නිද්රාවෙන් අවදිවීම- ‘The Wake Up Phenomenon’.

Thursday, December 6, 2012

‘කෙදිනක හෝ ඔබ සිහිනයක් දුටුවාද එය යතාවක් යයි ඔබ සම්පූර්ණයෙන්ම විස්වාස කල? කුමක් වෙයිද ඔබට එයින් අවදි වෙන්නට නොහැකිනම්? එවිට සිහින ලොව හා යථා ලොව ඔබට වෙන්කර හඳුනාගත හැකි වෙයිද?’           
                                                                                                                                                                                                    The Matrix
මොහොතක් හිතේ මවාගන්න.........., අවට ලෝකය පිලිබඳව ඔබේ දෑස් සැබෑවටම විවරවන නව තොරතුරු සමුදායකට ඔබ විවෘත වීමෙන්, මානසික හා ආධ්‍යාත්මික ප්‍රතිවින්‍යාසගත (Reconfiguration) වීමකට ලක්වූවොත්, ඔබේ අභ්‍යන්තර විශ්වාසයන් හා මෙහෙයුම් බලවේගයන් යාවත්කාලීන වීමකට ලක් වූවොත්. මොහොතක් හිතේ මවා ගන්න........... දිනක් උදේ ඇහැරෙනවිට ඔබට ප්‍රත්‍යක්ශ වෙනවා...මෙතුවක් ජීවිතය පුරාවට සම්පූර්ණයෙන්ම සාමාන්‍යයැයි වටහාගෙන සිටි ලෝකය ඇත්තවශයෙන්ම වානිජ්‍ය ලෙස නිශ්පාදණය කල (Commercially Manufactured), ඔබේ පුද්ගල සම්බන්ඳතා මෙන්ම අවට ලෝකය සමග ඇති සබඳතා සියල්ල දෛනිකව කෘතීමව මෙහෙයවන මායාකරී යථාවක් බව'……

මේ සවිඥාණික විතැන් වීම අප වෙත එළඹ ඇතුවා පමනක් නොව මේ මොහොතේ ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් ප්‍රත්‍යක්ශ කරමින් සිටී. මේ 'නිද්‍රාවෙන් අවදිවීමේ සංසිද්ධිය' (‘The Wake Up Phenomenon’) රටින් රට හමායමින් තිබේ. ආණ්ඩු හා සංස්ථාවන් හසුරුවන ඉහල නායකයන් මෙය හොඳාකාරවම දන්නා අතර, එබැවින් මිනිසුන් අතර ඇතිවෙන සබඳතා, ස්වාධීණ සහයොගීතා මත අසමානතා අවබෝදය හා අයුක්තියට එරෙහි වීම වැලැක්වීමට සිය ශක්ති ප්‍රමාණයන්ගෙන් කල හැකි සියල්ල කරමින් සිටී. විමර්ශණාත්මක හා අපක්ශපාතී ප්‍රවෘති මූලාශ්‍ර මෙන්ම විශේෂයෙන් අන්තර්ජාලයේ දියුනුව හරහා අද දවසේ මිනිසා අන් කවරදාකටත් වඩා තමා අවට ලෝකය තුල සිදුවන දෑ අත්දකිමින් හිඳියි. විශේෂයෙන්ම පසුගිය වසර පහලොවක පමන කාලය තුල අපට තොරතුරු සඳහා ඇති ප්‍රවේශය ඝාතීය වර්ධනයක් (exponential growth) අත්පත් කරගෙන ඇත. එබැවින් අප ලෝකය වටහාගන්නා ආකාරය අපටම තෝරා ගැනීමට හැකිවී ඇත. එසේම අවට ලෝකය වැඩි වැඩියෙන් සවිස්තරාත්මකව දකින්නට ඕනෑතරම් අපට අවස්තාව සලස්වා ඇත.  පාරිසරික විනාශය, යුද්ධයේ කුරිරු විපාක,පරිසර දූෂණය, සත්ව හිංසනය, අධික ජනගහණ ඝනත්වය, පංති පරතරය,...සමගම සියල්ලට පාදකවුන සාදකයවූ, එහෙත් වර්තමාන ලෝක මෙහෙයුම් පද්දතිය වගේ වගක් නොපෙන්වන....'අප ජීවත් වන්නේ සීමිත සම්පත් සහිත සීමිත ග්‍රහලොවක බව' අපට  සත්‍ය ලෙසම ප්‍රත්‍යක්ශ වීම ආරම්භ වී ඇත.
ජූලියන් අසාන්ජ්ගේ එක් සිත් කාවදින ප්‍රකාශයක් වූයේ… " අයුක්තිය දැක දැක නිහඬව සිටින සෑම වාරයක් පාසාම අප කරන්නේ අපගේ චරිතය නිශ්ක්‍රීය වීමට පුහුනුකිරීමයි එහි අවසන් ප්‍රතිපලය වන්නේ අපට අපවමත් අපේ ආදරණීයයන්වත් ආරක්ෂා කර ගැනීමට ඇති සියලු හැකියාවන් අපෙන් ගිලිහී යාමයි"…… මෙතෙක්කල් අප අවට ලෝකයේ සිදුවන අයුක්තිය අසාධාරනය හමුවේ නිහඬව සිටීමට මිනිසා වර්ධනය කරගත් පුර්වමර්ශිත විසන්ධිය (Premeditated Disconnect)  අපව රැගෙන විත් ඇත්තේ (එරෙහිව ) සටන් කිරීම යනු තවදුරටත් නිවාඩු පාඩුවේ ඕනෑවට එපාවට ගත හැකි තීන්දුවක් නොවන තැනකටය.

*ධරණීය සංවර්ධනයක් සදහා වූ සුසමාදර්ශයක් (Sustainable Development Paradigm) වෙනුවෙන් ගන්නාවූ මොනයම් හෝ ආයාසයක් අසමත් වන්නේ ධරනීයත්වයේ ප්‍රශ්ණයට කෙසේවත් පිලිතුරක් දිය නොහැකි ලෙස යතාර්තයෙන් බොහෝ දුරස්වූ ආර්ථික සුසමාදර්ශය (Economic Paradigm) විසින් එය කෑදර ලෙස ගිලදමනා බැවින්ය.*(The Flawed Paradigms of Economics and Sustainable Development, Richard Sanders ).  මෙය පාරිසරික අත්යාවශ්යතා හා ආර්ථික අත්යාවශ්යතා අතර ඇති මූලධාර්මික ප්රතිවිරෝධය තේරුම් ගැනීමට අසමත්කම තුල හිරවී ඇත. කෙසේ වුවද මානව ශිෂ්ඨාචාරයේ පැවැත්මට තර්ජනයක් වී ඇති ධරණීයත්වයේ අනතුර,… වඩා හොඳින් විස්තර කරනවානම් ඉතා වේගයෙන් අභිසරනය වන (converging) ගෝලීය අර්බුදයන්ගේ 'පරිපූර්ණ කුනාටුව', සඳහා මානවයාට ඇති ප්රතිචාරය ලෙස තවදුරටත් පවතින්නේ ධරනීය සංවර්ධනයක් සඳහා වූ සුසමාදර්ශයයි. දේශගුණික විපර්යාසය (අනතුරුදායක මට්ටමින්), මුහුදු මට්ටම ඉහලයාම (මේ සියවසතුල මීටර් ගනනකින් විය හැක ), සාගර ආම්ලීකරනය, හයවන මහා ජීව වඳවීමේ තත්වය(පාරිසරික ජීව ආධාරක පද්ධති බිඳවැටෙමින් තිබීම ),බොර තෙල් හා අනෙකුත් සම්පත් නිශ්පාදණය මුදුනටම පැමින තිබීම,පාංශු ඛාදනය, පිරිසිදු ජල මූලාශ් අහිමි වීම,වන විනාශය, මත්ස් සම්පත සීග් ලෙස පහත වැටීම, මිනිස් ප්රජාවේ ඉතා විශාල පිරිසක් ගොදුරු වී ඇති දුප්පත්කම හා අසමානතාවය (පරතරය සීග්රයෙන් වැඩිවෙමින් තිබීම ) හා ලෝක ආර්ථික අර්බූදය, ඉහත කී ගෝලීය අර්බූදයන්ගෙන් සමහරකි. අද මිනිසා විසින් ලෝකය මෙහෙයවන්නේ එය හරියට ඈවරකිරීමකට ලක්වූ ව්යාපාරයක් ලෙසය.
සක්සුදක්සේ පැහැදිලි කාරණය නම් පවතින පද්ධතියේ මෙහෙයුම් කරුවන් සේ පෙනී සිටින මහා පරිමාන ව්‍යාපාරයන්ගේ සිට ආණ්ඩු දක්වා ආයතන තුල සිටින සුලුතරයගේ හදවත් තුල අපගේ ග්‍රහලොවේ හෝ එහි සිටින බහුතරයක් මිනිසුන්ගේ සුබ සාධනය අංශුමාත්‍රයකින්වත් ගැබ්වී නැතිබවය. නැතහොත් පෙන්නුම් කරන්නේ, ලෝකයට මේ මොහොතේ  අත්‍යාවශ්‍ය ප්‍රබල දිශානති වෙනස සිදු කිරීමට ඔවුන් වැඩකරන පවතින පද්ධතිය තුල ඔවුන්ට ඇති නොහැකියාවයි. අනිවාර්යයෙන් ඇතිවීමට නියමිත ව්‍යසනය හිසට ඉහලින් එල්ලෙමින් තිබෙත්දී හා පද්ධතිය නිසි ලෙස කලමණාකරනය කිරීම සඳහා අප විසින් චන්දය දී පත් කල වුන් ඒ සඳහා අවශ්‍ය රැඩිකල් පියවරයන් නොගන්නා තත්වය තුල මහ ජනතාවට ඉතුරු වී ඇත්තේ කඩාවැටෙන -සමහරුන්ට අනුව දැනටමත් කඩා වැටුනු- ලෝක මෙහෙයුම් පද්ද්තියේ කෑලි අහුලන්නටය. පසුගිය දශකය පමන කාලය තුල පෙර නොවූ විරූ ලෙස  සමාජමය සවිඥ්ඥානික ව්‍යාපාරයන් ලොව පුරා දැනුවත් ප්‍රජාව තුලින්ම මතුවිය. 'Occupy' ව්‍යාපාරය,'The Zeitgeist' ව්‍යාපාරය,'Venus' ව්‍යපෘතිය, අරාබි වසන්තය, 'Wikileaks'  හා 'අනොනිමස්' උදාහරණයන්ය. මේ විවිධ ප්‍රජා ව්‍යාපාරයන්ට අනන්‍ය වූ න්‍යාය පත්‍ර තිබුනද සියල්ලන් සත්‍යය, යුක්තිය, ආණ්ඩුකරනයේ විනිවිදබාවය, සාධාරණත්වය හා සමානාත්මතාවය වෙනුවෙන් ඔවුන් ජීවත්වන සමාජ සංස්තාවතුල කරනා අරගලය හරහා සමපාත වී ඇත. පෙර නොවූ විරූ ලෙස අද දවසේ තොරතුරු නිදහසේ ගලායමින් පවතියි. ලොව පුරා නිදහස් චින්තකයන් මෙය අවියක් සේ යොදා ගනිමින් මුල් ළමාඅවදියේ සිටම අප හැමට දේව භාශිත සේ ප්‍රගුණ කරවූ ප්‍රතිශ්ඨාපිත විශ්වාස පද්ධතීන් බිඳ දමමින් සිටී.

"තමන් නිදහස් යැයි බොරුවට විශ්වාස කරන්නා තරම් අන්ත වහල්භාවයට ලක් වූ වෙනකෙක් නැත" 
                                                                                                                                                                        -Johann Wolfgang von Goethe
සමාජ ක්රියාධරයෙකු වීමේ මාර්ගය අගනා ප්රතිඵල දෙන්නකි. නමුත් එය ඔබව නිරන්තර මානසික සටනක ගිල්ලවයි. මේ ප්රහේලිකාව ලිහා ගැනීම ගැන කියනවානම්, තොරතුරු බෙදාහැරීමේ හා තාක්ෂණයේ දියුනුවට පින්සිඳුවන්නට තවදුරටත් වලංඟු නැති යල්පීනූ ප්රතිශ්ඨාපිත මිත්යාවන්ගෙන් හා විශ්වාසයන්ගෙන් ඔබේ මනස සම්පූර්නයෙන්ම මුදා ගත යුතුය. එසේම පවතින ප්රධාන ධාරවේ චින්තනය ප්රගුන කල, ඔබ එදිනෙදා ඇසුරු කරන්නන් අතර යම් තරමක පිටස්තරයෙකු වීමටද ඔබ සූදානම් විය යුතුය. යතාවබෝධය ලැබීම මුලදී එකාතකට විනාශකාරී ක්‍රියාවලියකි.  එය අප දන්නා පරිදි හෝ සිතා සිටින පරිදි වඩාත් හොඳ තත්වයට පත්වීමක් හෝ වඩා සන්තුශ්ඨිදායක තත්වයක් ලබන ක්‍රියාවලියක් නොවේය. යතාවබෝධය යනු සියලු අසත්‍යයන්ගේ දිරා හැලීමකි. එය සත්‍ය වසාගත් ව්‍යාජ ප්‍රාකාරය විනිවිද බැලීමකි. එය අප මෙතෙක් සත්‍යයයි සිතා සිටි සියල්ලේ ඛාදනය වීමකි. මම ගමන් ගන්නා මාර්ගය නිවැරදිදැයි පුන-ආරක්ශණයක් (Reassuance) අවැසි සෑමවිටම රාත්‍රී තරු පිරි අහස නිරන්තරයෙන් මට අස්වැසුම සලසයි. විශ්වයේ දැවැන්තභාවය, මිලියන ගනන් චක්‍රාවාට තවම අපට මුන නොගැසුනු අතිදියුනු ජීවීන් හා ශිෂ්ඨාචාර ගැන සිතන විට........ඒ සමගම මම මගේ සහෘද මිනිසුන් හා මා උපන් ග්‍රහලෝකය, මුලුමනින්ම පාහේ දුශ්ඨ සම්පත් බෙදීයාමේ විශමතාවය පවත්වාගෙන යන අපගේ ලෝක මෙහෙයුම් ක්‍රියාකාරීත්වය, සොබාදර්මය හා අනෙකුත් මිනිස් සඟයන් මත පවත්වාගෙන යන කූඨ, විනාශකාරී මිනිසාගේ පාලනය කිරීමේ ස්වභාවය, අපට ජීවත්වීම සඳහා ගොඩනගා ගත හැකි  හොඳම යථාර්තය ලෙස කැමැත්තෙන්ම භාරගත් ආර්ථික සිරගෙය....ගැන සිතන විට……. සබැවින්ම මම ගමන් කරන්නේ ඉතාම නිවැරදි මාර්ගයේ බව වහා මට පසක් වේ.

*කෙතරම් හරිත ව්යාපාර පැවතුනද ,ජනගහන වර්ධනයේ සිට සම්පත් පරිබෝජනය දක්වාත්, වන විනාශයේ සිට මුහුදේ මත් සම්පත අධිසූරාකෑම දක්වාත්, වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්රනයේ සිට දළ දේශීය ආදායම දක්වාත්, සියලු දර්ශකයන්ගේ ප්රස්තාර රේඛා වක්රයන් 1950හේ සිට ගමන් කරන්නේ සම්පූර්නයෙන්ම වාගේ තිරස් අතට ඉහලට වන අතර නතර වෙන පාටක්ද පෙනෙන මානයේ නැත.*( The myth of a technological salvation, Paul Kingsnort ). මේ සියලු නැඹුරු තාවයන්ට ඇත්තේ එකම මූල දෝශයකි: සිය විනාශකාරී ගමන් මාර්ගයේ දිශානතිය වෙනස් කර ගැනීමට කිසිදු උනන්ඳුවක් නොදක්වන, මිනිසාගේ කෑදර ආර්ථික ක්රමයයි. එහි ගම්යතාවය කොතරම්දයත්, සමහරවිට අපේ සියලු නායකයන්ගේ හදවත් එකවිට උනුවුවද,දිශානතිය වෙනස් කරලීමට නොහැකි විය හැක. *ඇත්ත වශයෙන්ම කියතොත්, 2011දී ගොලීය කාබන් ඩයොක්සයිඩ් විමෝචනය නව වාර්ථාවක් තබමින් ටොන් බිලියන 34ක් වී ඇති අතර - චීනය තවමත් හරිතාගාර වායු නිශ්පාධකයන්ගේ ලැයිස්තුවේ අංක එක හොබවයි - ජර්මානු පුද්ගලික පර්යේශනායතනයක අධ්යයනයකට අනුව 2009දී ලෝක ආර්ථික අර්බූදය නිසා කුඩා පරිමාන පසු බැස්මක් දැක් වුවද උඩුඅතට වන පරාවක්රය(Trajectory) නැවත ආරම්භ වී ඇත.* (New global CO2 emissions record in 2011, sbs.com.au)
මට පෙනෙන ආකාරයට මේ සාධක, පරිසිද්ධි, සංඛ්යා දත්ත අපට ගෙන එන්නේ  මතභේදයකින් තොරව සැමට එකඟ විය හැකි, ඉතා සරල පණිවුඩයකි. එනම් නුදුරේදීම අපේ ශිෂ්ඨාචාරය ඉතා තදින් බාධකයක ගැටීමට නියමිත බවත් ඉන්පසු එය කඩා හැලීමට නියමිත බවත්ය. එය සිදුවන්නේ හරියටම කවදා කෙසේදැයි කීමට මම තවම ආරම්භ නොකලෙමි, එහෙත් විකල්පය - සමූහ චිත්ත විපර්යාසයකට ලක්වීම -තවමත් වඩා හාස්‍යජනක විකාරරූපී අදහසය. එහෙත් අපවෙත හඬගා පවසන මේ සත්‍යය පණිවුඩය දෙස අවංකවම බැලීමට තවමත් උනන්දුවන්නේ අප සුලු පිරිසක් පමනි. ප්‍රශ්ණය සැබෑවටම ඇත්තේ අපේ චෛතසිකය තුල ගැඹුරටම කිඳාබැසය: අපි අප කවුදැයි අපටම කියාගන්නා කතන්දර වලින් සැබෑවටම සිදුවන්නේ කුමක්දැයි විශ්වාස කිරීම වලක්වා ඇත. සෑම ශිෂ්ඨාචාරයකටම පදනම් ගත මිත්‍යාවක් පැවතින.අපේ එය වර්ධනයේ මිත්‍යාවයි.

'අවදිවීමේ සංසිද්ධිය' සරලවම නියෝජනය කරන්නේ සත්යයය සෙවීම, ආණ්ඩු හා දැවැන්ත ව්යාපාරයන්ගේ විනිවිද භාවය, ලෝකයේ සියලු මිනිසුන් සමග සාධාරණ හා යුක්තිසහගත සම්පත් බෙදාගැනීමක් පිලිබඳ බලාපොරොත්තු සහගත ප්රාර්තනාවන්ය. එසේම මිනිසුන්මත බලහත්කාරී පාලනය, බිය ගැන්වීම,  මෙහෙයවීම පටවන දේශපාලණික හා ව්යාපාරික න්යායපත්රයට පමනක් මෙහෙකරන "ප්රවෘත්ති" නිර්මානය කරන, සිය න්යායපත්රයට එරෙහි මත වාරනය කරන ඒකාකාරී මාධ් ඝෝශාවට එරෙහි විකල්ප හඬය. නිද්රාවෙන් අවදිවීමට ඔබට අසම්මතයයි සම්මත ප්රශ්න අසන්නට සිදුවෙනු ඇත. විචාරශීලීව සිතන්නට සිදු වෙනු ඇත. විවිදාකාරයෙන් විවිද අවශ්යතා වෙනුවෙන් හසුරවනු ලැබූ ආයොජිත 'සත්යයන්' ගහන අද සමාජය තුල ඔබ දකින , අසන, කියවන සියල්ල විශ්වාස නොකිරීමට වගබලා ගත යුතුය. ඒවෙනුවට ඔබට මුනගැහෙන සෑම සහ සියලු තොරතුරක්ම ප්රශ්න කිරීමට ලක් කල යුතුය. එවිට තොරතුරු වලින් සන්නද්ධ වූ මනසින් හා විවෘත හදවතින් යුතු අපට එකතුවී ලෝකය නිද්රාවෙන් අවදි කල හැකි වෙනු ඇත.
‘The Ziestgeit Movement’ බ්ලොග් අඩවියට 'ෂෝන් බේකර්'විසින් රචිත ‘The wake up phenomenon’ ලිපියේ පරිවර්ථනයකි.

ආදරය, කෑදරය සහ ජීවිතය

Wednesday, December 5, 2012
සිතුවිලි පවුරට තියා මගේ අම්බලමටවත් කාලෙකින් මොකුත් ලිව්වේ නැහැ. මේකත් ඉස්සර ලියපු එකක්. ලිව්වේ කාලෙකට කලින් උනත් ලියපු දේවල් තවමත් වෙනස් වෙලා නැති නිසා ආයෙමත් ඒ ලිපිය මේකටත්  දාන්න හිතුනා.

මේකත් මාතෘකාව දැක්ක ගමන් හැමෝම හිතන ආකාරයේ ලිපියක් නොවෙන්න පුළුවන්. මොකද මේ මාතෘකාව සම්බන්දයෙන් ලියන්න නම් කොයිතරම්ම දේවල් තිබුනත් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරනවද කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ. ඇත්තටම ආදරය කියලා කියන්නේ මොකක්ද? මේක හරියටම තේරුම් ගත්ත කවුරුම හරි කෙනෙක් ඉන්නවද කියලා මම නම් දන්නේ නෑ. ඒත් මේ ලෝකේ හැම දෙයක්ම රැදිලා තියෙන්නේ, පවතින්නේ ආදරය නිසා. කෙනෙක් ඉපදුන දවසේ ඉදලා මැරෙන දවස වෙනකම්ම ජීවිතය ජිවත් කරවන්නේ මේ කියන ආදරය නේද? ඒක මනුස්සයට විතරක් නෙවෙයි ලෝකේ ඉන්න හැම සතා සිපාවටම පොදුයි.

පුංචිම කාලේ පුංචි දරුවෙකුට වැඩිපුරම ලැබෙන්නේ අම්ම තාත්ත දෙන්නගේ ආදරය. ඊට පස්සේ පවුලේ අයගෙන් සමාජයෙන් නෑදෑ හිත මිතුරන්ගෙන් වගේ සමාජේ ගොඩාක් අයගේ ආදරේ ලැබෙනවා. ඒත් අද පවතින සමාජ වාතාවරණය ඇතුලේ අම්ම තාත්තගේ ආදරයවත් හරියට ලැබෙන්නේ ඉපදෙන දරු පැටවුන්ගෙන් කියෙන් කි දෙනෙකුට විතරද? දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක හරි ආයා කෙනෙක් ලග නවත්තලා තියලා අම්මලා තාත්තලාට සල්ලි හොයන රේස් එකේ දුවන්න වෙලා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි.

ඊළගට දරුවා ටිකක් ලොකු මහත් වෙලා ඉස්කෝලෙට ඇතුලත් කරපු දවසේ ඉදලා හැම දෙමාපියෙක්ගේම බලාපොරොත්තුව තමන්ගේ දරුවා පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් කරවලා ලොකුයි කියලා සම්මත වෙච්ච ඉස්කෝලෙකට යවන එක. ඒ දෙමාපියන් දරුවන්ට තියෙන ආදරය නිසා, ළමයට යහපත් අනාගතයක් හදල දෙන්න ඕන කියන සිතිවිල්ල නිසා වගේම තමන්ගේ දරුවා යන්නේ අහවල් ඉස්කෝලෙට කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන්කම වගේ හේතු ගොඩාක් නිසා. මේ කාරනාව නිසාම දරුවට සිද්ද වෙන්නේ එක වසරට ගිය දවසේ ඉදලම පිම්මේ රේස් එක දුවන්න පටන් ගන්න. ඒත් ඔය වයසේදී පුංචි දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ උදේ ඉදන් හවස් වෙනකම්ම පොත්වල ඇලිලා ඉන්න එක නෙවෙයි. එයා බලාපොරොත්තුවෙන්නේ යාළුවො එක්ක සෙල්ලම් කරන්න. අම්ම තාත්තගේ තුරුලට වෙලා හුරතල් වෙන්න. සියා ගෙන් ආච්චිගෙන් කතන්දරයක් අහ ගන්න වගේ දේවල්. ඒත් රේස් එක අත අරින්න බෑ. අත ඇරියොත් පැරදෙනවා. ඒ නිසා පුංචි දරුවට සිද්ද වෙනවා තමන්ගේ ළමා කාලය කැප කරලා රේස් එක දුවන්න.

මට ඇත්තටම මේ ලිපිය ලියන්න මුලින්ම හිතුනේ මුහුණු පොතේ ඉන්න මොන්ටිසෝරි බබාලා සෙට් එකයි හුරතල් සත්තු ටිකයි දකින කොට. දෝනිලා, පැන්චිලා, සිගිතිලා, මදිවට වලස් මාමලා, අලි පැටවූ, වගේ කීදෙනෙක් මුණු පොතේ ඉන්නවද? ඒ වගේ ෆේක් ප්‍රොෆයිල් හදාගෙන ආයෙත් තමන්ගේ ළමා කාලෙට යන්න උත්සාහ කරන අය කොයි තරම්ද? ඇත්ත ලෝකේ අවුරුදු පහලවේ දාසයේ විතර ඉදලා තිස් ගණන් වෙනකම් පිරිසක් ෆේක් ලෝකේ බබාලා වෙලා පුංචි කාලේ එයාලට නැති උන ලෝකය හොයා ගෙන යනවා. ඇත්තටම ඒ අයට වරදක් කියන්න බෑ. සමාජය ඉස්සරහ බොළදයි වගේ පෙනුනට ඒ අය හොයන්නේ එයාලට නැති වෙච්ච ඒ අයගේ ළමා කාලය. ලොකුයි කියලා සම්මත ඉස්කෝල වල ඉගනගෙන. ලොකුයි කියලා සම්මත රස්සාවල් කරන ගොඩ දෙනෙක් මුහුණු පොතේදී පුංචි උන් ආස කරන කාටුන් චරිත බවට පත් වෙලා ඒ ලෝකේ ජිවත් වෙන්න හදනවා. ඇත්ත ලෝකේ ඉදන් බලනකොට විකාරයක් වගේ පෙනුනට ඒ ලෝකේ ඇතුලට ගිහින් ජිවත් වෙනකොට ගොඩාක් සුන්දරයි.

පුංචි දරුවා කොහොම හරි කරලා ශිෂත්ව විභාගෙත් පාස් කරලා ඊළගට යන්නේ ලොකුයි කියලා සම්මත ඉස්කෝලෙකට. මෙච්චරකල් අම්ම තාත්ත එක්ක ජිවත් වෙච්ච ඒ දරුවට ඊළගට සිද්ද වෙන්නේ තනියම බෝඩිමක හරි ඉස්කෝලේ හොස්ටල් ඒකෙ හරි ජීවිතය පටන් ගන්න.
මෙච්චර කාලයක් ගෙදරින් එලියට බහින්නේ නැතුව අම්ම තාත්තගේ රැකවරණය ඇතුලේ හිටපු පුංචි එකාට එදා ඉදන් සිද්ද වෙන්නේ තනියම සමාජයට මුහුණ දෙන්න. මේ කියන පිරිස අතරේ තමන්ගේ වැඩේ කර ගන්න මොනවා හරි කරලා ටාගට් එකට යන පිරිසකුත් ඉන්නවා. ඒක ඒ අයගේ හැකියාව. තවත් පිරිසකට මේ අමුතුම පරිසරයට වැටිච්ච ගමන් සිද්ද වෙන්නේ නන්නත්තාර වෙලා යන එක. මෙච්චරකල් බැදිලා හිටපු නීති රීති ලිහිල් වෙලා අලුත් පරිසරයක් අලුත් ලෝකයක් එක්කම ලැබෙන අමුතු නිදහසින් ප්‍රයෝජන අරගෙන විනාස වෙලා යනවා. ගමේ ඉස්කෝලෙන් ශිෂත්ව විභාගේ ඉහලින්ම සමත් වෙලා කොළඹ ආව දරුවා ඕලෙවල් වෙනකොට විෂයන් ඔක්කොම ෆේල් වෙන්නේ අන්න ඒ හේතුව නිසා.

ඊළගට ඉස්කෝලේ හය හත පන්ති වලට එනකොටම බලාපොරොත්තු වෙන්නේ විරුද්ද ලිංගිකයන්ගේ ආදරය. දැන් නම් යාන්තම් අකුරක් ලියාගන්න පුළුවන් වෙච්ච ගමන් තුන වසරේ ඉන්න පොඩි උනුත් ලියුම් ලියලා අහුවෙනවා කියලයි ආරංචි. ඒකට නම් ඉතින් පොඩි උන්ට දොස් කියලා වැඩක් නෑ. පොඩි දරුවෙක් උදේ ඉදන් හවස් වෙනකම්ම රූපවාහිනියෙන් වගේම සමාජයෙනුත් නිතරම දකින්නේ ප්‍රේම අදෝනා. දරුවෙක් නිතරම අත්හදා බලන්න උත්සාහ කරන්නේ නිතර දෙවේලේ ඇහෙන දැනෙන දේ කනට ඇහෙන දේ.

පාසල් ප්‍රේමය කියන එකත් දැන් සාමාන්‍ය දෙයක්. විනය නීති වගේ දේවල් වලින් පාසල් ප්‍රේමය නතර කරන්න පාසලේ විදුහල්පති තුමාගේ තුමියගේ ඉදන් ගොඩාක් අය එදා ඉදන් උත්සාහ කලා. ඒත් ඒක කාටවත් නතර කරන්න බැරි උනා. මොකද කියනවා නම් හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා හිතක ඇතිවන හැගීමක් නීති වලින් නවත්තන්න බෑ. ඒත් ඔය කාරනාව අදටත් ඒ තැන්වල ඉන්න අයට තේරුම් ගන්න බැරි පාසල් කාලයේ ඒ අයගේ ජිවිත වලත් ඔය වගේ කාලයක් තිබුනා නේද කියන එයාලත් අමතක කරලා ඉන්න නිසා වෙන්න ඇති. ඔය වගේ සාමාන්‍ය දේවල් නවත්තන්න මහන්සි වෙනවට වඩා ළමයින්ට ලිංගික අධ්‍යාපනය පිළිබද විධිමත් වැටහීමක් ලබා දෙනවා නම් ඒක ගොඩාක් වටිනවා කියලයි මට නම් හිතෙන්නේ. පාසල් විෂය නිර්දේශය තුල ඔය කාරනා ඇතුලත් උනත් ඒවා ළමයින්ට උගන්නලා තියෙන්නේ මොන පාසලේද කියන ගැටලුවත් තියෙනවා.
මේ සම්බන්දව ලැජ්ජාව තියෙන්නේ ළමයින්ටද ගුරුවරුන්ටද? උගන්වන්නේ නැත්තේ එහෙම ලැජ්ජාවක් නිසා නෙවෙයි නම් අපේ සංස්කෘතිය කියලා කියන එකේ තියෙන වෙන ප්‍රශ්නයක් නිසාද කියන්න දන්නේ නෑ.

ආදරය කියන කාරනාව එක්ක ලිංගිකත්වය කියන දෙය අනිවාර්යයෙන්ම සම්බන්ද වෙනවා. පුංචි කාලේදී ගෑනු ළමයෙක් වැඩිපුරම ආදරේ කරන්නේ තමන්ගේ තාත්තට වගේම පිරිමි ළමයෙක් වැඩිපුරම ආදරේ කරන්නේ අම්මට. කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇති වෙන ආදර සම්බන්දයක උනත් යටින් ඉන්නේ ඔය ලිංගිකත්වය කියන කාරනාව. ඔයා තමයි මගේ පන වස්තුව රන්කද කියලා කවුරු කොච්චර කයිය ගැහුවත් කෙනෙක් වැඩිපුරම ආදරේ කරන්නේ තමන්ටමයි. ප්‍රේමය නැති වෙලා ගියාම දිවි නසා ගන්න උත්සාහ කරන්නේ එයා දාල ගිය හේතුව නිසා නෙවෙයි. තමන්ට ඕන ආදරේ තමන්ගේ හිත ඉල්ලන ආදරේ තමන්ට නොලැබුන දුකට. කෙනෙක් තවත් කෙනෙකුගේ ආදරයක් බලාපොරොත්තු වෙන්නේ තමන්ට තියෙන විවිධ අරමුණු ඉටු කරගන්න තියෙන උවමනාවට. තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න, තමන්ගේ පාළුව තනිකම මකාගන්න. ලිංගික අවශ්‍යතා ඉෂ්ට කරගන්න වගේ තමන්ට තියෙන උවමනා සපුරා ගැනීම, වගේ විවිධාකාර අරමුණු මේ කියන ආදරය ඇතුලේ තියෙනවා. 

විවාහය කියලා එකක් සමාජය විසින් නිර්මාණය කරගෙන තියෙන්නේත් යම් කිසි සදාචාරවත් පිළිවලක් අනුව ගැහැනියකුට සහ මිනිහෙකුට ලිංගික සතුට විදින්න අවස්තාවක් සලසා දෙන්න. මිනිසා අනෙකුත් තිරිසන් සතුන්ගෙන් වෙන් වෙන්නේ අන්න ඒ වගේ කාරණාවන් මත. තිරිසන් සතුන් අතරේ සහකරුවෙක් සහකාරියක් බෙදා ගන්න ඇතිවන ගැටුම් මිනිසුන් අතරේ ඇති නොවෙන්න තමයි විවාහය කියන නීතිමය ආකෘතියක් තුල එක පිරිමියෙකුට එක ගැහැනියක් පවරාදීම සිදු වෙන්නේ. එතැනදී බලාපොරොත්තු වෙන්නේ එක් පුරුෂයෙක් සහ කාන්තාවක් එකතු වෙලා වෙනම පවුලක් හැටියට ඔවුන් දෙදෙනාගේ එක්වීම නිසා ඇතිවන දරුවන් සමග සමාජ ඒකකයක් ලෙස ජිවත් වීම වගේ කාරණාවන්.

ඒත් මම අවුරුදු ගානක් තිස්සේ රට වටේ ඇවිදිනකොට නවාතැන් ගත්ත ස්ථානවලදී දකින්න ලැබුණු කාරනා නිසාම කෑදරේ ගැනත් පොඩ්ඩක් කතා කරලා ලිපිය නවත්වන්න හිතුවා.

උදේ පාන්දර අපි නවාතැනින් පිටවෙනකොට හැමදාම අපිට දකින්න ලැබුනේ එකම දර්ශනයක්. ඒකට පොළොන්නරුවේද හම්බන්තොටද පුත්තලමේද රත්නපුරේද කියන ප්‍රදේශය අදාළ උනේ නෑ. ඒ තමයි උදේ පාන්දර ටියුෂන් යන්න ආව ගෑනු ළමයෙක් එක්ක කාමර හොයාගෙන එන අයියලාගේ දර්ශනය. බොහෝ විට දකින්න ලැබෙන්නේ ගෑනු ළමයා පොත් මිටිය එක අතකින් තුරුළු කරන් හෙල්මට් එකෙන් මුණ වහගෙන ඉන්න කොට පිරිමි ළමයා තනියම ගිහින් කාමරය වෙන් කරගෙන ඇවිත් ගෑනු ලමයවත් ඇදගෙන කාමරයට රිංග ගන්න එක. මෝටර් බයිසිකලය සමහර වෙලාවට ත්‍රිරෝද රථයක් වෙන්නත් ඉඩ තියෙනවා. එතන තියෙන්නේ ආදරයද කෑදරයද කියලා ඔයාලම කල්පනා කරලා බලන්න. අසරණ දෙමවුපියෝ තමන්ගේ දරුවාව ටියුෂන් ක්ලාස් යවන්නේ මෙයා හොදට ඉගනගනිවී කියලා බලාපොරොත්තු ගොඩාක් එක්ක. ඒත් සිද්ද වෙන්නේ වෙන දෙයක්. මෙතැනදී තනිකරම බලාපොරොත්තු වෙන්නේ ලිංගික උවමනා එපාකම් සම්පුර්ණ කර ගැනීම විතරයි. ඉස්සරහට සිද්දවෙන අතුරු ප්‍රතිපල ගැන හැගීමක් ඒ මොහොතේ නෑ. නමුත් රුම් එකට යන්න කලින් පන දෙන්නම් සසර වසන තුරු ඔයා මගෙමයි රත්තරන් කියාගෙන ඉන්න කොල්ලා එලියට ආවට පස්සේ හොයා ගන්නවත් බැරි වෙන එකයි ඔය ගොඩාක් කතාවල අවසානය. මොනවා උනත් කොයි තරම් වෙනස් වෙලා කිව්වත් අදත් ලංකාවේ කොල්ල නාල ගෙට ආව ගමන් ඌ සුද්දයි. ඒත් ගෑනු ළමයා කොච්චර නාල ආවත් පැල්ලම මකන්න බෑ. අවුරුදු ගානක් හැමදාම ලංකාවේ හැම අහුමුල්ලකදීම උදේ පාන්දර ඉදන් ඔය දර්ශනයම දැකපු මට දැන් ඕක සාමාන්‍ය දෙයක් උනාට අපේ සදාචාරය සංස්කෘතිය ගැන කයිය ගහගෙන ඉන්න සදාචාරවාදී කෙනෙකුට මේක මහලොකු කතාවක් වෙන්න ඉඩ තියෙනවා. කෙල්ලෙක් කොල්ලෙක් කොහේ හරි මුහුදු වෙරළක පාක් එකක වගේ තැනක කතා කර කර හිටියොත් ඒක මහා ලොකු වරදක් කියලා උන්ව පොලිසි පටවාගෙන යන රටක ලංකාවේ සදාචාරේ ගැන හැමදාම දකින කොට හිනාවෙන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ. මේකේ ඉන්න උන්ට සදාචාරේ රැකගෙන යහතින් ජිවත් වෙයල්ලා කියලා පණිවිඩ දෙන්න මට කිසිම උවමනාවක් නැහැ. එහෙම කිව්වත් කරන උන් මේකේ ඇත්තෙත් නෑ. ඒත් මට කියන්න ඕන උනේ මේ වගේ ලස්සන තරුණ ජිවිත නිරපරාදේ නන්නත්තාර වෙලා නාස්ති වෙනවට වඩා මොකක්ම හරි දෙයක් සිද්ද වෙන්න ඕන කියන කාරනාව.

අන්තිමට ඔය බ්ලොග් වල මුහුණු පොතේ එහෙම නැති උන ආදරය ගැන කවි කතාන්තර ලියපු ලියන මාත් ඇතුළුව හැමෝටම මතක් කරන්න තියෙන්නේ මෙන්න මේ ටික . ඔයා ආදරය කරන කවුරු හරි කෙනෙක් ඔයාලව දාල ගියාට ඒකෙන් අවුල් වෙන්න එපා කියලා. ඒ ඔයාගේ ආදරේ ලබන්න තරම් එයා පිං කරලා නැතුව ඇති. මොකද එයා ඔයාව දාල ගියේ ඔයා ගැන එයාගේ හිතේ ආදරයක් නැති නිසානේ. ඔයාට ආදරේ නොකරන කෙනෙකුට ඔයා මොකටද ආදරේ කරන්නේ. ඔයාට ආදරය කරන කෙනෙකුට ආදරේ කරන්න. එයා ඔයාගේ ජීවිතය හැමදාමත් සතුටින් තියයි. මොකද එයා ඔයාට ආදරෙයි.......

ආන්න එහෙම ආදරේ කරන්න කැමති ගෑනු ළමයි ඉන්නවා නම් කියන්න. ආදරේට ඇබෑර්තු තියේ  :P

දීගය නොවී නම්..,,

Wednesday, October 24, 2012
දවසක් දෙකක් දුටු නුඹ මගෙ හදට පැන
කළ හදි සිහි කළෙමි සතුටද දුක ද ගැන
පසුපස ගියෙමි ලුහුබැඳ නුඹ නොතැන තැන
අවසන මෙමට නතුවිය නුඹෙ සියළු අණ

දෙගුරුන් සතුට මැද පිවිසුණු මැදුර තුළ
වසරක් දෙකක් ගෙවුවා මැද සිනහ විල
අග හිඟ කම් අපට අණ විණ කරන කල
නුඹ පිට වුණා ගම රට හැර දුකිනි දළ

සෙනෙහස පිරුණු පවුලක් දුටු කලෙක මිත
මුමුණන දෙයකි නිතරම මගෙ සැලෙන සිත
සතුටක් කොහිද නුඹ නැති මේ දෙරණ මත
දීගය නොවී නම් අප අද එකට ඇත

නොදුටු තනිකම..

Monday, September 17, 2012

උණුසුම් හිත පිනමින් නිති
හසරැල් මුව මවමින් යති
දහසක් හිතමිතුරන් වෙති
හදවත් විළ රස ගන්වති

දහමත් හිත පණගන්වති
දැහැමින් සෙනෙහස නංවති
යහමින් හස එහි කැන්දති
හැම සිත් කුසලෙහි බන්දති

පත පොත ගුරු උතුමන් වෙති
යහපත නිසි මඟ පෙන්වති
නවමං තුළ පියනංවති
සැනසුම් මැද දිරි ගන්වති

කවදාවත් දැනුණේ නැති
දැනුණත් කවුරුත් දැන්නැති
දැන ගත්තත් පළකුත් නැති
තනිකම මට වදයක් නැති



මට පිස්සු වගේ

Monday, September 3, 2012




හිතේ නෑ කිසි නිදහසක්
හිත නිවා ගන්ඩ
කියවන්ඩ ගත්තා
සේකර
අනේ බං සේකර
උඹත් අවුල් කරනවා විතරයි
ඔලුව, හිත, ගත

හවස හරි වැස්ස
හයිඩ් පාර්ක් එකේ
පිකට් එකේදි තෙමුනා හොඳටම
යකඩ කටෙන් ගුගුරලා
කට්ටිය කිව්වා දිවුරලා
රැකගන්නවා කියලා
නිදහස් අධ්‍යාපනේ
ඒ උනත් තෙමුනා අපි වැස්සට

නහයත් බරයි
කැස්සත් වගෙයි
සීයයට හයක් දුන්නොත්
අධ්‍යාපනේට
හැදෙන එකක් නැද්ද
හෙම්බිරිස්සාව


පීනසෙත් වගේ
ඉදිලා තැනින් තැන කෙස් ගස්
පීනසේටමත් නෙමේ
ඉගෙනගෙනම
වයසට ගිහිල්ලා

දුකට සැපට
එකට හිටපු
සිගරැට්ටුව බෙදං බීපු
මිත්‍රයෝ හම්බ කරනවා
හරි හරියට
අපි තාම වියදං කරනවා
හරි හරියට
බස් එකේදි ළඟිං හිටපු
පන්තියේදි පොත පෙන්නපු
මිතුරියෝ
තඩි බඩවල් උස්සාගෙන
ක්ලිනික් යනව

ලෙචාලා ඉස්ට්‍රයික්ලු
ආණ්ඩුවට ගානක් නෑලු
ඩිග්‍රිය වැඩක් නැතිලු
මේවට ජොබ් නෑලු


රජරට වගේ නැතිලු
මාළඹේ සුරපුරක්ලු
සුර අඟනුන් යත් එහේ මෙහේ
සුර දනන් නෙත් පවස නිවමින්
බස්වලින් නෑ ගමන්
මාතලීලා එනවා උදේට හවසට
කේඑෆ්සී එකෙන් කාලා
එම්සී එකේ මූවි එකක් බලලා
ක්ලිනිකල්ස් යනවාලු

හයිඩ් පාර්ක් එකේ ඉඳං
ආවා පයිංම
ඉතුරුයි නේ රුපියල් නවයක්ම
නෑ දහයක්ම
ඉතුරු රුපියල දෙන්නෑනෙ කොන්දා
මහපොලක් දාලලු
සතුටට කෑවා කැන්ටිමෙන්
උළුඳු වඩේ දෙකක්ම
දත් අස්සේ ඉතුරු වෙච්චි
වඩේ කෑලි ටිකත්
ප්ලේන්ටියකින් හෝදලා
යැව්වා බඩටම
බෝඩිමට ආවට
නෑ කිසි නිදහසක් හිතේ, ගතේ

සේකර,
මම ආයෙත් කියවන්නං
තව මොනවා අවුල් වෙන්ඩද?
හිතේ, ගතේ.....



ආම්ස්ට්‍රොන්ග්, K.P. සහ IPL සමග ඉතිහාසයේ දූෂිතම තරඟය.

Friday, August 31, 2012
ආම්ස්ට්‍රෝන්ග්ලාට අපලවූ සතියක් නිමා වූයේ සඳ මත පාතැබූ පලමු මිනිසා වීමේ භාග්‍ය ලද නීල් ආමිස්ට්‍රෝන්ග්ගේ නික්මයාම සටහන් කරමිනි. ඉතා නිහතමානී චරිතයක් ලෙස හැඳිවෙන නීල්, ලොවින් සමු ගත්තේ කිසිදින කිසිවෙකුට සමකල නොහැකි අනගිබවනීය සටහනක් තබාය. හරියටම කියනවානම් පිය සටහනක් සඳමත තබාය. ඔහුගේ වියොව වෙනුවෙන් පවුලේ උදවිය නිකුත් කල ප්‍රකාශයේ ‘මිනික්බිති පැහැදිලි රාත්‍රී අහසක සඳ ඔබ හා සිනාසෙන විට නීල්ට ඇසක් ගැසීමට අමතක නොකරන ලෙස’ ඉල්ලා තිබිනි.(Next time you walk outside on a clear night and see the moon smiling down at you think of Neil Armstrong and give him a wink) මමද ඔබෙන් එසේම ඉල්ලමි.

Hero to Zero
ලෝ ප්‍රකට අනික් ආම්ස්ට්‍රොන්ග් වන්නේ ලාන්ස්ය. පාපැදි ලෝකයේ සුපිරි තාරකාව වූ ලාන්ස් ආම්ස්ට්‍රොන්ග්ගේ වර්ණවත් ක්‍රීඩා දිවිය කලු පැල්ලමකින් අවසන් වූයේද පසුගිය සතියේය. පාපැදි ලොවේ කිරුලු පලන් රජු වූ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්ට වසර කිහිපයක සිට එල්ලවෙන තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවන්ට එරෙහිව ඔහු කරමින් සිටි නීතිමය සටන අත්හරින බව ලාන්ස් පසුගියදා නිවේදනය කලේය. ඒ අනුව ඔහු ඇමරිකානු ‘ඇන්ටි ඩෝපින්’ ඒජන්සිය (USADA) ගෙනෙන චෝදනාවන්ට එරෙහිව කරුනු නොදැක්වීමට තීරණය කර ඇති අතර එබැවින් USADAය පරීක්ශණයකින් තොරවම ඔහු වැරදිකරු කරණු ඇත. මෙය හුදෙක් ආම්ස්ට්‍රොන්ග් යන තනි පුද්ගලයාගේ ප්‍රශ්ණයක් නොව, සමස්ත ක්‍රීඩා ලෝකයම වෙලාගනිමින් ඇති ඛේදවාචකයක ජීවමාන පිලිබිඹුවන්ය. මේ ඛේදවාචකය අනෙකක් නොව, සියලු ගුන යහපත්කම් පිරිහෙමින් යන යුගයක ක්‍රීඩාවේ වටිනාකම්ද මුදලට යට වීමේ ප්‍රතිඵලයන්ය. කුණු වෙමින් යන සමාජය වෙනුවට, සැබෑවටම යහපත් ලෝකයක් ප්‍රාර්ථනා කරනා ගැහැනුන්ගේ, මිනිසුන්ගේ සංවාදයට මේ මාතෘකාවද අනිවාර්ය විය යුතුය. මක්නිසාද යත් අද දවසේ දරුවන් සිය ක්‍රීඩා වීරයන් දෙස බලා ඉගෙනගන්නේ ක්‍රීඩාශීලිත්වයද නැත්නම් කෙක්කෙන් හෝ කොක්කෙන් සල්ලි මල්ලක් ඩැහැගැනීමද යන්න හෙට දවසේ ලෝකය යහපත් තැනක්ද නැද්ද යන්න තීරනය කරනු ඇති බැවිනි.

ශරීරය පුරා විහිදුනු පිලිකාවක් පරාජය කර ජීවිතය ජය ගන්නා ‘ලාන්ස්’ ඉන්පසු ‘ටුවර් ඩි ෆ්‍රාන්ස්’ (Tour de France )පාපැදි ශූරතාවය පිට පිට හත් වරක් ජයග්‍රහනය කරයි (1999-2005). ලොව ක්‍රීඩා අතරින් මිනිස් ශාරීරික හා මානසික ශක්තීන් අන්තයටම උරගා බැලෙන අතිශය වෙහෙසකර තරඟයක් ලෙස පිලිගැනෙන ‘Tour de France ‘ හත් වරක් ජය ගැනීම යනු ඇදහිය නොහැකි තරමේ ක්‍රියාවකි. ලාන්ස් පාපැදි ක්‍රීඩාව මතු නොව සමස්ත ක්‍රීඩා ලෝකයේම අසමසම ක්‍රීඩකයන් කිහිපදෙනා අතරට වැටෙන්නේ එබැවිනි. අවිවාදයෙන්ම ඔහු පාපැදියේ ඩොන් බ්‍රැඩ්මන් ය, පාපැදියේ මොහොමඩ් අලි ය. ලක්ශ සංඛ්‍යාත දරුවන්ගේ ‘පරමාදර්ශී’ චරිතයක්ද විය. ක්‍රීඩකයෙකු ලෙස පමනක් නොව ‘ලිවින් ස්ට්‍රොන්ග්’ (Livingstrong Foundation) නමින් ඔහු පවත්වාගෙන යන පදනම හරහා පිලිකා රෝග මර්දනයට ලාන්ස් දක්වන දායකත්වය නිසාද මිලියන ගනනක් ක්‍රීඩාලෝලීන්ගේ හදවත් තුල දිදුලන දීප්තිමත් තරුවක් විය .

මෙවැනි දැවැන්තයෙකුගේ හිසට ඉහලින් ඇති කලු පැල්ලම සමස්ත ක්‍රීඩාවේම අඳුරු ඉරනම ප්‍රක්ශේපණය කරයි. ක්‍රීඩාව යනු ‘ජය පරාජය සමසේ භාර ගැනීම, ක්‍රීඩාශීලිත්වය, සාධාරනත්වය වෙනුවට හොඳින් හෝ නරකින් ජය ගැනීම ලෙස ලඝුවී තිබීම කෙතරම් ශෝචනීයද? පාපැදි ක්‍රීඩාවේ මේ තත්වය කෙතරම් බරපතලද යතොත් ලාන්ස් ජයගත් හත් වතාවේම ඔහුට දෙවෙනියන් වූ සියලු දෙනාම සිය ක්‍රීඩා දිවිය තුල තහනම් උත්තෙජක භාවිතා කොට අසුවී තිබීමය.
                                                          Image
ක්‍රීඩකයෙකුට , ක්‍රීඩිකාවකට ලැබිය හැකි ඉහලම ගෞරවය, අභිමානය තම රට, තමන්ගේ ජනතාව අන්තර්ජාතික තලයේදී නියොජනය කිරීම යන්නද ක්‍රමයෙන් යල්පනිමින් පවතී. ඒ වෙනුවට තමන්ගේ බැංකු පොතට වැටෙන මුදල් ප්‍රමානය ඉදිරියට එමින් පවතී. අපේ රටේ බොහෝ දෙනාගේ ආදරයට ලක්වූ ක්‍රීඩාවක් වන ක්‍රිකට්ද අධික වානිජ්‍යකරණය තුල මුදලට යටවී යාමේ අවදානමට ලක් වී ඇත.

K.P. -Black Sheep of English Cricket
මෙහි අලුත්ම සිරස්තල සපයන්නා වී ඇත්තේ එන්ගලන්ත සුපිරි ක්‍රීඩක K.P. හෙවත් කෙවින් පීටර් පීටර්සන් ය. IPL ඇතුලු මුදලට ක්‍රීඩාකරන විස්සයි/විස්ස තරඟාවලි නිසා ඔහු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට නැතිවී යාමේ අවදානම මේ වන විට බොහෝ සේ යතාර්තයක් බවට පත් වී ඇත. ආක්‍රමනශීලී, ප්‍රවේගවත් පිති හරඹය කෙවින්ගේ ආවේනික රටාව වන අතර, විශේශයෙන් පීඩනයක් තුලදී ප්‍රතිවාදී පංඳු යවන්නන්ට එලව එලවා පහරදීමට ඇති හැකියාව ඔහුව විශිශ්ඨත්වයට පත් කර ඇත. ඊට අමතරව ඔහුගේ බොක්සින් ක්‍රීඩකයෙකුට සරිලන ආරෝහ පරිනාහ දේහයද , කඩවසම් පෙනුමද සිය මතය ප්‍රකාශ කිරීමට නොපැකිලෙන ස්වභාවයද කෙවින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ආකර්ශණීය චරිතයක් බවට පත් කර ඇත. පිටිය පුරාවටම පහරවල් ඇති K.P. අවිවාදිතවම වර්ථමාන එන්ගලන්ත කණ්ඩායමේ අංක එකේ පිතිකරුවාය.

ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට ආසන්නම හේතුව එන්ගලන්ත ක්‍රීඩකාගාරය තුල විශෙෂයෙන්ම නායක ඇන්ඩෘ ස්ට්‍රවුස් සමග පැවති යම් ප්‍රතිවිරොධයන් හා මෑතකදී පැවති ද. අප්‍රිකාව සමග ටෙස්ට් තරඟාවලිය තුලදී ප්‍රතිවාදී කන්ඬායමේ සඟයන් සමග කෙවින් හුවමාරු කරගත් කෙටි පනිවිඩයන්(Text Masseges) තුල සිය නායකයා සම්බන්ඳව විවිද දේ පවසා තිබීමය. එහෙත් ඔහු එන්ගලන්ත ක්‍රිකට් පාලක මංඩලය සමග ප්‍රශ්ණ හදා ගත්තේ IPL තරගාවලිය පවතින සම්පූර්ණ කාලය තුල ඔහුව ජාතික කණ්ඩායමේ රාජකාරී වලින් නිදහස් කරන ලෙස කල ඉල්ලීම ප්‍රතික්ශේප වීමත් සමගය. මේ අලකලන්චියේ ප්‍රධාන හේතුව IPL යැයි තමන් විශ්වාස කරන බව එන්ගලන්ත පුහුණුකරන/කලමනාකරන කණ්ඩායමේ ප්‍රධානී ඇන්ඩි ෆ්ලවර් (Andy Flower) මාධ්‍යයට ප්‍රකාශ කලේය. ඒ අනුව පසුගිය T20 ලෝක කුසලානයේ, තරඟවලියේ වීරයා සම්මානය ලබමින් එන්ගලන්තයට ශූරතාවය දිනා දුන් K.P.ගේ දස්කම් දැකීමේ වරම මෙවර ලංකාවේ පවත්වන T20 ලෝක කුසලානයේදී අපේ ක්‍රීඩාලෝලීන්ට අහිමි වනු ඇත.

බටහිර ඉන්දීය සුපිරි පිතිකරු ක්‍රිස් ගෙල්ද මේ හේතුව නිසාම අන්තර්ජාතික ක්‍රිකට් පිටියට වසරක පමණ කාලයක් අහිමිවිය. අපේ අංක එකේ පංඳු යවන්නා වන ලසිත් මාලිංගද මේ පාරෙම යාවිදැයි දැනටමත් සැක සංකා පහල වී ඇත. මේ ගඳගහන සමාජාර්ථික මොඩලය තුල ක්‍රීඩකයන් ජාතික සම්පත් බවට පත්වෙනවා වෙනුවට, සමාගම් මුදලාලිලා අත නැටවෙන රිලා පෝතකයන් වන දිනය වැඩි ඈතක නොවනු ඇත.
                                                 Image

The Dirtiest Race in the History
ඔලිම්පික් මීටර් 100 ධාවන තරඟය යනු වැඩිම ක්‍රීඩා ලොලීන් පිරිසක් පිටියට කැඳවන වැඩිම ප්‍රේක්ශකයන් ප්‍රමානයක් TV තිර ඉදිරියට ගෙන්වන ආකර්ශණීයම ධාවන තරගය යැයි කීවොත් නිවැරදිය. 1988 සෝල් (Seoul) ඔලිම්පික් උලෙලේදී මෙහි තීව්‍රතාවය තවත් වැඩිවූයේ වරි වර ලෝක වාර්තාවට හිමිකම් කී ක්‍රීඩකයන් තිදෙනෙකු සහිතව සුපිරි කෙටි දුර ධාවන තරු පංතියක්ම සහභාගිවීමය. මෙයිනුත් වඩාත්ම ආකර්ශනීය යුගලය වූයේ එවකට මළල ක්‍රීඩාවේ ‘මයිකල් ජැක්සන්’ ලෙස හැදින්වූ ඔලිම්පික් කිරුලටද හිමිකම් කිවූ සුපිරි ඇමරිකානු ක්‍රීඩක කාල් ලුවිස් හා ඔහුගේ නොම්මර එකේ ප්‍රතිවාදියා හා එවකට ලෝක වාර්තාවේ හිමිකරු වූ කැනඩාවේ බෙන් ජොන්සන්ය. ඉතිහාසයේ විශිෂ්ටම තරගය ලෙස නම් ලැබූ මෙය නිමා වූයේ බෙන් ජොන්සන් ලෝක වාර්තාවක්ද සමගින් විශ්වයේ වේගවත්ම මිනිසා ලෙස කිරුලු පැලදීමෙන්ය.

එහෙත් එම කිරුලට දීර්ඝායුශ නොතිබි අතර එය පැවතියේ පැය 55ක් වැනි කෙටි කාලයකි. ජොන්සන් තහනම් උත්තේජක භාවිතා කල බවට ඔප්පු වූ අතර ඔහු ක්‍රීඩාවේ දුෂ්ටයෙකු ලෙස පරිබව ලැබීය. බොහෝ දුරට මළල ක්‍රීඩා කවය තුලට සීමාවී තිබූ මේ මාතෘකාව, ප්‍රසිද්ධ මාතෘකාවක් වන්නේ ඉහත සිද්දියත් සමගය. එහෙත් බෙන් ජොන්සන් දුෂ්ටයා කොට නිමාවූ නාටකයේ වීරයන්ගේ පැටිකිරිය හෙලිවන්නේ පසු කාලීනවය. තරගයේ දෙවෙනියාවූ කාල් ලුවිස් ද තෙවෙනියාවූ බ්‍රිතාන්‍යයේ ලින්ෆඩ් ක්‍රිස්ටි ද ඇතුලුව තරග වැදි 8දෙනාගෙන් 6දෙනෙකුම තනම් උත්තෙජක සම්බඳ වැරදි වලට හසුවිය. බ්‍රසීලයේ රොබ්සන් ඩා සිල්වා හා ඇමරිකාවේ කැල්වින් ස්මිත් කිසිදින චෝදනාවකට ලක් නොවූ ක්‍රීඩකයන් දෙදෙනාය. ඉතිහාසයේ විශිෂ්ටම තරගය ලෙස එදා හැදින්වූ මේ තරගය අද හඳුන්වන්නේ ඉතිහාසයේ අපවිත්‍රම ධාවන තරගය ලෙසය. තරගයෙන් අනතුරුව සිදුකල තහනම් උත්තේජක සදහා කරන මුත්‍රා සාම්පල් පරීක්ශනය සම්බන්දයෙන් මතුවන අතුරු කතාවන්ද මෙය තවදුරටත් කිලිටි කිරීමට හේතු විය.
                               Image
මෙය තමාව කොටු කර ලීමට කාල් ලුවිස් ගේ ඇමරිකානු කඳවුර කල කුමන්ත්‍රණයක් බව බෙන් ජොන්සන් පවසනවා. තමන් වසර ගනනාවක් තිස්සේ ස්ටෙරොයිඩ් භාවිතා කල බව ජොන්සන් පිලිගන්නා නමුත් ඔහු එතෙක් කිසි දිනක හසු නොවී තිබීම මෙන්ම ඔලිම්පික් තරගයේ මුත්‍රා සාම්පල වල තිබි හසුවන්නේ ඔහු පාවිච්චි කල උත්තෙජකය නොව වෙනත් ස්ටෙරොයිඩයක් වීමද ඔහුගේ කතාවට අවදානය යොමු වීමට හේතු විය. බෙන්ට අනුව මුත්‍රා සාම්පල් ලබා ගන්නා මධ්‍යස්තානය තුල ඔහු ලඟින් ඉඳගෙන සිටි අභිරහස් පුද්ගලයෙකු විසින් තමා පානය කල බීමට මෙය එකතු කල බවයි. පසු කලෙක කාල් ලුවිස් ගේ එවක කළමනාකරු ජෝ ඩග්ලස්, බෙන් පවසන අභිරහස් පුද්ගලයා තමන් විසින් යෙදවූවෙක් බව පිලිගන්නා නමුදු ඔහුට පැවරී තිබුනේ බෙන් ජොන්සන් සිය තහනම් උත්තෙජකය වසන් කිරීමට හැකි යමක් පානය කරනවාදැයි ඔත්තු බැලීමට බව පවසයි. එසේම මෙම පුද්ගලයාව, විශේෂ ආරක්ශාවක් සහිත ඇන්ටි ඩොපින් මද්‍යස්තානයට ඇතුල් කිරීමට තමන් පොඩි ගැටයක් ගැසූ බවද පවසයි(I played some games). මේ අභිරහස් පුද්ගලයාව පත්තර වාර්තාකරුවෙක පසු කලෙක හෙලිදරව් කරගන්නා අතර,ඔහු ඇන්ගෝලාවේ ප්‍රභල දියමන්ති ව්‍යාපාරිකයෙක් වන ඇන්ඩ්‍රේ ජැක්සන් වෙයි. ඔහු ජොන්සන්ගේ පානයට යමක් එකතුකලාදැයි අසන ප්‍රශ්නයට,……… ‘සැබවින්ම, මට කිවහැකියි මම එසේ නොකල බව එසේම මම කලබවද කිව හැකියි…ඒත් කුමක්ද එයින් දැන් ඇති ඵලය’ ලෙස පිලිතුරු දෙයි.

මේ චෝදනා ප්‍රතිචෝදනා කුමක් වුවද අවසානයේ පරාජය වී ඇත්තේ ක්‍රීඩාව මිස පුද්ගලයන් නොවේ. කීර්තිය අහිමි වී ඇත්තේ ක්‍රීඩාවේ මිස පුද්ගලයන්ගේ නොවේ. විශ්වසනීයත්වය බිඳී ඇත්තේ ක්‍රීඩාවේ මිස පුද්ගලයන්ගේ නොවේ. දුෂ්ටයා බෙන් ජොන්සන්, K.P. හෝ ලාන්ස් ආම්ස්ට්‍රොන්ග් නොව සියලු ශුද්ධවූ දේ කිලිටි කරමින් යන මේ දුර්දාන්ථ සමාජ ආර්තික ක්‍රමයයි. නිර්මානය වී ඇත්තේ ඕනෑම තක්කඩි කමක් කර දිනීමට, තමන්ව නිර්මානය කල රටට ඉහලින් ඩොලර් මිටි තැබීමට සූදානම් ක්‍රීඩා ලෝකයක් නැතිනම් තරගයක් දෙකක් පාවාදී කීයක් හරි හොයා ගන්නට සූදානම් ක්‍රීඩා ලෝකයක්ය. දූෂන ,අසාදාරනකම් ක්‍රීඩාවේ සෑම අස්සක් මුල්ලක් කරාම පැතිරීමින් පවතී. වසර ගනනාවක් පවත්ගෙන එන නීති, රීති, ආචාරධර්ම සියල්ල , මුදල් ඉදිරියේ බිඳ වැටෙමින් තිබේ. මෑතකදී පැවති විම්බල්ඩන් තරගාවලියේ දස්කම්, ශ්‍රේනිගත කිරීම් නොතකා වඩා ආකර්ශනීය, වානිජ්‍ය වටිනාකමින් වැඩි ටෙනිස් ක්‍රීඩිකාවන්ට ප්‍රමුක ටෙනිස් පිටි ලබා දුන් බවට වූ චොදනා වලින් කියවෙන්නේ එයය.

අන් ක්ෂෙත්‍ර වල මෙන්ම ක්‍රීඩාව තුලද ප්‍රමාදර්ශි චරිත වඳවී ගොසින්ය. එහෙත් අද ලෝකයට අත්‍යාවශ්‍යව ඇත්තේද් ඔවුන්ය. මීට දශක හතරකට පමන පෙර “කියුබානුවන් මිලියන 8කගේ ආදරය ඉදිරියේ ඩොලර් මිලියනයක් යනු කුමක්ද” යි, පවසා ඩොලර් මිලියන 5ක කොන්ත්‍රාත්තුව ඉවතලූ ප්‍රතිපත්ති ගරුක තියොෆිලො ස්ටීවන්සන් (Teofilo Stevenson) වැනි විශිෂ්ට ක්‍රීඩකයන්ගේ අගය අද දවසේ එදාටත් වඩා වටින්නේ එබැවිනි.

ගඩගෙඩි මෝඩයාගේ කතාව.

Wednesday, August 29, 2012

ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක ගමක එකෝමත් එක කාලෙක ජීවත් උනාලු මනුස්සයෙක් ගඩගෙඩි  මෝඩයා කියලා. අහ්.. කියන්න අමතක උනානේ මොකද මේ මනුස්සයට මේ නම හැදුනේ කියල. පවු ඉතින් .. දෙමාපියන් නුගත් මිනිස්සු උන එකේ කොල්ලාව වැස්සට බේරෙන්නවත් ඉස්කොලෙකටවත් ඇරියානම් ටිකක් මෝඩකම් අඩුවෙන්න තිබුනා. එත් "ඔය ගහක ගෙඩියක් කඩාගන්න ඇහැකිනම් මදැයි" කියල අප්පා කිවුවම අම්මන්ඩිත්  "එහෙනම්" කියල අනුමත කරපු හින්දා කොල්ල ඔය ගස්ගෙඩි කැඩිල්ල ඇරෙන්න වෙන කිසි මගුලක් ඉගෙනගත්තෙත් නැහැ.. ඉතින් අම්ම තාත්ත වලකජු ගියාට පස්සෙත් මේ මනුස්සය ජීවත්වෙන්න කලේ ඔය රස්සාවම හින්දා ගමේ මිනිස්සු තමයි ඔය නම ලියාපදිංචි කලේ
අපේ මිස්ටර් ගඩගෙඩි   හැඩි දැඩි පෙනුමක් තිබ්බ මිනිහ හින්ද කාන්තා පක්ෂේ එහෙම මිනිහගේ සමහරක් පැති  වල කිසිම අඩුපාඩුවක් දැක්කේ නැහැයි කියලයි කියන්නේ. ඔය ගමේ   ගෙවල් දෙහෙක තුනකම  ගෑනුන්ට හම්බවෙච්ච කොලු පොඩ්ඩන්ට   ගඩ ගෙඩිගේ මුනත්තහඩුව  පිහිටියේ අර මනෝවිද්යාත්මක සාදකේ හින්දනේ.. තාත්තා මොකා උනත් ගෑනු මනුස්සයාගේ වෙලාවට හිතේ ඉන්න හැඩ කාරයාගේ මුණ හම්බවෙන එකාට හරි එකීට හරි හිටින්ඩ පුළුවන් කියනවනේ.. එහෙම වෙන්ඩ  ඇති.. නැත්නම් ඉතින් මෙයා අහිංසකයානේ
ඔන්න ඔහොම ඉන්න අතරේ තමයි ගමේ වයසක ඇත්තෝ එකතුවෙලා මිනිහට බාරියාවක් හොයල දුන්නේ. කොයිවෙලාවෙත් කැහැ  කැහැ ඉන්න හින්දයි උන්දැට කැහි ගෑනී කියල නමක් වැටුනේ.. ඔන්න අපේ ගඩගෙඩි කැහි ගෑනිත් එක්ක සාමෙන් පවුල කනවා. හැබැයි තවමත් අර අල්ලපු ගෙවල් වල ඇත්තියන්ට අර විදිහේ ළමයිම හම්බ වෙනවා. මේ වැඩේ හරි යන්නේ නැහැ කියල මිනිස්සු එකතුවෙලා කැහි ගෑනිගේ නංගී  වෙච්ච හොටු ගෑනිත් අපේ ගඩගෙඩිට සහේට ගෙනත් දෙනවා
දැන් තමයි නියම වැඩේ පටන් ගන්නේ. කැහි ගෑනියි හොටු ගෑනියි දෙන්න ගඩ ගෙඩියා බෙදා ගන්න බැරුව වලිදාගන්න පටන් ගන්නවා. අන්තිමට ගමේ ලොක්ක දෙන්නව සමාදාන කරන්න ගෙනෙනවා යෝජනාවක්. මොකක්ද යෝජනාව ? ගඩ ගෙඩිගේ බාරියාවෝ දෙන්න මාරුවෙන් මාරුවට දවසක් ඇර දවසක් ගඩ ගෙඩියව බෙදාගෙන පවුල් කන්න. ඒකත් නරක නැහැ වගේ..    ගඩ ගෙඩිට රජ සැලකිලි දෙන්නගෙන්ම. එක්කෙනෙක් පරද්දන්න අනිත් එක්කෙනා වැඩ.,. මොන වැඩද කියල මන් දන්නේ නැහැ. කෑම බීම පිසීම වගේ මෙකී නොකී සියල්ලම තමයි..
කැහි ගෑනි සඳුදට මනුස්සයාගේ   කොන්ඩේ එහෙම කපලා පිට අතුල්ලලා නාවලා එහෙම ගියාම අඟහරුවාදාට හොටු ගෑනීට  පිළිවෙල අල්ලන්නේ නැහැ. ගෑනී   අර මනුස්සයාගේ කොන්ඩේ තව කොට කරලා කපලා හම යනකල් පිට අතුල්ලනවා
ඔය අතරේ ගඩගෙඩි හදිසියේ ලෙඩ වෙනවා. ඔන්න එතකොට කැහි ඇවිත් බේත් දීලා සාත්තු කරලා යනවා ඊට පස්සේ   හොටු ඇවිත් අර බෙහෙත් ඔක්කොම විසි කරලා වෙන බෙහෙත් දෙනවා.  බෙහෙත් විස වෙලා අන්තිමට ලෙඩාගේ කකුල් දෙකේ වණ  මතුවෙනවා. 
ඔන්න එතකොටයි ලොක්කා තීරණේ කරන්න දැන් කැහි හොටු දෙන්නම එකට ඉඳන් ලෙඩාට සාත්තු කරන්න ඕන කියල. මේ වැඩේට දෙන්න මනුස්සයව දෙකට බෙදා ගන්නවා වම් පැත්ත කැහිගේ දකුණ හොටුගේ.. 
ඔන්න කැහි ඇවිත් එයාගේ  වම් කකුල   සෝදලා තුවාල වලට බෙහෙත් දාල යනවා. හොටු ඇවිත් අර වම් පැත්තේ තුවාලවල පටි  වෙළුම් ඉරල දාල  දාල තුවාල් වලටත් ඇනලා පාරවලා   තුවාල වන කරලා දකුණේ තුවාල වලට හොඳට සාත්තු කරලා යනවා. ඊට පස්සේ කැහි ආපහු ඇවිත් දකුණු කකුලෙන් පළි අරන් වම් කකුල ආපහු සෝදලා බෙහෙත් ගල්වනවා. 
මේ හබේ ඉවරවෙන්නේ අර යෝදයාගේ කකුල්දෙකම කපන්න සිද්ද වෙලයි.. අන්තිමට ඌ මලා. 

ඔන්න ඔහොම  තමයි උනා කියන්නේ.. මන් ඉතින් ලිවුවේ සිම්පල් කතාවක්. ඕක ඇතුලේ තව කතාවල් පෙනෙනවා නම් ඉතින් මන් මක්ක කොරන්ඩද ? බලන   අයට පෙනෙන හැටි නෙව.. 

අපිම තමයි අපේ සවිය!

Friday, August 17, 2012
ඔබත් මමත් පෙරුම් පුරන
වසන්තයේ නෞකාවට
හෙමින් සැරේ ගොඩවන්නට
ඉඩක් සොයන්න ……
මුහුදේ රළ
ටිකක් සැරයි
අවදිව ඉන්න …….

සිනහ මැදින් කඳුළු මැදින්
තරණය කරනා දිවියේ

දුක සැප නිතොරව හමුවෙයි
නොසැලී ඉන්න …….
මගේ සෙනෙහෙ
ඔබේ සිතෙහි
තද කරගන්න …….

අපේ පැතුම් හැම එකක්ම
ඉටු කරන්න බැරි වුනාට
අපි අසරණ වෙලා කියා
එපා හිතන්න ……
අපිම තමයි අපේ සවිය
එය දැන ගන්න …….


ප.ලි.
බොහෝ කලකට පෙර ලියූ නිසඳැසකි.... 

ඔලිම්පික් වංශකථාවේ ගිනියම් අයෝමය සලකුන “Black Power Salute ” කලු ශක්තියේ ආචාරය

Saturday, August 4, 2012
විශ්වයේ අසිරිමත්ම ක්‍රීඩා උළෙල, ඔලිම්පික්ස් 30වෙනි වරටත් මෙවර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී සුපුරුදු අභිමානනීයත්වයෙන් මුලු දෙයි. වසර 116ක වර්නවත් ඔලිම්පික් ඉතිහාසය තුල නොමැකෙන මතක සටහන් බොහෝය. කළු ඇමරිකානුවන් වූ ජෙසී ඔවෙන්ස්ගේ මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 4(1936 බර්ලින්) එම සුවිසේශි වාර්තාව සම කල කාල් ලුවිස්ගේ රන් 4(1984 ලොස් ඇන්ජලීස්) වගේම සුදු ඇමරිකානුවන් වූ මාක් ස්පිට්ස් ගේ පිහිනුම් රන් පදක්කම් 7(1972 මියුනික්), මයිකල් ෆෙල්ප්ස්ගේ පිහිනුම් රන් 8(2008 බීජින්), ජැමෙයිකාවේ යුසේන් බෝල්ට් ගේ ලෝක වාර්තා තුනක් සමග රන් පදක්කම් 3(2008 බීජින්)වැනි සුමිහිරි මතකයන් බොහෝය. එසේම ලොවම කම්පා කල, ඊශ්‍රායල් ක්‍රීඩකයන්/නිලදාරීන් 11ක් මරුමුවට පත්වූ 1972 මියුනික් ප්‍රාණ ඇපකරු ඛේදවාචකය. ලොව පුරා පුවත් පිටු පිරවූ කැනඩාවේ බෙන් ජොන්සන්ට වේගවත්ම මිනිසා කිරුල අහිමි කල තහනම් උත්තේජක චෝදනාව(1988 සෝල්) වැනි ඔලිම්පික් කලු පැල්ලම්ද මේ මතක අතර වෙයි.

එහෙත් 1968 මෙක්සිකෝ නගරයේ පදක්කම් අනුවේදිකාව (Medal Podium) මත සිට ටොමි ස්මිත් හා ජෝන් කාලෝස් විසින් දැක්වූ “කලු ශක්තියේ ආචාරය” (Black Power Salute) ඔලිම්පික් වංශකතාව තුල මෙතෙක් ප්‍රක්ශේපනය කල අතිශය ප්‍රභලතම පිලිබිඹුව බව අවිවාදිතය.

පතුලටම යනතුරු වර්ගවාදයේ ගිලී සිටි ‘සුදු’ ඇමරිකාව සසල කල මේ සිදු වීම , සුදු බටහිර ආධිපත්‍යට නතුව තිබූ ඔලිම්පික් සංස්තාවේ පදනම්ද දෙදරවා හැරියේය. ටොමී එම ඔලිම්පික් උළලේ මීටර් 200 ලෝක වාර්ථාවක්ද තබමින් ජය ගත් අතර කාලොස් එම තරඟයේ ලෝකඩ පදක්කම් ලාභියා විය.Image
“මම සිටියේ ‘ලෝක වේදිකාව’ මත….මානව ක්‍රියාකාරීත්වයක අවශ්‍යතාව ක්‍රියාවට නගමින්……මිනිස්සු ගෙව්වේ පසුගාමී ජීවිත…එක්සත් මතවාදයක අවශ්‍යතාව…ඔවුන් තේරුම් අරන් තිබ්බෙ නැහැ” ටොමී ස්මිත් පසු කලෙක පැවසීය.

ඔහු සහ කාලෝස් සුප්‍රකට ඔලිම්පික් වේදිකාව මත සිට තේරුම්ගන්නට බල කලේ අනෙකක් නොව ‘කලු ඇමරිකාවේ’ වේදනාවයි. බැලූ බැල්මට සරල අභිනයක් සේ දිස්වුනු ඔවුන්ගේ කැරලිකාරී ක්‍රියාව තුල, ඇත්තටම සංකීර්ණ සංඛේත ජාලයක් විය. ටොමීගේ ඉහලට එසවූ ‘කලු අත්වැස්ම’ සහිත දකුණු අත කලු ශක්තිය නිරූපණය කල අතර කාලෝස්ගේ කලු අත්වැස්ම සහිත ඉහලට එසවූ වම් අත කලු එක්සත්භාවය සංඛේතවත් කලේය. ටොමීගේ කලු කර පලදනාව කලු අභිමානයද,දෙදෙනාම පාවහන් රහිතව කලු මේස් පමනක් පැලඳ සිටීමෙන් කලු ඇමරිකාවේ දුප්පත් බවද සංඛේතවත් කලේය.

මේ තරඟයේ රිදී පදක්කම් ලාභියා වූ සුදු ජාතික ඕස්ට්‍රෙලියානුවෙකු වූ පීටර් නොර්මන්ද සිය කලු සඟයන් දෙදෙනාගේ ක්‍රියාවට සහෝදරාත්මක සහයෝගය දක්වමින් ‘මානව හිමිකම් සඳහා ඔලිම්පික් ව්‍යාපාරයේ’ (Olympic Project for Human Rights) ලාංචනයක්(Badge) සිය කමිසයේ පැළද සිටියේය. ටොමීගේ හා කාලෝස් ගේ අහිංසාවාදී කැරැල්ල ක්ශනික හෝ අහඹු සිදුවීමක් නුවූ අතර ‘මානව හිමිකම් සදහා ඔලිම්පික් ව්‍යාපාරය’ (OPHR) සමග ඔවුන්ගේ තිබුනු සම්බන්ඳය මෙන්ම කාලෝස් හා එකල ප්‍රකට ‘කලු’ ක්‍රියාධරයෙක් වූ හා ඝාතනයට ලක්වූ මැල්කම් එක්ස් (Malcolm X) අතර සිදුවූ හමුවීමද තීරනාත්මකව බලපෑවේය. එවකට තිබුනු ලෝක දේශපාලනික සංදර්භයද යම් උත්තෙජකයක් වූවා නිසැකය. කලු සටනේ පතාක යෝධයෙකු වූ මාටින් ලූතර් කිං ඝාතනය වී මාස 6ක්වත් ගත වී නොතිබින. අධිරාජ්‍යවාදීන් දන ගැස්සූ වියට්නාම් ගරිල්ලං එල්ල කල සුප්‍රකට ටෙට් ප්‍රහාරය(Tet Offensive) මෙන්ම ප්‍රංශ සිසු නැගිටීමද සිදු වූයේ මේ වකවානුවෙදීමය. ඔලිම්පික් පැවැති මෙක්සිකො නගරයේදීම නිරායුද සිසුන් සිය ගනනක් මරා දමා තවත් දහස් ගනනක් අත් අඩංඟුවට ගත් මිලේච්ඡ සිසු සන්හාරය (Tlatelolco Massacre)සිදුවී ගතවී තිබුනේ හරියටම සති දෙකකි. Black Power Salute ලොව පුරා පුවත් සිරස්තල සැරසුවා පමනක් නොව පසුගිය සිය වසේ ප්‍රබලතම පෝස්ටර් ඡායාරූප 10 අතරටද එකතුවිය.

OPHR යනු අහිංසාවාදී ශිෂ්‍ය ව්‍යාපාරයක් වූ අතර ක්‍රීඩාව තුල වූ වර්ගවාදය මානව හිමිකම් න්‍යාය පත්‍රය තුලට ගෙන ඒමේ මහගු කාර්යයක් එදා ඉටු කලේය. ටොමී හා කාලෝස් දෙදෙනාම OPHRහි උපන් බිම වූ සැන් ජොසේ විශ්ව විද්‍යාලයේ සිසුන් විය. කලු ක්‍රීඩකයන් මෙක්සිකෝ ඔලිම්පික් උලෙල වර්ජනය කල යුතුයි යන්න OPHRහි මුල් මතවාදය වුවද එය ක්‍රියාත්මක නොවීය. එහෙත් එදා පදක්කම් වේදිකාව මත සිට, පසු බිමින් ඇමරිකන් ජාතික ගීය වැයෙද්දී, හිස් පහතට නමා දෑස් බිමට නැඹුරු කොට කලු අත්වැසුම් සහිත මිට මෙලවූ සිය අත් මෙක්සිකානු රාත්‍රී අහසට යොමු කර ඔවුන් සිදු කල නිහඬ කැරැල්ල සුදු අධිරාජ්‍යයේ අරටුව දක්වාම සසල කලේය. එසේම එය, ඇමරිකාණු පාලකයන්ගේ කුහක වර්ගවාදී ප්‍රතිපත්තීන් නිර්ධය ලෙස ලොවට හෙලිදරව් කිරීමට සමත් විය.

එතෙක් සුපිරි සුදු ඇමරිකන් දේශපාලකයන්ට අවශ්‍ය වූයේ කලු ක්‍රීඩකයන් විදේශයන්හිදී ලබා ගන්නා ජයග්‍රහන හා ගෙනෙන පදක්කම් පමනක් වූ අතර මව් බිමේදී ඔවුන් නිකම්ම නිකම් ‘වේගවත් කල්ලන්’ (Fast Niggers) පමනක්ම විය. OPHRහි ඔලිම්පික් වර්ජනය පිලිබඳ කතිකාව ගොඩ නැගෙන සමයේ ඔවුන්ගේ මන්ත්‍රය වී තිබුනේ ‘උපන් බිමේදී බඩ ගාන්නට මෙක්සිකොවේ දුවන්නේ කුමකටද’ (Why run in Mexico only to crawl at home) යන්නයි.

දිළිඳු අඳ ගොවියෙකුගේ පුතෙකු වූ ටොමී ස්මිත්ද එවැනිම දුප්පත් පසුබිමක් සහිතවූ ජෝන් කාලෝස්ද ළමා කාලයේ සිටම මේ උග්‍ර වර්ගවාදයෙන් ඇතිතරම් බැට කෑවේය.එබැවින් සිය කැරැල්ලට එරෙහිව සුදු ඇමරිකාවෙන් නැගෙන කෝපග්නියේ දිග පලල ගැන ඔවුන්ට වැටහීමක් තිබුනි. එහෙත් ඔවුන්ට මුහුන දීමට සිදු වූයේ බලාපොරොත්තු නොවූ තරමේ දුෂ්ඨ ප්‍රහාරයන්ටය.

එවකට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති, ඇමරිකානුවෙක්වූ Avery Brundage විසින් ටොමී හා කාලෝස් දෙදෙනා වහාම ඔලිම්පික් ගම්මානයෙන් එලවා දැමීමට නියෝග කලේය. ඔහුගේ නියෝගය කෙතරම් කැත කුහක ක්‍රියාවක්ද යන්න මනාව පැහැදිලි වන්නේ 1936 බර්ලින් ඔලිම්පික් උලෙලේ හිට්ලර්ගේ ‘නාසි ආචාරය’ (Nazi Salute) සඳහා ඇමරිකානු කන්ඬායමේ සහය ලබා දුන්නේ එවකට එක්සත් ජනපද ඔලිම්පික් කොමිසමේ සභාපති ලෙස මේ පුද්ගලයාම බැවින්ය. එසේම මෙක්සිකනු රජය පැය 48ක් තුල ඔවුන්ගේ වීසා අවලංඟු කොට රටින්ද පිටුවහල් කලේය.

ඔවුන් සිය රට පා තබන්නේ අප්‍රමාන ගැරහුම් පරිබව පමනක් නොව තමන්ව රැකියාවෙන්ද දොට්ට දමා ඇති බව දන්වන ආරංචියද සමගය. ඔවුන් කලු ජාතිකයන් අතර වීරයන් සේ ආදරයට ලක්වූයේ කෙතරම්ද ඊටත් වඩා වැඩියෙන් සුද්දන්ගේ වෛරයට බාජනය විය. ඉතිහාසයේ පළමු වරට තත්පර 20 ට අඩුවෙන් මීටර් 200 දිවූ මිනිසා වූ ටොමී ස්මිත්ට (ඔහුගේ නිසග හැකියාව මත ටොමී තත්පර 19 කඩ ඉමද බිදිනු ඇති බව එකල මතය වී තිබින )සිය දරුවාගේ බඩගිනි නිවීමට පාර අතුගාන්නට සිදු විය. ටොමීගේ මව අකාලයේ මිය ගිය අතර ඔවුන්ගේ පවුලට පැමිනි අතවර, ගැරහුම් ,තර්ජන ගර්ජන සිය මවගේ අකාල වියෝවට වගකිවයුතු බව ටොමී අදටද චෝදනා කරයි. කාලොස්ටද අඩු නැතුව දුක් විදින්නට සිදු වූ අතර ඔහුගේ පවුල් ජීවිතය බිඳ දැමීමට ඇමරිකන් ෆෙඩරල් ඔත්තු සේවය (FBI) සෑහෙන් කාර්ය භාරයක් ඉටු කල බව කාලෝස් විශ්වාස කරයි. අවසානයේදී ඔහුගේ බිරිඳ සිය දිවි නසා ගන්නා අතර ටොමීගේ විවාහය දික් කසාදයකින් කෙලවර වෙයි. දෙදෙනාටම හා ඔවුන්ගේ පවුල්වලට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වූ අතර මරණය නිරන්තරවම ඔවුන් පසු පස හොල්මං කලේය.

එදා ඔලිම්පික් වේදිකාව මත මේ මිනිසුන් දෙදෙනා දැක්වූ නිර්බීතභාවය කලු සමාජය මත දැවැන්ත බලපෑමක් කලේය. එසේම පසු කාලීනව OPHR හි බොහෝ ඉල්ලීම් දිනා ගැනීම සඳහාද ඔවුන්ගේ ක්‍රියාව ප්‍රබල උත්ප්‍රේරකයක් විය. කලු ඇමරිකානු නිදහස් සටන එදා මෙදා තුර බොහෝ ජයග්‍රහන අත් පත් කර ගනිමින් ඉදිරියට පැමින ඇත. එහෙත් සිහින සැබෑ වී නැත. ඔවුන්ගෙන් බහුතරයක් අන්ත දිලින්දන්ය, නූගතුන්ය. ආර්තිකය ගත්තද, අධ්‍යාපනය ගත්තද, සෞඛ්‍ය පහසුකම් ගත්තද, නිවාස හිමිකම් ගත්තද ඔවුන් තවමත් දෙවෙනි පංතියේ පුරවැසියන්ය. නීතිය ඉදිරියේද දෙවැනි පංතියේය.

මීට මාස කීපයකට පෙර සිදු වූ ‘ට්‍රෙවොන් මාටින්’ (Trayvon Martin) ඝාතනය කදිම උදාහරනයකි. කඩයට ගොස් රස කැවිලි රැගෙන ගෙදර යමින් සිටි වයස 17 කලු ජාතික දරුවා කිසිදු සාදාරණ හේතුවක් නැතිව අමු අමුවේ ඝාතනය කරන ජොර්ජ් සිමර්මන්ව පොලීසිය අඩු තරමේ අත් අඩංඟුවටවත් නොගනී. ආත්මාරක්ශාවට වෙඩි තැබුවා යන ප්‍රකාශය මත චෝදනාවක්වත් නොනගා නිදහස් කරයි. කලු ජාතිකයන්ට සිය දරුවාගේ ඝාතකයාව අඩු තරමින් අත් අඩංඟුවට ගෙන චෝදනා ඉදිරිපත් කරවා ගැනීමට දවස් ගනන් පාරවල් වල උද්ඝෝශණ කරන්නට සිදු විය. මෙහි අනෙක් පැත්ත සිදු වූවානම් පොලීසියේ හා නීතිය ක්‍රියාවට නගන්නන්ගේ කාර්යක්ශමතාවය ඇදහිය නොහැකි තරම්ය.

ඉදින් මේ තවමත් නිමා නොවූ සටනේ ප්‍රභල මං සළකුනක් ලෙස ටොමී හා කාලෝස්ගේ ‘Black Power Salute’ කැරැල්ල සටහන් වන අතරම ඔලිම්පික් වංශකථාවේද කාලයේ වැලිතලාවට කිසිදින යට නොවන ලෙස සදාතනික වී ඇත.

“ I still feel the old impulsus and compulsions…………….. To stand up and be heard ..no matter the cost no matter the price”
- John Carlos July 2012
Image

"මට wish කරන්න තිබ්බ මම ඒත් වෙලාව එනකම් හිටියෙ"

අපේ ඔෆිස් එකේ ඉන්නව කොළඹ විශ්ව විද්‍යාලයේ එකෙක්. ඌ ඉතින් මාරම රස කතා තොගයක් කියනව. ඉතින් මට හිතුන ඒවායින් එකක් දෙකක් දාන්න, මොකද මට ලියන්න එහෙම රස කතා මතක් වෙන්නෙ නෑනෙව හරියකට.

ඔන්න ඉතින් දවසක් මේකගෙ යාළුවෙක්ගෙ කෙල්ලගෙ උපන්දිනේ හෙටලු. ඉතින් රෑ ඌ කෙල්ලත් එක්ක කතා කර කර ඉන්නවලු. විෂ් කරන එක ගැන සද්දයක්වත් නෑ, මූට ඕනෙ හරියටම 12ට විෂ් කරන්න. ඔන්න ඉතින් කතාව ඉවර කරල ෆෝන් එක තියල. මූ දැන් 11.58ට එලාම් එකකුත් තියල ෆෝන් එකත් ලඟින් තියාගෙන බලන් ඉන්නව ගානට වෙලාව එනකම්.
අනේ ඒ උනාට මූට නින්ද ගිහිල්ල වෙලාවට ඉස්සෙල්ල. එලාම් එකටත් ඇහැරිලා නෑ. පට්ටම සිද්දිය. මූට ඔන්න එක පාරටම ඇහැරිලා බලනකොට වෙලාව පාන්දර 5යි. ඔලුව ගිනි අරං ෆෝන් එක අරගෙන බලද්දි missed calls 20ක්, sms 10ක්.
දැන් ඉතින් අරූ ඉවරයි තමා.
ඉතින් මූ එවෙලෙම කෝල් එකක් ගත්තලු. ආයි හිතන්න දෙයක් නෑ කෙල්ල ඉවරයක් නැතිව බැණගෙන බැණගෙන යනව. මූටත් ඉතින් කියන්න හේතුවකුත් නෑනෙ. අහගෙන ඉන්නව.
ඔන්න ඔය අතරෙ මුගෙ ස්ථානෝචිත ප්‍රඥාවද කොහෙද එක වැඩ කරනව.
මූ එක පාරටම කීවලු, "මට 12ට කිසිම අවුලක් නැතිව විෂ් කරන්න තිබ්බ, ඒත් ඔයා ඉපදුනේ පාන්දර 5යි ගානකටනෙ, ඉතින් මම ගානට වෙලාව එනකම් හිටියෙ." කියල.
ඉතින් දීපල්ලකො උත්තර. :)


පි‍ටු පෙරලපු ගාන