තවන් Face Book ප්‍රේමයක් වැනි දෙයක් නිසා නිර්මාණය උන ගීතයක්..

Sunday, June 26, 2011
ෆේස් බුකියේ පුංචි පුංචි ලව් ස්ටෝරි ඕන තරම් තියනවනේ මේකත් ඉත්න් ඒ වගේ එකක් තමයි.. 




නීල නෙතු පියන්...

නීල නෙතු පියන් සෙමින් වැසේ
ආදර හැගුමන් වියැකි සිතේ
පෙරදින මතකය කැළඹි සිතේ
ඇය මගෙ දිවියෙන් නික්ම ගියේ

වෙබ් පිටුවේ ඇදි වදන් පෙලේ
සිත ඇදුනේ මගෙ නොසිතු ලෙසේ
ආදරයක් දෝ රැදුනෙ හදේ
සොයුරු පෙමක් දෝ නොදනි නගේ

දුටුවෙ නැතත් ඔබෙ රුව සැබැවින්
ඇදුනි සතේ ඔබෙ රුව සිහිනෙන්
නපුරු උනේ ඇයි නංගි මගේ
එපා වෙලොදෝ ඇසුර මගේ

පාලුව දැන් මගෙ සෙමින් මැකේ
ඔබේ වදන් දැන් අමතක වේ
එපා තවත් මට ඇසුර ඔබේ
යන්න ඔබෙන් කල් එළඹ තිබේ

නීල නෙතුපියන් සෙමින් වැසේ......//

මෙන්න ඕඩියෝ එක. මැද කෑල්ලක් අස් කරල ඇත්තේ ගනන් ගන්න එපා


මෙන්න මේක තමයි ඉතින් මට කියන්න තිබ්බ සිංදුව.. මේක ලියලා මියුසික් කරේ මම. මේක කිවුවේ මගේ හොදම යාලුවා අනුෂ්ක..
මෙන්න අපේ වෙබ් අඩවිය ගිහිල්ලම බලන්නකෝ...

කට්ටියට හිතෙන දේ පහලින් දාන්න අමතක කරන්න එපා..

සිතුවිලි පවුරට ජය..

සීගිරි කැටපත් පවුරේ
කුරු‍ටු ගී නොකළම හින්දා
ආවෙමි සිතුවිලි පවුරට
සිත්තම් දැකගන්ටා
තිබුණත් ඇරයුම් සැමටම
එක ලෙසිනා
පසුපස සිටියා මමත්
තවෙකුගේ මග
ඇහිරිය නොයුතු නිසා
නොවෙමි මම
බ්ලොග් කරුවෙකු
හැම දේ දන්නා
නැත කිසි බියක්
අත දෙන යහළුවෝ
මෙහි ඇති හන්දා
කළ ආරාධනයට
සැමටම තුති පුදලා
පැන්නෙමි මමත්
සිතුවිලි පවුරට
ජය නන්වා...!!!




                                                   

මුට්ටිය

සහෝදරහොරු
සහෝදරවරු
ගම් වදින්නට හදන අලි රැල
දෑත දිගු කර
දමන මුට්ටිය
වඩම්මවනා
අපේ ගරුතර
මහා හිමිවරු

සමතැන් ඉල්ලා බටහිර කතුන් සටන් වැදුනත් ආසියාතික කාන්තාවන් ජීවත්වන්නේ සම තැනටත් වඩා ඉහළ තැනකය

Saturday, June 25, 2011
සමතැන් ඉල්ලා බටහිර කතුන් සටන් වැදුනත් ආසියාතික කාන්තාවන් ජීවත්වන්නේ සම තැනටත් වඩා ඉහළ තැනකය. ඒ නිසි තැනයි. ගැහැණියටක පවූල තුළ සමාජය තුළ ලැබිය යූත්තේ සම තැන නොව නිසි තැනයි. කාන්තාවන් හා සමතැන් ලැබීමට පිරිමින්ට සූදුසූකම් නැත. සමාජයේ ආකල්ප හැඩගැසෙන්නේ ප්‍රධාන කොට පිරිමින් අතින් නොව ගැහැණූන් අතිනි. ඊට මූල පූරන්නේ ගෘහණියයි. මවයි. ගෙදරක බිරිඳකගෙන් හෝ මවකගෙන් ලබන ආදර කරුණාව ආත්මශක්තිය තුළින් පෝෂණය වන සැමියාත් දරුවනූත්, සමාජය වෙනස් කරති. සමාජයක ඉදිරි ගමන සිදුවිය යූත්තේ කවර දිශාවකටදැයි තීරණය කිරමේ බලය ගැහැණිය සතු බව කීවේ එබැවිනි.

ඔබ ලැප්ටොප් පරිගණකයක් ගන්න හිතන් ඉන්නවද?

ඔන්න සිතුවිලි පවුරේ පනස් වන පෝස්‍ටුව මගෙන්... ආරම්භ කර දින 12ක් ඇතුලත සිතුවිලි පවුරේ පෝස්‍ටු 50.. සෙල්ලන්ද කොල්ලෝ කිව්වලු.. ඔන්න ඉතින් මං හිතුවා 50 ගැන විතරක් ලියන් නැතුව සිතුවිලි පවුරේ ලියවෙන පනස්වෙනි පෝස්‍ටුවත් වැදගත් පෝස්‍ටුවක් කරන්න...


ලැප්ටොප් පරිගණක පෞද්ගලික පරිගණක යන කැටගරිය යටතේ හදුන්වා දුන් සංයුක්ත උපාංගයක්.. ඇත්තටම ඉස්සෙල්ලාම හදුන්වල දුන්න ජංගම පරිගණකය තමා ලැප්ටොප් කියන්නෙ. අද කාලයේ ලැප්ටොප් පරිගණකයක් ගන්න බොහෝදෙනෙක් උනන්දු වෙන්නෙ එය ඕනෑම තැනකදී පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව තිබෙන නිසා.

ඇස්

අසීමාන්තික තාපාoකයක් සතු
කාබන් බන්ධිත හදවත
ආවර්ත කාලයකටත් අඩුවෙන්
උත්ප්‍රේරක රහිතවම
විච්චේදනය කළ අපූරුව
මැඩියෙකුටත් වඩා පහසුවෙන්

නම් තැබීම

විලිරුදාවෙන් සසැලී
ගැබ්බරව තිබූ මගේ සිත
බිහි කලා ලදරුවෙක් 
ප්‍රේමය නැමති
ඒත් නුඹ 
බලා ඒ දෙස හො‍රැහින්
කිව්වා මට 
ප්‍රේමය නොවෙයි 
සුදුසුම නම,
රාගය,..

අමාවක අහස

Friday, June 24, 2011
නුඹ යන්න ගිහින්
මටත් නොකියාම
මගේ සිත් අහස
අද
අමාවකයි...

විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන්


විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන් 

නවීන අජටාකාශවිද්‍යාවෙහි නිරීක්‍ෂණ වලට හා න්‍යායයන්ට අනුව එක්තරා කාල වකවානුවකදී මුළු විශ්වයම එකම "දුමාරයක් " බව පැහැදිළිවම පෙන්නුම් කරයි. (එය විනිවිද නොපෙනෙන ඉතාමත් අධික ඝනත්වයෙන් යුත් උණුවූ වාතයෙන් සමන්විතය)1 මෙය නවීන අජටාකාශවිද්‍යාවෙහි පවතින මතභේදයට තුඩු නොදුන් මූලධර්මයන්ගෙන් එකකි. එම දුමාරයෙහි අවශේෂයන් මඟින් නව තාරුකා ඇතිවීම නිරීක්‍ෂණය කිරීමට විද්‍යාඥයන්ට වර්ථමානයේදී හැකිවී තිබෙයි. (1  හා 2  රූප සටහන් බලන්න) රාත්‍රි අහසේ අපට දක්නට ලැබෙන දීප්තිමත් තාරකා සියල්ලද විශ්වයෙහි පවතින අනෙකුත් සියළුම දේවල්ද එම "දුමාරයට  අයත්ව තිබුණි .

නිදුකින් ඔබ උන්නාවේ.........



නිදුකින්


 ඔබ 


උන්නාවේ.........


ඉර ගැස්සිලා ගැස්සිලා මුහුදේ ගිලිලා නොපෙනීම යන්න ගියා.මොහොතකට කලින් නේක වර්ණයෙන් පිරිලා තිබ්බ අහස කළුවර වෙලා.
හරියටම මගේ ලෝකේ වගේ.
මලිති යන්න ගියේ මගේ ආදරයත්,ඒ ආදරය වටා එක් වෙලා තිබුන බලාපොරොත්තු කන්දරාවත් හදවතෙන් ගලවලා දාලා.
පිරිමි අපට බලාපොරොත්තු බිඳිලා ගියාම හිත ආපහු යම් තරමකට හරි හදාගන්න කම් එක එක දේවල් වල පිහිට පතන්න වෙනවා.
 ඒත් ගැහැණුන්ට එහෙම නැහැ.ඒක ස්වභාවයෙන්ම ගැහැණුන්ට ලැබිලා තියන දායාදයක්.ඒකම තමයි එයාලා කෙනෙක්ගෙන් වෙන්වෙන්න පාවිච්චි කරන්නෙත්.
"අය්යෙ මලිති ඔයාට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුනා.හෙට හවසට...,තොටුපලට."
අපේ ආදරයට දර දිය අදින වරුණිකා නංගි ඇවිත් වට පිට බල බලා කිව්වෙ කවුරු හරි පේන්න ඉන්නවද කියලා වෙන්නැති.
"හෙට...?"

මගේ හිතේ ඇඳිලා ගියේ ප්‍රශ්ණාර්ථයක් .ඒක මුහුණෙනුත් පෙනෙන්න ඇති.
"ඇයි අය්යෙ..?
වරුණිත් නොදන්නවා වගේ අහන හැටි.ගෑණු ඔහොමම තමයි,දන්න දේත් නොදන්නවා වගේ ඉන්න දන්නෙම නෑනෙ.
"හෙටනෙ වරුණි මලිති ගෙ මස්සිනා එන්නෙ රට ඉඳන්,ඒ මනුස්සයා එන්නෙ එයාව කසාද බඳින්න බලාගන.කොහොමද මලිති හෙට එන්නෙ මාව මුන ගැහෙන්න..?"

"විහිලු නෙවෙයි අය්යෙ ඔයා මොකද ඉතින් කරන්නෙ?ඔයාට පුලුවන්ද එයා මලිතිව බැඳලා අරගන යනවා බලන් ඉන්න...?"
"තාම රස්සාවක් නැතුව ඉන්න මම කොහොමද නංගි මලිතිව ගෙනත් එයාගෙ අඩුපාඩු හොයලාවත් බලන්නෙ?බලමු ...!"

මම යත්දිත් මලිති ඇවිත්.
"ගොඩාක් වෙලාද ඇවිත් ඔයා?"
"නැහැ ..ටික වෙලාවයි..."
නිහඬ නිමේෂ දහයක් පහලවක් එක ලඟම ගත වෙලා ගියා.දෙන්නගෙන් කාටවත්ම කතා කරගන්න දෙයක් නැතුවද නැත්නම් විදියක් නැතුවද කියන එක උත්තර නැති ප්‍රශ්ණයක්.

"අපිට මොකද වෙන්නෙ මලිති?"
අන්තිමේ මම නිහඬතාවය බින්ඳා.
ලොකු කඳුලු බින්ඳු දෙකක් ඇස් වල පුරවා ගත්තු මලිති ඒවා වැටෙන්න කලින් මා දිහාට හරුනා.
"මට සමාවෙන්න අය්යෙ..!"
"අසීමාන්තිකව ඔයාට දෙන්න මා ගාව තියෙන්නෙත් එච්චරයි නංගි...!"
අඩි දෙක තුනක පරතරය පැය ගානක් අරගන ලං වෙච්චි මලිති නුහුරු කමකින් වගේ මගෙ අත අල්ල ගත්තා.

"නාස්ති වෙන්නෙ නැහැ කියලා පොරොන්දු වෙන්න...!"
කිසිම හැලහොල්මනකට පස්සෙ ගෙවිච්ච කල්පෙකට පස්සෙ මට කියාගන්න පුලුවන් උනේ මෙච්චරයි.
"ඔයා සතුටින් ඉන්න නංගි.."
ඉකිය වාවගන්න බැරිව මලිති දුවලා ගියා.පස්සෙන් වෙනදා වගේ දුවලා යන්න ඕන වුනත් මම ආයාසයෙන් කකුල් දෙක අත් දෙකින් අල්ලගන උන්නා.
හේතුවක් අරමුණක් නැතුව දවස් ගෙවුනා.
දවසක් වරුනිකා දුවගෙන ආවා ලොකූ කලබලයකින්.හරියට ලෝකෙ එයාගෙ ඔලුව උඩින් පෙරලෙන්න එනව වගේ.
"අය්යෙ මලිතිට ඔයාව වතාවක් බලාගන්න ඕනලු..!"
මට හිනා ආවා.
"නංගි මලිති බැඳලනෙ.මම ඔය අතරට තුන් වෙනියෙක් වෙන්නෑ..ඔයා ගිහින් මලිතිට ඒක කියන්න.."
"ඔයා ඇත්ත දන්නවා නම් ඔයකතාව කියන්නෙ නැහැ...!"
"මොකක්ද ඔය කියන භයානක ඇත්ත...?"
"මලිතිගෙ කිඩ්නි නරක් වෙලාලු...එයාට ගැලපෙන කිඩ්නි එකක් තාම හම්බවෙලා නැහැ...!"
පෘථිවියෙ භ්‍රමන වේගය එකපාරටම වැඩි වුනා වගේ මට දැණුනෙ.
"නංගි යන්න මම එන්නම්.....!"
මම ගියේ මලිතිට වෙදකම් කල වෛද්‍යවරයාව මුණගැහෙන්න.
"ඩොක්ටර් මට පුලුවන්ද අර වකුගඩුවක් ඕන කරන පේෂන්ට් ගෙ හස්බන්ඩ් ට කතාකරන්න.."
"පුලුවන්,ඒත් ඔයාගෙ කිඩ්නි එක ගැලපේවිද එයාට...?"
"අපි දෙන්නටම තියෙන්නෙ එකම බ්ලඩ් ගෲප් එක..!"
ඔහු මට පොරොන්දු වුනා කවමදාවත් මලිතිට කියන්නෙ නැහැ කියලා ,එයාට වකුගඩුව දීපු කෙනා ගැන.
සැත්කම සාර්තකව සිද්ධ වුනා.
මම රෝහලෙන් පිට වෙන්න කලින් නිදාඋන්නු මලිතිගෙ මුහුණ බලාගත්තා,ඒ අවසාන වතාවට කියලා මගේ හිතටම මම අවධාරනය කලා.
දැන් දවස් කීපයක ඉඳන් මලිති මගේ ජංගම දුරකතනයට ඇමතුම් ගන්නවා.එයාගෙ ස්වාමියා මට දීපු පොරොන්දුව කඩලා වගේ.
ආයෙත් වතාවක් දුරකතනය නාද වෙනවා.
'වෙන කරන්න දෙයක් නැහැ මලිති...සමාවෙන්න.'
සිම් පත දුරකතනයෙන් ගලවලා මුහුදට වීසි කල මම නැගිට්ටෙ හිත හදාගන.
'ආදරය වෙනුවෙන් කරන කැපකිරීම් වලට ස්තූති කිරීමක් වත්,අගය කිරීමක් වත් අවශ්‍ය නැහැ නංගි'
අපි ආයෙ මුණ ගැහෙන්නෑ.....!






පි‍ටු පෙරලපු ගාන