අපිම තමයි අපේ සවිය!

Friday, August 17, 2012
ඔබත් මමත් පෙරුම් පුරන
වසන්තයේ නෞකාවට
හෙමින් සැරේ ගොඩවන්නට
ඉඩක් සොයන්න ……
මුහුදේ රළ
ටිකක් සැරයි
අවදිව ඉන්න …….

සිනහ මැදින් කඳුළු මැදින්
තරණය කරනා දිවියේ

දුක සැප නිතොරව හමුවෙයි
නොසැලී ඉන්න …….
මගේ සෙනෙහෙ
ඔබේ සිතෙහි
තද කරගන්න …….

අපේ පැතුම් හැම එකක්ම
ඉටු කරන්න බැරි වුනාට
අපි අසරණ වෙලා කියා
එපා හිතන්න ……
අපිම තමයි අපේ සවිය
එය දැන ගන්න …….


ප.ලි.
බොහෝ කලකට පෙර ලියූ නිසඳැසකි.... 

ඔලිම්පික් වංශකථාවේ ගිනියම් අයෝමය සලකුන “Black Power Salute ” කලු ශක්තියේ ආචාරය

Saturday, August 4, 2012
විශ්වයේ අසිරිමත්ම ක්‍රීඩා උළෙල, ඔලිම්පික්ස් 30වෙනි වරටත් මෙවර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී සුපුරුදු අභිමානනීයත්වයෙන් මුලු දෙයි. වසර 116ක වර්නවත් ඔලිම්පික් ඉතිහාසය තුල නොමැකෙන මතක සටහන් බොහෝය. කළු ඇමරිකානුවන් වූ ජෙසී ඔවෙන්ස්ගේ මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 4(1936 බර්ලින්) එම සුවිසේශි වාර්තාව සම කල කාල් ලුවිස්ගේ රන් 4(1984 ලොස් ඇන්ජලීස්) වගේම සුදු ඇමරිකානුවන් වූ මාක් ස්පිට්ස් ගේ පිහිනුම් රන් පදක්කම් 7(1972 මියුනික්), මයිකල් ෆෙල්ප්ස්ගේ පිහිනුම් රන් 8(2008 බීජින්), ජැමෙයිකාවේ යුසේන් බෝල්ට් ගේ ලෝක වාර්තා තුනක් සමග රන් පදක්කම් 3(2008 බීජින්)වැනි සුමිහිරි මතකයන් බොහෝය. එසේම ලොවම කම්පා කල, ඊශ්‍රායල් ක්‍රීඩකයන්/නිලදාරීන් 11ක් මරුමුවට පත්වූ 1972 මියුනික් ප්‍රාණ ඇපකරු ඛේදවාචකය. ලොව පුරා පුවත් පිටු පිරවූ කැනඩාවේ බෙන් ජොන්සන්ට වේගවත්ම මිනිසා කිරුල අහිමි කල තහනම් උත්තේජක චෝදනාව(1988 සෝල්) වැනි ඔලිම්පික් කලු පැල්ලම්ද මේ මතක අතර වෙයි.

එහෙත් 1968 මෙක්සිකෝ නගරයේ පදක්කම් අනුවේදිකාව (Medal Podium) මත සිට ටොමි ස්මිත් හා ජෝන් කාලෝස් විසින් දැක්වූ “කලු ශක්තියේ ආචාරය” (Black Power Salute) ඔලිම්පික් වංශකතාව තුල මෙතෙක් ප්‍රක්ශේපනය කල අතිශය ප්‍රභලතම පිලිබිඹුව බව අවිවාදිතය.

පතුලටම යනතුරු වර්ගවාදයේ ගිලී සිටි ‘සුදු’ ඇමරිකාව සසල කල මේ සිදු වීම , සුදු බටහිර ආධිපත්‍යට නතුව තිබූ ඔලිම්පික් සංස්තාවේ පදනම්ද දෙදරවා හැරියේය. ටොමී එම ඔලිම්පික් උළලේ මීටර් 200 ලෝක වාර්ථාවක්ද තබමින් ජය ගත් අතර කාලොස් එම තරඟයේ ලෝකඩ පදක්කම් ලාභියා විය.Image
“මම සිටියේ ‘ලෝක වේදිකාව’ මත….මානව ක්‍රියාකාරීත්වයක අවශ්‍යතාව ක්‍රියාවට නගමින්……මිනිස්සු ගෙව්වේ පසුගාමී ජීවිත…එක්සත් මතවාදයක අවශ්‍යතාව…ඔවුන් තේරුම් අරන් තිබ්බෙ නැහැ” ටොමී ස්මිත් පසු කලෙක පැවසීය.

ඔහු සහ කාලෝස් සුප්‍රකට ඔලිම්පික් වේදිකාව මත සිට තේරුම්ගන්නට බල කලේ අනෙකක් නොව ‘කලු ඇමරිකාවේ’ වේදනාවයි. බැලූ බැල්මට සරල අභිනයක් සේ දිස්වුනු ඔවුන්ගේ කැරලිකාරී ක්‍රියාව තුල, ඇත්තටම සංකීර්ණ සංඛේත ජාලයක් විය. ටොමීගේ ඉහලට එසවූ ‘කලු අත්වැස්ම’ සහිත දකුණු අත කලු ශක්තිය නිරූපණය කල අතර කාලෝස්ගේ කලු අත්වැස්ම සහිත ඉහලට එසවූ වම් අත කලු එක්සත්භාවය සංඛේතවත් කලේය. ටොමීගේ කලු කර පලදනාව කලු අභිමානයද,දෙදෙනාම පාවහන් රහිතව කලු මේස් පමනක් පැලඳ සිටීමෙන් කලු ඇමරිකාවේ දුප්පත් බවද සංඛේතවත් කලේය.

මේ තරඟයේ රිදී පදක්කම් ලාභියා වූ සුදු ජාතික ඕස්ට්‍රෙලියානුවෙකු වූ පීටර් නොර්මන්ද සිය කලු සඟයන් දෙදෙනාගේ ක්‍රියාවට සහෝදරාත්මක සහයෝගය දක්වමින් ‘මානව හිමිකම් සඳහා ඔලිම්පික් ව්‍යාපාරයේ’ (Olympic Project for Human Rights) ලාංචනයක්(Badge) සිය කමිසයේ පැළද සිටියේය. ටොමීගේ හා කාලෝස් ගේ අහිංසාවාදී කැරැල්ල ක්ශනික හෝ අහඹු සිදුවීමක් නුවූ අතර ‘මානව හිමිකම් සදහා ඔලිම්පික් ව්‍යාපාරය’ (OPHR) සමග ඔවුන්ගේ තිබුනු සම්බන්ඳය මෙන්ම කාලෝස් හා එකල ප්‍රකට ‘කලු’ ක්‍රියාධරයෙක් වූ හා ඝාතනයට ලක්වූ මැල්කම් එක්ස් (Malcolm X) අතර සිදුවූ හමුවීමද තීරනාත්මකව බලපෑවේය. එවකට තිබුනු ලෝක දේශපාලනික සංදර්භයද යම් උත්තෙජකයක් වූවා නිසැකය. කලු සටනේ පතාක යෝධයෙකු වූ මාටින් ලූතර් කිං ඝාතනය වී මාස 6ක්වත් ගත වී නොතිබින. අධිරාජ්‍යවාදීන් දන ගැස්සූ වියට්නාම් ගරිල්ලං එල්ල කල සුප්‍රකට ටෙට් ප්‍රහාරය(Tet Offensive) මෙන්ම ප්‍රංශ සිසු නැගිටීමද සිදු වූයේ මේ වකවානුවෙදීමය. ඔලිම්පික් පැවැති මෙක්සිකො නගරයේදීම නිරායුද සිසුන් සිය ගනනක් මරා දමා තවත් දහස් ගනනක් අත් අඩංඟුවට ගත් මිලේච්ඡ සිසු සන්හාරය (Tlatelolco Massacre)සිදුවී ගතවී තිබුනේ හරියටම සති දෙකකි. Black Power Salute ලොව පුරා පුවත් සිරස්තල සැරසුවා පමනක් නොව පසුගිය සිය වසේ ප්‍රබලතම පෝස්ටර් ඡායාරූප 10 අතරටද එකතුවිය.

OPHR යනු අහිංසාවාදී ශිෂ්‍ය ව්‍යාපාරයක් වූ අතර ක්‍රීඩාව තුල වූ වර්ගවාදය මානව හිමිකම් න්‍යාය පත්‍රය තුලට ගෙන ඒමේ මහගු කාර්යයක් එදා ඉටු කලේය. ටොමී හා කාලෝස් දෙදෙනාම OPHRහි උපන් බිම වූ සැන් ජොසේ විශ්ව විද්‍යාලයේ සිසුන් විය. කලු ක්‍රීඩකයන් මෙක්සිකෝ ඔලිම්පික් උලෙල වර්ජනය කල යුතුයි යන්න OPHRහි මුල් මතවාදය වුවද එය ක්‍රියාත්මක නොවීය. එහෙත් එදා පදක්කම් වේදිකාව මත සිට, පසු බිමින් ඇමරිකන් ජාතික ගීය වැයෙද්දී, හිස් පහතට නමා දෑස් බිමට නැඹුරු කොට කලු අත්වැසුම් සහිත මිට මෙලවූ සිය අත් මෙක්සිකානු රාත්‍රී අහසට යොමු කර ඔවුන් සිදු කල නිහඬ කැරැල්ල සුදු අධිරාජ්‍යයේ අරටුව දක්වාම සසල කලේය. එසේම එය, ඇමරිකාණු පාලකයන්ගේ කුහක වර්ගවාදී ප්‍රතිපත්තීන් නිර්ධය ලෙස ලොවට හෙලිදරව් කිරීමට සමත් විය.

එතෙක් සුපිරි සුදු ඇමරිකන් දේශපාලකයන්ට අවශ්‍ය වූයේ කලු ක්‍රීඩකයන් විදේශයන්හිදී ලබා ගන්නා ජයග්‍රහන හා ගෙනෙන පදක්කම් පමනක් වූ අතර මව් බිමේදී ඔවුන් නිකම්ම නිකම් ‘වේගවත් කල්ලන්’ (Fast Niggers) පමනක්ම විය. OPHRහි ඔලිම්පික් වර්ජනය පිලිබඳ කතිකාව ගොඩ නැගෙන සමයේ ඔවුන්ගේ මන්ත්‍රය වී තිබුනේ ‘උපන් බිමේදී බඩ ගාන්නට මෙක්සිකොවේ දුවන්නේ කුමකටද’ (Why run in Mexico only to crawl at home) යන්නයි.

දිළිඳු අඳ ගොවියෙකුගේ පුතෙකු වූ ටොමී ස්මිත්ද එවැනිම දුප්පත් පසුබිමක් සහිතවූ ජෝන් කාලෝස්ද ළමා කාලයේ සිටම මේ උග්‍ර වර්ගවාදයෙන් ඇතිතරම් බැට කෑවේය.එබැවින් සිය කැරැල්ලට එරෙහිව සුදු ඇමරිකාවෙන් නැගෙන කෝපග්නියේ දිග පලල ගැන ඔවුන්ට වැටහීමක් තිබුනි. එහෙත් ඔවුන්ට මුහුන දීමට සිදු වූයේ බලාපොරොත්තු නොවූ තරමේ දුෂ්ඨ ප්‍රහාරයන්ටය.

එවකට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති, ඇමරිකානුවෙක්වූ Avery Brundage විසින් ටොමී හා කාලෝස් දෙදෙනා වහාම ඔලිම්පික් ගම්මානයෙන් එලවා දැමීමට නියෝග කලේය. ඔහුගේ නියෝගය කෙතරම් කැත කුහක ක්‍රියාවක්ද යන්න මනාව පැහැදිලි වන්නේ 1936 බර්ලින් ඔලිම්පික් උලෙලේ හිට්ලර්ගේ ‘නාසි ආචාරය’ (Nazi Salute) සඳහා ඇමරිකානු කන්ඬායමේ සහය ලබා දුන්නේ එවකට එක්සත් ජනපද ඔලිම්පික් කොමිසමේ සභාපති ලෙස මේ පුද්ගලයාම බැවින්ය. එසේම මෙක්සිකනු රජය පැය 48ක් තුල ඔවුන්ගේ වීසා අවලංඟු කොට රටින්ද පිටුවහල් කලේය.

ඔවුන් සිය රට පා තබන්නේ අප්‍රමාන ගැරහුම් පරිබව පමනක් නොව තමන්ව රැකියාවෙන්ද දොට්ට දමා ඇති බව දන්වන ආරංචියද සමගය. ඔවුන් කලු ජාතිකයන් අතර වීරයන් සේ ආදරයට ලක්වූයේ කෙතරම්ද ඊටත් වඩා වැඩියෙන් සුද්දන්ගේ වෛරයට බාජනය විය. ඉතිහාසයේ පළමු වරට තත්පර 20 ට අඩුවෙන් මීටර් 200 දිවූ මිනිසා වූ ටොමී ස්මිත්ට (ඔහුගේ නිසග හැකියාව මත ටොමී තත්පර 19 කඩ ඉමද බිදිනු ඇති බව එකල මතය වී තිබින )සිය දරුවාගේ බඩගිනි නිවීමට පාර අතුගාන්නට සිදු විය. ටොමීගේ මව අකාලයේ මිය ගිය අතර ඔවුන්ගේ පවුලට පැමිනි අතවර, ගැරහුම් ,තර්ජන ගර්ජන සිය මවගේ අකාල වියෝවට වගකිවයුතු බව ටොමී අදටද චෝදනා කරයි. කාලොස්ටද අඩු නැතුව දුක් විදින්නට සිදු වූ අතර ඔහුගේ පවුල් ජීවිතය බිඳ දැමීමට ඇමරිකන් ෆෙඩරල් ඔත්තු සේවය (FBI) සෑහෙන් කාර්ය භාරයක් ඉටු කල බව කාලෝස් විශ්වාස කරයි. අවසානයේදී ඔහුගේ බිරිඳ සිය දිවි නසා ගන්නා අතර ටොමීගේ විවාහය දික් කසාදයකින් කෙලවර වෙයි. දෙදෙනාටම හා ඔවුන්ගේ පවුල්වලට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වූ අතර මරණය නිරන්තරවම ඔවුන් පසු පස හොල්මං කලේය.

එදා ඔලිම්පික් වේදිකාව මත මේ මිනිසුන් දෙදෙනා දැක්වූ නිර්බීතභාවය කලු සමාජය මත දැවැන්ත බලපෑමක් කලේය. එසේම පසු කාලීනව OPHR හි බොහෝ ඉල්ලීම් දිනා ගැනීම සඳහාද ඔවුන්ගේ ක්‍රියාව ප්‍රබල උත්ප්‍රේරකයක් විය. කලු ඇමරිකානු නිදහස් සටන එදා මෙදා තුර බොහෝ ජයග්‍රහන අත් පත් කර ගනිමින් ඉදිරියට පැමින ඇත. එහෙත් සිහින සැබෑ වී නැත. ඔවුන්ගෙන් බහුතරයක් අන්ත දිලින්දන්ය, නූගතුන්ය. ආර්තිකය ගත්තද, අධ්‍යාපනය ගත්තද, සෞඛ්‍ය පහසුකම් ගත්තද, නිවාස හිමිකම් ගත්තද ඔවුන් තවමත් දෙවෙනි පංතියේ පුරවැසියන්ය. නීතිය ඉදිරියේද දෙවැනි පංතියේය.

මීට මාස කීපයකට පෙර සිදු වූ ‘ට්‍රෙවොන් මාටින්’ (Trayvon Martin) ඝාතනය කදිම උදාහරනයකි. කඩයට ගොස් රස කැවිලි රැගෙන ගෙදර යමින් සිටි වයස 17 කලු ජාතික දරුවා කිසිදු සාදාරණ හේතුවක් නැතිව අමු අමුවේ ඝාතනය කරන ජොර්ජ් සිමර්මන්ව පොලීසිය අඩු තරමේ අත් අඩංඟුවටවත් නොගනී. ආත්මාරක්ශාවට වෙඩි තැබුවා යන ප්‍රකාශය මත චෝදනාවක්වත් නොනගා නිදහස් කරයි. කලු ජාතිකයන්ට සිය දරුවාගේ ඝාතකයාව අඩු තරමින් අත් අඩංඟුවට ගෙන චෝදනා ඉදිරිපත් කරවා ගැනීමට දවස් ගනන් පාරවල් වල උද්ඝෝශණ කරන්නට සිදු විය. මෙහි අනෙක් පැත්ත සිදු වූවානම් පොලීසියේ හා නීතිය ක්‍රියාවට නගන්නන්ගේ කාර්යක්ශමතාවය ඇදහිය නොහැකි තරම්ය.

ඉදින් මේ තවමත් නිමා නොවූ සටනේ ප්‍රභල මං සළකුනක් ලෙස ටොමී හා කාලෝස්ගේ ‘Black Power Salute’ කැරැල්ල සටහන් වන අතරම ඔලිම්පික් වංශකථාවේද කාලයේ වැලිතලාවට කිසිදින යට නොවන ලෙස සදාතනික වී ඇත.

“ I still feel the old impulsus and compulsions…………….. To stand up and be heard ..no matter the cost no matter the price”
- John Carlos July 2012
Image

"මට wish කරන්න තිබ්බ මම ඒත් වෙලාව එනකම් හිටියෙ"

අපේ ඔෆිස් එකේ ඉන්නව කොළඹ විශ්ව විද්‍යාලයේ එකෙක්. ඌ ඉතින් මාරම රස කතා තොගයක් කියනව. ඉතින් මට හිතුන ඒවායින් එකක් දෙකක් දාන්න, මොකද මට ලියන්න එහෙම රස කතා මතක් වෙන්නෙ නෑනෙව හරියකට.

ඔන්න ඉතින් දවසක් මේකගෙ යාළුවෙක්ගෙ කෙල්ලගෙ උපන්දිනේ හෙටලු. ඉතින් රෑ ඌ කෙල්ලත් එක්ක කතා කර කර ඉන්නවලු. විෂ් කරන එක ගැන සද්දයක්වත් නෑ, මූට ඕනෙ හරියටම 12ට විෂ් කරන්න. ඔන්න ඉතින් කතාව ඉවර කරල ෆෝන් එක තියල. මූ දැන් 11.58ට එලාම් එකකුත් තියල ෆෝන් එකත් ලඟින් තියාගෙන බලන් ඉන්නව ගානට වෙලාව එනකම්.
අනේ ඒ උනාට මූට නින්ද ගිහිල්ල වෙලාවට ඉස්සෙල්ල. එලාම් එකටත් ඇහැරිලා නෑ. පට්ටම සිද්දිය. මූට ඔන්න එක පාරටම ඇහැරිලා බලනකොට වෙලාව පාන්දර 5යි. ඔලුව ගිනි අරං ෆෝන් එක අරගෙන බලද්දි missed calls 20ක්, sms 10ක්.
දැන් ඉතින් අරූ ඉවරයි තමා.
ඉතින් මූ එවෙලෙම කෝල් එකක් ගත්තලු. ආයි හිතන්න දෙයක් නෑ කෙල්ල ඉවරයක් නැතිව බැණගෙන බැණගෙන යනව. මූටත් ඉතින් කියන්න හේතුවකුත් නෑනෙ. අහගෙන ඉන්නව.
ඔන්න ඔය අතරෙ මුගෙ ස්ථානෝචිත ප්‍රඥාවද කොහෙද එක වැඩ කරනව.
මූ එක පාරටම කීවලු, "මට 12ට කිසිම අවුලක් නැතිව විෂ් කරන්න තිබ්බ, ඒත් ඔයා ඉපදුනේ පාන්දර 5යි ගානකටනෙ, ඉතින් මම ගානට වෙලාව එනකම් හිටියෙ." කියල.
ඉතින් දීපල්ලකො උත්තර. :)


පුස්ස පම්බාලංකාරය

Friday, July 27, 2012



දැං ඉස්සර වගේ සිතුවිලි පවුරට ලියන අය අඩු නිසා මගේ බ්ලොගේ දාන ලිපි මේකෙත් දාන්ඩ හිතුවා......



ලෝකයේ කාන්තාවන් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙන තරමටම ලංකාවේ ගැහැනුත් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙනවා.ඒත් ලෝකෙ අනිත් ගැහැනු තමන්ගේ රූපය ලෝකයට පෙන්වන්න තමන්ගේ අංගෝපාංග හුවා දක්වද්දි අපේ ගැහැනු චුට්ටක් පැකිලෙනවා.මේ අපි හැදිලා තියෙන සංස්කෘතිය විසින් ඇති කරන ලද ලැජ්ජාව කියන සංකල්පය විසින් ඇති කරවන නිශේධනයක්.

ගැහැණු යට ඇඳුමට පෙම් කරන භූතයා - යකුන් හා ප්‍රේතයන් සමඟ කතා පෙළ අංක 05

Tuesday, July 24, 2012


ගොඩක් කාලෙකින් අලුත් කතාවක් දෙන්න බැරිවුනු නිසා ඔන්න අද දෙන්න යන්නෙ නියම කතාවක්. මේකෙ මාතෘකාව දැකපුවහම ඉතිං කාන්තා පක්ෂයනම් කියවන්නෙ නැතිවෙයි. කමක් නෑ. කියවන්නෙ නැතිව ඉන්න. :D මේ වෙන කොට මම ඔයාලට කතා තුනක් කියල තියෙනවා. ඒව කියෙව්වෙ නැත්නම් මෙතන ක්ලික් කරල ගිහින් ඒව කියවන්න.එහෙනම් අපි කතාවට බහිමු.

යකුන්ගේ භූතයන්ගේ, ප්‍රේතයන්ගේ අත්භූත කතා අප බොහොමයක් ගැන අසා ඇත. අප කථා කරන්නේ එවැනි අත්භූත සිදුවීම් වූ අපූරු භූත කතාන්දරයකි.

එය යහපත් සිතුවිල්ලක් නම්...

Monday, July 23, 2012


සිතුවිල්ලක් නැඟුණ විට  ගුණ දොස් සොයලා
නංවනු ක්‍රියාවට යහපත ගැන සිතලා
අවසර ගන්න එක උගහට වෙයි කියලා
ගත හැක සමා වැරදුණොතින් පා වැඳලා


එය යහපත් සිතුවිල්ලක් නම් නොපැකිල ක්‍රියාවට නංවන්න... අන් අයගේ අවසරය ගැනීමට වඩා එමඟින් සිදුවිය හැකි දොසකට සමාව ගැනීම බොහෝ සෙයින් පහසු වනු ඇත..


If it's a good idea, go ahead and do it. It's much easier to apologize than it is to get permission.

- Grace Hopper



මොකද හිතන්නේ...?

පශ්චාත් නන්දිකඩාල් දේශය II

Sunday, July 15, 2012




1 කොටස

'මේකයි මේක කාටවත් එහෙම කියන්ඩ එපා.චුට්ටක් ලීක් උනත් වැඩේ අනිත් පැත්තට ගැස්සෙන්ඩ පුළුවං.මම මේක අපේ කාටවත් කිව්වේ නෑ.දන්නවනෙ ඕකුංගෙ කටවල්වල හැටි.අර මොකක්ද එක ඇරියා වගේ මයික් එකක් දැක්ක ගමං ඔක්කොම කියවෙනවා.දැං අනික තාත්තලා ඇමතිලා උනාම, පුතාලත් පම්පෝරි ගහනවනේ'.

'හරි හරි මම ඕක කාටවත් කියන්නේ නෑ.වැඩිම උනොත් මගේ බ්ලොගේ දායි.ඒත් කියවන උං හිතන්නේ ගොතපු කතාවක් කියලා නෙව.අගේ නොකර ඉක්මනට කියන්ඩකෝ'.

පශ්චාත් නන්දිකඩාල් දේශය

Saturday, July 14, 2012


කාලෙකිං සිතුවිලි පවුරෙ මොකුත් දැම්මෙ නැති හින්දා ඔන්න මගේ බ්ලොගේ ටික දවසකට කලිං දාපු එකක් දාන්ඩ හිතුවා....




ආශ්චර්යයේ දිවයින සීරීස් එක ලිව්වාට පස්සේ රජතුමා මාත් එක්ක එච්චර හොඳ නැත.නමුත් සකල ලෝක දැනුම් සම්භාරයකින් පරිපූර්ණව අකලට පරිණත වූ මා වැන්නෙක් අමතක කිරීම දැලිපිහියෙන් කිරි කන ඔහු වැනි රජෙකුට ලේසි නැත.මගේ දැනුම හා සසඳද්දී ඔහුගේ උපදේශක මණ්ඩලය සේනක පුක්කුසාදීන් වගේ පේනවා යැයි රජතුමාගේ ශ්‍රී මෞකද්වාරයෙන් පැවසුනේ වරක් දෙවරක් නොවේ.

කුරුදු ඔය ඇල්ල සොයා

Friday, June 22, 2012


A /L ඉවර කරලා අවුරුදු දෙකහමාරක් තිස්සේ මම වැඩ කලේ විගණන ආයතනයක පුහුණු වන්නෙක් විදියට. මේ කාලේ අපිට රට වටේම ඇවිදින්න සිද්ද උනා. කොටින්ම කියනවා යාපනය, මන්නාරම්, මඩකලපුව ඇර අනිත් හැම තැනම අපට ඔඩිට් තිබුන. සමහර දවස් වල අපට රැ වෙන්නේ හම්බන්තොටදී පහු වෙනිදා එලිය වැටෙන්නේ පොළොන්නරුවේදී. ඒ කාලේ මතක් වෙද්දී ගෙව්වේ කොච්චර නම් ආතල් ජීවිතයක්ද කියලා හිතෙනවා. අපි ඔක්කොම හිටියේ A /L ඉවර කරපු ගමන් වගේ කොල්ලෝ සෙට් එකක්. එහෙම ටිකක් සෙට් උනාම වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඔහොම ගමන් යනකොට අපි කරපු කියපු දේවල් වගේම රසබර සිද්දිත් ගොඩයි. මේකත් අපි නටපු එක පිස්සුවක් ගැන කතාවක්. මේක මුලින්ම ලිව්වේ මගේ බ්ලොග් එකේ ඒක පටන් ගත්ත දවස්වල.

මේ ඔඩිට් එක තිබුනේ වලපනේ. නුවර එලිය දිස්ත්‍රික්කේ. ලස්සන ගම්මානයක්. ඒ ඔෆිස් එකට යන්න වලපනේ ටවුන් එකේ ඉදලා නුවර එලිය පාරේ ටික දුරක් යන්න ඕනේ. මට මතක හැටියට ඒ හරියට කියන්නේ මහ ඌව වත්ත වගේ නමක්. වැඩේට ගියේ අපි තුන් දෙනයි. අපේ වැඩ හවස 4 වෙනකොට ඉවරයි. අපට නවතින්න තිබුනේ ඒ ඔෆිස් එකේම උඩ තට්ටුවේ. හවස් වරුවට කරන්න වැඩකුත් නැ. ඉතින් අපි සෙට් එකටම හවස් වෙනකොට නිකම් කැහිල්ල වගේ. ඉතින් ඔය හරියේ බලන්න වටිනා තැන් එහෙම තියනවාද කියලා අපි හොයලා බැලුවේ මෙච්චර ලස්සන පළාතකටත් ඇවිත් නිකම්ම හවස් වරුව ගෙවලා දාන්න තිබුණු කම්මැලි කම හින්දා. ටිකක් කන්දෙන් පල්ලෙහාට වෙන්න ජපන් පන්සලකුයි, ඊට ටිකක් එහාට වෙන්න ලස්සන දිය ඇල්ලකුයි තියනවා කියලා කිව්වේ අපට උයන්න ඇවිත් හිටපු රංජි අයියා. ඉතින් අපිත් ගමනට සෙට් උනා. හවස වැඩ ඉවර කරපු ගමන් රංජි අයියාව මුණ ගැහිලා පාර අහගන අපි පයින්ම පල්ලම් බැස්සා. තේ වත්තක් මැදින් ටික දුරක් යනකොට අපිට අර කියපු ජපන් පන්සල නම් දැක ගන්න ලැබුනා.

මේ තියෙන්නේ ඒ ජපන් පන්සල තමයි..



                           

හැබැයි ඒ වෙලාවේ පන්සලේ කවුරුවත්ම හිටියේ නැ. හාමුදුරුවෝ වැඩිපුරම ඉන්නේ ශ්‍රී පාදස්ථානයේ තියන ජපන් පන්සලේ කියලයි අපට දැනගන්න ලැබුනේ. අහල පහල තිබුණු ගෙදරකින් දිය අල්ලට යන පාරත් අහගන අපි ගියේ ලංකාවේ තියන දිය අලි අතරින් උසින් දෙවන ස්ථානය ගන්න කුරුදුඔය ඇල්ල හොයාගන. ඔය කියන කාලේ තමයි වලපනේ ප්‍රදේශය දරුණු නාය යාමකට මුහුණ දුන්නේ. ඒ නිසා ඇල්ලට යන ගමන් මාර්ගයත් දරුණු විදියට නාය ගිහින් තිබුණු නිසා අපිට අලුතෙන්ම පාරවල් හොයාගන කැලේ මැදින් තමයි යන්න සිද්ද උනේ. දුෂ්කර ගමන් මාර්ගයකින් යන්න තියන නිසාද කොහෙද මේ ඇල්ල බලන්න සංචාරකයින් නම් එන බවක් පෙනුනේ නැ.

අපිත් වැඩේ අත අරින්නේ නැතුව කැලේ පිරගන කන්ද මුදුනටම නැගගෙන ගියා. මෙන්න කැලේ අතර මග දේවාලෙකුත් තියනවා. එතනත් කවුරුවත් හිටියේ නම් නැ. ඒත් එතන මිනිසුන් ගැවසෙන තැනක් බවට සලකුණු නම් තිබුනා. අපි ඉතින් දේවාලෙටත් පඩුරක් එහම දාලා අපි තවත් කන්ද මුදුනටම නැග්ගා. දැන් අපි ඉන්නේ ඒ හරියේ තියන උසම කන්දක් උඩ. ඒත් කෝ දිය ඇල්ලක්. පේන මානෙක වත් නැ. අඩු ගානේ දිය ඇල්ලක සද්දයක්වත් නැ. ඒත් දෙපැත්තටම අඩි පාරවල් දෙකක් නම් තියනවා. දැන් වෙලාවත් හවස 5.30 විතර ඇති. දැනටමත් කිලෝමීටර් තුන හතරක් ඇවිත්. ඕන දෙයක් කියලා අපි දකුණු පැත්තට තියන පාර දිගේ ඉස්සරහට ගියා. තණකොළ ගොල්ල ඉවර උන ගමන් අඩි පාර ඉවරයි. ඊළගට තියෙන්නේ දිගටම ගල් තලාවක්. අපිටත් ඕනේ කොහොම හරි කරලා දිය ඇල්ල හොයා ගන්න නිසා අපි දිගටම ගියා. දැන් නම් ගල් තලාව වටේම තද බැවුම. කකුල පොඩ්ඩක් වත් ලිස්සලා ගියොත් කෑලිත් නැ. මචන් ඉක්මනට වරෙන් හැමෝටම කලින් ගල් තලාවේ එහාම කොනට දුවපු රොෂානයා කෑ ගහන්න පටන් ගත්තේ ඇදන් හිටපු ටි ෂර්ට් එකත් ගලවලා අත් දෙකින්ම ඒක එහාට මෙහාට වනන ගමන්. අපිත් ඉක්මනටම එතනට දුවලා ගියේ මෙයා මේ කෑගහන්නේ දිය ඇල්ල හොයාගෙනවත් ද කියලා.

මෙන්න ඒ ගල් තලාවෙන් කොටසක්


                                    


ගල්තලාවෙන් පහල කෙලින්ම අපට පෙනුනේ වලපනේ නගරය. එතනින් එහාට යන්න පාරකුත් නැහැ. ලෝකාන්තය වගේ තැනක්. වලපනේ බස් නැවතුම්පල ලග ඉදන් කෙලින්ම උඩ බැලුවාම පේන්නේ ඔය අපි හිටපු ගල් කන්ද බව අපට මතක් උනේ ඒ වෙලාවේ. දැන් වෙලාව හවස හයත් පහු වෙලා. අදුරත් වැටිලා මහා කැලෑවක් මැද්දෙන් කිලෝමීටර් තුන හතරක් යන්නත් ඕනේ. පාර දෙපැත්තේම මහා ප්‍රපාතයක්. දිය ඇලි හෙවිල්ල පැත්තක තියලා අපි ආයෙමත් හෙමින් හෙමින් පල්ලම් බහින්න පටන් ගත්තා. ඒ මදිවට හැන්දෑ අදුර නිසා පාරවල් හරියට පේන්නෙත් නෑ. එක පාරටම මහා හුලගකුත් හමන්න පටන් ගත්තා. හුළගේ සැර වැඩි කම නිසාම කොහාටවත් යන්නත් බෑ. දැනුත් ඒ මොහොත මතක් වෙනකොට ඇග හිතල වෙලා යනවා. විනාඩි දහයක් විතර අපි එතනටම වෙලා වාඩි වෙලාබලන් හිටියේ වෙන කරන්නම දෙයක් නැති නිසා.
කොහොම හරි කරලා ෆෝන් වල තිබ්බ ටෝච් වලින් පාරවල් හොයාගෙන ජපන් පන්සල පහු කරලා ඉස්සරහට එනකොට ඉස්සරහට මුණ ගැහුනේ රංජි අයියාව. අපේ පරක්කුව නිසා රංජි අයියා අපිව හොයන්න මගටත් ඇවිත්. "මොකද මහත්තයෝ මෙච්චර වෙලා කලේ. මම මේ කොහේ ගියාද කියලා බලන්න ආවේ. අපි රංජි අයියට ඇත්ත කතන්දරේම කිව්වා. ඔතන තියෙන්නේ හුලං කපොල්ලක්නේ මහත්තයෝ. ඇති ඔයින් බේරුනා. අනිත් එක ඇල්ලට යන්න තියෙන්නේ. දේවාලේ ගාවින් උඩට නැග්ගාම හමුවෙන වම් පැත්තට තියන පාරේ ගිහින්. එතන ඉදලා ටික දුරයි. රංජි අයියා කිව්වාම තමයි තේරුනේ කරපු ගොන් කම. මොනවා කරන්නද? අපි රංජි අයියා එක්ක කතා කර කර නවාතැනට ගියා.

පහුවදා එලි වෙනකොට් අපි එක්ක ගිය කොන්ඩයාට උන ගැනිලා. (මට උගේ නමත් හරියට මතක නෑ. එදායින් පස්සේ මම තාම ඌව ඇහැට වත් දැක්කේ නෑ. ෆෝන් වැඩ කලෙත් නෑ.) මොනවා කරන්නද? බෙහෙත් අරන් දීලා අපේ බොසාටත් කියලා ගෙදර පිටත් කළා. ඉතුරු උනේ මායි රෝශානයයි විතරයි. ගෙදර ගිය එකාගේ වැඩත් අපිටම අදින්න උන නිසා ඇල්ල සොයා යන අපේ ගමන දවස් දෙක තුනක් පහු උනත් දිවා රෑ වැඩ කරලා ඉක්මනට වැඩේ ඉවර කරලා තවත් හවසක අපි දෙන්නා ඇල්ල බලන්න යන්න සෙට් උනා.
පුරුදු පාරේම කන්ද නැගලා දේවාලේ ලගින් වමට පාරේ යනකොට පොඩි ලයින් කාමර පේලියක් හමු උනා. 

"මහත්තයෝ ඇල්ල බලන්න ගියාට නම් කමක් නෑ ඔතන නාන්න නම් යන්න එපා බිලි ගන්නවා. ගිය සතියෙත් ඉස්කෝලේ යන්නේ නැතුව නාන්න ගිය ළමයෙක් බිලි අරන් තිබුනා."

 එතන හිටපු මිනිස්සු ඇල්ලට යන පාර පෙන්නලා එහෙම කිව්වේ අපේ ආරක්ෂාවට. දෙමල මිනිස්සු උනත් ඒ අය අපුරුවට සිංහල කතා කළා. ඒ මහා කන්ද මුදුනේත් එළවලු වගා බිම් හැම තැනම. ලෝකෙන්ම හුදකලා වෙච්ච අපුරු පුංචි ගම්මානයක් වගේ. ඒ මිනිස්සු පෙන්නපු පාර දිගේ අපි ඉදිරියටම ගියා මහා කන්දක් වටේට යන පාරේ වංගුවකින් හැරෙන කොටම ඇතින් ලස්සනට දිය ඇල්ල පේනවා

                                



මහා කදු දෙකකට අතර මැද්දෙන් කඩා වැටෙන දිය ඇල්ල දිහා අපි ටිකක් වෙලා නැවතිලා බලා හිටියා. වරෙන් යන්න. රොෂානයා මාවත් ඇදගන ඉස්සරහටම ගියා. දිය ඇල්ල ලගට යන්න නම් පාරෙන් පල්ලමට බහින්න ඕනේ. ඒ ගමනත් යන්න ඕනේ පොඩි අඩි පාරකින් කැලේ මැදින්. අපි අඩි පාර දිගේ ටික දුරක් ගියත් ඇල්ල ලගට නම් යන්න උනේ නෑ. ඒ වෙනකොටත් වෙලාව හවස පහ විතර වෙලා තිබුන නිසා. ආයෙමත් උඩට ඇවිත් දිය ඇල්ල දිහා බලා ඉදපු අපි ආයෙත් එන්න පිටත් උනේ බිම් කළුවරත් එක්ක.
                                

මේ දිය ඇල්ලේ උස මීටර් 189 ක් ලංකාවේ තියෙන දිය ඇලි අතරේ උසින් දෙවැනි ස්ථානය ගන්න මේ දිය ඇල්ල පෝෂණය වෙන්නේ මහවැලි ගගේ අතු ගංගාවක් වන කුරුදු ඔයෙන් කියලයි දැනගන්න ලැබුනේ. ඔය ෆර්ම් යන කාලේ අපට මොන කැමරාද. මේ පින්තූර ටිකත් ඉල්ලගත්තේ ගුගල් දෙයියන්ගෙන් තමයි. ඒ පින්තුර අයිති හැමෝටම බොහොම ස්තුතියි.

                                                                

හාමතේ තැවෙන ඇමරි(කාණුවෝ) හෙවත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ..........

Wednesday, June 20, 2012
ඇමරිකාවේ ලාස් වේගාස් යනු ලෝකයේ සූදු පිටිය යයි පැවසීම වඩාත් නිවැරදිය. ඇති පදම් සුරාවද, දිව්‍ය කම් සැපද අඩුනැති , දැල්වෙන නිවෙන නියොන් ආලෝකයෙන් විචිත්‍රවත් මිහි බට සුරපුර සදිසි දිස්වෙන, ලෝකයේ දල කාරයන් රාත්‍රියකට ඩොලර් මිලියන 16 ක් වීසි කරනා සූදු පොල මෙයය. ඒත් මේ ලිපියේ ප්‍රස්තුතය එම දිලිසෙන මායා ලෝකය නොව ඊට යටින් ඇති යථා ලෝකයය. හරියටම කියනවානම් ලාස් වේගාස් නගරයේ පොලව යටින් දිවෙන කුනු කාණු පද්ධතිය තුල ජීවත්වන දහස් ගනනක් ඇමරිකානු දිලින්ඳන්ය.  රැකියා අහිමිවූවන්, නිවාස අහිමිවූවන්, කුඩ්ඩන්, බේබද්දන්ද මේ කානු තුල මීයන්ද සමග සහ ජීවනයෙන් දිවි ගෙවති.  සිය හිසට ඉහිලින් ලෝකයේ, කැසිනෝ හල් තුල ඩොලර් ලක්ෂ ගනනින් ලංසු තැබෙද්දී, විස්කි වඩියට ,මොහොතක කම්සැපයට, ඩොලර් මිටි පිටින් වීසි කරද්දී මොවුන් දරු පැටවුන්ද සමගින් හාමතේ නිදියති.
මෙය ලාස් වේගාස් වලට සීමාවූවක් නොව තවත් බොහෝ ඇමරිකන් නගරවල කානු තුලද පවතින තත්වයකි. එහෙත් ලාස් වේගාස් උදාහරණය යනු, අතිශය සුලුතරයක් අතට මුදල් රැස් වෙද්දී හා ඔවුන් ලෝක ආර්තිකය හා සූදු කෙලිද්දී සාතිශය බහුතරයක් දිනෙන් දින දිලින්දන් බවට පත්කරන මේ ඊනියා නියෝ ලිබරල් ක්‍රමයේ කදීම පිලිඹිබුවයි. ලෝකෙට පරකාසේ ,ගෙදරට මරගාතේ වූ ඇමරිකන් නිරුවතයි. උතුරු කොරියාවේ බඩගිනිකාරයන් ගැන සිංහල බ්ලොග් තුල උදේ හවා කෙඳිරි ගාන මොල සෝදන්නන් හා සෝදන්නියන්ගේ හෙලුවයි.
පසුගිය අවුරුදු 15 තුල ඇමරිකාවේ දුප්පත්කමේ රේඛාවෙන් පහල සිටින ජන සංක්‍යාව දෙගුනයක් වී ඇත. ලක්ශ 462ක් ඇමරිකානුවන් දිලින්දන්ගේ වර්ග කිරීමට වැටේ.  එය අපේ රටේ සමස්ත ජනගහනය මෙන් දෙගුනයකටත් වැඩිය. සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක් දරුවෙක් දිලිඳු දරුවෙකි. මිලියන 13 රැකියා විරහිතයන්ය. ලක්ෂ 500කට නො එසේනම් සෑම ඇමරිකානුවන් හයදෙනෙකුගෙන් එක් අයෙකුට සෞඛ්‍ය රක්ශනාවරනයක් නැත, වෙනත් විදිහකට කියනවානම් ලෙඩකට දුකකට පිහිටක් නැත.   ඇමේසන් වනාශ්‍රිතව සිටින නොදියුනු වෛද්‍ය පහසුකම් නොමැති ජනයා වෙනුවෙන් Stan Brock විසින් ආරම්බ කල නොමිලේ පවත්වන වෛද්‍ය සායන (Remote Area Medical ‘RAM’) දැන් පවත්වන්නේ ඇමේසන් වල නොව ඇමරිකන් නගර වලය. අද නොමිලේ සායන වැඩියෙන් අවශ්‍ය වී ඇත්තේ ඇමේසන් වනයට නොව නව ලිබරල් ආර්තිකයේ රන් දෙවොල වන ඇමරිකාවටය. උදෑසන ආරම්භවන මේ සායන වලට සියගනනින් ගැහැනුන්,මිනිසුන් සිය දරුවන් සමග කටුක සීතලේ පෝලිම් ගැහෙන්නේ පාන්දර එකේ , දෙකේ සිටය. මේවායේ දොස්තරලාට බොහෝ විට හමුවන්නේ බේතක් ,හේතක් ගන්නට මුදල් නැති කමින් වසර ගනන් ලෙඩ රෝග වලින් පෙලෙමින් දුක් විඳින මිනිසුන්ය, ගැහැනුන්ය.
පාසැල් යන දරුවන්ගෙන් ලක්ෂ 15ක් නිවාස අහිමි දරුවන්ය. ඔවුන් කානු තුල, කූඩාරම් තුල හෝ තුට්ටු දෙකේ ගුබ්බෑයම් වල ජීවත් වන්නෝය. වයස 25ට අඩු තරුන උපාදිධාරීන්ගෙන් (College Graduates) භාගයකට ආසන්න ප්‍රමානයක් එක්කෝ විරැකියාවෙන් හෝ ඌනරැකියාවෙන් පෙලෙයි. පවුල් ලක්ශ 64කට සිය දෛනික ආහාර සුරක්ශිතභාවය ගැන ගැටලු ඇත. මෙවැනි සංඛ්‍ය, දත්ත වල ලැයිස්තුව ඉතා දිගු එකකි. එහෙත් අර්බුදයට ගොස් ඇති නව ලිබරල් ධනවාදයේ වපසරිය මැන ගැනීමට ඔය ටික හොදටම ප්‍රමානවත්ය.
මෙහි ඇති සැබෑ ඛේදවාචකය නම් දිනපතා සීග්‍රයෙන් දුප්පත්කම පැතිරෙන්නේ රටේ ඉහලම ධනපතියන් සුලුතරය වඩ වඩා පොහොසත් වෙද්දී වීමය. වසරින් වසර, සතියෙන් සතිය, පැයෙන් පැය, සෑම මොහොතක් පාසාම ඇති නැති පරතරය එන්න එන්නම පුලුල්වෙයි.  1975 ඇමරිකාවේ ඉහලම ආදායම් ලබන සියයට 1ට සමස්ත ආදායමෙන් 8.9% අයිති විය, වසර 33කට පසුව 2008 ඔවුන් සමස්ත ආදායමෙන් පහෙන් එකකටත් වඩා දැවැන්ත කොටසක් එනම් 21% අත් පත් කර ගනී. තවදුරටත් විස්තර කරනවානම් ඉහලම ආදායම් ලබන සියයට එකකගේ වත්කම පහල අදායම් ලබන 90% ජනතාවගේ මුලු වත්කම් ප්‍රමානයට වඩා වැඩිය. ඇමරිකාවේ ධනවත්ම 400දෙනාගේ වත්කම පහල ඇමරිකානුවන් මිලියන 150කගේ සමස්ත වත්කම් එකතුවට වඩා වැඩිය. වොල්මාර්ට් සමාගමේ හිමිකරුවන් 6දෙනාගේ වත්කම ඇමරිකාවේ පහල ආදායම් ලබන ජනගහනයෙන් 30% ගේ මුලු වත්කම් එකතුවට වඩා වැඩිය. ඇදහිය නොහැකි දැවැන්ත ආදායම් බෙදීයාමේ විශමතාවයේ දිග පලල සිතා ගැනීමට තවත් අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත.
ඇමරිකන් දක්ෂිනාන්ශික රිපබ්ලිකන් පාක්ෂිකයන් මෙය ඔබාමාගේ නොහැකියාවට ලඝු කිරීමට දැඟලුවද ඇත්තවශයෙන්ම මෙය ක්‍රමයේ තාර්කික ඵලයක් බව යුරෝපයේද ලොව අන් තැන්හිද තතු විමසීමෙන් ප්‍රත්‍යක්ශ වෙයි. ස්පාන්ඥයේද, ග්‍රීසියේද තරුණ විරැකියාව 50%ක් තරම් වේ. බොහෝ යුරෝපා සංගමයේ රට වල දුප්පත්කම අහස උසට නැග ඇත. යුරෝපා රාජ්‍යයන් පුරා අගනගර වල වර්ජන විරෝධතා වීදි සටන් සුලබ දසුන්ය. එන්ගලන්තයේ ලන්ඩන් නගරයේ මීට මාස කීපයකට පෙර ජාත්වාදී මුහුනුවරක්ද සහිතව සති කීපයක් පුරා පැතිර ගිය කැරලිකාරීත්වයද මේ ආර්ථික බිඳ වැටීමේ අසහනය පුපුරා ගිය අවස්තාවකි. පහල ස්තරයේ අසහනය මේ ලෙස වර්ධනය වන්නේ එන්ගලන්තයේ ලොකුම ධනවතුන් 1000 දෙනාගේ වත්කම වසරක් තුලදී පවුම් බිලියන 20 කින් වැඩි වෙද්දීය.  
මෙසේ ඇමරිකන් වැඩ කරන ජනතාව වල පල්ලට යද්දී, දැවැන්ත සමාගම් අති විශාල ලාබ ලබමින් සිටී. ඇමරිකන් සමාගම් වල බදු ගෙවීමෙන් අනතුරුව ලාභය ඉතිහාසයේ ඉහලම අගය ලබාගෙන ඇත. මේ ලාභය ආර්තිකයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල ඉතිහාසයේ ඉහලම අගය වාර්තා කරද්දී එයට ප්‍රතිපක්ශව ශ්‍රමයට ගෙවන වැටුප් ආර්තිකයේ ප්‍රතිශතයක් ලෙස ඉතිහාසයේ පහලම අගය වාර්තා කරයි.  ලෝක ආර්ථිකයේ පාලනය බහුජාතික සමාගම් ජාලයක් අතට පත් කල, ශ්‍රමයට ඉහලින් ප්‍රාග්ධනය ස්තානගත කල නියො ලිබරල් ආර්තික ක්‍රමය විසින් නිර්මානය කර ඇති විශමතාවය විස්තර කල හැකි හොඳම වාක්‍ය ඉහත වාක්‍යය බව මගේ හැඟීමයි.
සිය ලාභය මිසක අන් කිසිවක් නොතකන මේ කෑදර සමාගම් ජාලය ජනතාව ණය උගුලේ කර වටක් ගිලී සිටියදී මුදල් මත පිහිනමින් සිටී.  මිලියන ගනනින් මිනිසුන් විරැකියාවෙන් පෙලෙද්දී, තවත් ලක්ශ ගනනින් රැකියා අහිමි වෙද්දී සිය ලාභ ප්‍රති ආයෝජනය කර රැකියා අවස්තා පුලුල් කරනු වෙනුවට මේ දැවැන්ත සමාගම් අනාගත්යේ වැඩි වැඩියෙන් ලාභ ලබනු පිනිස අති විශාල අතිරික්ත මුදල් ප්‍රමානයක් මත ඉදගෙන සිටියි. 'ඇපල්' සමාගම ඩොලර් බිලියන දහයකට වඩා මේසේ සිය තැන්පතු වල පවත් වාගෙන යයි. 'BP' සමාගමට පවුම් බිලියන 15.8 මුදල් අතිරික්තයක් ඇත.BAE Systems සිය සේවකයන් 22,000ක් දොට්ට දාන්නේ පවුම් බිලියන 2.1ක මුදල් අතිරික්තයක් සිය ශේෂ පත්‍රයේ සටහන් වෙද්දීය.  
ඇමරිකාවේ, එන්ගලන්තයේ හෝ යුරෝපයේ මතු නොව ඉන්දියාවේද, ලංකාවේද, සෝමාලියාවේද වෙනසක් නැතිවම මේ ආර්තික ක්‍රමය විසින් නිර්මානය කර ඇත්තේ ඇදහිය නොහැකි විශමතාවයකි. වෙනසකට ඇත්තේ අපේ වැනි පරිධියේ රටවල පවතින්නේ දේශපාලුවන්ගේ බලපෑමෙන් වඩාත් විකෘති වූ නව ලිබරල් ධනවාදයක් වීමය. ක්‍රමයේ විශමතාවයට අමතරව මහා පරිමාන දූෂනය, වංචාව, ඉහවහා ගිය නාස්තිය,පැතිරුන ඥාති සංග්‍රහය සහිත දුගඳ හමන සමාජ ආර්තිකය එම විකෘතීන්ගේ ප්‍රතිපලයයි.
සංඛ්‍යා ලේකන මෙන්ම බහුතරයකගේ ඇඟට දැනෙන අග ගිඟකම් කියාපාන්නේ ලෝකයට දැන් අවශ්‍ය මේ නව ලිබරල් දහදුරාව පවත්වාගෙන යාමට යොදන පැලැස්තර විසදුම් නොව පැහැදිලිවම සුසමාදර්ශ වෙනසක් (Paradigm Shift) බවයි. නො එසේ නම් ලාබ අලාබ ගිනුමක පහල තීරුව වෙනුවට මනුශ්ෂත්වය මත පදනම් වුනු සමාජ ආර්තික ක්‍රමයක් බවයි.   

පි‍ටු පෙරලපු ගාන