අවසර පතමි සිතුවිලි කවි කරන්නට
මනහර බුදු දහම ලොවටම කියන්නට
මේ වෙර නිමල දම් ඔබහට බෙදන්නට
ගෙනහැර පාමි ලිපි මම යන ලියන්නට
නිර්මල අමා දම් රස සොයලා දෙන්නයි
සක්වල සරා පින්බිම් වැඳලා ගන්නයි
මංගල මහා සඳ තතු කියලා දෙන්නයි
සිංහල දනා මන තුල මවලා පෙන්නයි
බොදු සළකුණු ගැනත් වඩවා ගනු සතර
බුදු හිමි තතු අසනු ගතකළ පෙර සසර
පිදු දින ගැන කියමි බොදු අප හට පවර
විදු එළිපෙහෙළි කර පසු ගෙන එමි මිතුර
බුදු වදනින් තමයි අපෙ දිවි හැදෙන්නේ
මුදු තෙපළින් යුතුව දෙසු බණ සොයන්නේ
සුදු බුදුරැස් වැටී මඟ හෙළි කෙරෙන්නේ
රුදු දළ සිත් සතන් දහමින් නිවෙන්නේ
අපිත් පිළිවෙතින් පෙළගැසෙමුද ඔන්න
මමත් කැමති සදහම් දානය දෙන්න
සිතත් නිවා දහම් සුවය විඳ ගන්න
ඔබත් අදම නිර්මල දහමට එන්න
4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
සිතුවිලි කවිපද වලට පෙලගස්සවා තිබෙන විදිය උපරිමයි.. සුබ පැතුම්.. දිගටම ලියන්න
බොහොම ස්තූතියි ප්රතිචාරයට, ඇත්තෙන්ම එකම ප්රතිචාරයට !
සැලෙන්න එපා සහෝ.. සිතුවිලි පවුරේ පෝස්ටු වලට කොමෙන්ටු අඩු උනාට හිට්ස් වැඩී.. අද දවසට මේ ලිපිය 34ක් බලලා.. මං මේ කියන්නෙ ස්ටැට්ස් බලලා.. සිතුවිලි පවුරේ පෝස්ටු වලට කොමෙන්ටු අඩු වෙන්න හේතුවක් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමුකො.. දිගටම ලියන්න.. අපිට ලියන එක අකුරත් වටිනවා..
නෑ පිස්සුද අපි සැලෙනවද එහෙම ? අපිට ඕවා පුරුදුයි හොඳට.. මගෙ blog එකටත් වැඩිය කට්ටිය නෑ. මොකද මගෙ blog එකේ තේරුමක් නැති, මෝඩ joke තියෙන ලිපි නෑනෙ. අද කාලෙ අය හොයන්නෙම ඒවනෙ... අනේ සංසාරේ.
කොහොම උනත් ඇඩ්මින් තුමා බොහොම ස්තූතියි දිරිගැන්වීමට..
Post a Comment