ඔබේ බ්ලොග්/වෙබ් අඩවිය ලොඩ් විමේ වේගය මැන ගන්න අඩවියක්

Monday, July 25, 2011
මමත් (Nadun) සිතුවිලි පවුර සමග සම්බන්ධ උනා. ඔයාලා හැමෝම දන්නවනේ සමහර බ්ලොග් අඩවි තියෙනවා ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. සමහර අඩවි වේගවත්. ඉතින් මෙහෙම අඩවි වේගවත් බව අඩු වෙන්නේ ඔබ යොදන පින්තුර ගැජට් නිසයි. ඔබට පුලුවන් මේ අඩවියේ ගිහිල්ලා ඔබේ අඩවිය ලෝඩ් වෙන්න යන වේගය දැන ගන්න. http://www.iwebtool.com/speed_test අපි හිතමු ඔබේ අඩවිය ලෝඩ් වෙන්න තත්පර 40 යනවා කියලා. මේ අඩවියෙන් බැලුවාම. ඉතින් ඔයාගේ බ්ලොගයට ගිහිල්ලා එකේ තියෙන ගැජට් එකක් දෙකක් ඉවත් කරලා අය ඒ අඩවියට ගිහිල්ලා බලන්න තත්පර කියකින් ලෝඩ් වෙනවද කියලා. එතකොට තත්පර 20 විතර අඩු වෙලා තියෙයි. ඔය විදියට කරලා ඔයාගේ බ්ලොගය ඉක්මනින් ලෝඩ් වෙන්න හදාගන්න.

පංති භේද


එහා ඉවුරෙ ඉඳන්
අත වනනවා හැමදාම
මටයි කියන්නෙ
එන්න කියල ඔහේට
පේන්නැද්ද
හැඩපාර
ඉවුරත් උසයි
ඔය පැත්තෙ
හොඳ නැද්ද
ඔයා ආවොත් මෙහෙට

මේඛලා

සඳරු අයියේ එන්න යමු අන්න අරහේ කට්ටිය සෙල්ලම් කරන්න හදන්නේ"

" මට බෑ පොඩ්ඩියේ ඔයාලා යන්න මම මෙහෙම ඉන්නම්"

"මොනාද අයියා ඔයා තාමත් හූල්ලනවා අර වහන්තරාව වෙන කෙනෙක්ව බැඳගෙන සතුටින් ඉන්නවා අමතක කරනවා හලෝ ඔය ගෑනිව"

චටාස්......

" තමුසෙගේ කට කඩනවා මම මේඛලාට ආයේ ඔහොම කතා කලොත් එකි මගේ හැමදාටම මගේ දැනගන්නවා හැමෝටම පේන්න මම මේඛලාව මනමාලියෙක් කරලා අපේ ගෙදරට ගේනවා තමුසෙගෙ නෑනා කරනවා , දැන් යනවා මෙතනින් මගෙන් ගුටි නොකා"

"ඉන්නවා මම අම්මාට කියන්න ඔයා මට ගැහුවා කියලා කොහෙවත් යන ගෑණියෙක් නිසා අම්මා............ මේ අයියා මට ගැහුවා"

"ඉතින් යනවා ගිහින් කියනවා ඔකොම එකයි කවුරුත් මාව තේරුම් ගන්නේ නෑ"

මම දෑතින්ම හිස බදාගෙන ඉකි ගෑසුවේය. මට මේ මොකක්ද උනේ අනේ රත්තරං මේ සේරම ඔයාට බනිනවා ඔයා වැරදි නෑනේද මගේ කෙල්ලේ කියන්න

"මොනාද ලොකු පුතේ මේ වෙලා තියෙන්නේ ඇයි මේ අහිංසක කෙල්ලව මරන් කන්න හදන්නේ "



" නෑ අම්මේ මේකි, මේකි  මගේ මේඛලාට බැන්නා මම මේකිව මරනවා මගේ කෙල්ලට ආයෙම එහෙම කතා කලොත්"

ඇත්ත තේරුම් ගන්න පුතේ මේඛලා ඔයාව දාලා ගියා එයා ගියා දැන් ඔයා ඔයාගේ ජීවිතේ හදාගන්න මයේ රත්තරනේ"

"මේඛලා මාව දාලා ගියා ඇයි එයා මට එහෙම කලේ මේඛලා...................................."
 
 
 

දුක දරන් වෙන් වුනේ නුඹ විතර නම් නොවේ....

Sunday, July 24, 2011


ආකාසෙ ඉගිලෙන්න මට නොහැකි හින්දා
විල් තෙරේ සඳ එලිය රහසෙන්ම වින්දා
ජිවිතේ දුර යන්න නුඹ නො එන හින්දා
නැවතුනෙමි අතරමග නුඹ ඉන්න හින්දා

ජිවිතය ඉගිලයයි ඒත් මම තව මෙතන
සඳට පෙම් කරපු අපි අද ගිහින් කොයි කොතන
නවතින්න නවාතැන නුඹේ හද මා පතන
ඒත් අද ගිහින් නුඹ මා දමා අද මෙතන

පුර හඳට පෙම් කරේ මම විතර නම් නොවේ
සඳ එළිය හිමි වුනේ මටම විතරක් නොවේ
මල් සුවඳ හිමි වුනේ නුඹට විතරක් නොවේ
දුක දරන් වෙන් වුනේ නුඹ විතර නම් නොවේ

මිලින



























කහ පැහැති දුම්රිය
විදුලි රැහැනින් දිවි ලද
යකඩ රෝදෙට දැනුනද
පණ නල සිඳෙනු කුසුමක?

එකම හුස්මට දිව යන
නිමාවක් නැති ගමනක
මොහොතක් මැවී පෙනුනද
පැතුම් ගොන්නක් මියැදුන?

ගැහැට පිරි ලොවකට
කඳුළු නොසිඳුනු නෙතකට
කහ පැහැති දුම්රිය
නුඹ විය එකම සැනසුම

හැමදාම යන එන මඟ
සිල්පර කොටං සිඹ සිඹ
රතු මල් පිපෙයි ගොන්නක්
පර නොවී මෙහි කිසිදින

G-MAIL ACCOUNT දෙකක එක පාර වැඩ කරමු

මම දන්නේ නම් නැ මේක ඔයාලාට කොයි තරම් වැදගත් දෙයක්ද කියලා... ඇත්තටම කිවොත් මට නම් මේක පට්ට විදිහට වටිනවා.... මොකද මම බ්ලොග් එක ලියන මේල් ඇඩ් එකෙන් නෙමෙයි අනිත් වැඩ ටික කරගන්නේ... එකට අනිත් මේල් එකවුන්ට් එකට ලොග් උන ගමන්ම බ්ලොගර් මල්ලිත් දාලා යනවා.. ආයේ ඉතින් ඒකට ලොග් වෙන්න වෙනවානේ එක ටිකක් විතර කරදරයක් කියලා මට හිතුන නිසා හෙව්වා පොඩි විසදුමක්.. මම පොර ටොක් දිදි කිවට මේක ඔයාලට නම් පරන තැටියක් වෙන්න ඇති.. එත් මම නම් මේක මුල්ම වතාවට භාවිතා කෙරුවේ අද (2011 - 5-17 ) .. මට නම් මාර ගති
ලොකු දෙයක් නේමේ එක පාර එකම බ්‍රව්සර් එකකින් මේල් එකවුන්ට් දෙකක් හැන්ඩ්ල් කරන්න පුලුවන් සුට්ටි ක්‍රමයක්
මුලින්ම ඔය ඔයාට කැමති මේල් එකවුන්ට් එකකට ලොග් වෙන්නකො... නැතත් කමක් නැ.. පස්සේ දෙකටම ලොග් වෙන්න පුලුවන් ඇති (ඒක නම් මම බැලුවේ නැ) එකකට ලොග් වෙලා මේන්න මේ මම දෙන ලින්ක් එකට ගොඩ වෙන්නකෝ
LOG 
USE MULTIPLE GOOGLE ACCOUNT IN THE SAME WEB BROWSER

කියලා එකක් තියනවානේ එකට කිලික් කරලා ඩොට් මාක් දාලා කො‍ටු ටික පුරවන්නකෝ...
දැන් ඉතින් ඔයාලගේ මේල් එකවුන්ට් එකට බැක් වෙලා ඔයාලගේ මේල් ඇඩ් තියන තැන බලන්න්නකෝ
තව මේල් එකක් සියින් ඉන් වෙන්න පුලුවන් කියනවානේ
ඉතින් දැන් වෙන්නකෝ
වැඩක් වුනා නම් නැති උනත් කමක් නැ මොනවා හරි ටිකක් කියලා යන්නකෝ.....

වෙලාවක් තියනවානම් අපේ ගෙවල් පැත්තෙත් ඇවිත් යන්න එන්නකෝ

බඩගින්න

"කොයින් ද ඔය පිහාටු?"

"තුන් දෙනෙක් මැරුවා මෙන්න සයිස්එක" මල්ලී අතින් ප්‍රමානය පෙන්වීය. අප ජීවිතයට ම තවම කුකුල් මස් රස බලා ඇත්තේ එක ම එක දවස ය. චාන්දනීගේ මඟුල්දා අපට කටු වැඩි වන්නට කුකුළු මස් ද ඇතිව බත් දීසියක් එවා තිබිණි.

රිදී නිමනය
කරුණාසේන ජයලත්
197 පිටුව

වැඩකරන දවස් වල උදේටයි දවල්ටයි කන්න කඩේට ගියාම විවිදාකාර අය මුණගැහෙනව. සමරෙක් ඇවිදින් හිතේ හැටියට කෑම අරන් කැවත් සමර උදවිය කන්නේ බොහෝම සුළු දේවල් ටිකක් ඇත්තටම ඒ ඔවුන්ට කන්න බැරි නිසා නම් නොවෙන බව බැලු විගසම තේරුම් යනවා. දවල් කන වෙලාවට බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් බොන්නේ බත් කන්න බැරි නිසාද නැත්නම් බත් එකේ මිල සාක්කුවට දරන්න නොහැකිවීමද කියන එක දන්නේ ඔවුන් පමණයි.

උදේ කැම වේල ඉඳිආප්ප 10ක් සහ පොල් සම්බෝල වලින් සැහීමකට පත්වෙන නැත්නම් ප්ලේන්ටියක් විතරක් බොන අය සුව පහසු ඒ සී කාමරවල රැකියාවල් කරන අය නෙමෙයි. ඔවුන් බහුතරයක් කුලී වැඩ කරන දවසම ශරීරය වෙහෙසා වැඩ කරන අය. ඉස්සර කොළඹ වැඩ කරන කාලේ අතේ මුදල් තිබිලත් බත් කන්න කම්මැලි කමට සහ විනෝදයට වගේ දවල්ට බනිස් සහ කෙසෙල් ගෙඩි කන අය දැකලා තියෙනවා. ඒ ඇරෙන්න බත් වෙනුවට ඊටත් වඩා වියදමක් දරලා වෙනත් කෑම වර්ග කන අයත් ඉන්නවා. ඒත් මේ වට පිටාවේ නම් එහෙම කරන්නේ මුදල් නැති කමටම මිසක් වෙන කිසිම හේතුවක් නිසා නම් නෙමෙයි.

ගෙදරදී බඩ කටපුරා කාලා කෑම විසී කරන වෙලාවට නැත්නම් කෑම රස නැහැ කියල බෙදා ගත්ත බත් එක වීසි කරනකොටවත් අපිට කවදාවත් හිතෙන්නේ නැහැ මේ ලෝකේ තව කී දාහක් දෙනා ඒ වෙලාවට කන්න බත් ඇටයක් නැතුව බඩගින්නේ පීඩා විඳිනවද කියලා. ඉහත උපුටනය තියන පොතේ ප්‍රධාන චරිතය කන්න නැතුව ඉන්න හැටි ගැන තියෙන විස්තර නවකතාවක තියෙන දේවල්ම නෙමෙයි හැබෑලෝකේ ඊටත් වඩා පිඩා විඳින අය ඉන්නවා ඇති අපේ ඇස නොගැටුනාට.

මෙතෙක් කාලෙකටනම් කන්න යන්න කම්මැලි කම නිසා හෝ වැඩක් යෙදීම නිසා හැර අතේ මුදල් නොමැති වීම කියන කාරණය නිසා මන් බඩගින්නේ ඉඳලා නැහැ ඒක නිසා බඩගින්න කියන එක මගේ ජීවිතේට දුෂ්කර දෙයක් හැටියට අද වෙනකම් මට දැනිලා නැහැ ඒත් අපේ වට පිටාවේ බොහෝ දෙනෙක් පිටතට නොකිව්වට බඩගින්නෙන් පීඩා විඳින බව නම් රහසක් නෙමෙයි. අපි හැම වෙලේම අපිට ලැබිලා තියෙන දේවල් ගැන සතුටු නොවුනට ලෝකේ අනික් අයත් එක්ක බැලුවම අපි හැබෑවටම වාසනාවන්තයි කියලා මට හිතෙන්නේ.

ජීවිතය.... ආදරය.. සිංඳුවට පෙරලුවෙමි

Saturday, July 23, 2011
සුඳුපාට ගවුමේ ආදරය බැඳුනේ
නුබ ලස්සනයි නංගියේ...
ඔය නීල දෑසේ මා දෑස් බැඳුනේ
හුරතල් නිසයි පැන්චියේ..
දෙන්න මට ආදරේ දෙන්න මගෙ ජීවිතේ
නුබ මගෙ තමයි පැන්චියේ....
මා ආදරෙයි නංගියේ.......

කිසිදිනක මා සිතේ නැවතුනු නැතී
නුබම පමණක් ඇවිත් නැවතුනු හැටී
ආදරය මා සිතේ දලුලන හැටී
නුබට මම ජීවිතෙත් පුදමී සිතේ
සිත නුබගෙ ලගමයි...
නවතන්න බැහැමයි...
මා අසරනයි පැන්චියේ...
ආදරය පුදුමයි... මටනම් නොතේරෙයි...
මා ආදරෙයි නංගියේ...
සුදුපාට ගවුමේ..//....


සුදුම පාටින් නුබ එන හැටී
හුරතලය පෙන්නා හිනහෙන ගතී
මුලු සසරෙ නුබ පතා එනවයි සිතී
හැමදාම මා සිත හඩවන හැටී
හැගුමන් බොහෝමයි...
සිත ඇතුලෙ තෙරපෙයි...
පවසන්න බෑ නංගියේ...
ජීවිතය පුදුමයි... නුබ හටම බාරයි...
මා ආදරෙයි නංගියේ....
සුදු පාට ගවුමේ..//.....


මට මතකයි ඔයා ඒ දවස් වල සුදු පාටට ඇදලා ලස්සනට ඉස්කෝලෙ එනවා. ඒ හුරතල් හිනාව මට කවයදාක්වත් අමතක වෙන්නෙ නෑ උමේෂා නංගියෝ.. ඇත්තමයි.... මම තවම ඔයාට ආදරෙයි.......

ඔබත් අදම නිර්මල දහමට එන්න…

Friday, July 22, 2011



අවසර       පතමි සිතුවිලි කවි        කරන්නට
මනහර     බුදු දහම ලොවටම        කියන්නට
මේ වෙර      නිමල දම් ඔබහට     බෙදන්නට
ගෙනහැර     පාමි ලිපි මම යන       ලියන්නට

නිර්මල   අමා     දම් රස   සොයලා  දෙන්නයි
සක්වල   සරා    පින්බිම්     වැඳලා    ගන්නයි
මංගල    මහා  සඳ තතු       කියලා  දෙන්නයි
සිංහල    දනා   මන තුල      මවලා පෙන්නයි

බොදු   සළකුණු ගැනත් වඩවා ගනු       සතර
බුදු      හිමි තතු අසනු ගතකළ පෙර      සසර
පිදු      දින ගැන කියමි බොදු අප හට    පවර
විදු     එළිපෙහෙළි කර පසු ගෙන එමි  මිතුර

බුදු   වදනින්  තමයි අපෙ දිවි      හැදෙන්නේ
මුදු    තෙපළින් යුතුව දෙසු බණ සොයන්නේ
සුදු   බුදුරැස්   වැටී මඟ හෙළි    කෙරෙන්නේ
රුදු   දළ සිත්    සතන් දහමින්     නිවෙන්නේ

අපිත්    පිළිවෙතින් පෙළගැසෙමුද        ඔන්න
මමත්    කැමති සදහම් දානය              දෙන්න
සිතත්    නිවා දහම් සුවය විඳ                ගන්න
ඔබත්    අදම නිර්මල දහමට                එන්න

කොම්පියුටරේ ඇතුලේ කොම්පියුටර් හදමුද?

මයික්‍රොසොෆ්ට් වර්චුවල් පී.සී.


මේ සිතුවිලි පවුරට කියන්න යන්නෙ නිදහස් මෘදුකාංගයක් (නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක්) ගැන. මේ නිදහස් මෘදුකාංගෙ දෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකෙ කීවොත් කට්ටිය පුදුම වෙයිද? ඇයි මයික්‍රොසොෆ්ට්ල දෙන තරමක් දෙන්නෙ සල්ලි වලටනෙ.

මේකේ නමින්ම තේරෙනවනේ මේක මොන වගේ සොෆ්ට්වෙයා එකක්ද කියලා..  මෙකෙන් පුලුවන් ඔයාලට ඔයලගෙ කොම්පියුටරේ අස්සෙම තව කොම්පියුටර් ගොඩක් හදාගන්න. ඒ කොම්පියුටර් වලට ඕන ඔපරේට්න් සිස්ටම් එකක් දාල තියාගන්න පුලුවන්. දැන් හිතන්නකො ඔයාගෙ කොම්පියුටර් එකේ Windows 7  දාල තියෙන්නෙ කියලා. ඔයාට පුලුවන් වින්ඩොස් 7 වලට මේ සොෆ්ට්වෙයා එක Install  කොරලා Windows XP, Windows Vista, Ubuntu, Linux  වගේ ඕන OS එකක් දාල කොම්පියුටරයක් හදාගන්න. ඒ කොම්පියුටරෙ RAM එක Ajust  කරන්න එකෙන් ඉන්ටනෙට් යන්න.. Shut Down, Restart  වගෙ වැඩත් කරන්න පුලුවන්.

පි‍ටු පෙරලපු ගාන