සමතැන් ඉල්ලා බටහිර කතුන් සටන් වැදුනත් ආසියාතික කාන්තාවන් ජීවත්වන්නේ සම තැනටත් වඩා ඉහළ තැනකය

Saturday, June 25, 2011
සමතැන් ඉල්ලා බටහිර කතුන් සටන් වැදුනත් ආසියාතික කාන්තාවන් ජීවත්වන්නේ සම තැනටත් වඩා ඉහළ තැනකය. ඒ නිසි තැනයි. ගැහැණියටක පවූල තුළ සමාජය තුළ ලැබිය යූත්තේ සම තැන නොව නිසි තැනයි. කාන්තාවන් හා සමතැන් ලැබීමට පිරිමින්ට සූදුසූකම් නැත. සමාජයේ ආකල්ප හැඩගැසෙන්නේ ප්‍රධාන කොට පිරිමින් අතින් නොව ගැහැණූන් අතිනි. ඊට මූල පූරන්නේ ගෘහණියයි. මවයි. ගෙදරක බිරිඳකගෙන් හෝ මවකගෙන් ලබන ආදර කරුණාව ආත්මශක්තිය තුළින් පෝෂණය වන සැමියාත් දරුවනූත්, සමාජය වෙනස් කරති. සමාජයක ඉදිරි ගමන සිදුවිය යූත්තේ කවර දිශාවකටදැයි තීරණය කිරමේ බලය ගැහැණිය සතු බව කීවේ එබැවිනි.


සමාජ ප්‍රගමනයේ තීරණාත්මක සාධකයක් වන බිරිඳකගේ වගකීම කුමක්ද? ඕ සිය චරිතය හැඩ ගස්වා ගතයූත්තේ කෙසේද? සප්ත භාර්යා සූත්‍රය ඇසූරෙන් පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ සමග කළ සාකච්ඡාවකි.

සප්ත භාර්යයා සූත්‍රය බූදුන් වහන්සේ අහම්බෙන් කරන ලද දේශනාවකි. අනෙක් දේශනාවලට වඩා තරමක වෙනස් බවක් දැනූනද මෙය අපේ ජීවිතවලට ඉතාම ප්‍රයෝජනවක් මග පෙන්වීමකි. සෑම බූද්ධ දේශනාවකම ඇති පොදු ලකෂණය වන මෙලොව සහ පරලොව සූවපත් කිරම යන පොදු ලකෂණය මෙයටද අදාළය. මිනිසකුට ලැබිය හැකි භාර්යාවන් හත්දෙනා පිළිබඳවද ඒ ඒ භාර්යාවන් නිසා මිනිසූන්ගේ මෙලොව පරලොව දියූණූව හෝ පිරිහීම ඇති වන ආකාරය පිළිබඳවද මෙහි විස්තර කෙරේ.

බූදුන්වහන්සේ සැවැත්නූවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන කාලයේ දිනක් අනේපිඬූසිටූතුමාගේ මාළිගයට වැඩම කළහ. සිටූතුමා පැනවූ ආසනයේ අසූන් ගෙන සිටින බූදුන් වහන්සේට මාළිගය පිටූපසින් මහ කාලගෝටිටියක් ඇසෙයි.

"පින්වත් ගෘහපතිය, හරියට මළකුණකට පොරකන බලු කපූටන් රංජූවක් වගේ ඒ ඇසෙන ශබ්දය කුමක්ද?"

බූදුන් වහන්සේ අනේපිඬූ සිටූතුමන් විමසන විට හෙතෙම මෙසේ පිළිතුරු දෙයි.

"ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඒ අපේ ලේලියගේ කටහඬ. මිල මූදල් ඇති පවූලකින් අපි ලේලියක් ගෙනාවා. ඕ තොමෝ තම මාමණ්ඩියට ගරු කරන්නේ නෑ. නැන්දණියට ගරු කරන්නේ නෑ. තමන්ගේ ස්වාමියාට ගෞරව කරන්නෙත් නෑ. අනෙකක් තබා භාග්‍යවතුන් වහන්සේට ගරු කරන්නෙත් නෑ. ඇය නිතරම අනෙක් උදවිය සමග කලහ ඇති කරගෙන මෙසේ හැසිරෙනවා."

සූජාතා නම් වූ ඒ ලේලියට තමන් හමූවීමට එන්නැයි බූදුන් වහන්සේ දැන්වූහ. කලහකාර සූජාතා බූදුන් වහන්සේ සමීපයට පැමිණ, වැඳවැටී උන්වහන්සේ පසෙකින් වාඩිවූවාය. බූදුන් වහන්සේ ඉතා කරුණාවෙන් සූජාතාව ඇමතූහ.

"පින්වත් දියණිය, මිනිසෙකුට බිරින්දෑවරු හත් දෙනෙක් ලැබිය හැකියි. ඒ වධක භාර්යාව, චෝරි භාර්යාව, ආර්ය්‍යා භාර්යාව, මාතෘ භාර්යාව, භගිනි භාර්යාව, සකී භාර්යාව සහ දාසි භාර්යාව. ඔබ අයත් වන්නේ මින් කවර භාර්යාවගේ කුලයටද?"

එවිට සූජාතාව මේ භාර්යාවන් පිළිබඳ විස්තර වශයෙන් කියන්නැයි බූදුන් වහන්සේගෙන් අයැද සිටි නිසා උන් වහන්සේ සප්ත භාර්යා සූත්‍රය දේශනා කළහ.

වධක භාර්යාව යනූ ස්වාමියාට නිතරම කරදර ඇති කරන තැනැත්තියකි. චෝර භාර්යාව ස්වාමියාගේ ධනය සොරකම් කරයි. ඇයට කොපමණ දුන්නත් මදියි. ආර්යා භාර්යාව ගෙදර දොරේ වැඩපළ සොයා නොබලයි. ඇය සැමියාගේ හෝ ගෙදර දොරේ වැඩපළ නොකර නිතර විවේකයෙන් සිටීමට උත්සාහ දරයි. මවක් සේ කරුණාව උපදවාගෙන සැමියාට සළක්නනේ මාතෘ භාර්යාවයි. භගිනි භාර්යාව සැමියාට බාල සහෝදරියක් මෙනි. කීකරුය, ගෞරව දක්වයි. යෙහෙලියක වී සැමියාට සළකන්නේ සති භාර්යාවයි. මෙහෙකාරියක සේ සැමියාට ඇප උපස්ථාන කරන්නේ දාසි භාර්යාවයි.

මේ භාර්යාවන් එක් එක් අය පිළිබඳ විස්තරාත්මකව කතබහ කළ හැක. වධක භාර්යාවගේ ලකෂණ කීපයකි. පදටිඨ චිත්තා යනූවෙන් හඳුන්වන්නේ සෑමවිටම ස්වාමියා කෙරෙහි කිපූණූ සිතින් ජීවත්වීමයි. සැමියා කොයි කවර දෙයක් කළ ද ඇය එහි හොඳක් දකින්නේ නැත. කොපමණ වෙහෙස මහන්සි වී කරන වැඩක් පළක් වූව ද අගය කිරමට නොපෙළඹෙයි. හොඳයි කියා ඔහූගේ ධෛර්ය වඩන වචනයකුදු නොදොඩයි. කවර යහපත් දෙයක් කළ ද ඒ පිළිබඳ ප්‍රතිචාර දක්වන්නේ පරුෂ වචනයෙනි.

අහිතානූකම්පතී යන ලකෂණයෙන් විස්තර කෙරෙන්නේ ඇය ස්වාමියාට උදව් කිරමට අදහස් නොකරන බයි. යහපතට වඩා අයහපතක් කිරමට ඇය කැමතිය. කරන දෙයක් විවේචනය කරන්නට ඉදිරිපත් වූව ද ඊට සහයෝගයක් නම් ඇගෙන් නොලැබෙයි.

සැමියා කළ වැඩක් යන්තමින් හෝ වැරදුනොත් ඒ අසරණයාට දෙවියන්ගේම පිහිටයි. මේ වැඩේ ඔහොම කළ නිසා තමයි වැරදුනේ. ඔහේ හරි මෝඩයි. එච්චර දෙයක්වත් කරගන්න බෑ" මෙසේ කියමින් සැමියා විවේචනය කර ඔහූගේ ධෛර්යය බිංදුවටම දමන බිරින්ඳෑවරු සිටිති. එහෙත් ඕ කිසිවිටක, "ඔයාට මම උදව් කරන්නම්, අපි මෙහෙම කරමූ" කියන්නට ඉදිරිපත් නොවෙයි.

අඤ්ඤෝ සූරත්තා යනූ වෙනත් පූරුෂයන් ගැන කල්පනා කරමින් කාලය ගෙවීමයි. වෙනත් පිරිමින් ගැන සිහින මවන්නට ගියවිට ඇයට දවසේ පැය විසිහතර මදියි. පිරිසක් රැස්වෙන තැනකට ආවා ගියත් ඇයට වෙන සිහියක් නැත, වට පිටාවේ සිටින අනෙක් පිරිමින් පිළිබඳව විපරම් කරයි. එවැනි බිරිඳකට තම සැමියාගේ අඩූපාඩූ දහසක් පෙනෙයි. සැමියාට ගරහයි. ඔහූ කළුයි, මිටියි, උගත්කමක් නෑ, කඩිසර නෑ, කෙසඟයි යනූවෙන් සැමියාගේ නොයෙකුත් අඩූපාඩූ පිළිබඳ මතක් කරගනියි. සෙසූ පිරිමින්ගේ ලස්සන, කඩවසම්කම සහ බූද්ධිමත් බව අගය කරන්නටත් ඇය පෙළඹෙයි.

"මටත් තිබූණේ එහෙම කෙනේක සමග විවාහ වෙන්න" යයි කියමින් සැමියා සමග ගෙවන ජීවිතය ගැන පසූතැවිලි වෙයි. ඇතැම්විට විවාහයට පිටින් වෙනත් ප්‍රේම සබඳතා ඇතිකර ගැනීමට පවා පෙළඹෙන්නේ අඤ්ඤෝ සූරත්තා ලකෂණයෙන් යූත් වධක භාර්යාවෝය. සැමියාගේ මේ වැරැදි අඩූපාඩූ විවාහවීමට පෙර ඇයට පෙනෙන්නේ නැත.

අති මඤ්ඤති පති යනූ ඇගේ තවත් ලකෂණයකි. එනම් තම ස්වාමියා ඉක්මවා යාමයි. කොතැනට ගියත් සැමියා ඉක්මවා කැපී පෙනෙන්නට යාම ඇගේ ලකෂණයකි. සෑමවිටම තමන් සැමියාට වඩා වැදගත් උසස් උගත් අයකු යයි සිතීම මීට හේතුවයි. එයාට මොනවද පූළුවන් - එයා කවූද - මෙසේ සැමියා පිළිබඳ අවතක්සේරුවෙන් සිතන බිරිඳ ගෙදර වැඩවලදීත් සමාජයේදීත් සැමියා මූල්ලකට තල්ලුකර දමා පෙරමූණ ගනියි.


Sinhalamag

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

බුදු දහම තුල බිරිඳගේ වගකීම් විස්තර කිරීම එක දෙයක් කාන්තාවන්ට සමතැන ලැබීමකියන්නෙ තවත් දෙයක් . සම තැනය කියන්නේ පිරිමියා වෙනුවට කාන්තාවක් ආදේශ කිරීම නෙවෙයි . තීරණ ගැනීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී කාන්තාවට තියන අයිතිය . එහෙම දේවල් මොන ආසියාතික කාන්තාවටද තියෙන්නෙ . ලංකාවේ ඉතාම සුලු ව්ශයෙන් තිබුනත් ඉන්දියාවේ නාගරික කාන්තාවන් පිරිසක් සතුව තිබුනත් දකුණු ආසියාවේ අනික් රටවල එහෙම තියනවාද ?? මුලු ආසියාවම ගත්තාම උනත් එහෙම කියන්න පුලුවන්ද . ලැබිය යුත්තේ නිසි තැනය කියන්න පිරිමින්ට තියන සුවිශේෂ වරප්‍රසාදය මොකක්ද කාන්තාවන්ට ලැබිය යුතු "නිසි" තැන තීරණය කරන්න

Anonymous said...

යන්නෙ කොහෙද මල්ලෙ පොල් වැනි ලිපියක්. "සම තැන" යනු කුමක් දැයි හොඳින් හදාරා මෙවන් ලිපියක් ලියන්න අත ගැහුවා නම් තමයි හොඳ. බුදු දහමේ කාන්තාවන්ට සමතැන දී නැත. එයට හොඳම උදාහරණය ආනන්ද හාමුදුරුවන් ඇවිටිලි කරනතුරු කාන්තාවන් ශාසනයට ඇතුල් කර නොගැනීමයි. අදටත් දස සිල් කමෙන් එහාට යන්නට ලාංකීය කාන්තාවන්ට හිමිකම් නැත.

රවා said...

බුදු දහමෙ තිබෙන ධර්මයන් මනස අරමුණු කරගෙන ගොඩනගා තිබෙන්නෙ.. ඉතින් කාන්තාව , පිරිමියා කියා කිසි වෙනසක් නැහැ ධර්මය හැමොටම පොදුයි. කාන්තාවට සම තැන කියන සංකල්පය බිහිවෙන්නෙ ඉතාම මැතකදි බටහිර. නමුත් බුදුහාමුදුරුවන්ගෙ කාලෙ තිබුන සමාජ පසුබිමත් එක්ක බුදුහාමුදුරුවො එතනදි ගත්ත තිරණය අද තියන සමාජයත් එක්ක සසඳන එක නුවනට හුරු නැහැ. අනුරාධපුර පොලොන්නරු යුගයන් වල ජිවත් වුන කාන්තාවගෙ භුමිකාව ගැන අපිට කෙලින්ම කතා කරන්න බැරි වුණත් එ යුගයන් වලදි බිහිවුණ නිර්මාන වලින් කියන්න පුළුවන් කාන්තාව ඉතාම අපුරුවතම තැනක් ලැබිලා තිබුනා කියන දෙ (අදට වඩා )
ලියපු කෙනාගෙ උත්සහය අගය කරනවා. අනිත් මිනිස්සුන්ට වැඩිය වෙගයෙන් එහාමෙහා දුවන හිතක් තියන කෙනෙක් මෙක ලියලා තියන්නෙ.. ස්තුතියි ලිව්වට මෙහෙම ලිපියක්..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන