විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන්
නවීන අජටාකාශවිද්‍යාවෙහි නිරීක්ෂණ වලට හා න්‍යායයන්ට අනුව එක්තරා කාල වකවානුවකදී මුළු විශ්වයම එකම "දුමාරයක් " බව පැහැදිළිවම පෙන්නුම් කරයි. (එය විනිවිද නොපෙනෙන ඉතාමත් අධික ඝනත්වයෙන් යුත් උණුවූ වාතයෙන් සමන්විතය)1 මෙය නවීන අජටාකාශවිද්‍යාවෙහි පවතින මතභේදයට තුඩු නොදුන් මූලධර්මයන්ගෙන් එකකි. එම දුමාරයෙහි අවශේෂයන් මඟින් නව තාරුකා ඇතිවීම නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන්ට වර්ථමානයේදී හැකිවී තිබෙයි. (1 හා 2 රූප සටහන් බලන්න) රාත්‍රි අහසේ අපට දක්නට ලැබෙන දීප්තිමත් තාරකා සියල්ලද විශ්වයෙහි පවතින අනෙකුත් සියළුම දේවල්ද එම "දුමාරයට අයත්ව තිබුණි .
දෙවියන්වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් කර ඇති ආකාරයට
එවෙලෙහි ඔහු අහස දෙස බැලීය, එවිට එය දුමාරයක්ව පැවතුණි (අල් කුර්ආනය 41:11)පොළොව හා අපට ඉහළින් ඇති අහස් (සූර්යයා, චන්ද්‍රයා, තාරුකා, ග්‍රහලෝක, මන්දාකි,....) යන සියල්ල මෙම එකම "දුමාරයෙන්" නිර්මාණය වී ඇති බැවින් අපට අහස් හා පොළොව එකටම යාවුන වස්තුවක් ලෙස තිබී ඇති බව නිගමනය කළ හැක. මෙම සජාතීය "දුමාරයෙන්" ඒවා නිර්මාණය වී එකිනෙක වෙන්වී ඇත.
දෙවියන්වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආනයේ පවසන ආකාරයට
නියතවශයෙන්ම අහස් හා මහපොළොව යන දෙකම මුලදී එකට සම්බන්ධ වූ ස්ථිතියක් විය. පසුව අපි ඒ දෙක වෙන්කළෙමු. (අල් කුර්ආනය 21 :30)මහාචාර්ය ඇල්ෆ්රෙඩ් ක්‍රෝනර්(Dr. Alfred Kroner) යනු ලොව සුපතළ භු විද්‍යාඥයෙකි . ඔහු භුවිද්‍යා මහාචාර්යවරයෙකු වන අතර ජර්මනියේ මෙයින්ස්හි පිහිටි ජොහැන්ස් ගුටෙන්බර්ග් විශ්ව විද්‍යාලයේ භුවිද්‍යා ආයතනයේ භුවිද්‍යා දෙපාර්තුමේන්තුවේ සභාපති ධූරයද හොබවයි. ඔහු පැවසූ ආකාරයට
"මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් කොහේ සිට පැමිණි කෙනෙක් දැයි සිතා බලන විට .... මා සිතන ආකාරයට නම් විශ්වයේ පොදු සම්භවය පිළිබඳව ඔහු දැන සිටීමේ කිසිඳු හැකියාවක්
තිබෙන්නට නොහැකිය. මක්නිසාද යත්, විද්‍යාඥයින් පවා මේ පිළිබඳව සොයාගන්නා
ලද්දේ පසුගිය වසර දහය තුළදී ඉතාමත් සංකීර්ණ හා දියුණු තාක්ෂණික ක්‍රම යොදා
ගෙනයි".2
1 රූපය
වායු හා දූවිලි වලාවක් මඟින් නව තාරකාවක් (නෙබියුලාවක් ) සම්භවය
වන ආකාරය මෙහි දැක්වේ. මෙම වලාව සකළ විශ්වයම සම්භවය වූ එම "දුමයෙහි " අවශේෂයන්ගෙන් එකකි. (The Space Atlas, Heather andHenbest, පිටුව 50)
2 රූපය
ආලෝක වර්ෂ 60ක පමණ විශ්කම්භයකින් යුක්ත "ලගුන් " නම් නෙබි්යුලාව දූවිලි හා වායු වාලාවකි. එය තුළ මෑතකදී සම්භවය වූ අධික උෂ්ණත්වයෙන් යුත් තාරකාවල පාරජම්බුල කිරණ මඟින් එය ක්‍රියාකාරී වී ඇත.(Horizons, Exploring the Universe, Seeds, plate 9, from Associationof Universities for Research in Astronomy, Inc.)
එසේම ඔහු මෙසේද පැවසීය. "දැනට වසර එක්දහස් හාරසියයකට පෙර සිටි න්‍යෂ්ටික
භෞතික විද්‍යාව පිළිබඳව කිසිවක් නොදන්නා මිනිසෙකුට ඔහුගේම මනස තුළින් මෙම පෘථිවිය හා අහස් එකම සම්භවයකින් යුක්ත බව පවසන්නට නොහැකි බවයි, මට නම්
සිතෙන්නේ."1
Footnotes:
(1) The First Three Minutes, a Modern View of the Origin of the Universe, Weinberg, pp. 94-105.
(2) The reference for this saying is This is the Truth (videotape). For a copy of this videotape, please visit this page.
(3) This is the Truth (videotape).