴෴෴෴෴෴෴෴෴

එයාගේ කතාව...

_____________________
මං විතරලු...
හීනෙත් මමලු..
හදගැස්ම මමලු...
ආදරෙත් මමලු..
ජීවිතෙත් මමලු..
  එතකොට මම ධාරකයා...
  එයා පරපෝෂීතයා.....


මල මෙතරන් කල් කියපුව ඇත්තනේ....
මට දැන්නේ තේරෙන්නේ...
එතකොට ඒයා කියල තියෙන්නේ...
ඇත්තනේ.....



දුයිෂේන් සෙව්වෙමි.......

අයිලය පෝෂණය විය.
නිමනයේ රොන් මඩින්
අයිලය පෝෂණය විය.
පොප්ලර් ගස් ඉතිරි විය.
සුළං සැර දරාගෙන
...පොප්ලර් ගස් ඉතිරි විය.
ඔබත් ඉතිරිවිය.
බලා සිටින්නට හෝ
ඔබ නොවූවත් ඔබ ඉතිරි විය
ඒත් මම හෙව්ව
හිටියේ නැහැ ඔහු....
දයාබර දුයිෂේන්....

කසාදය



                                                                     

                                               තම වර්ගයා
                                               බෝ කිරීමට
                                               ආණ්ඩුවෙන්
                                               ලයිසන්ගෙන
                                               නැන්දම්මාට
                                               ට්‍රයල් පෙන්වීම

පි‍ටු පෙරලපු ගාන