අවාසනාවට සත්‍ය කතාවක් : යකුන් හා ප්‍රේතයන් සමඟ කතා පෙළ අංක 02

Sunday, April 8, 2012
පළවෙනි කොටස මෙතන ක්ලික් කරලා බලන්න පුලුවන්. ඒක පොඩි තාක්ෂණික දෝෂයකට මුලපිරුණු නිසා මේකෙ දාන්නෙ නෑ. හැබැයි ඔන්න දෙවෙනි කොටසනම් දෙනවා.






පෙර භවයේදී මිනිසා විසින් කරන කුසල් අකුසල් සියල්ලම ඕලාරික සිරුර හැරදා යාම හඳුන්වන්නේ මරණය ලෙසිනි. එතැන් සිට විඤ්ඤාණය අරඹයි. එය කර්ම විපාක සමඟ භවයේ සැරීම ලෙස හැඳින්විය හැකිය. එම භව ගමනේදී පෙර ආත්මයේ කර්ම පලවිපාක වලින් මිදීමට කිසිඳු සත්වයකුට නොහැකිය. මෙහිදී පැහැදිලි වන්නේ මනුෂ්‍යයාගේ මරණයෙහිදි ඕලාරික සිරුරින් විඤ්ඤාණය ඉවත් වූවද අන්තරාභවයේ නොමැරෙණ බවයි. එය තව දුරටත් පැහැදිලි කලහොත් අත තැබූ දෙයක් බිම තැබූ ඉක්මනින් උපතල් නොලැබුවහොත් කලක් එම ස්වරූපයම පවතියි. පසුව වෙනත් උපතක් ලබා ගනී. අන්තරාභවය ලෙස සැලකෙන්නේ මරණයත්, ඊලඟ උපතත් අතර වූ මනෝමය කායයෙන් ජීවත්වෙන කාලයයි. (මහා අස්සපුර සූත්‍රය) මේ අන්තරාභවය පෙර ආත්මයේම දිගින් දිගටම යාමක් මිස අලුත් උපතක් ලෙස සැලකිය යුතු නොවේ. මෙගින් පැහැදිළි වන්නේ විඤ්ඤාණය නොකැඩී වෙනස් නොවී ආත්මයෙන් ආත්මයට ගමන් ගන්නා බවයි. මෙම ගමනේදී කුසල් අකුසල් සමඟ වෛරය හා ද්වේශය ද රැගෙන යන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර ඇත. මෙය වර්තමානයේ කල පරීක්ෂන මඟින්ද සනාථ වී ඇත. පහත සඳහන් කතාව මඟින් එය මනාව පැහැදිලි වේ.

හැන්දෑව..!

Thursday, March 22, 2012


හැන්දෑවට ගෙයිං එළියට බහිද්දී අත්තම්මා කියන්නේ ඇඳිරි වැටෙන්ට කලියෙං එන්ට ඕනෙ කියලයි.. ඒත් බෝල ගහන්ට ගත්තහම රවිඳුට හෝ සගයන්ට ඇට කළුවර එනකං ම කළුවර වැටුණු බව දැනෙන්නේ නැත.. පන්දු ඕවර අටෙන් පටං ගන්නා සෙල්ලම ඇඳිරි වැටෙත්ම ටික ටික අඩුවී තනි ඕවරයට බසී..  රවිඳු ගෙදරට එන විට අත්තම්මා ඉන්නේ පෙරමඟ බලා ගෙනය. තාත්තා ගෙතුළ නැතිනම් පමණක් "මොකද කොල්ලෝ මෙච්චර රෑ වුණේ..? " කියා විස්සෝපයෙන් අසයි.. ඒ අත්තම්මා අද නැත.. ඇට කළුවර වැටෙනකම් බෝල ගහන්නට සිටි කොලු රෑන ද අද නැත..


තුෂාරි ත් සමඟ හාද වූ පසු හැන්දෑව රවිඳු ගේ දවසේ ප්‍රියතම කාලය විය. අමතර පංතියෙන් පසු ඈ හමුවී විනාඩි කීපයක් කතා කරන්නට ලැබෙන්නේ ඒ සොඳුරු හැන්දෑවේය. කලාතුරකින් පංතියක් නොපැවැත්වුණු දිනක වැඩි වේලාවක් ඇය හා සතුටු වන්නට ලැබෙයි. ඒ ගැන රවිඳුට නෝක්කාඩුවක් තිබුණේ නැත.. දැං අමතර පංති නැත.. තුෂාරී රවිඳුට අයිති නැත..


වාසිටියේ දී හැන්දෑව කොයි තරම් සොඳුරු දැයි තේරුම් ගැනීමට අටුවා, ටීකා, ටිප්පණි අවැසි නැත. සේපාලිකා රවිඳු ට කැමැත්ත දුන්නේ ද එවන් හැන්දෑවක ය.. ඈ රවිඳුගේ අත අල්ලගෙන කප්පරක් සිහින ගොනු කරමින් ආදරය කළ හැන්දෑවන් ගණන රවිඳුට මතක නැත. දැන් රවිඳු වත් සේපාලිකා වත් වාසිටියේ ද නැත.. සේපාලිකා තුළ සිටි අහිංසකාවියත් අද නැත...


කලාතුරකින් නිවාඩු දොහක හැන්දෑවට එකතු වෙන යාළුවොත් එක්ක මධුවිත තොල ගාමින් ගීයක් මිමිනූ අයුරු සොඳුරු මතක මවයි.. එවන් වූ දිනක හිතේ යම් දුකක්, ගැහැටක්, සංකාවක් ඇත් නම් එය පහව ගිය බව රවිඳුට සිහි වේ. අද රවිඳු මධුවිත තොල ගාන්නෙත් නැත. එසේ නොවුණත් එකතු වෙන්නට යාළුවොත් නැත..
රවිඳු හා හා පුරා කියා රස්සාවට ගිහිං ගෙදර ආපු හැන්දෑව හැබෑවටම සුන්දරය. උදේ ගෙදරින් ගියාටත් වඩා ප්‍රබෝධයෙන් එදා නිවසට ආ හැටි ඔහුට මතකය. එදා බස් රථයේ තෙරපීමෙන් හෝ ඔහුට තෙහෙට්ටුවක් දැනුණේ නැත. ඒ සැහැල්ලුව, ප්‍රබෝධය අද නැත. වෙහෙස, තෙහෙට්ටුව පමණක් ඇත..


කිසිවක් ස්ථිර නැත. හැන්දෑව අපට දැනෙන විදිහත් ස්ථිර නැත.. !


පිංතූරෙ ගත්තේ මෙතැනින්..

රෙපාගේ අතුරුදන් වීමට හේතුව දේශපාලන ගේමක්ද? බහු ජාතික Com පැණි කුමන්ත්‍රණයක්ද?

Saturday, March 17, 2012
පලවෙනි කොටසට මෙතනින්  ගිහින් කියවන්න පුළුවන්


උදේ පාන්දර දැකපු සුභ දර්ශනෙන් පිබිදුන ප්‍රබෝදමත් සිතින්  මනොජුයි මමයි ඒජන්සියට ආවා. ගොඩ වෙනකොටම කෝල් එකක්.


"ගුඩ් මෝනින් සුදු මැණිකේ"


"ගුඩ් මෝනින් අදවත් එනවද මේ පැත්තට?"


"මම ආවත් නැතත් බඩු එවනවා මොනවද ඔයාට ඕනේ රත්තරං"


"අසුවෙන් තනි පහයි කොටු දෙකයි, තව හාරසිය කොටු පෙට්ටියයි"


"කැඩුන පෙට්ටියක්ද හොද එකක්ද"


"පල යන්න වලත්තයා" ඒකී ෆෝන් එක තිබ්බා.


"බලපං බං මුන්ගේ වල් හිත අර ලොරියේ තිබ්බ කැඩිච්ච හාරසියේ කොටු පොත් පෙට්ටිය එවන්නද ඇහුවම වලත්තයා කියල බනිනවා. උඹ ඒ පැත්තේ යනවනම් මේ බඩු ටිකත් අරන් පලයන්. මට අද එහෙ යන්න බෑ. දන්නවනේ උදේ පාන්දර ඕකිගේ කට අවුස්ස ගත්තොත් සිද්දවෙන දේ."


මං මනෝජ්ට එහෙම කිව්වේ ඕඩරේ බඩු ටික බිල් කරලා බිල උගේ අතට දෙන ගමන්
උගේ උත්තරේ ලැබෙන්න කලින්ම තවත් කෝල් එකක් බෝසාගෙන්


"තවම ඒජන්සියේද ඉන්නේ."


"ඔව් සර්"


 "එහෙනම් අද ෆීල්ඩ් එකට යන්නේ නැතුව කම්පනියට එන්න".


වැඩි විස්තර අහන්න කලින් බොසා ෆෝන් එක තිබ්බා.




කොහේ යන්නත් කලින් ඩොකියුමන්ට් ටිකේ වැඩ ඉවර කරලා දාන්න ඕන හින්දා මම එතන තිබ්බ පුටුවට බර උනා

කොම්පැනියට ගොඩ වෙනකොටම ඉස්සරහට මුණ ගැහුනේ අපේ රත්නතිලක බොසාව. 

“මොනවද බං උඹ මේ කර ගන්න වැඩ” 

“ඇයි මොකද සර් වෙලා තින්නේ” 

මම ඇහුවේ මොකුත්ම හිතා ගන්න බැරුව.

“අද එන්න කිව්වේ මොකටද කියලා දන්නවද?”

“නෑ”

“අද උඹට විරුද්දව විනය පරීක්ෂණයක් තියනවලු”

“මොකක් ඒ මං මොන වරදක් කරාටද සර් “

 මේ මොන ගිනි ගෙඩියක්ද මගේ ඔලුවට කඩා පාත් වෙන්න යන්නේ. මේ දවස වල මගේ කේන්දරෙත් මොක්ද ග්‍රහයෙක් නීච වෙලා කියලා දවසක් අපේ අම්ම කියනවා මං අහගන.

"තාම අපි දන්නෙත් නෑ බං මේ සිං එක මොකක්ද කියලා. උඹ වරදක් කරලා නැත්තම් බය වෙන්න එපා. මොකද වෙන්නේ කියලා අපි බලමුකෝ."

එහෙම කියපු රත්නතිලක බොසත් හෙමිහිට මාරු වෙලා ගියා. ටික වෙලාවකින් මට කොන්ෆරන්ස් රූම් එකට එන්න කියලා පණිවිඩයක් ආවා. ඒක පිරෙන්නම සෙනග. කොම්පැනියේ මැනේජර් විජිතමුණි ලොක්කයි එකවුන්ටන් (අප) කිර්ති ලොක්කයි ඉස්සරහ මේසයක් උඩ තිබ්බ ලැපක් දිහා කන්න වගේ බලාගන හිටියා. 

“වාඩිවෙන්න”

 විජිතමුණි බොසා පුටුවක් පෙන්නලා කිව්වා. මං වාඩි උනා.  (අප) කිර්ති ලොක්කා කට ඇරියා.

"මම හිතන්නේ තමුන් තවම දන්නේ නැතුව ඇති අද තමුන්ට මෙතෙන්ට එන්න කිව්වේ මොකටද කියලා. තමුන්ට විරුද්දව බරපතල චෝදනා ගණනාවක් තියෙනවා. ඒත් තමුන් වරදක් කරලා නැත්තම් බයවෙන්න එපා. දැන් අපි තමුන්ට විරුද්දව තියන චෝදනා එකින් එක ඉදිරිපත් කරනවා. ඒ සම්බන්දව නිදහසට කාරනා තියනවා නම් තමුන්ටත් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්."

“මම නම් දැනුවත්ව කිසිම වරදක් කරලා නෑ සර්”

(අප) කිර්ති ලොක්කා මං දිහා බලලා කින්ඩියට හිනා උනා. 

"මේ ඇවිල්ල ඉන්න හැම එක්කෙනාම අද ඇවිත් ඉන්නේ තමුන්ට විරුද්දව සාක්ෂි දෙන්න කියන එකත් මතක තියාගන උත්තර දෙනවා."

හැහ් මෙච්චර සෙනගක් මට විරුද්දව. මං මොන වරදක් කලාටද?  මේක නම් අර නීච වෙලා තියෙනවා කියන ග්‍රහයගේ ගේම් එකක්ම තමයි. ලගදීම කේන්දරේ මාරයා අයියට හරි ජෝතිෂ්‍ය අයියට හරි මේල් කරන්න වෙනවා මේ කරුමෙන් බේරෙන්නේ කොහොමද කියලා අහගන්න.

“වැඩිය කාලේ නාස්ති කරන්න ඕන නෑ එහෙනම් මෙන්න පලවෙනි චෝදනාව.”

“අන්තර්ජාලයේ පවත්වාගන යන බ්ලොග් අඩවි තුලින් ආයතනයේ කිර්ති නාමයට සහ පුද්ගලයන්ට අපහාස වන පරිදි පොස්ට් පල කිරීම.”

මොකක්ද යකෝ මේ චෝදනාව. බ්ලොග් ලියන එකත් වැරද්දක්ද? මොන උප්පරවැට්ටියක් දාල හරි මේකෙන් බේරෙන්න මං හිතුවා.

“අන්තර්ජාලයේත් බ්ලොග් කියලා ජාතියක් තියෙනවද සර්. මම නම් මෙච්චර කාලෙකට දැනගන හිටියේ අර සිමෙන්ති වලින් හදන බ්ලොග් ගල් ගැන විතරයි. කව්ද සර් ඔය ආයතනයට අපහාස කරලා තියෙන්නේ ”

“ඒ ගමන තමුන් මෙතන බබා පාට් දාන්නත් පටන් ගත්තද? මතක තියා ගන්නවා. මෙතන තමුන් කියන හැම වචනයක්ම බොරු කියලා ඔප්පු කරන්න තමයි මේ හැම එක්කෙනාම මෙතනට ඇවිත් ඉන්නේ කියලා. දන්නවද බොරු කිව්වොත් ලැබෙන දඩුවම මොකක්ද කියලා”

“ඔව් සර් සේල්ස් රෙප් කෙනෙක් බොරු කිව්වම කමිෂන් එක වැඩි වෙනවා. හොදටම බොරු කියන්න පුළුවන් කෙනාට සුපවයිසර්, ඒරියා මැනේජර් වගේ ප්‍රමොෂනුත් හම්බවෙනවා,”

“තමුසේ මේක විහිළුවක් කියලා හිතුවද” (අප) කිර්ති ලොක්කා මට එරෙව්වා

“මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් රෙප් මහත්තයා කියන නමින් බ්ලොග් පොස්ට් දාන්නේ මේ ඉන්න අරුණ හෙට්ටිආරච්චි කියන කෙනාමයි කියලා.” 

අහිංසක පාට වලස් මුණක් තියන පොරක් නැගිටලා ඇවිත් ලැපා ඉස්සරහ වාඩිවෙලා එෆ් බි එකට ලොග් උනා.  කෙලින්ම ගියේ මගේ ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ Website  කියන තැන දාල තිබ්බ www.pinaage-kuppiya.blogspot.com ලින්ක් එකට.  මිනිහා කතා කරන්න පටන් ගත්තා. මට කට උත්තර නැති උනා.

“මේ තියෙන්නේ තමුන්ගේ ඔරිජිනල් ප්‍රොෆයිල් ඒක කියලා පිලිගන්නවා නේද?”

“ඔව්”

“ඉතින් තමුන් බ්ලොග් කියලා ජාතියක් ගැන දන්නෙම නැත්තම් මොකක්ද මේ බ්ලොග් එකක ලින්ක් එකක් දාගන කරන්නේ. අනික මේ ප්‍රොෆයිල් පික්චර් එකේ තියෙන්නෙත් ලංකාවේ බ්ලොග් ලියන උන් පිස්සු කෙලින්න ගාලු ගිය වෙලාවේ අරගත්ත ෆොටෝ එකෙක්. මෙයා ඉස්සර ලිව්වේ අම්බලමක නමින් මෙන්න මේ පොස්ට් එකේ අන්තිමටම තියෙනවා අම්බලම රෙප් මහත්තයා වෙච්ච හැටි. මතක නැත්තම් ඇවිත් බලා ගන්න.”


මෙයා නම මගේ අතිතේ ගැනත් හොදටම විශ්ලේෂණය කරලා ආව පොරක් වගේ. දැන් නම් බොරු කියලා බේරෙන්න හම්බ වෙන්නේ නැති බව ෂුවර් 



“දැන් තමුන්ට තවත් ඔප්පු කරලා පෙන්නෙන්න ඕනද රෙප් මහත්තයා කියන නමින් පොස්ට් ලියන්නේ තමුන් කියලා”.

විජිතමුණි බොසා ඇහුවා.

“මම පිලිගන්නවා සර්, මේ බ්ලොග් ලිව්වේ මම කියලා ඒත් ඒක එච්චර වැරද්දක් කියලා මම හිතුවේ නෑ.”

“රෙපා කියන්නේ කව්ද කියලා එළිදරව් කරලා අපේ ආයතනය වෙනුවෙන් කල සේවයට සාතන් කොලුවට 
මෙන්න  අපේ කොම්පැනියෙන් පොඩි තෑග්ගක්. අපිට උදව් කරන අයට අපි හොදට සලකනවා.” අපේ ප්‍රතිපත්තිය තමයි සතුරන් වලලන් මිතුරන් ගොඩ ගන් කියන එක” 
(අප) කිර්ති ලොක්කා ලියුම් කවරෙක දාපු චෙක් කොලයක් සාතන් කොලුවාගේ අතේ තිබ්බා.

යකෝ එතකොට මට මේ ගේම දුන්නේ අර සාතන්ගේ අඩවිය ලියන එකාද? අම්මපා අහිංසක කොලුවා වගේ ඉදගන මු දීපු ගේම” මට දැන් මුව කන්න කේන්තියි, ඒත් මේ වෙලාවේ මොනවා කරන්නද මම.
චෙක් කොලේ අතට ගත්තු සාතන් කොලුවා මා ලගට ආවා.

“මාකට් එක බැහැලා තියෙන මේ වෙලාවේ ෂෙයාර්ස් ටිකක් අරන් දාන්න හිතුනා බං. අතේ සල්ලිත් නැති වෙලාවනේ. ගණන් ගන්න එපා. සාතන් කොලුවා චෙක් කොලේ ඉඹ ඉඹ පිට වෙලා ගියා. දැන් ඉතින් නාහෙට උඩින් වතුර ගිහින් තියෙන එකේ තව මොනවා උනත් මට මොකද කියලා මම හිත හදා ගත්තා. 
ඒ පොස්ට් එක සම්පුර්ණයෙන් කියවපු (අප) කිර්ති ලොක්කා දත්මිටි කාගන මගේ මුණ දිහා බලාගන ඉන්නවා.  

“බලනවා විජිතමුණි මේ යකා ලියල තියෙන ඒවා “රට හරකෙකුට අන් තට්ටුවක් උවමනා කර තිබේ” කියලා.  තමුසේ කා ගැනද මේ ලියලා තියෙන්නේ. මේක සම්පුර්ණ අපහාසයක්"
ලොක්කට හොදටම තද වෙලා.

 “අනේ සර් මම කාටවත් අපහාස කරන්න හිතලා මේක ලිව්වේ නෑ.  නිකන් ආතල් එකට ලියපු එකක්.”

“අනේ බොරු කියන්නේ නැතුව ඉන්නවා අයිසේ. තමුසේ හොදටම දන්නවා මේ කොම්පැනියේ ඔහොම එකෙකුට ඉන්නේ මම විතරයි කියලා “ 
(අප) කිර්ති බොසාට එහෙම කිව්වා නෙවෙයි කිය උනා.

"කට කට අහක යන තොප්පි දාගන්නේ නැතුව කට පියාගන ඉන්නවා. ඔය තියන විදියට ලේඛම් කෙනෙක් හෙව්වේ මමනේ."
විජිතමුණි බොසා හිමිහිට කියනවා ඇහුනා.  

“චෝදනා අංක දෙක, පවත්වාගන යන බ්ලොග් අඩවිය තුල වෙනත් ආයතන වල නිෂ්පාදන පිළිබද දැන්වීම් පල කිරීම. මෙන්න තියෙනවා පොස්ට් ඒක." 

මරු-සින් මාර්කටිං - වෙළද දැන්වීමක් ( නෙවෙයිද මන්දා )




"මේ ගැන තමුන් මොකද කියන්නේ”

“මේ ඔක්කොම මම නිකම් කම්මැලිකමට ලියපු ඒවා විතරයි සර් “

“අනික තමුන් මේ කොටස් කියලත් ජාතියක් ගන්න විකුණන හැටි ගැන ලියලා තියෙනවා. මේ තියෙන්නේ කොටස් වෙළද පොලේ ගනුදෙනු කරන එක ගැන .


එකක් මතක තියා ගන්නවා කම්මලිකමටවත් කොටස් වෙලදපොලේ වීතරක් නෙවෙයි අපේ කොම්පැනියේ ඒවා ඇර වෙන නිෂ්පාදන පිලිබදව කතා කිරීම ප්‍රචාරය කිරීම අලවි කිරීම තමුන්ට තහනම්. බොරු නම් බලනවා පත්වීමේ ලිපියේ තුන් වන ඡේදය.”

“මේ කොම්පැනියේ විතරක් නෙවෙයි මෙයා දාල තියෙන පොස්ට් හින්දා තව පොඩ්ඩෙන් මේ රටේ සමස්ත  බැංකු පද්දතියම විනාශ වෙනවා. වෙලාවට රටේ ජනතාව මේ මිනිහා ලියන පොස්ට් කියවන්නේ නැත්තේ. ඒවා කියවලා ඒ තියන විදියට කළා නම් අපේ ජොබ් වලට මොකද වෙන්නේ.” 

මෙන්න එහෙනම් අපේ පලවෙනි පාඩම




මෙච්චර වෙලා කට පියාගන හිටපු කුරුණෑගල පැත්තේ බැංකුවක වැඩ කරන කොල්ලෙක් පොස්ට් එකක් පෙන්නලා කෑගහන්න පටන් ගත්තා. ඒ මදිවට එකේ මෙයා මේ පොස්ට් එක කියවලා මං වගේ බැංකුවේ මහත්තුරු තරහ වෙයිද දන්නෙත් නෑ කියලා ලියලා තියලා. හදිසියේ හරි මේක කියවලා බැංකුව වැහුණ නම් අසරණ අපේ දරු පවුල් බලා කියා ගන්නේ කවුද?”
බැංකුවේ කොලුවා අඩන ඇඩිල්ලට මට පව් කියලා හිතුනා. මොනවා උනත් අහිංසක කොලුවා.

"අම්මපා මේ යකා මේ හැසිරෙන විදිය අපේ කොම්පැනියට විතරක් නෙවෙයි රටේ මුල්‍ය පද්දතියටත් බොහොම හානිකරයි. වහාම මෙයාට දඩුවම් දෙන්න ඕනේ.“

(අප) කිර්ති ලොක්ක බොහොම ගරු ගාම්භීර විදියට කිව්වා.

"මේ චෝදනා ඔක්කොටම තමුන් වැරදිකරු බවට අපි තීරණය කරලා ඉවරයි. එකට මේ මාසේ සම්පුර්ණ පඩියම පැනල්ටි. ඊට අමතරව මේ කම්පනියේ වැඩ කරන තාක් කල් තමුන්ට බ්ලොග් ලිවිම කියවීම තහනම්. තේරුනාද?"

"ඒක නම් මට කොහොමටවත් කරන්න බෑ සර් මේ කෙහෙල්මල් රස්සාවට වඩා බ්ලොග් ලියනවා කියවනවා. කියන එක මට වටිනවා. බ්ලොග් ලිවිල්ල නවත්තුවත් බ්ලොග් කියවිල්ල නම් නතර කරන්න මට බෑ. මගේ නමින් කමෙන්ට් කරන්න බැරි නම් ඇනෝවෙක් විදියට ගිහින් මම අර ශානි කෙල්ලගේ බ්ලොග් එකේ හරි පිස්සු කෙලිනවා. මෙන්න මගේ ඉල්ලා අස් වීමේ ලිපිය."

 මේ යන විදියට රස්සාවේ ආයුෂ  තව ටික කාලයක් බව දැනුන නිසාම මම ලොකු ටොක් එකක් දුන්නා.

"තමුන්ට ඕන ඕන විදියට එහෙම රස්සාවලින් අයින් වෙන්න බෑ. අස්වීමේ ලියුම බාර දීලා මාසයක් වැඩ කරන්න ඕනේ. ඒ හින්දා තව මාසයක් වැඩ කරලා ඕන නම් ගෙදර යනවා."

මට කට උත්තර නැති උනා.

මාසයක් යනකං වත් මේ යකාගේ බ්ලොග් ලිවිල්ල නවත්තන්න පුළුවන් වෙච්ච එක නම් ලොකු දෙයක්. ඔය බ්ලොග් එකකට මාසයක් කිසිම පොස්ට් එකක් දැම්මේ නැත්තම් ඒ බ්ලොග් ඔක්කොම සින්ඩි වලින් අයින් කරනවා. එතකොට මේ බ්ලොග් එක කියවන්න බලු බල්ලෙක් වත් එන එකක් නෑ. ලොක්ක අපිට නියමෙට සලකයි නේද බං. දාපන්කෝ පහක්" (අප)කිර්ති බොසා පහක් දාන්න හදනකොට විජිතමුණි බොසා දහයක්ම දැම්ම.

"ඔය රෙපාම තමයි පහු ගිය දවස වල මහ කරදර කාර ඇනෝවෙක් විදියට ඇවිත් මගේ බ්ලොග් එකේ පිස්සු කෙලියේ. හොද වැඩේ ඔය රෙපාට අහුවෙයන්කෝ හලාවත පැත්තේ එහෙම ඇවිත්. හොද වැඩක් කරනවා."  අවුරුදු විසි ගානක් වෙලත් තවමත් බබා වෙන්න හදන කෙල්ලෙක් ජපන් බෝනික්කියෙකුත් තුරුළු කරන ඇවිත් මහා හයියෙන් කෑ ගහන්න ගත්තා." තාමත් එයා පුංචි බබෙක් වගේ හින්ද එයාගේ කෑගැහිල්ල කවුරුවත්ම ගණන් ගත්තේ නැ. තනියම කෑ ගහලම එපා වෙලා ටික වෙලාවකින් අතේ තිබ්බ ජපන් බෝනික්කිවත් කිහිල්ලේ ගහගන ඒ කෙල්ල පාරේ ගිය පුත්තලම් බස් එකක එල්ලුණා.

(අප) කිර්ති ලොක්කයි විජිතමුණි ලොක්කයි යන්න ලැස්ති උනා.

“හොද වැඩේ ඔය රෙපාට. මෙන්න මමත් ලියලා තියෙනවා ඉස්සර කාලේ රෙපෙකුට වෙච්ච දෙයක්” 

The Grand Hotel - Kurunegala



අවුරුදු හැත්තෑවක් අසුවක් විතර උනාට ඔබා  තාමත් බබා වගේ ශෝටක් ගහ ගත්ත අන්කල් කෙනෙක් හැරමිටියක වාරුවෙන් පොස්ට් එකක් දික් කරගන ආවා. ඒ පොස්ට් එක කියවලා විජිතමුණි ලොක්කටයි (අප)කිර්ති ලොක්කටයි දෙන්නට හොදටම හිනා.

“මම නම් අහල තියෙන්නේ ඒ කාලේ මේක සිද්ද වෙලා තියෙන්නේ රෙපෙකුට නෙවෙයි. ඔය අලව්ව කුරුණෑගල පැත්තේ සි ටි බි ඩිපෝවක බස් වලට හුලන් ගහ ගහ හිටපු පොරකට කියලා. ඔය සිං එක ඩිපෝ එකේ ඉන්න කට්ටිය දැන ගත්ත හින්දා නොන්ඩියටම මිනිහා ගම රටත් ඇත ඇරලා දාල ගියා කියලා  තමයි ඒ කාලේ අපට නම් ආරංචි උනේ. ඔන්න දැන් මිනිහා ඔය ඔස්ට්‍රේලියාවේද කොහෙද ඉදගන එහේ කොච්චි වලට හුලන් ගහනවලු”

එහෙම කියපු බොසාල දෙන්න කොන්ෆරන්ස් රූම් ඒකෙන් පිටවෙලා ගියා. මමත් කොම්පැනියෙන් පිට වෙලා පාරට බැස්සා. තාමත් හිතා ගන්න බෑ මොකක්ද මේ උනේ කියලා. සුදුපාට වෑන් එකක් එක පාරටම ඇවිත් මා ඉස්සරහ බ්‍රේක් කළා. අහිංසක පෙනුම තියෙන දඩාර් සයිස් අයියලා සෙට් එකක් බොහොම සාන්ත දාන්ත විදියට වාහනෙන් එලියට බැස්සා.

“අඩෝ රෙපා උඹව තනියෙන් අහු වෙනකම් තමයි අපිත් බලාගන හිටියේ. දැන් උඹේ රස්සාවටත් බඩු හරිනේ. කැළණි ගගෙන් මෙහා පැත්තේ කොම්පැනියක ඉදගන අපේ ලොක්කට අනම් මනං ටෝක් දාලා බේරිලා යන්නද හැදුවේ."

අයියලා සෙට් එකම වට කරගන මට නෙලන්න පටන් ගත්තා

“බුදු අම්මෝ”........

"මොකද බං මේ කෑ ගහන්නේ හීනෙන් බය උනාද? අද උඹට ෆීල්ඩ් එකට යන්න අදහසක් නැද්ද? රෑ තිස්සේ නිදි මරලා මල් කඩ කඩ ඉදලා දැන් මෙතන ඇවිත් දොයි. බඩු ටික ලෝඩ් කරලා ඉවරයි දැන්වත් ඉතින් පලයන් පව් නොදී ."

 ඒජන්සියේ ධම්මික අයියා එහෙම කියාගන ඒ පැත්තට ආවා.....


(බ්ලොග් අවකාශයෙන් අතුරුදන් වී සිටි පහු ගිය මාසයේදීත් දුක සැප විමසමින් මා හා රැදී සිටි නාකියා යැන්කියා ශානියා ඇතුළු පිරිසටත් මුහුණු පොතේ හෝ පණිවිඩ තබමින් මා හා රැදී සිටි බ්ලොග් අවකාශයේ සියලුම මිතුරු මිතුරියන්ටත් රෙපාගේ හර්දයාංගම ස්තුතිය)

~පුතේ උඹ හින්දා~

Wednesday, March 14, 2012
නොදැකපු කෙනෙක් නැතී...
නමුදු සිත දු‍ටු අය නැතී...
සුවඳ වත්සුණු නොතවරා
සිනාසෙති කට පුරා
අනේ මහත්තයො සතයක්!
නොකියතී කිසිදා...

ළැම දු‍ටු අය ඇතී
ළය දු‍ටු උන් නැතී
කුස ඇවිලි කරුමෙට
පිටි පැකට් පිහිටට
විකුණතී ඇඟ මස්
පුරවතී පව්කම්...

ගැහැණු කම විකුණතී
පිරිමි ඇවිදින් යතී
ළඟ ‍රැඳුනු කිසිවෙක්
නොඅසතී පැනයක්
කිමද මේ මහ මගට වී?

වෙශ්‍යාවක් වෙන්නැතී
හැඟුම් මිල ගන්නැතී
නුඹට නොදැනෙන්නැතී
මව් සෙනේ කඳ නිම් නැතී...

නොකියන් පුත මගේ
අම්මා නොව මගේ...
"උඹ වෙශ්‍යාවක්"
දෙතන කිරි නැති නිසා
මම නුඹට කිරි හොයා
විකුණුවෙමි ඉස්මස්..
පාරමී නොපුරාම...

පූරුවේ කල පවට
වැ‍ටුණා නරා වලකට
වරම් ඒවා මතු භවේකට
පතිනි අම්මා කෙනෙක් වන්නට...

දොළහක්

Sunday, March 11, 2012

අද ඔන්න යානතං එග්සෑම් ඉවරයි.අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ වැඩවර්ජනයෙන් කල් ගිය අපේ අවසාන විශයත් අද තියලා ඉවර උනා.ආයේ ලබන මාසේ අග වෙනකං විභාග නෑ.ඉතිං දෙයියනේ කියලා මනස නිදහස් උන ගමං ඒ නිදහසේ පූර්ණ තෘප්තිය අත්විඳින්න හිතාගෙන මම මගේ මිත්‍රයො කීප දෙනෙකුත් අහුලගෙන ලයනල් වෙන්ඩ්ට් එකට ගියා.ඇත්තටම මම ලයනල් වෙන්ඩ්ට් එකට එච්චර ආසා නෑ.මම මීට කළිං එක වතාවක් ඒකෙ නාට්‍යයක් බලලා තියෙනවා.

මෙරුවෝ සහ මරුවෝ

Tuesday, February 28, 2012

තටු ලැබිලා
උද්දාමයෙන්
මහ පොළවෙන් මතුවෙලා
මම පියාඹගෙන එනකොට
අවඥාවේ එක අතුල් පාරකින්
ගහපන් මගෙ තටු කැඩෙන්න
මම වැටුනාම
ආයෙත් 
පටන් ගත්තු
මහ පොළොවටම
දත්මිටි කාගෙන
'නොදකිං මේ කාළකන්නි සත්තු' 
කියලා
පාගලා දාපන් චප්පම වෙලා යන්න
ඒත් හිතන්න එපා
ඉවරයි කියලා
මෙරු එන තරමට
කී පාරක් කියලා ඕක කරන්නද?

විමසුම

Thursday, February 16, 2012
අපේ රටේ ජනතාව නැවතත් කුපිත කරවනු ලැබ ඇත.රට පුරා සිදුවන වර්ජනයන්ගේ නිමක් නැත.රට කුරිරු ත්‍රස්තවාදයෙන් ගලවාගත් අතිගරු ජනාධිපතිතුමාට තැන් තැන්වල බැණවැදීමෙන්ම අපේ රටේ ජනතාවගේ අවස්ථාවාදී කුහක මානසිකත්වය මනාව ප්‍රදර්ශනය වේ.රට ත්‍රස්තවාදයෙන් ගලවාගත් එතුමා ඉන් නොනැවතී ආරම්භ කළ මහා දැවැන්ත සංවර්ධන සංග්‍රාමයේ ප්‍රථිපල තවමත් ජනතාවට ලැබෙන්නට පටන් ගත්තා පමණි.

මෙකී සංවර්ධනයෙන් රට ඉසුරට ඇදී යද්දී ඩොලර් කාක්කන්ගෙන් පිරී ඇති විපක්ෂය රජය අප්‍රසාදයට පත් කිරීම සඳහා විවිධ කරුණු ඇද දක්වමින් ජනතාව මුලා කොට රට ආගාදයට ඇද දැමීමට කටයුතු කරගෙන යන්නේ ය.රුධිර පිපාසිත ජේවීපී ය මේ ජනතා කුපිත කිරීමේ ක්‍රියාදාමවලදී දැනටමත් ජීවිත දෙකක් බිළිගෙන ඇත.මෙසේ රටේ අහිංසක ජනතාවගේ මළ සිරුරු මතින් ඉදිරියට යාමට උත්සාහ දරන ජේවීපීයත් බටහිර ගැති, බටහිරට අප රට පාවා දීමට උත්සාහ කරන යූඇන්පීයයත් අතිගරු ජනාධිපතිතුමාගේ යෝධ වැඩ පිළිවෙල අසාර්ථක කරවීමේ නිශ්ඵල කුමන්ත්‍රණයක නිරත වී සිටිති.

විපක්ෂයේ මේ අමනෝඥ ක්‍රියාවන් අපේ රටේ බුද්ධිමත් ජනතාව හොඳ හැටි වටහාගෙන සිටිති.පසුගිය මැතිවරණයේ දී ඔවුන් ඒ බව රටටම හඬ ගා කීවේ යූඇන්පී‍යට කොළඹ පමණක් ඉතුරු කරමින් සහ ජේවීපීයට තිස්සමහාරාමයද අහිමි කරවමිනි.මැතිවරණයෙන් පසුවද වත්මන් රජයේ ජනතාවාදී ප්‍රතිපත්තීන් හඳුනාගත් විපක්ෂයේ සැබෑ ජනතා නායකයන් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට එක් වන්නේ තමන්ගේ පරම අභිප්‍රාය ජනතා සේවය මිස තමාගේ පක්ෂය රජ කරවීම නොවන බව හඬ ගා කියමිනි.

වර්ථමාන රජය යටතේ තරම් සංවර්ධන ව්‍යාපෘතීන් ඇරඹුණු කිසිඳු රජයක් ඉතිහාසයේ පැවතී නැත.එක් නිමේෂයකින් රටේ ඕනෑම තැනකට යාමට හැකිවන පරිද්දෙන් රටේ මහා මාර්ග පද්ධතිය යෝධ සංවර්ධනයකට ලක්වෙමින් පවතී.අමතක කොට දමා තිබූ සිංහල දේශය එනම් දකුණ, නව වරායක් ගුවන් තොටුපලක් ඇතුලු සියළුම යටිතල පහසුකම් සහිතව නැවත අවදි වී ඇත.ජනාධිපතිතුමාගේ යෝධ වැඩපිළිවෙලෙහි එක් අදියරක් ලෙස උතුරට වසන්තය ගෙන ආවේය.ත්‍රස්තවාදයෙන් මුදාගත් ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කෙරෙමින් පවතී.නව ක්‍රීඩාංගන, රංගශාලා අප රටේ ජනතාවට සිහිනයක්ව පැවති යුගයක්ද තිබුණි.ඒ අඳුරු යුගය අවසන් කරමින් අතිගරු ජනාධිපතිතුමා සූර්යයෙක් සේ අප අතරට පායා ආවේ මේ රටේ ජනතාවගේ පෙර පිනකටය.






මේ සංවර්ධනයන් ජනතාවගෙන් සැඟවිය නොහැක.නමුත් විපක්ෂය අසරණ ලෙස සිය ඡන්ද අතලොස්ස රැකගනු පිණිස එළවලු කූඩ ප්‍රශ්නයක් බවට පත් කොට ජනතාව කුපිත කරන්නට උත්සාහ කළේය.පුද්ගලික සේවක විශ්‍රාම වැටුප යක්ෂයෙක් ලෙස හුවා දැක්වූවෝ ය.ඔවුන් පවසන ලෙසට ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහල යන්නේ ද රජයේ අකාර්යක්ෂමතාව නිසාය.ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහල යන විට ඒ හා සාපේක්ෂව රටක තෙල් මිලද ඉහල යන බව කුඩා දරුවෙකුට වුවද අවබෝධ කරගත හැක.ඒත් සමඟ තෙල් හා බැඳී ඇති සියළු නිශ්පාදන හා සේවා මිළද ඉහල යෑම ඉස්ථිරවම සිදුවන්නකි.මේ සරල සත්‍ය තේරුම්ගත නොහැකි අමනෝඥ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විපක්ෂයට ජනතා කැමැත්ත ලබා ගැනීම කිසිසේත්ම පහසු නැත.


රජය අපහසුතාවයට පත් කිරීම සඳහා දූෂණ චෝදනා ඉදිරිපත් කරන විපක්ෂය ඔවුන් බලයේ සිටියදී කටයුතු කළ ආකාරය ජනතාවට මතක තිබේ.ස්ත්‍රී දූෂකයින් නිදහස් කළ ජේ ආර් ගේ පක්ෂයේ කිසිවෙකුටත් දුමින්ද සිල්වා ගැන ප්‍රශ්න කිරීමේ අයිතියක් නැත.අධ්‍යාපනයේ ධවල පත්‍රිකාව ගෙන ආ විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂය පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව හඬ නැගීම විහිළුවකි.චීනයෙන් ආනයනය කළ සමාජවාදය කරපින්නාගෙන සිටින ජේවීපී ය චීන ආධාරවලට විරුද්ධ වීම ප්‍රහසනයක් නොවන්නේද?

කෙසේ වෙතත් තව නොබෝ දිනකින් ඉඳිවන නෙළුම් කුළුණ මතද නැග විපක්ෂය උපවාස කරනු ඇත.මත්තලගොඩට ගුවනින් ගොස් දකුණේ පා ගමන් සංවිධානය කරනු ඇත.උතුරු නැගෙනහිර සිය ප්‍රචාරණ කටයුතු දියත් කරනු ඇත.ජනපතිතුමාගේ නමින් ඉඳිවන බේස්බෝල් පිටියට බැණවදිනු ඇත.නමුත් අතිගරු ජනාධිපතිතුමා මෙකී සංවර්ධනයන් සිදු කරන්නේ තමාට ගෙන යෑමට නොව රටේ ජනතාව වෙනුවෙන් බව ජනතාව මතක තබා ගනු ඇත.

අද විමසුම පිටපත - දිනුක ජයකොඩි


කොපි කිරීමේ නිදහස

Friday, February 3, 2012
මේ දවස් වල නිදහස ගැන මහා ඉහලින් කතා වෙන හින්දා, මට හිතුණා මෙහෙම මාතෘකාවකට බහින්න.

පොඩි කාලෙ ඉඳං ම සමහරු පුරුදු වෙලා ඉන්නේ කොපි කරන්ට. ඉස්කෝලෙදි ගෙදර වැඩ කරගෙන නාවාම ගෙඩි පිටිං කොපි කරන එක විතරක් නෙවෙයි.. ඊටත් පුංචි කාලෙ ඉඳලා කරන අනිත් අයව අනුකරණය කිරීමත් කොපි කිරීමක් තමයි.. ඉතිං හිතලා බලන්ටකෝ අපි කවුරු කවුරුත් අඩු වැඩි වශයෙන් කොපි කොරලා නැද්ද කියලා..

අනුකරණය වගේ දේවල් හොරකමක් හැටියට නොසැලකුවාට සමහර දේවල් කොපි කිරීම හොරකමක් හැටියට තමයි සලකන්නේ..  ගී පද, ගී තනු ප්‍රසිද්ධියේ හොරකම් කරන්ට ගත්තත් ඊට විරුද්ධව ඒ තරම් ලොකු බලවේගයක් ඇති වුණේ නෑ..

පරිගණක තාක්ෂණයේ දියුණුවත් එක්ක පරිගණක මෘදුකාංග, පරිගණක ගත ලිපි ලේඛණ වගේ දේවල් හොරකම් කිරීම වැඩි වුණා. MP3, වීඩියෝ වගේ දේවලුත් අන්තර්ජාලය හරහා අධික වේගයෙන් පැතිර ගියා..
මෘදුකාංගයක්, ලිපියක්, කවියක්, සාහිත්‍ය ප්‍රබන්ධයක්, සිංදුවක් ආදී ඕනෑම නිර්මාණයක පරම අයිතිය නිර්මාණකරුවා සතු වෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා.. ඒ නිර්මාණ්ය නොමිලේ බෙදා දෙනවද, නැද්ද කියලා තීරණය කළ යුත්තේත් නිර්මාණකරුමයි..

අපේ සමහර බ්ලොග් වල රයිට් ක්ලික් කරන්ට බෑ, පණිවුඩයක් එනවා කොපි කොරන්ට එපා කියලා.. ඒක එයාලගෙ අයිතිය. ඒත් මගේ බ්ලොගයේ හෝ මම අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරන ඕනෑම නිර්මාණයක් කොපි කළාට මගේ අමනාපයක් නෑ.. (හැබැයි මගේ අයිතිය මට තියලා.. ඒ කියන්නේ මට ඒ නිර්මාණය වෙන තැනක පළ කරන්ට අයිතිය තියෙන්ට ඕන) කැමති නං මගේ නිර්මාණයක් කියලා කියන්ට, එහෙම නොකිවුවත් ප්‍රශ්නයක් නෑ..

මං එහෙම කියන්නේ.. මේකයි.. මං බ්ලොග් ලිපි හෝ වෙනත් නිර්මාණයක් පළ කරන්නේ.. මෙන්න මගේ වැඩ.. කියලා පෙන්නන්න නෙවෙයි.. ඒකෙ තියෙන මොකක් හරි වැදගත් දෙයක් තේරුං අරගෙන හැදෙන එකෙකුට හැදෙන්ටයි.. ඉතිං ඔය අදහස වැඩි දෙනා අතරට යනවා නං තමයි මගේ අරමුණ ඉටු වෙන්නේ.. කාගේ නම ගියත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි..

කොපි කරන කෙනාගේ යුතුකමක් තියෙනවා.. (අපේ බොහෝ දෙනා ඒ දේ කරනවා) කොපි කළේ කොතනින්ද, කින්ද, මන්ද කියලා පොඩි නෝට් එකකුත් එක්ක අදාල නිර්මාණය එළියට දාන්න..

හැමෝම එහෙම කරනවා නම් මේ ලෝකෙ මීට වඩා සුන්දර වෙනවා.. එහෙම නොකලත් ලෝකෙ සුන්දරයි..
වැදගත්ම දේ කොපි කිරීමෙන් පැවැත්ම හදාගන්න බෑ.. ඒකට නිර්මාණශීලීත්වය අවශ්‍ය මයි..

ප.ලි
කියන්ටම කියලා හිතාගෙන හිටපු දෙයක් අමතක වුණා.. අපේ සයිබරයේ බොහොම දෙනා (පැහැදිලිවම) යහපත් අරමුණින් දුර්ලභ සහ වටිනා නිර්මාණ අපිත් එක්ක බෙදා ගන්නවා.. ඒක නිර්මාණකරුට කෙසේ වෙතත් රස විඳින අපට නම් ලොකු උදවුවක්.. ඉතිං අපි පිනුත් අනුමෝදන් කරනවා ඒ වගේ මිත්‍රයින්ට.. ඒත් ඒ වැඩෙත් ඒ තරම්ම සාධාරණ නෑ කියලා හිතෙන්නේ තමන්ගේ නිර්මාණ ස්ප්‍රෙඩ් වෙන එක නවත්තන්න සමහර නිර්මාණකරුවෝ දරණ උත්සාහය නිසයි.. මේවා කියවලා අපේ තිස්ස අයියා (හද ගී පොත ලියන) එහෙම සිංදු දෙන එක නැවැත්තුවොත් එහෙම මහා වින්නැහියක්.. (විහිළුවට කිවුවට.. තිස්ස අයියා තමන් ලබා දෙන සිංදුවේ නිර්මාණකරුවාට ලබා දෙන්නේ ඉතා ඉහල ගෞරවයක්..ඒ වගේම ඒවා දුර්ලභ හා අපිට අහන්ට නොලැබෙන ගී.. ඉතිං නිකං තියෙන ගීතේ අපිට අහන්ට දීලා ආයෙත් මිනිස්සු අතරට ගෙනැල්ලා තිස්ස අයියා කරන්නේ ඇත්තටම පිනක්.. ) . හැබැයි සමහරු නම් ඉවක් බවක් නැතුව අනුන්ගේ දේවල් හොරකම් කරලා එළිපිට නොමිලේ බෙදා හරිනවා.. මෘදුකාංග වල ක්‍රැක්ස් එළිපිට බෙදා හරින අයත් ඉන්නවනේ..


 


කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...

මේ ලිපිය ක්සැන්ඩරයා ගේ කොළමේ 26/01/2012 දින පලවූ ලිපියක් නැවත පල කිරීමකි.



කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...


අවුරුදු 13 ක පාසල් ජීවිතෙන් පස්සේ තවත් හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් නෝනා කෙනෙක් වෙන්න හිතාන කැම්පස් එකට අඩිය තියපු ඔයාල කරන කියන දේවල් දැක්කම මට මේක නොකිය ඉන්න හිතක් ඇත්තෙම නැති තරම්.

පුංචි බැංකු කෑල්ලක එල්ලිලා පස්ස හිරිවටෙනකම් ටියුෂන් ගිහින් ඉගනගන්නකොට හැමදාම අපි හිතුවේ කොහොමහරි පාස් වෙලා කැම්පස් යනවා කියල. ඕ ලෙවල් කරනකොට අපි හිතුවේ කවදාහරි ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් යනවා කියල. ඊටත් කලින් අපි හිතුවේ මං දොස්තර මහත්තයෙක් වෙනවා.. ඉංජිනේරුවෙක් වෙනවා කියල. ඉතින් එහෙම හිතාන අපි රෑ එළිවෙනකම් කකුල් වතුරේ ඔබාන පාඩම් කලා.. බනිස් ගෙඩියක් බත් මුලක් අරන් ගිහින් කාල පන්ති ගියා.. මහා අව්වේ කර වේවි.. මහා වැස්සේ තෙමි තෙමි.. අපි ඉගනගත්තේ අපේ හීනේ හැබෑ කරගන්න..අපේ අම්මල අප්පච්චිලා දහ දුක් විඳලා හම්බ කරලා උගැන්නුවාට ඒ අයට පස්සේ කාලෙක සලකන්න..

ඉතින් එහෙම ඉගනගෙන කැම්පස් ආපු ඔයාල මේ දවස්වල කරන අරගල ගැන දැක්කම මට හිතෙන්නේ ඔයාල ලංකාවේ බෙලහීන දේශපාලනේ තවත් එක ගොදුරක් වෙලා කියල. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හැටියට කොන්ද කෙලින් තියාගන්න ඕනේ ඔයාල මේ ලංකාවේ වැදගම්මක් නැති දේශපාලන බලවේග වල තවත් එක අතකොලුවක් වෙලා. ඉගනගන්න ආව ගමන පැත්තක තියල රූකඩ ශිෂ්‍ය ව්‍යාපාර ගෙනියන බොළඳ රැල්ලට අහුවෙලා ගහගන ගිහින් ඉන්නවා දැක්කම මටනම් හිතට වේදනාවක් දැනුන..

මමත් ඔයාල වගේම පන්ති ගිහින් ඉගනගෙන විභාග ලිව්වත් කැම්පස් යන්න හම්බවෙන 20000 වන ශිෂ්‍ය ප්‍රජාවට අයත් නොවුණු කුලකයේ එකෙක්. එත් මගේ පූරුවෙ වාසනාවට මගේ අම්මලාට පින් සිද්ධ වෙන්න මම පුද්ගලිකව ඉගෙනගෙන අද ගොඩක් හොඳ තැනක ඉන්නවා. එත් මගේ එක්ක එක පන්තියේ ඉගනගෙන කැම්පස් ගියපු සමහර යාලුවෝ අද මං ඉන්න තැනට කිට්ටුවට එන්නත් බැරිව ඉන්නවා. එහෙම උනේ එයාල ඉගනගන්න අදක්ෂ නිසාවත් වෙන දෙයක් නිසාවත් නෙවෙයි. ඒ අයත් ඉගනගත්ත. එත් කැම්පස් වහද්දි ගෙවල් වලට ගිහින් ආයේ අරිද්දි ඇවිත් ඉගෙනගෙන අපහු වහද්දි ගෙදර ගිය එකේ කාලය එයාලට නොලැබුන හින්දයි එහෙම උනේ.. එයාල කාලය එක්ක තිබ්බ රේස් එකෙන් පැරදුණා.. ඉතින් එයාලට උනෙත් කැම්පස් වල දේශපාලන අතකොලු වෙන්න. පිකට් කරන්න කඳුළු ගෑස් කන්න පොලිසි උසාවි වල රස්තියාදු වෙන්න කාලය වැය කරන්න. ඒ කරපු දේවල් වලින් රටට වෙච්ච යමක් නෑ. තමන්ගේ කාලය නැති උනා මිසක්..



අරගල කරන්න ඕනේ. ඒකත් එක සොඳුරු අත්දැකීමක්.. ඒත් සීමාවක් ඇතුව. අද දකින අරගල සීමා මායිම් නැති හුදෙක් චන්ඩිකම් කරන අරගල වෙලා.. මිනිස්සුන්ට ගහන්න ගෙවල් වාහන කුඩු කරන්න මිනිස්සුන්ගේ ගමනාගමන නිදහසට බාදා කරන්න අද අරගල වෙසින් ශිෂ්‍යයින් මෙහෙයවනවා. ඇත්තටම රටේ බුද්ධිමතුන් කියාගන්න ඔයාලට තරම් වැඩ නෙවෙයි නේද මේ? 

ඔය අතරේ කැම්පස් වල තියන වර්ගවාදී පටු භේද ආදිය මටනම් හිතෙන්නේ කුහක කමින් කරන කෙනහිලි කියල. මේ කැන්ටිම තියෙන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට ඒකට තොපි එන්න ලජ්ජා නැද්ද? ඔය හොඳ හෝටල් තියෙන්නේ ගිහින් කාපියව් කියල බඩගින්නට කන්නට එන තමන්ගේම ෆැකල්ටියේ තවත් එක ශිෂ්‍යෙක්ට ශිෂ්‍යාවකට කියන්නේ පටු පන්ති භේදය මුල් කරගත් කුහක කමෙන් නෙවෙයිද? ඇත්ත සමහරුන්ට හොඳට සල්ලිය බාගේ තියෙන්න පුළුවන් ඒත් ඒ දරුවත් එන්නේ ඉගනගන්න. සමහරුන්ට පේන තරමට සල්ලි නොතියෙන්නත් පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්කුල් වලට ගියපු උන් එන්නේ නෑ කවදාවත් ඔය කැම්පස් වලට. උන් එංගලන්තේ ඇමරිකාවේ යයි. එහෙනම් මේ කාටද මෙහෙම කියන්නේ?

තව දෙයක් තම කැම්පස් රැග. පොඩි විහිළුවක් දෙකක් කරන අහිංසක රැග නම් ඕනේ කෙනෙක් එපා නොකියාවී. ඒත් දැන්? ලිංගික අසහනකාරයෝ අසහනකාරියෝ රෑනක් ම කැම්පස් එකේ ඉන්නවා කියන්න පහුගිය ටිකේ පුවත්පත් වල ගිය පුවත් ප්‍රමාණවත්. කෙල්ලන්ගේ කොල්ලන්ගේ කියල වෙනසක් නැතිවම මේ එන්නෙත් අර තියන කුහකත්වයේ තවත් එක පැතිකඩක්.

ඉතින් ඉස්කෝලෙන් හොඳට ගිය එකා කැම්පස් ගියගමන් මේ වෙනස් වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නය ඔබට බාරයි.. හිතන්න.. රටේ හෙට දවස ඔබ අතේ නම් අද ඔබ හොඳ පුරවැසියෙක් විය යුතුයි. ඔබේ කාලය නාස්ති නොකර ඉගනගන්න.. තරඟකාරී ලෝකයේ තරගයට ඉක්මනින් පා නගන්න.. අපි බලන් ඉන්නම්..

එසේනම් කඩතුරා ඉරා සත්‍ය දකින්න කාලයි මේ....

ඔක්කොම තියෙනවා--එහෙනම් මොකද යකෝ ඕකේ කරන්නේ ?

Thursday, February 2, 2012

ඔටු අම්මයි ඔටු පුතයි බර සාකච්චාවක්.ඔටු අම්මට  'අ' කියලයි පුතාට 'පු"  කියලයි දාගෙන මේක කියමුකෝ.
අ:- ඇයි පුතේ උඹ ආස පොලොව ගැටලන්න වගේ කල්පනා කොරන්නේ ?
පු :- අම්මේ මං ප්‍රශ්න කීපයක් අහන්නද ? ඔන්න පලවෙනි එක.. ඇයි අම්මේ අපේ මේ මහා මල්ලක් වගේ මොල්ලියක් තියෙන්නේ.?
අ:- ආ ඒ පුතේ අපි කාන්තාරේ දුර යනකොට තිබහ වෙන එක නවත්තන්න වතුර ගබඩා කර ගන්නනේ..
පු: එතකොට අපේ කකුල්වල කුර මේ රවුමට මහතට තියෙන්නේ ?
අ: ඒ පුතේ කාන්තාරේ හයියෙන් ඇවිදිනකොට සමබරතාවේ තියන් එරෙන්නේ නැතුව යන්නනේ..
පු:  හොඳයි එහෙනම් මොකටෙයි මේ තරම් දිග බෙල්ලක් ?
අ: පුතේ ඒක ඕන අපිට උස ගස් වල මුදුන් වල තියෙන දළු කඩන කන්න කටු ඇනගන්නේ නැතුව.. 
පු: එතකොට   මේ කැත විසාල  ඇහිපිය ?
අ;- කොල්ලෝ .. එවුව කාන්තාරේ වැලි කුනාටු  එනකොට ඇස් දෙක වහගන්නනේ.. 
ඔටු පුතා දැන් අම්ම දිහා බලන්නේ අමුතු සතෙක් දිහා වගෙයි  
අ:- ඇයි කොල්ලෝ උඹ මං දිහා ඔය විදිහට බලන්නේ?
පු: මොන මගුලකටද වදේ එහෙනම් අපි මේ සූ එකේ කුඩුවක් ඇතුලේ ඉන්නේ ?

ආදර්ශය: අද්යාපන  සුදුසුකම්, පළපුරුද්ද, දක්ෂතාවය, නායකත්වය උද්යෝගය .... මේ ඔක්කොම දේ වලින් වැඩක් වෙන්නේ අපි හරි ජොබ් එකේ ඉන්නවනම් තමයි  .. ඔබ ඉන්නේ හරි තැනද ?  බොරු කියන්නේ මොටද? මං නම් ඔටු පැටියා වගේ තමයි..
(මේක මන් ජංජාලෙන් උපුටගත්තා එකක් මගේ නිර්මාණයක් එහෙම නෙවෙයි..)

පි‍ටු පෙරලපු ගාන